IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘‘රට හැදෙන්න හොරකම නතර කරන්න ඕනේ‘‘

(නිමල් ජයරත්න)

මේ රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනේ, මොකක් හරි යෝජනාවක් ආවොත් බලන්නේ ඒ යෝජනාව හොඳ නරක නෙමෙයි ඇමතියාට කීයක් එනවද කියල බලන්නේ, මෙතන ඉන්න වැඩිහිටි අය මීට කලින් නායකු හැදුවා ආණ්ඩු හැදුවා, හැබැයි ණය ගෙවා ගන්න බැරි රටක් ආහාර ටික සපයා ගන්න බැරි රටක් ඉස්පිරිතාලවල බෙහෙට ගෙන තිබුණා අධ්‍යාපන පහසුකම් නැති වුණා ලෝකය හමුවේ බාල්දු වෙච්ච රටක් බවට පත්වුණා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පොළොන්නරුව කදුරුවෙල 28 කණුව ප්‍රදේශයේදි පැවති ජන හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ඒ බව කීය.

ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නායක ටී.බී. සරත් මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කර තිබූ අතර එහිදී වැඩිදුරටත් කතා කළ අනුර දිසානායක මහතා මෙසේද කීවේය.

දැන් අප මොකක්ද කරන්න ඕන එහෙනම්, දැන් ඒ පැරණි ඉතිහාසයේ මිදිලා අපේ රට ලෝකයේම පිළිගන්න රටක් පොහොසත් රටක්, ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන නව ආණ්ඩුවක් අපි හදන්න ඕනේ, සැප්තැම්බර් මාසේ 21වෙනිදා ඔන්න ඔය ආණ්ඩුව හදමු කියලා තමයි අපි තමුන්නාන්සේලාට යෝජනා කරන්නේ 

මේ සැප්තැම්බර් 21 වෙනිදා තෝරා ගන්න පැති දෙකක් තියෙනවා, ගොඩක් නෑ. පැරණි, අසාර්ථක, විනාශකාරී, රට දුප්පත් කරපු, ඒගොල්ලෝ පොහොසත් වුනු, පරණ පාර, ඕන නම් යන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙනවා, මොකක්ද. මේ රට අලුත් දිසාවකට යොමු කරලා, ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත්කරන්න, යෝජනා කරන ජාතික ජන බලවේගයේ පාර. දැන් අපි මේ දෙකින් මොකක්ද තෝරාගන්නේ ? පරණ පාරද අලුත් පාරද. මේ රටේ ජනතාව ආණ්ඩු හදලා ඇති තරම් හෙම්බත් වෙලා ඉන්නේ.

අපි ආණ්ඩු හදලා සතුට වෙනවා ටික දවසක් යනකොට හනේ අපොයි කියනවා, අපි තමුන්නාන්සේලාට කියනවා ආයේ කවදාවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුවාහම, අනේ අපොයි කියන්න සිද්ධ වෙන්නේ නෑ.

මේ සැරේ තමයි ගත්ත තීන්දුව හරියට ගත්තේ කියලා සතුටු වෙන්න පුළුවන්. අන්න ඒ විශ්වාසය ඒ වැඩේ අපි කරනවා, මේ දේශපාලන වේදිකාවේ ඉන්න කිසිවෙක් දේශපාලන තෝරගත්තේ අපිට යමක්, කිසිවක් කරගන්න නෙවෙයි.අපිට ඕනා මේ රට පෝසත් රටක් බවට පත්කරන්න. අපට ඕනා මේ රටේ ජීවත් වන ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න. අපේ ගම්වල අම්මලා, තාත්තලා, මියදෙනවා රස ආහාර වේලක් මොකක්ද කියලා දන්නැතුව. අපේ දරුවෝ ඔහේ ලත වෙනවා මොකක්ද, පහසුකම් සහිත හොඳ පාසලක් කියලා දන්නැතුව.

අපේ රටේ තරුණ තරුණියන් තමන්ගේ අනාගතයන් මොකක්ද කියලා නිශ්චිතතාවයකට එන්න බැරුව පත්වෙලා තියෙනවා. කොයි වෙලාවෙද මේ රටින් පනින්නෙ කියලා තරුණ තරුණයන් කල්පනා කරන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා සෑම පැත්තෙන්ම අපේ රටේ ජනතාව දුකට වේදනාවට පත්වෙලා ඉන්නෙ. මම කියන්නේ මේක අපේ පරම්පරාවවත් අවසන් කළ යුතුයි. ඒකට අපි ආණ්ඩුවක් හදමු අපි එකින් එකට පටන් ගමු. ඉස්සරෝම මේ රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනේ. අපේ රටේ මැති ඇමතිවරු හොරකම් කරන නිසා විදේශීය ආයෝජන අපට ආවේ නෑ. රනිල් වික්‍රමසිංහලාට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා කිව්වට, අපේ රටට ආයෝජනාවේ නැහැ. 1978 ඉඳන් 2022 දක්වා,අවුරුදු 44 ක් පුරාවටම මේ අය විදේශීය ආයෝජන ගෙනෙල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 22යි. ගිය අවුරුද්දේ වියට්නාමයට ඩොලර් බිලියන 23 යි. අපිට අවුරුදු 44 ටම 23 යි. අපේ රටේ ආර්ථිකය වැටෙන්න ප්‍රධාන හේතු තමයි හොරකම. මේ රට සංවර්ධනය කරන්න බැරි ප්‍රධාන බාධාව හොරකම බවද අනුර කුමාර දිසානායක මහතා කීවේය.

හොරකම් කර කර රට හැදීමට නොහැකි බවත්, හොරකම් කර කර සෞඛ්‍ය සේවය හැදිය නොහැකි බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.



අදහස් (18)

‘‘රට හැදෙන්න හොරකම නතර කරන්න ඕනේ‘‘

priyanka Saturday, 31 August 2024 01:12 PM

හොරකම නවත්වන්න නම් රනිල්, සජිත්, නාමල් සමග හොර නඩේම ගෙදර යවන්න ඕනෑ. ඒ අයගේ පෙන්ෂන් නවත්වන්න ඕනෑ. නාකි හිටපු ජනපතිලා අදටත් නඩත්තු කරන්න එපැයි...

:       111       67

චමින්ද Sunday, 01 September 2024 07:10 AM

ඉතාමත් නිවැරැදියි... සජිත්ගේ අම්මා විශ්‍රාම වැටුප් 4 ගන්නවා කියලා අහන්න ලැබුණා.. එහෙම වෙන්නේ කොහොමද? බරපතල අපරාධයක් තමයි. ඊළඟට මැති ඇමැති සඳහා වැටුප් කොපමණ ගෙවනවාද දන්නේ නැහැ. විශ්‍රාම වැටුප් ගෙවීමට අවශ්‍ය නම් එක් අයෙකුට එක විශ්‍රාම වැටුපක් ගෙවීම ඇති... සේවා කාලය එයටත් පදනම් වෙන්න ඕනෑ. ඊළඟට අන්තිම වතාවේ දැරූ තනතුර සඳහා පමණක් විශ්‍රාම වැටුප් ගෙවීම් කරන්න ඕනෑ... උදාහරණයක් හැටියට මහින්ද ජනාධිපති... දැනට ලක්ෂ දහයකට ආසන්න විශ්‍රාම වැටුප් ලබමින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන් ඔහුගේ ජනාධිපති විශ්‍රාම වැටුප් අහෝසි කරන්නම ඕනෑ. අනෙක් අයටත් එහෙම කරන්න ඕනෑ ජනතාව නැගී සිටින්නේ මේ අසාධාරණ ආකාරයට කටයුතු කරන නිසා කියලා කියන්න පුළුවන්... තවත් නාස්ති කොපමණ තිබේද බැලුවොත් රට හදන්නේ කොහොමද කියලා හිතෙනවා.

:       0       3

Kazi Shajahan Saturday, 31 August 2024 01:30 PM

හොරකම් නතර කරලා විතරක් මදි, පරණ ලෝක හොරු අල්ලන්නත් ඕනෑ. පස්සෙ නම් කියන්න එපා අපිට පරණ හොරු අල්ලන්න බැහැ කියලා.. එහෙම වුණොත් වස ලැජ්ජාව...

:       85       64

Ruwan De Silva Saturday, 31 August 2024 01:47 PM

අපි නම් මේ පාර ඡන්දේ දෙන්නේ රනිල්/ සජිත්/ නාමල්/ දිලිත්ට විතරයි මොකද අපිට දින්නම බාර් ලයිසන්, කැසිනෝ ශාලා දාන්න, කළු සල්ලි සුදු කරන්න, මත්ද්‍රව්‍ය විකුණලා කෝටිපතියෝ වෙන්න පුළුවන් හොරෙක් ජනපති වුණාම විතරයි. අපිත් හොරු වුණත් හොරු...?

:       78       32

Kuma Saturday, 31 August 2024 01:52 PM

ඒක විතරක් මදි වෙයි නේද? බොරු කියන එක නවත්වන්නත් ඕනෑ.

:       18       88

සිල්වා Saturday, 31 August 2024 01:52 PM

හොරකම නතර විය යුත්තේ උඩ සිට පහළට පමණක්ම නොව පහළ බිම් මට්ටමේ සිට ඉහළට ද එය සිදුවිය යුතුයි. අද පවතින්නේ පහළ කුණු එකතු කරන සේවකයා සිට ඉහළට තමන්ට අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින තත්ත්වයක්. සියලු දෙනාම තම තමන්ගේ ආකල්ප යහපත් ලෙස වෙනස් කරගත යුතුයි. ජනතාව පත්කර යවන්නේ තමන්ගේ ආකල්පවලට සරිලන නායකයින් බව මතක තබාගත යුතුයි...

:       2       62

පිටිගල මිලානෝ Saturday, 31 August 2024 02:11 PM

ඔබ ආව ගමන් මහා හොරා ඇතුලු සීනි හොරා, බැංකු හොරු, ටෙන් පර්සන්ට් වැනි අයගේ නඩු ටික ඉස්සෙල්ලා ගනියි කියලා අපි හිතනවා.

:       63       37

යෝගා Saturday, 31 August 2024 02:42 PM

හොරකම් නතර කරන්න කතා කරන මිනිහා තොරතුරු වසන් කරලා රජයේ නිල නිවාස අවභාවිතා කරලා. ඒවත් හොරකම් තමයි හලෝ...!

:       31       86

channaSunday, 01 September 2024 01:15 AM

යෝගා මහත්තයෝ, ඔය පාර්ලිමේන්තු නිල නිවාස කතාවක් කියලා බොරු වීඩියෝ එකක් දමපු මෝඩයාට අන්න කෙලවෙලා. CID එකට අරගෙන ගිහිල්ලා.

:       1       3

සාලිය​ Saturday, 31 August 2024 03:09 PM

පාර්ලිමේන්තු නිල නිවාස හොරා, බැංකු හොරා, නිධන් හොරා හා සුනාමි හොරු සමග කරට කර තරගයක්...

:       22       74

Toni Saturday, 31 August 2024 04:29 PM

මෙයාලා හොරු අල්ලයි කියලා ආයෙත් පාරක් මිනිස්සු රැවටිලා... අල්ලයි ඔලුගෙඩිය...

:       22       47

BuddikaSaturday, 31 August 2024 07:09 PM

මෙයාල කොහේද හොරු අල්ලන්නෙ? මෙයලත් 89දි කප්පම් ගත්ත.හොරුත් එක්ක යටින් ඩිල් දාගෙන කැම්පේන් කරන්නෙ

:       15       39

චන්දිම Saturday, 31 August 2024 05:24 PM

ඔව් හොරකම වන්චාව නැවතිය යුතුමයි. ඒ ලෙසින්ම අතිශයින්ම අකාර්‍යක්ශම, ප්‍රායෝගිකව වැඩ කරන්න නොදන්නා රාජ්‍ය සේවය මුල සිට හැදිය යුතුයි. ඒ හා සමස්නවම මේ රටේ තියන වෘත්තීය සමිති මාෆියාව අවසන් කළ යුතුමයි. මොන දේ කරන්න හැදුවත් වර්ජනය කරන මේ සමිති මාෆියාව මේ රටේ ආර්ථික පරිහානියට වගකිව යුතුයි. තමන්ගේ රාජකාරිමය වගකීම ඉටු නොකර අයිතිවාසිකම් ගැන විතරක් හිතන මේ වෘත්තීය සමිති පෝෂණය කරන්නේ, ඒවා මෙහෙය වන්නේ මාලිමාව. හොරකම් වෙනුවෙන් රාජපක්ෂ පරපුර වගකිව යුතුවා සේම වුර්තිය සමිතිවලින් රටට කරපු මහා විනාශයට මාලිමාව (ජවිපෙ) වගකිව යුතුයි...

:       18       44

අනුර Sunday, 01 September 2024 12:13 AM

නිකන් කන එකත් නවතමු...!

:       0       2

[email protected] Sunday, 01 September 2024 01:19 AM

ජේ. වී.පී. කාරයෝ හිතාගෙන ඉන්නේ කෝටියක් ඡන්ද ගන්න. ලක්ෂ 3 ඉඳලා කෝටිය වෙන්න තව ලක්ෂ 97ක් ඕනේ කියන එකයි, මේක බංකොළොත් වුණු රාජ්‍යයක් බවත් ගොඩ යන්නට ණය ගෙවන්නත් බටහිර උදව් නැතුව බැරි බවත් ඔවුන් තවම දන්නේ නෑ. ඒ නිසා විහිළු නොකර හිටියා නම් තමයි හොඳ...!

:       1       2

Vithana Sunday, 01 September 2024 04:58 AM

වැඩියෙන්ම හොරකම සිද්ද වෙන්නේ රාජ්‍ය සේවයේ. ඔයාම කියන විදියට එයාලාගෙන් බහුතරය ඔයාට කතිරේ ගහන්නලු ඉන්නේ. ඒක නිසා ඔයා කියන දේ කරයි කියලා විස්වාස නෑ. අනික හැම ඡන්දෙකදීම ඔය කතාව අහලා අහල එපාවෙලා තියෙන්නේ...

:       0       2

තර්ස්ත මාෂල් Sunday, 01 September 2024 08:06 AM

ජීවිත කාලය තුළම අනුන්ගෙන් යැපෙන අයගේ පරිත්‍යාගවලින් ලැබෙන මුදල් සහ වත්කම් කොපමණද කියලා හෙළි කිරීමේ ක්‍රමයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි. ලැබෙන වැටුපත්, බලවේගයට යොදලා, ජීවිතේ සැප පහසුවට ගෙනයන විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා.

:       1       3

Jaya Sunday, 01 September 2024 09:11 AM

හොරකම නතර කරන්න ඕනෑ කියනකොට දාන ඩිස්ලයික් ප්‍රමාණය දැක්කාම පේනවා මොනතරම් හොරකම අනුමත කරන ජනතාවක් ඉන්න රටක්ද මේක කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

දේශපාලන

මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 6078 35

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 4757 23

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 10169 24

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 882 6

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 513 9

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 1103 12

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16902 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site