(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවය, දේශපාලනය ඇතුළු සෑම ක්‍ෂේත්‍රයකම ගුණාත්මක සේවයක් ලබානොදෙන පිරිස් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (26) පැවසීය.
සියලු දෙනාගෙන් සියයට සියයක් ගුණාත්මක සේවයක් බලාපොරොත්තු විය නොහැකි බව කී ජනාධිපතිවරයා සියයට සියයක් සියල්ල නිවැරදි වන්නේ නැහැ හෝ කිසිවෙක් සියයට සියයක් සියල්ල දන්නා අය වන්නේ නැතැයි ද සඳහන් කළේය.
එසේ වුවත් මාතෘ භූමිය හමුවේ පවතින අභියෝග ජයගැනීමට නම් කවුරුත් මාතෘ භූමිය සහ පොදු ජනතාව වෙනුවෙන් මෙන්ම හෙට දවසේ උපදින දරුවන් වෙනුවෙන් තමන්ගේ යුතුකම නොපිරිහෙළා ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පෙරේදා (26) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වැනි වාර්ෂික මහා සභාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. පරිපාලන සේවයේ දියුණුව රජයෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන්නට තමා පොරොන්දු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම සංගමයේ වාර්ෂික සඟරාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද සඳහන් කළේය.
“ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වැනි වාර්ෂික සමුළුවට ඔබ සමඟ එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙනවා. මේ වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
පසුගිය වසරවලත් ඔබේ සංගමයේ හිටපු සභාපතිවරයාගේ සිට සේවය කළ සියලු දෙනා සංගමය වෙනුවෙන් මෙන්ම සංගමය තුළින් රට වෙනුවෙන් කළ සේවය මා ඉතාමත් අගය කරනවා. නව සභාපතිවරයාට සහ නව නිලධාරීන්ට සුභ පැතුම් එක්කරනවා. ඔබේ සංගමයෙන් ඔබත්, රටත්, රටේ පොදු ජනතාවත් වෙනුවෙන් කරන්නා වූ උතුම් මෙහෙවර සාර්ථක කරගැනීමට ඔබ සියලු දෙනාට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා.
මම සභාවට පැමිණෙන විට හිටපු සභාපතිතුමා මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමා මට දුක්ගැනවිල්ලක් කිව්වා. අද දිස්ත්‍රික්ක 11ක දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම් නිසා සහභාගීවීමේ ගැටලුවක් ඇති බව කීවා.
සංගමය ඒ ගැන කණගාටු වුණත් දිස්ත්‍රික්ක 11ක සම්බන්ධීකරණ කමිටු රැස්වීම එකම දිනයක පැවැත්වීම ගැන මම ජනාධිපතිවරයා ලෙස සතුටු වෙනවා. අපේ සංවර්ධන කටයුතු, කාර්යක්‍ෂමතාව, අවශ්‍යතාව සඳහා මේ දිස්ත්‍රික්කවල සියලු දෙනා කටයුතු කරනවාය යන පණිවුඩයයි මේ දුන්නේ.
මීට පෙර වසර 3ක් මම මේ වාර්ෂික රැස්වීමට සහභාගී වුණා. මේ වසරේත් සංගමය ඉදිරිපත් කරන අදහස් හා යෝජනා රජය ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි ස්ථිර වශයෙන්ම ප්‍රමුඛත්වයක් ලබාදෙනවා.
මා පැමිණෙන විට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය සමරතුංග මහතා කළ දේශනයේ කොටසක් මටත් අසන්නට ලැබුණා. ඔබේ සංගමයේදී අද විශේෂ යමක් මා විසින් කිව යුතුයි කියා මා සිතන්නේ නැහැ. ඒ නිසා පැමිණෙන විට ඇසුණු දේශනයේ කරුණු මත කරුණු කිහිපයක් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
ණය බර, සංවර්ධනය රජයක් ලෙස මුහුණ දෙන ප්‍රශ්න.
බොහෝ විට ඇතැම් වෙලාවට රටේ තිබෙන දේශපාලන, ආර්ථික, සමාජ ප්‍රශ්න ලෝකයේ කිසිම රටක නැති මේ රටට පමණක් තිබෙන බරපතළ විශාල ප්‍රශ්න විදියට ජනතාවට හඳුන්වා දෙන්න ඇතැම් විට අපේ රටේ තිබෙන මාධ්‍ය උත්සාහ දරනවා. පසුගිය සතිය තුළ මම රටවල් තුනක නිල සංචාරවල නිරත වුණා.
ඒ මට ලැබුණු ආරාධනා අනුව මිස මා විසින් ඉල්ලීමක් කර නෙවෙයි. ඉන්දියාවේ පැවති සූර්ය බලශක්ති ජාත්‍යන්තර සමුළුව, ජපන් අගමැතිතුමාගේ ආරාධනයක් අනුව ඒ රටේ ද්වීපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කරගැනීම මෙන්ම පකිස්තානයේ ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මම සහභාගී වුණා.
ඉන්දියාවේ පැවති සමුළුවේ මා ගත කළ කාලයේදී රාජ්‍ය නායකයින් 47 දෙනෙක් පැමිණ සිටියා. අපි ඔබ වගේම ඔවුන් සමඟත් ලැබුණු විවේකවලදී තොරතුරු කතා කරනවා. ඒ බොහෝ දෙනෙක් සමඟ අපේ රටේ සහ ඒ රටවල ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන විට මම රටවල් කිහිපයකින්ම ඒ රටවල නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ ඇසුවා. පැමිණි රටවල්වලින් අපේ රටේ වගේ පළමු ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් නිදහස් අධ්‍යාපනය දෙන රටවල් පහක්වත් මට හඳුනාගන්න බැරි වුණා.
බොහෝ රටවල් කීවේ නිදහස් අධ්‍යාපනය ඔවුන් සීමා කර තිබෙන්නේ වයස් සීමාවන් අනුවයි. සමහර රටවල්වල නිදහස් අධ්‍යාපනය ලැබන්නේ වයස අවුරුදු 4 දක්වා පමණයි. තවත් සමහර රටවල අවුරුදු 8, 15 ආදී සීමාවන් දක්වා පමණක් නිදහස් අධ්‍යාපනය ලබාදෙනවා. ඒ සමුළුවේ තොරතුරුත්, ඉන් බාහිරව අප දන්නා තොරතුරුත් අනුව ලෝකයේ තිබෙන රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් තුළ අප මෙන් පළමු ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය දෙන රටවල් සියයට 25ක්වත් නැහැ.
අපි අයවැය පරතරය, වාර්ෂිකව අමාත්‍යාංශවලට වෙන්කරන මුදල් වැඩිකරගැනීම්, වෙනත් විවිධ අංශ සඳහා වාර්ෂිකව දෙන පහසුකම් මේ සියලු දේ සමඟ අපි අපිට ඇති අභියෝග මොනවාද යන්න සිතිය යුතු වෙනවා. මෙයින් අදහස් කරන්නේ කිසිසේත්ම නිදහස් අධ්‍යාපනය සඳහා වැටබැඳීමක් හෝ ඒ වරප්‍රසාදය අහිමි කිරීමක් නෙවෙයි. නමුත් වෙනත් ක්‍ෂේත්‍ර සඳහා අප කරන වියදම්වල තත්ත්වයන් ඔබ අප කවුරුත් හඳුනනවා මෙන්ම අප විසින් ඒවා සැලකිල්ලට ගෙන සාමූහිකව ඒ අභියෝගයන්ට මුහුණ දිය යුතු වෙනවා.
අද ලෝකයේ ආර්ථික, දේශපාලන, සමාජීය ප්‍රශ්න නැති රටක් තිබෙනවා නම් එය අප සොයාගත යුතු
වෙනවා. සෑම රටකම ඇතැම්විට ඒ කරුණු තුනම බරපතල අර්බුද වී තිබෙනවා. ඇතැම්විට ආර්ථික ප්‍රශ්න
තිබෙනවා. ඇතැම්විට දේශපාලන, සමාජ ප්‍රශ්න තිබෙනවා. පසුගිය දවස්වල ඇමෙරිකාවේ දහස් ගණන්, ලක්‍ෂ ගණන් දරුවන් සමඟ පාරට බැහැලා තුවක්කුවට විරුද්ධව පෙළපාළි යනවා.
එරට හිටි ගමන් පාසලකට, නගරයට ගොස් කවුරුන් හෝ පුද්ගලයෙක් වෙඩි තැබීම් සිදුකිරීම බහුලව සිදුවෙනවා. පාසල් දරුවන් තමයි බරපතළව මෙයට මුහුණ දෙන්නේ. එසේ සිදුවෙද්දී ඇයි තුවක්කුව තහනම් කරන්න බැරි. අපි කඬේකට ගොස් සබන් කෑල්ලක්, දන්තාලේප එකක් මිලදී ගන්නවා වගේ ඇමෙරිකාවේ සාප්පුවකට ගොස් පිස්තෝලයක්, තුවක්කුවක් ගත හැකියි.
ඒ තමයි මේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය දී ඇති නිදහස. ජපානයේ දින කිහිපයක් සිටි වෙලාවේ අපේ ශ්‍රී ලාංකිකයින් හමුවූ විට පැවැත්වූ දේශනයකදී දේශකවරයෙක් කීවේ අපේ රටේ සහ ජපානයේ ප්‍රශ්න එකට ගෙන කතා කළොත් ජපානයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අමුතුම ප්‍රශ්න කියා කීවා. අද දවසේත් ජපන් රජය මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන විශේෂ සමුළුවක් පවත්වන බව එතුමා කීවා. ජපානයේ ජනතාව වැඩිපුර වැඩ කරවෙහෙස වී අසනීප වෙනවා මෙන්ම වැඩිපුර වැඩ කර මියයන බව කීවා.
ජපානය ආයු කාලය ඉහළ රටක්. අද පුවත්පතකත් ජපානයේ පරිගණක භාවිතය තුළ රෝගීන්වීම ඉහළ ගොස් ඇති බව වාර්තා කර තිබුණා. ඒ තුළ රටේ ඇති වී තිබෙන අභියෝගය ගැන සඳහන් කර තිබුණා. ඒ වගේ අපිට සෑම රටක් ගැනම කියන්න පුළුවන්. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ණය බර සම්බන්ධයෙන් කතා කළා.
ජාත්‍යන්තර තොරතුරු දන්නා ඔබ, සඟරාවල, පොත්පත්වල පළවන දේ අනුව වසර 4කදී පමණ ඉන්දියාවේ ආර්ථිකයට කුමක්ද වී තිබෙන්නේ කියා දන්නවා. ඒ නිසා මේ තිබෙන ගැටලු සහ ප්‍රශ්න අපට පමණක් සීමා වූ ප්‍රශ්න නෙවෙයි. ඒ ප්‍රශ්න ජයගැනීමට නම් අපි අපේ වගකීම් සහ යුතුකම් සැබෑ ලෙසම ඉටුකළ යුතුයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා උළෙලේ ආරාධිත දෙසුම පැවැත්වීය.
රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා මෙහිදී පිළිගැනීමේ කතාව සිදුකළේය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රාජ්‍ය සේවය, දේශපාලනය ඇතුළු හැමතැනකම හරියට වැඩක් නොකරන පිරිසක් ඉන්නවා