(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
ඉන්දු- ලංකා ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම පරිපාලනය කැපවී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පිරිනමනු ලැබූ රාජ්‍ය භෝජන සංග්‍රහයේදීය.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
ඔබේ රට තුළ දී මාගේ කණ්ඩායම සහ මා වෙනුවෙන් ඉතාමත් සුහදශිලීව සිදු කරනු ලැබූ ආගන්තුක සත්කාර පිළිබඳව ඔබතුමියට සහ ඉන්දීය රජයට මෙන්ම ජනතාවටද මගේ අවංක ස්තුතිය සහ ප්‍රශංසාව ප්‍රකාශ කිරීමට අවසරයි. අපගේ ඉන්දියානු මිතුරන් වෙත ශ්‍රී ලාංකේය ජනතාවගේ උණුසුම් සුබ පැතුම් ද මම මෙහිදී ගෙන එනු කැමැත්තෙමි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැඳීම් රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ භූගෝලීය සමීපත්වය ඉක්මවා යනු ලබයි. අපගේ සම්බන්ධතාව ශිෂ්ටාචාරමය වශයෙන් බැඳී ඇති අතර එය අන්‍යෝන්‍ය ගෞරවය, සහයෝගීතාව සහ හවුල් ඉරණමක් ලෙස නිර්වචනය කොට තිබේ. ඉන්දියන් සාගරයේ වෙරළේ සිට උප මහද්වීපයේ ප්‍රධාන ස්ථානය දක්වා, අපගේ රටවල ශක්තිමත් සබඳතාවලට ආවේණික වූ සම්ප්‍රදායන්, සාරධර්ම සහ අනාගතය සඳහා වූ දැක්මකින් යුත් පොදු උරුමයකින් අපි බැඳී සිටිමු. එබැවින්, මගේ පළමු නිල රාජ්‍ය සංචාරය සඳහා ඉන්දියාවට පැමිණීම පුදුම විය යුත්තක් නොවේ.
මෙම ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මගේ පරිපාලනය කැපවී සිටී. මගේ රට ආර්ථික ප්‍රකෘතිය, වර්ධනය සහ ස්ථාවරත්වය කරා යන ගමනේ දී, ඉන්දියාව ඔවුන්ගේ නොමඳ සහයෝගය ලබා දෙමින් අපගේ විශ්වාසවන්ත මිතුරෙකු, ස්ථීර හවුල්කරුවෙකු සහ සමීපතම අසල්වැසියා බවට පත්ව සිටී. අවශ්‍ය අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සහ නොසැලෙන සහයෝගීතාව පිළීබඳව මම මෙහිදී බෙහෙවින් අගය කරමි.
ශ්‍රී ලංකාව නව යුගයක එළිපත්ත මත සිටගෙන සිටින බැවින්, එහි ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, මිනිසුන් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට රැගෙන යාම ඉතාමත් වැදගත්ය. අනාගතය තුළ අතිමහත් විභවතාවක් තිබේ. ඉන්දියන් සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සහතික කිරීම සඳහා අප දෙරටේ කාර්යභාරය ඉතා වැදගත් වේ.
අපගේ හවුල්කාරිත්වයේ ශක්තිය පවතින්නේ සාමූහික ක්‍රියාකාරිත්වය තුළය. පාරිසරික ගැටලු විසඳීමේදී, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී හෝ ගෝලීය වශයෙන් සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනයක් සහතික කිරීමේදී අපට දේශසීමා ඉක්මවා යන නව සහ විකාශනය වන අභියෝගවලට විසඳුම් ලබා දිය හැක්කේ සහයෝගී ප්‍රයත්නයන් හරහා පමණි. අනාගත පරපුරට අන්තර් සම්බන්ධිත සහ අන්තර් පරායත්ත ලෝකයක් තුළ දියුණු වීමට 21වන සියවසේ අවස්ථා උපයෝගී කර ගැනීම සඳහා ගෝලීය දකුණේ නායකයෙකු ලෙස ඉන්දියාව සමඟ ගැඹුරු සහයෝගීතාවක් ඇති කරගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටී.
මෙම සන්ධ්‍යාව, සාමය සහ ප්‍රගතිය ලුහුබැඳීම සඳහා අපව සමීප කරවන, කාලය සමඟ නොනැසී පවතින, අපගේ ජාතීන් දෙක අතර සමෘද්ධිමත් වෙමින් පවතින බැඳීමෙහි දිගුකාලීන මිත්‍රත්වයේ සැමරුමක් වේවා! යැ’යි මම ප්‍රාර්ථනා කරමි.
ඉන්දියානු රජය සහ ජනතාව අප කෙරෙහි දක්වන නොසැලෙන සහයෝගය සහ මිත්‍රත්වය සඳහා මම මාගේ ඉමහත් කෘතඥතාව පුද කරමි. අපගේ සහයෝගිතාව තව තවත් ශක්තිමත් වනු ඇතැ’යි අපේක්ෂා කරන අතර අප එක්ව යන ගමන අපගේ ජාතීන්ට මෙන්ම මුළු කලාපයටම සමෘද්ධිය ගෙන එනු ඇතැ’යි මම විශ්වාස කරමි.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
pj Wednesday, 18 December 2024 03:45 AM
බලාගෙන... එළිපත්තෙන් බිමට වැටෙයි....
JayasekaraWednesday, 18 December 2024 03:52 PM
වැටෙනවා පුතානෝ සහ රනිල් නඩය ආවානම් .ජාතියේ වාසනාවට රෙදිත් ගැලවෙන්නම පැරදුනේ කට්ටියම
Siripala Thursday, 19 December 2024 03:32 AM
ඔවුන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට මෙන්ම දශක ගණනාවක් දැඩි ඉන්දීය විරෝධත්වයක් දැක්වූ 3% JVP පක්ෂය සත්‍යයට සහ යථාර්තයට මුහුණ දෙමින් සිටියි. මාලිමා හවුල් ආණ්ඩුව මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේදී ප්‍රකාශකළ සහ පොරොන්දු කිසිවක් ඔවුන්ගෙන් ඉටු නොවුවද පවති රජයේ සියලු කටයුතු අනුරගේ ආණ්ඩුව වර්තමානයේ ඉදිරියට ගෙන යමින් සිටියි. පුරවැසියන් වශයෙන් ඔවුන් තීන්දු කර තිබූ ඔවුන්ගේ මාවතේ නොව නිවැරැදි මාවත තෝරාගැනීම පිළිබඳව සතුටුවෙමු.. මේ දිනවල දේශපාලනයේ සිදුවන සිදුවීම් දෙස බැලීමේදී ඇමෙරිකානු තානාපතිනිය මාලිමා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකාවක්ද කියා අපට සිතේ. එදා JVP අනුර සහ අද මාලිමා අනුර අතර වෙනස කුමක්ද?
Nishan Wednesday, 18 December 2024 05:35 AM
මෙහේදී විරුද්ධ වුණ හැමදේටම එහේදී කැමති වෙලා වගේ. ඔහොම තමයි වැඩියෙන් උඩ පනින හැමෝගෙම තත්වේ. ඒකෙන් රටේ දියුණුවයි අඩාල වුණේ.
විදුර Wednesday, 18 December 2024 07:24 AM
අනුර සහෝදරයා, කරුණාකරලා හොඳ ප්‍රවාහන සේවයක් හදන්න. මේ සිස්ටම් එක අවුල්, බලන්න උදේට මිනිස්සු බස්වල මොනතරම් පීඩාවට පත් වෙනවාද කියලා..?
vipulaSaturday, 21 December 2024 05:37 PM
මෙවට ඩිස්ලයික් දාන්නේ වහල්ලු...!
FreemanHAT Wednesday, 18 December 2024 07:26 AM
ඒක නම් ඇත්ත... අපි හැමදාම හිටියෙත් ඉන්නෙත් නවයුගයක එළිපත්තේ තමයි. ඒ නව යුගය අපේ ගේ ඇතුළට ගන්න අනිත් රටවලට වැඳ වැටීගෙන කරන්න බෑ... ඒ තරම් ජනතාව ශක්තිමත්ව මේ බව තේරුම් ගන්න දවසක් ආවොත් පාලකයෝ කවුරු වුණත් රට දියුණු කරන්න පුළුවන්.
Toni Saturday, 21 December 2024 04:03 AM
මෙයා කියනවා නම් ඉතින් ඉරහඳ වගේ තමයි. අපිට මාර විශ්වාසයි. මොකද මෙයා බොරු කියන්නේ නැහැ. ඇත්ත විතරයි කියන්නේ. එළිපත්තේ කිව්වොත් ඉතින් එළිපත්තේ... කතා දෙකක් නැහැ.
Gagana Saturday, 21 December 2024 09:57 PM
විපුල, මොන වහල්ලුද? වහල්ලුත් වර්ග ගණනාවක් ඉන්නවා. 69 ලක්ෂයම තමයි 68 ලක්ෂය වුණේ. ඔවුන්ට කියන්නේ ජෙබයියෝ කියලා.
Saman Jayasi Monday, 23 December 2024 09:27 PM
ඔවු ඔවු... බුද්ධාගම නැති ලන්කාවක්... මුලු රටම රැවැට්ටුවා...