රටේ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? රළ නගන උද්ඝෝෂණවලට ආණ්ඩුව සතුව ඇති පිළිතුරු කුමක්ද? කැබිනට් සංශෝධනයක් එයිද? මේ ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
ප්‍රශ්නය:- රටේ මේ මොකද වෙන්නේ?
පිළිතුර:- රටේ ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස්කම් සිදුවෙනවා. ඒ අනුව 2015 ජනවාරි 8 වැනිදාත් 2015 අගෝස්තුවේත් මේ රටේ ජනතාව ඔවුන්ට අවශ්‍ය වෙනස්කම් කළා. ඒ ජනතා අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාම තමයි අපේ වගකීම.
ප්‍රශ්නය:- ඒ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් ලෙස ඔබ තෘප්තිමත්ද?
පිළිතුර:- ඇත්ත වශයෙන් මේ සමාජය කියන්නේ අවුරුදු තිහක් පුරා යුද්ධයක් තිබුණු සමාජයක්. සිවිල් සමාජය පිළිබඳ දැනුම නැති සමාජයක්. පොලිසිය කිව්වහම අවි ආයුධ සමග ගනුදෙනු කරන්න පුරුදු වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තිබුණේ. වසර තිහක ඇතිවෙලා තියෙන තත්ත්වයන් වෙනස් වෙන්න යම් කාලයක් ගතවෙනවා. ඒ පරිවර්තනය ඇතිවීම හා වසර තිහක දැක පුරුද්ද හා කළ පුරුද්ද එක්ක ගමන් කරන සමාජයක්. ඉතින් මේ තත්ත්වය සමහර අය තේරුම් ගන්නවා. සමහර අයට තේරුම් ගන්න බෑ.
ප්‍රශ්නය:- මේ වෙනකොට මුළු රටම සටන් බිමක් බවට පත්වෙලා. ආණ්ඩුවට තවම අවුරුදු දෙකයි. ආණ්ඩුවක මුල් අවුරුදු දෙක කියන්නේ මධුසමය ගත කරන කාලයක්?
පිළිතුර:- ඒකට තමයි කියන්නේ නිදහස කියලා.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ ජනතාව මේ සටන් කරන්නේ නිදහස තියෙන නිසා මිසක් ප්‍රශ්න තියෙන නිසා නොවෙයි කියලද?
පිළිතුර:- මෙහෙමයි. අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ හැමදේම විරෝධතාවකින් ආරම්භ කරන්න. ඒක මේ පුරුදු පුහුණු වෙලා තියෙන හැටි. ඉතින් මේ පුරුද්ද අනුව ඕනෑම සුළු දේටත් විරෝධය දක්වනවා. මේ නිදහස කියන එක ලේසි වැඩක් නොවෙයි. මේ විදියට රටක් දියුණු කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අමාරුම දේ.
ප්‍රශ්නය:- ඒ කිව්වේ?
පිළිතුර:- ලෝකයේ රටවල් දියුණුවෙලා තියෙන්නේ මෙහෙම නිදහස ලබා දීලා නොවෙයි. අපි ලෝකයේ අමාරු ප්‍රජාතන්ත්‍රවාදයක් එක්ක දියුණුව කරා යන රටක්. ඉතින් අපිට මෙහෙම තමයි යන්න වෙන්නේ.
ප්‍රශ්නය:- මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා කියාගෙන. අල්ලපු හොරු ගැන ඔබ තෘප්තිමත්ද?
පිළිතුර:- ඇත්ත වශයෙන් දේශපාලනය හා හොරු කියන විෂය ගත්තාම ඒකට දිගු ඉතිහාසයක් තියෙනවා. දේශපාලන සටන් පාඨ තියෙනවා. දේශපාලන වාග් ප්‍රහාර තියෙනවා. ඒවා නීති බවට පත්කර ගත යුතුව තියෙනවා. ඒවා නීති ගත කිරීම හා දේශපාලනය හා නීතිය පහුගිය අවුරුදු පනහක පමණ ඉතිහාසය දිහා බැලුවොත් ලෝක ඉතිහාසය දිහා බැලුවත් වෙනම ගමන් කරලා තියෙන්නේ.
ප්‍රශ්නය:- හොරු අල්ලනවා කියන සටන් පාඨය ඉස්සරහට දාගෙන ආණ්ඩුවට මෙල්ල කරන්න බැරි අයව දඩයම් කිරීමක් කරන බවටත් චෝදනාවක් තියෙනවා.
පිළිතුර:- කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. ඒ එක එක්කෙනාට පේන විදිය. එක එක්කෙනාට හිතෙන විදිය. ඒක ගැන එච්චර කලබල වෙන්න අවශ්‍ය නෑ.
ප්‍රශ්නය:- නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි?
පිළිතුර:- ඔබ කිසිදෙයකට බයවෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙන්නේ නැ.
ප්‍රශ්නය:- මේ විදියට දිගටම ගියොත්?
පිළිතුර:- මම ඒකයි කිව්වේ බයවෙන්න එපා කියලා. මේ යහපාලන ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට මුකුත් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම පමණයි.
ප්‍රශ්නය:- සයිටම් එකට මොකද වෙන්නේ?
පිළිතුර:- ඒකේ අලුත් තත්ත්වයක් මුකුත් නෑනේ. අවුරුදු පහක් පමණ පරණ විෂයක් ඕක. ඒ නිසා ඒකේ කිසිම අලුත් දෙයක් නෑ. වසර පහක් ගියත් පැරණි ක්‍රියාවලියක් අලුත් ක්‍රියාවලියක් වෙන්නේ නෑ.
ප්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා සයිටම් උපාධිය දෙන්න කියලා. නමුත් ජනාධිපතිවරයා කියනවා “මම විසඳුමක් දෙන්නම්” කියලා. මෙතැන වඩාත් බලවත් කවුද?
පිළිතුර:- ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් අධිකරණ නියෝගයට කිසිම බාධාවක් වෙන්නේ නෑ. අධිකරණය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ව්‍යවස්ථාදායකය හා විධායකය පැත්තෙන් යම් යම් ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමේ අයිතිය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.
ප්‍රශ්නය:- මහාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම හරහා ජනාධිපතිවරයා අධිකරණය හෑල්ලු කළ බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා.
පිළිතුර:- ඔබේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වැරදියි. එතැන එහෙම කිසිදු දෙයක් වෙලා නෑ.
ප්‍රශ්නය:- ඒ පත්කිරීම ක්‍රමවේදයට හා නීතියට පටහැනි බවයි කියන්නේ?
පිළිතුර:- මං හිතන්නේ නෑ එහෙම දෙයක් එතැන වෙලා තියෙනවා කියලා. මොකද මම දන්න තොරතුරුවලට අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉල්ලලා තියෙනවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉදිරිපත් නොවුණු නිසා ඒ අනුව වෙනත් නමක් නිර්දේශ කරලා තියෙනවා.
ප්‍රශ්නය:- දේශපාලන පක්ෂයක ඕනැකමට ඒ නම ඉදිරිපත් කළේ කියලත් කියනවා?
පිළිතුර:- ඒ කියන්නේ?
ප්‍රශ්නය:- දේශපාලන පක්ෂයක් තමයි ඒ නම යෝජනා කරලා තියෙන්නේ?
පිළිතුර:- එහෙම වෙන්න බෑනේ.
ප්‍රශ්නය:- නමුත් වෙලා තියෙන්නේ ඒක තමයි කියලයි චෝදනා නැගෙන්නේ?
පිළිතුර:- දේශපාලන පක්ෂයක් නොවෙයිනේ අධිකරණමය ක්‍රියාමාර්ග තීරණය කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් ඉල්ලුවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් නොලැබෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේ ගත් ක්‍රියාමාර්ගයක් හැටියටයි මම මේක දකින්නේ.
ප්‍රශ්නය:- ඔබ හිතන විදියට මේ ආණ්ඩුව තව කොච්චර කාලයක් යයිද?
පිළිතුර:- ඇයි ආණ්ඩුවේ දුර ගැන ඔබට සැකයක් තියෙනවද?
ප්‍රශ්නය:- පොදුවේ ගත්තාම ජනතාවට එහෙම සැකයක් තියෙනවා. ඔබට එහෙම සැකයක් තියෙනවාද?
පිළිතුර:- මටනම් එහෙම කිසිම සැකයක් නෑ.
ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ දැක්කාම. කා කොටා ගැනිලි දැක්කම ජනතාවට එහෙම සැකයක් ඇතිවෙනවා.
පිළිතුර:- පළපුරුද්ද නැති උදවිය යම් යම් මත ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අත්සන් කරපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. 1952 ට පෙර තිබුණ ක්‍රමය මේ තියෙන්නේ. ඒක මතක තියාගෙන දේශපාලන අරගල කළාට කමක් නෑ.
පිළිතුර:- ඔය ඔබ කියපු ගිවිසුම වලංගු වෙන්නේ සැප්තැම්බර් මාසය වෙනකම් විිතරයි?
පිළිතුර:- එහෙමම කලබල වෙන්න එපා. සැප්තැම්බර් වලින් පස්සේ මොකද කරන්නේ කියලා ජනාධිපතිතුමත්, අගමැතිතුමත් තීරණය කරයි.
ප්‍රශ්නය:- නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු විවිධ සංඥා නිකුත් කරනවා.
පිළිතුර:- ඒවා ඉතින් විවිධ මතනේ. අදහස්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස තියෙනවා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න.
ප්‍රශ්නය:- ඇත්තටම ආණ්ඩුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? එක්සත් ජාතික පක්ෂයද?
පිළිතුර:- පක්ෂ දෙකම ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු අරගෙන ක්‍රියාත්මක කරනවා.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකා ඇමැතිවරු කියනවා “අන්තිමට වෙන්නේ අපට ඕනෑ දේ” කියලා.
පිළිතුර:- මම ඉස්සෙල්ලත් කිව්වේ එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. ඒකනේ මම කියන්නේ නිදහස කියලා.
ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමේ දිගටම තියාගන්න යූඑන්පියට ඕනෑ වෙනවා. නමුත් ජනාධිපති මෛත්‍රී ඔහුට සේවා දිගුවක් දෙන්නේ නෑ.
පිළිතුර:- ඒකේ වරදක් නෑනේ. යම් යම් මතවාද අදහස් එනකොට ඒවාට ගැළපෙන්න තීන්දු තීරණ ගන්නවා.
ප්‍රශ්නය:- බැඳුම්කරයේදී වංචාවක් වෙලා තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?
පිළිතුර:- මම දන්නා ගණිත ශාස්ත්‍රය අනුව මම දන්නා නීති රීති අනුව මම දන්නා තොරතුරු පද්ධතියට අනුව ඔය බැඳුම්කර හා සම්බන්ධ මට දැනෙන දේ තමයි පහුගිය අවුරුදු විස්සකට අධික කාලයක් නීති රීති සකස්වෙලා තිබුණේ නැහැ මේ විෂය සම්බන්ධයෙන්. එතකොට මේ විෂයට අදාළ නීති රීති සම්පාදනය නොවීම තුළ ඇතිවූ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඒක හොරකමක් විදියට හුවා දක්වන්න බෑ.
ප්‍රශ්නය:- ඔව්. එහෙම නම් අපරාදෙනේ ජනාධිපතිවරයා බැඳුම්කරය ගැන හොයන්න කොමිසමක් පත් කළේ?
පිළිතුර:- ඒකට ජනමතයක් ආවනේ. ඒ අනුව පරික්ෂණයක් කළ යුතුයිනේ.
ප්‍රශ්නය:- එක පැත්තකින් හාල් ගිනි ගණන්. අනික් පැත්තෙන් හාල් හිඟයක්. කෝ රට ස්වයං පෝෂිත කරනවා කියපු ආණ්ඩුව?
පිළිතුර:- අපි මේ රට ස්වයංපෝෂිත කරපු පාලකයො නේ. 1977 මේ රට බාර ගෙන මහවැලි ගඟ පස් පොළකින් හරස් කරලා වික්ටෝරිය, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය හදලා කුඹුරු අක්කර ලක්ෂ දහයක් නගුලට යටකරපු පාලකයෝ අපි. ඉතින් වැහි එන්න පුළුවන් පෑවිලි එන්න පුළුවන්. ගංවතුර එන්න පුළුවන්. එක එක සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒවාට අපිට මුහුණ දෙන්න බෑ කියලා හිතන්න එපා. ඒවා පොඩි දේවල්. අපි ඒවාට මුහුණ දීලා ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යනවා.
ප්‍රශ්නය:- නමුත් එහෙම දෙයක් පේන්නේ නැහැනේ?
පිළිතුර:- පොඞ්ඩක් ඉන්නකෝ. තාම ප්‍රශ්නය හරියට මතු වුණෙත් නෑනේ.
ප්‍රශ්නය:- පක්ෂ දෙකම එකතු වෙලා පළාත් පාලන ඡන්දය නොතියන්නේ ජනතාව ඉදිරියට යන්න තියෙන භයට?
පිළිතුර:- නෑනේ. ඒ ප්‍රශ්නය අපි ඇති කරපු දෙයක් නොවෙයිනේ. පසුගිය අවුරුදු පහළොවක විස්සක පාලන කාලය තුළ මේ රටේ සීමා නිර්ණය වසර පහකට වරක් කළ යුතු ඒ රාජකාරිය කරලා නෑ. ඒ හරහා ඇතිවෙච්ච දැවැන්ත අර්බුදයක කොටස් තමයි ඒ මතුවෙන්නේ.
ප්‍රශ්නය:- එහෙම නැතිව ඡන්දය නොතියන්නේ බයට නොවෙයි?
පිළිතුර:- නෑ කිසිම බයක් නෑ. ඇයි අපි බය වෙන්නේ? මේ ආණ්ඩුව කියන්නේ මේ රටේ තිබුණ බය තුරන් කරපු ආණ්ඩුවක්.
ප්‍රශ්නය:- කොහොම වුණත් ඡන්ද නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තිකයි.
පිළිතුර:- නෑ මම එහෙම හිතන්නේ නෑ. මේ රටේ ඡන්ද නොපවත්වපු අවස්ථාත් තියෙනවනේ. ඒ නිසා ඡන්දයක් තියලා වාර්ගික යුද්ධයක් ඇති කරනවාද. ඡන්දය නිවැරැදි විදියට තියලා වාර්ගික යුද්ධයක් ඇති නොවන්න වග බලා ගන්නවද කියලයි අපට තීරණය කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා දෙවැනි ක්‍රමය හොඳයි කියලා.
ප්‍රශ්නය:- සමහර ඇමැතිවරුන් ඉවත් කරන්න කියලා ආණ්ඩුව ඇතුළෙන්ම බලපෑම් එනවා.
පිළිතුර:- මමත් ඇමැති කෙනෙක්නේ. මම ඉන්නෙත් කැබිනට් එකේනේ. එතැනදි නම් ඔය ඔබ කියන විදියෙ ප්‍රශ්න මතුවෙන්නේ නෑ.
ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩල රැස්වීම්වල මේ දවස්වල හරියට ගෝරි යනවා කියලා මාධ්‍ය වාර්තාවල තියෙනවා.
පිළිතුර:- අදහස් උදහස් ගැටෙන එක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයෙ ලක්ෂණයක් නේ.
ප්‍රශ්නය:- කොහොම නමුත් කැබිනට් සංශෝධනයක් එනවා.
පිළිතුර:- ඒකට මට උත්තර දෙන්න බැහැනේ. ඒක මගේ විෂය නොවෙයිනේ. ඒවා කරන්නේ ජනාධිපතිතුමා හා අගමැතිතුමානේ.
ප්‍රශ්නය:- ඔබට බයක් නෑ.
පිළිතුර:- ඇයි දෙයියනේ ඉතින් මම බය වෙන්නේ.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝකයේ රටවල් දියුණුවෙලා තියෙන්නේ මෙහෙම නිදහස ලබා දීලා නොවෙයි