IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


’රටට සුදුසු අවශ්‍ය දෑ විතරක් රටින් ගෙන්වීමට තීරණයක් ගන්න ඕනෑ’

(ඩයනා උදයංගනී)

විදේශ වලින් ගෙන්වන ආහාර සහ අනෙකුත් භාණ්ඩ ගැන වහා සමීක්‍ෂණයක් සිදුකර රටට සුදුසු හා අවශ්‍ය දේ පමණක් ගෙන්වීමට තීරණයක් ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බ්‍රහස්පතින්දා (4) පැවසීය.

රටේ ආර්ථිකයටද එය වැදගත් බව කී ජනාධිපතිවරයා රටේ දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළේදී දේශීය නිෂ්පාදනවලට මුල්තැන දෙමින් අදාළ සියලූ අංශ ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කළේය.

රටක පොහොසතුන් සිටිය යුතු නමුත් ඔවුන් රට පාලනය නොකළ යුතු බව කී ජනාධිපතිවරයා රටක පාලනය තිබිය යුත්තේ මධ්‍යම පාන්තිකයන් අතර බවත්, තියෙන මිනිසුන්ගේ වත් පොහොසත්කම් නැති මිනිසුන් අතරේ බෙදීයාම සිදුවිය යුතු බවත් කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිළි`දුකම පිටුදැකීමේ වර්ෂය ලෙස 2017 වසර නම් කිරීමෙන් අනතුරුව රජය විසින් ක‍්‍රියාත්මක කරන ‘ග‍්‍රාම ශක්ති’ ජනතා ව්‍යාපාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී බ්‍රහස්පතින්දා (4) පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘‘මේ වර්ෂය දුගී බවින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස නම් කිරීමත්, මේ වර්ෂය තුළ කළ යුතු කාර්යයන් ආරම්භ කරන්නට ලැබීමත් ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අපේ රටේ, දුගී භාවය සහ දුගීබවින් නිදහස්වීම පිළිබඳව, ආර්ථික දරිද්‍රතාවය පිළිබඳව කතා කළොත් ඉන් නිදහස්වීම සඳහා ගෙවී ගිය දශක කිහිපයේ, විශේෂයෙන්ම නිදහසින් පසු ලංකාවේ ක‍්‍රියාත්මක වූ විවිධ වැඩසටහන් ජාතික ව්‍යාපාර, ව්‍යාපෘති පිළිබඳව අප කාටත් අත්දැකීම් හා අවබෝධය තිබෙනවා. අපේ රටේ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන්ට පසුගිය දශක 5ක 6ක කාලය ගත් විට මේ පිළිබඳව ඉතා පුළුල් අවබෝධයක් ඇති බව දන්නවා. අපේ රටේ සහනාධාර, අඩු ආදායම්ලාභී පවුල්වලට දෙන පහසුකම්, ශුභසාධන කටයුතු මේ කාර්යයන් ගත් විට මුල් කාලසීමාවේදී හාල් පොතෙන් ආරම්භ වුණා. ඉන් පසුව 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය බලයට පත් වී පළමු අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති රොනී ද මැල් මහතා හාල් පොත අහෝසි කිරීම අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා.

ඉන්පසු රණසිංහ ප්‍රේමදාස මහතා නායකත්වය දුන් ජනසවිය වැඩසටහන රටට ආවා. ඉන්පසු 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පාලනය ආරම්භවීමත් සමඟ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වුණා. පසුගිය කාලයේදී සමෘද්ධි ව්‍යාපාරය ගැමි දිරිය බවට පත්වුණා. මේ අංශ, ව්‍යාපෘති, ජාතික වැඩසටහන් මෙන්ම ඉන් බාහිරව විවිධ අමාත්‍යාංශ, ආයතන යටතේ ජාතික වශයෙන්, පළාත් වශයෙන් සහ දිස්ත‍්‍රික්, ප‍්‍රාදේශීය වශයෙන් ක‍්‍රියාත්මක වූ වැඩසටහන් ගැන ඔබ අප කාටත් අතීත අත්දැකීම් තිබෙනවා. ඒ අතීත අත්දැකීම් හා අවබෝධය සමඟ අපි ආරම්භ කළ මේ ‘ග‍්‍රාම ශක්ති’ නව වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා මම ඔබ සියලූ දෙනාගේ සහය ඉල්ලා සිටිනවා.

මේ වැඩසටහන කැපවීමෙන්, වුවමනාවෙන්, උනන්දුවෙන්, ආත්ම විශ්වාසයකින්, ධෛර්යවත්ව ක‍්‍රියාත්මක කර අප බලාපොරොත්තු වන ඉලක්ක කරා යාමට සහය දේ යැයි රටේ රාජ්‍ය සේවයේ සිටින අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට කේෂ්ත‍්‍රයේ සිටින සියලූම කේෂත‍්‍ර නිලධාරීන් දක්වා සෑම කෙනෙක් කෙරෙහිම මම විශ්වාසයක් තබනවා. අපේ රට යුද්ධය නිසා පීඩා විඳි රටක් ලෙස ආර්ථිකයේ ඇති වූ අඩාළවීම්, දුගීභාවය වැඩිවීම තුළ ප‍්‍රධාන වශයෙන්ම අද අපි රටක් ලෙස දුගී බවින් නිදහස්වීමට උත්සාහයන් ගනිමින් සිටිනවා.

ඒ සඳහා මෙම වැඩසටහන් මෙන්ම ඉන් බාහිරවත් විවිධ තවත් බොහෝ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. අපේ එස්.බී දිසානායක මැතිතුමා සමෘද්ධි, ගැමිදිරිය ව්‍යාපාරය තුළ නායකත්වය දෙනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනවා. අපි මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමේ දී අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර සරත් අමුණුගම ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විද්වතුන් රාශියක් ද ඒ වෙනුවෙන් එක්කරගෙන තිබෙනවා. එමෙන්ම ලෝක බැංකුව ඇතුළු අපට මුදල් දෙන ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී ආයතනවල සහයෝගය තුළ මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මෙම වසරේ දී ග‍්‍රාම ශක්ති වැඩපිළිවෙළට අමතරව බොහෝ අමාත්‍යාංශවලට මෙම විෂය කේෂ්ත‍්‍රයට අදාළ බොහෝ ව්‍යාපෘති සඳහා අරමුදල් වෙන් කර තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, කෘෂිකර්මය, වාරිමාර්ග, සමාජ ශුභසාධනය, පානීය ජල ව්‍යාපෘති ආදී රාශියක් ඒ අතර තිබෙනවා. මේ සියල්ලේම මූලික ඉලක්කය වන්නේ මේ රටේ පොදු ජනතාවට, විශේෂයෙන්ම දුප්පත් ජනතාවට ප‍්‍රතිලාභය ලබාදීමයි. ‍

මේ වැඩසටහන අද හඳුන්වා දෙනවා මෙන්ම ලබන මාසයේ සිට සෑම දිස්ත‍්‍රික්කයකටම පැමිණෙන්නත් මා බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනේ ආරම්භක අවස්ථාවන් හා තිබෙන තත්ත්වයන් ගැන ආයතන ප‍්‍රධානීන් හා කේෂ්ත‍්‍ර නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ රට වශයෙන් මෙවැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී අපේ කලාපය තුළ තිබෙන මෑත භාගයේ දී දියුණුවක් ලැබූ තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවලට ගිය විට අපි දකින දේවල් තිබෙනවා. විශේෂයෙන්ම දේශීය, ග‍්‍රාමීය කර්මාන්ත තුළ ආදායම් තත්ත්වයන් වැඩිවීම, අපනයන පිළිබ`දව ඇතිවී ඇති වර්ධනයන්, විදේශ වත්කම් ඉහළයාම ආදී ආදර්ශයන් ලබාගත හැකියි.

මීට මාසයකට පමණ පෙර අපි මෙම ස්ථානයේම තිරසර සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව කෘෂිකාර්මික ජාතික ප‍්‍රදර්ශනය පැවැත්වුවා. එහිදී එක් එක් පළාත්වලින් පැමිණ සිටි හා ග‍්‍රාමීය ප‍්‍රදේශවල කුඩා ව්‍යවසායකයන්ගේ බොහෝ නිෂ්පාදන තිබුණා. කාන්තා සංවිධානයක් විසින් නිෂ්පාදනය කළ විදේශ වෙළෙඳපළට සුදුසු තත්ත්වයේ කාන්තා අත්බෑග් මා දුටුවා. මේවා වෙළෙඳපොළට යැවීම ගැන මා ඔවුන්ගෙන් ඇසූ විට ඔවුන් කීවේ තවමත් ඒ සඳහා නිසි මගපෙන්වීම නොලැබුණු බවයි.

හැකියාව, දක්‍ෂතාවය, නිර්මාණශීලීබව, කුසලතාව තිබෙන හැකියාවන් හා දැනුම ඇති පිරිස් මේ රටේ විශාල වශයෙන් ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශවල සිටිනවා. නමුත් අපේ ඇතැම් අංශයන්හි ඇති අඩුපාඩුකම් නිසා ඔවුන් ඉදිරියට එන්නේ නැහැ. මේ මාසයේ සිට පිටරටින් මල් ගෙන්වන්න  ඕන කෙනෙකුට අවස්ථාව දී ඇති බව මට දැනගන්නට ලැබුණා. මම ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා ගැන සාකච්ඡා කරන අතර විදේශවලින් ගෙන්වන ආහාර සහ අනෙකුත් භාණ්ඩ ගැන වහා සමීක්‍ෂණයක් සිදුකර සුදුසු හා අවශ්‍ය දේ පමණක් ගෙන්විය යුතු බව කීවා.  මල් වගාකරන අය විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ නිසා පිටරටින් මල් ගෙන්වීමේ කිසිම උවමනාවක් නැහැ. අපි විදේශ වත්කම් ගැන කතා කරද්දී මල් වගේ දෙයක් ගෙන්වන්න යන්නේ පොඩි ගණනක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් ලොකු ගණන හැදෙන්නේ පොඩි ගණන් එකතු කළ විටයි.

ගිය මාසයේදී මේ ස්ථානයේ පැවැත්වූ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ කුටියේ තිබුණෙ විදේශවලින් ගෙන්වන පලතුරුවල හැඩයට ප්ලාස්ටික් ආවරණවල ඇති කුඩා දරුවන් ප‍්‍රිය කරන පානයක්. මෙය කිසිම තැනකදී පරීක්‍ෂාවට ලක් නොවන බව එතැන සිටි වෛද්‍යවරුන් මට පැවසුවා. ලස්සන දොඩම් ගෙඩි, කෙසෙල් ගෙඩි, මිදි පොකුරු හැඩයට ඇති මේවා දරුවන් කටේ තියාගෙන පානය කරනවා. මේවා අපේ විදේශීය වත්කම් වැයවන දේවල්. ඔය විදියට ගත් විට අපි අපිට නුසුදුසු දේ කොපමණ ගෙන්වනවාද කියා සිතිය යුතුයි.

‘ග‍්‍රාම ශක්ති’ වැනි ජාතික ව්‍යාපාරයක් අපි පටන්ගත යුත්තේ දේශීය කර්මාන්ත නැංවීමත් අරමුණු කරගෙනයි. මෙය ක‍්‍රියාත්මක කරන ග‍්‍රාමනිලධාරී කොට්ඨාසවල ජනතාව දුගීභාවයෙන් නිදහස් කරගැනීමේ වැඩසටහනේ දී සියලූ අංශවල පුළුල් ඒකාබද්ධ වැඩසටහනක් අවශ්‍ය වෙනවා. එස්.බී දිසානායක මහතාගේ අමාත්‍යාංශය ඉතා සමීපව මේ විෂයට අදාළව කටයුතු කරන අමාත්‍යාංශයක්. ඒ සියලූ ව්‍යාපාර මේ හා සම්බන්ධ වී කටයුතු කිරීම වැදගත් වෙනවා.

මා පොළොන්නරුවේ ගිය විට එහි සිටින මගේ පියා පමණ වයසේ හිතවත් අයෙක් මුණගැසෙන්න යනවා. මීට මාස එක හමාරකට පමණ පෙර මා ඔහු බලන්න යද්දී ඒ නිවසේ සිටින ඔහුගේ වැඩිමහලූ පුතා තාත්තා නිවසේ නැහැ කීවා, ඔහු නැති අවස්ථාවක මල්ලී පැමිණ ඉඩමත්, කුඹුරත් ලියාගැනීම සඳහා ඇදේ සිටි තාත්තා උස්සාගෙන ගොස් ඇති බව කීවා. දුගීභාවය තුළ මෙවැනි සමාජ තත්ත්වයනුත් ඇතිවෙනවා. සමහර විට ඔහු මේ වන විට පියාගේ අත්සන අරන් ඇති.

දුගීභාවය පිළිබඳ කතා කරන විට සමාජයේ ඇති සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුයි. මේ සඳහා ග‍්‍රාම නිලධාරී වසම් තෝරාගැනීමේදී එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ග‍්‍රාම නිලධාරී වසම් දෙකක් තෝරාගැනීම කරනවා. මෙතැන සිටින කවුරුත් දරිද්‍රතාව වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මොනවාද යන්න දන්නවා. ඒ තෝරාගැනීම මෙන්ම ඊට අවශ්‍ය මෙහෙයවීම මෙන්ම මෙවැනි කාර්යයකදී ආර්ථික සංවර්ධන නිලධාරී. ග‍්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී ආදී කේෂ්ත‍්‍රයේ නිලධාරීන් සියලූ දෙනා ඒකරාශී කරගැනීම වැදගත්.

මේ කටයුත්ත කිරීමේදී අපේ සම්පත්, ජනතාව, රජය, පෞද්ගලික ආදී මේ සියලූ දෙනා ඒකාබද්ධව ඇති කරගත යුතු එක`ගතාවන් සම්පත් හුවමාරුකර ගැනීම ඉතාමත් වැදගත්. අපි වැඩි වැඩ කොටසකුත් එක්ක වැඩි කාර්යක්ෂමතාවකින් කටයුතු කර ඉදිරියට යාමේ අවශ්‍යතාව අපි හැම කෙනෙක්ම පිළිගන්නවා. රටක ඇති නැති පරතරය දුගී භාවය වත්පොහොසත්කම් ආදිය ගත්විට අපේ රටත් ලෝකයේ අනෙක් රටවල් වගේමයි.

සරත් අමුණුගම ඇමතිතුමා පැවසුවා රටක පොහොසතුන් ඉන්න  ඕනෑ කියලා. රටක පොහොසතුන් සිටිය යුතුයි. නමුත් පොහොසතුන් රට පාලනය නොකළ යුතුයි කියන එකයි මගේ අදහස. මධ්‍යම පාන්තිකයන් අතේ තමයි රටක පාලනය තිබිය යුත්තේ. දාර්ශනිකයන් කියන දෙයක් තමයි පොහෙසතුන් රාජ්‍ය පාලනය නොකළ යුතුයි කියන එක. තියෙන මිනිසුන්ගේ වත්පොහොසත්කම් නැති මිනිසුන් අතරේ බෙදීයාමත් සිදුවිය යුතුයි.

ග‍්‍රාම ශක්ති මේ වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන ගොස් මේ රටේ දුගී භාවය නැතිකර තිරසර සංවර්ධන වැඩපිළිවෙළ තුළ අපි බලාපොරොත්තු වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ඔබ සෑම කෙනෙකුගේම සහය ඉල්ලා සිටිනවා. මේ වැඩසටහන සකස් කිරීමේදී සරත් අමුණුගම ඇමතිතුමා ඇතුළු අමාත්‍ය අනු කාරක සභාව, විශේෂඥ මණ්ඩලය ඇතු`එ කාර්ය මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.’’ යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

ග‍්‍රාම ශක්ති වැඩසටහනේ මෙහෙයුම් කමිටු සභාපති, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.

‘‘මේ වර්ෂය දිළි`දුකම පිටුදැකීමේ වර්ෂය ලෙස නම්කිරීම හා එය ජාතික ප‍්‍රතිපත්තියක් බවට පත්කිරීම ගැන මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේදී දිළි`දුකමේ ප‍්‍රමාණය, රජය මෙයට පිළිතුරු සොයන්නේ කෙසේද?, ගැමි ජනතාව මෙයට පිළිතුරු සෙවිය යුත්තේ කෙසේද?, මෙම ව්‍යාපාරය දියත් කිරීමේදී සැලකිලිමත් විය යුතු දේ ආදී සියල්ල ගැන අවධානය යොමු කළ යුතුයි.

මහබැංකුව විසින් ලබාදුන් 2016 වසරේ වාර්තාව හා තවත් වාර්තා අනුව දිළිඳුකම පිටුදැකීම අතින් දියුණුවන රටවල් අතර අපි ඉදිරියෙන් සිටිනවා. අපේ රටේ ජනගහණයෙන් සියයට 0.4ක් අති දරිද්‍රතාවෙන් පෙළෙනවා. ඒ ප‍්‍රමාණය අනුව එය ලංකාවේ විශාල ප‍්‍රශ්නයක් නෙවෙයි. නමුත් සියයට 14ක් පමණ සාපේක්‍ෂ දුප්පත්කමින් පෙළෙනවා. හදිසි ආපදා ආදිය නිසා එම ප‍්‍රමාණය සියයට 20ක් පමණ වෙනවා. අපි මේ පිරිස වෙනුවෙන් මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ යුතුයි.

යුද්ධයෙන් පීඩාවට පත් මුලතිව්, මඩකළපුව, මන්නාරම, කිලිනොච්චි ආදී දිස්ත‍්‍රික්කවල මෙන්ම මොනරාගල, බදුල්ල වැනි දිස්ත‍්‍රික්ක දරිද්‍රතාව වැඩි දිස්ත‍්‍රික්ක ලෙස හඳුනාගෙන තිබෙනවා. රජය දැනටමත් මේ ප‍්‍රජාව වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරනවා. රජය මුදල් හා නිලධාරීන් ද ලබාදී තිබුණත් දෙපාර්තමේන්තු අතර ඇති තරගය නිසා මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙන්කරන සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ලබාගත යුතුයි.’’

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් සහ සමාජ සවිබලගැන්වීම් හා ශුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.



අදහස් (9)

’රටට සුදුසු අවශ්‍ය දෑ විතරක් රටින් ගෙන්වීමට තීරණයක් ගන්න ඕනෑ’

peduru Monday, 08 May 2017 02:55 AM

අනේ ඔයාගේ කතාව විතරයි. වැඩක් ඇත්තෙම නැති තරම් !!!

:       0       53

krishantha Monday, 08 May 2017 08:39 AM

රටට ඕන බී.එම්.ඩබ්ලිව්., වොල්වෝ, කාර්...

:       0       46

asantha Tuesday, 09 May 2017 11:17 AM

එහෙම තීරණයක් ගන්න. කමක් නැහැ.

:       0       0

saleem Wednesday, 10 May 2017 12:52 AM

කතාව දෝලාවෙන් ගමන පයින් තමයි...

:       0       41

kumar (galf) Thursday, 11 May 2017 10:42 AM

අපි ඒ මනුස්සයාට අපහාස කරලා චන්දෙන් පරාජය කෙරුවා, නමුත් අපි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ක්‍රමයට ගියානම් අද අපි එකම රටකට වත් හිගාකන්න යන්න ඕනා නෑ. රෙදිපිළි, ආහාර කර්මාන්ත ඒ සියල්ලෙන් අපි ආසියාවේ අංක එකට එන්න තිබුනා.

:       0       1

lalith Thursday, 11 May 2017 01:41 PM

මොනවා ගෙනාවත් කස්ටම් එකේ අයට පගා දෙන්න ගියහමනේ එපාවෙන්නේ...

:       0       1

vipula Wednesday, 17 May 2017 03:32 AM

අඩු ගානේ ලංකාවේ එකලස් කරන වාහන පමණක්වත් මැතිඇමතිවරුන්ට ලබා දීල කතා කරන්න කෝ. මේවා නිකන් කතා විතරයි.

:       0       0

shan saudi Wednesday, 17 May 2017 07:23 AM

හල්දුම්මුල්ල සොරගුණේ දඩයම්‍පොළ යනු ශ්‍රී ලංකාවේ ඉතා සරු ෙජෙව විවිධත්වයක් සහිත කලාපයකි. අලි ඇතුන් වන සතුන් රැසකගේ නිජ බිමක් වන මෙම ප්‍රදේශය හපුත‍ලේ හා හෝර්ටන් තැන්න කඳුවැටි වලින් ගලා හැළෙන දිය උල්පත් ඒකරාශී වී කාල්කන් ඔය, වේලි ඔය, හා දෙමට ආර යන ගංගාවලට උපත දෙන්නේය. මෙම ගංගා තුන ඒකරාශී වන ස්ථානයේ ඉදිකර ඇති (වේලි ඔය ප්‍රදේශයේ) වේල්ල මගින් හම්බෙගමුව, කොටවෙහෙර, මංකඩ, වේලි ඔය යන ප්‍රදේශ වලට ජලය ලබා දෙමින් කුඹුරු හෙක්ටයාර් දෙදහස් අටසිය තිහක් උදෙසා දියවර සපයන්නේය. එකි ව්‍යාපාරය තුළින් ගොවි පවුල් පන්දහසකට හයදහසකට අධික පිරිසක් තම ජීවන මාර්ගය සකස් කරගනී. වේලි ඔයේ දියවර ඉන් නොනැවතී මහ වැව් දෙකක් හා කුඩා වැව් තිස් හතරක් ‍පෝෂණය කරන්නීය. එය අවසන් වන්නේ හම්බෙගමුව වැවට ජලය පිරීමෙන් පසුවය. මෙම වටිනා ජලමූලාශ්‍රය හා ඒහා බැඳුණ පරිසර පද්ධතිය මේ වන විට ඇත්තේ විනාශයේ එළිපත්තේය. ඊට හේතුව විදේශීය සමාගමක් සොරගුණේ ප්‍රදේශයේ අක්කර හයසිය විසි අටක් මිලදී ගෙන කාමර දෙදහසකින් යුත් හෝටලයක් හා ජාත්‍යන්තර තලයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට යෑමය.ජනපතිතුමනි මෙය රටට අත්‍යවශ්‍යද? ඔබේ තීරණය ජනතාව බල සිටී

:       0       0

de silva berlin Saturday, 20 May 2017 10:27 PM

මොනවා නැති වුනත් පාර්ලිමේන්තු මන්ත්‍රීලාට, අමැතිලාට ආණ්ඩුවෙන් දීල තිබෙන තීරුබදු රහිත වාහන වලට අමතරව,.. අඩුම තරමේ තව ප්‍රාඩෝ එකක්වත් ගෙන්වා දිය යුතුය. මොනවා නැති වුනත් දොස්තරලටත් අවරුදු 5 න් 5 ට, තීරුබදු සහන බලපත්‍ර තව 2 ක් වත් දිය යුතුය. මේවා අත්‍යාවශ්‍ය දේවල් නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1508 29

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3080 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1429 24

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4457 52

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1324 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1218 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 280 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 831 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 797 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site