(පුෂ්පකුමාර ජයරත්න)
ආණ්ඩුකාර ධූරයේ බලය සහ රාජ්‍ය බලය යොදාගනිමින් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයා විසින් සිදුකර ඇති බව පැවසෙන අපරාධ හා වංචනික ක්‍රියා යටපත් කිරීමට සූදානම් නොවන ලෙසත් එසේ වුවහොත් අසාද් සාලි ආණ්ඩුකාරවරයාට සහ රජයට එරෙහිව ජනතාව පාරට බස්සවන බවත් අද (27) කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි රතන හිමියෝ රෝහල් පාලනාධිකාරිය සමඟ සහ රෝහලේ සියලුම සේවා අංශවලට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී දීර්ඝ වේලාවක් උද්ගතව පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
ඉන් අනතුරුව රෝහලට පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි මව්වරුන්ට රතන හිමියන් හමුවූ අවස්ථාවේදී ඔවුහු හඬා වැටෙමින් තම දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.
අසාධාරණයකට ලක්වූ මව්වරුන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරදීම සඳහා තමන් මැදිහත් වන බව රතන හිමියෝ පැවසූහ.
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට පාර්ශ්ව කීපයකින් එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරමින් රටට ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරදීමට නීතියට අනුකූලව වෙහෙසෙන වෛද්‍ය කාර්ය මණ්ඩල සහ පොලිස් නිලධාරීන්ව මාරුකර යැවීමටත්, ඔවුන්ට බලපෑම් එල්ල කිරීමත් නොකරන ලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට තරයේ දන්වා සිටින බවද උන්වහන්සේ පැවසූහ.
මින් පසුවට මහපාරේ සිට මේ රට පාලනය කරන්නේ භික්ෂූන් වහන්සේලා ඇතුළු මහජනතාව බවද ප්‍රකාශ කළ රතන හිමි මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අනිසි බලපෑම් නොකොට සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් බවද පෙන්වා දුන්හ.
මේ දරුණු සිංහල ජාතිය වඳ කිරීමේ සාහසික අපරාධයට ෂාෆි ෂිහාබ්දීන් වගකිවයුතු බව සනාථ වුවහොත් ඔහුට ඉහළම දඬුවම් නියම කළ යුතු බවද රතන හිමි අවධාරණය කළහ.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘‘වෛද්‍ය ෂාෆිගේ ක්‍රියා යටපත් කිරීමට උත්සාහ කළොත් ජනතාව පාරට බස්සවනවා‘‘