(නිමල කොඩිතුවක්කු)
රාජපක්ෂ පවුලේ අයකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණයට මඟ පාදන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
රාජපක්ෂ පවුලේ ඇති ගෝත‍්‍රිකවාදී, ජාතිවාදී, පවුල්වාදී සභාවය සහ රාජපක්ෂ යුගයේ සිදුවූ වංචා, දූෂණ සහ ඝාතන ඔවුනගේ පරාජයට ඉවහල් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ කාර්යාලයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීය.
‘‘මේ දිනවල බොහෝ දෙනෙක් ජනාධිපතිවරණය පිළිබඳ කතා කරනවා. එහිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ ඒ සඳහා ඉදිරිපත් වන අපේකෂකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.
අපේ රටේ දේශපාලනයේ ජනාධිපතිවරණයට ඉතා සුවිශේෂි තැනක් හිමිවෙනවා. විධායක බලතල සහිතව ජනාධිපතිවරයා පත්වීම මෙයට හේතුවී තිබෙනවා. අද ඉන්නේ විධායක ජනාධිපතිවරයෙක් ඊළඟට පත්වීමට නියමිතව ඇත්තෙත් විධායක ජනාධිපතිවරණයෙක්. ඒ අතරතුර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙයි කියලා අපිට යථාර්ථවාදීව හිතන්න පුළුවන්කමක් නැහැ.
දේශපාලන පක්ෂ ජනාධිපතිවරණය සඳහා තමන්ගේ හොදම අපේක්ෂකයා ඉදිරිපත් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අපේක්ෂකයාට මුළු රටේම ආදරය ගෞරවය දිනාගන්න පුළුවන් විය යුතුයි. ඒ වගේම විවිධ මතවාදයන් දරන සියලූ දෙනාටම නායකත්වයක් දෙන්න පුළුවන් අපේක්ෂකයෙක් තෝර ගන්න හැම පක්ෂයක්ම උනන්දු වෙනවා.
එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව සිටින ඒ සියලූම පක්ෂ එකතුවුනහම මේ මැතිවරණයේදී අපිට ජයග‍්‍රාහී අපේක්ෂකයා ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල විසින්. සෞදි අරාබිය, කුවේට්, බෘනායි වගේ රාජපක්ෂ පවුල තමයි නායකයා අනුප‍්‍රාප්තිකයා තෝරන්නේ.
රාජපක්ෂ පවුල ජාතිවාදී මොඩලය තුළ තමයි මෙතෙක් කටයුතු කලේ. මේ මගින් රටේ යම් ප‍්‍රදේශයක ඔවුන්ට යම් මතයක් ඇති කර ගත හැකි වුනාට මුලූ රටම කියන ඒකකයට ඡුන්දයක් තියනවිට ඔවුන්ට ජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් නැහැ.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘රාජපක්ෂ අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත්වීම එජාජයට ජය ගෙන එයි’