(නාලක සංජීව දහනායක)
රටේ බදු ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය නොකර සකස් කළ නව දේශීය ආදායම් පනත නිසා මේ වනවිට අර්බුද රාශියක් ඇති වී තිබෙන බව බදු කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා පෙරේදා (22) පැවැසීය.
විදේශිකයන් විසින් වෙනත් රටක් සඳහා සකස් කරන ලද බදු පනතක් කෑලි කපා නව දේශීය ආදායම් පනත ලෙස හඳුන්වමින් අප රටට එල්ලා තිබෙන බව ද ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘බදු දඩයම, නව දේශීය ආදායම් පනත’ කෘතිය එළිදැක්විමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව පැවැසීය. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී මෙම උත්සවය පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.
එහිදී මහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා මෙසේ ද පැවැසීය.
බදු පනතක් ඉදිරිපත් කිරීමට පෙර රජය රටේ සියලූම ක්‍ෂේත‍්‍ර සමඟ සාකච්ඡා කළ යුතුයි. එලෙස සාකච්ඡාවක් නොකර මෙවැනි බදු පනත් සකස් කිරීමෙන් සමාජයේ අර්බුද රාශියක් ඇති වෙනවා. නව දේශීය ආදායම් බදු පනත සම්බන්ධයෙන් අද සමාජයේ මෙවැනි කතාබහක් ඇති වී තිබෙන්නේ ඇයි? වෙනත් රටක් සඳහා සකස් කළ බදු පනතක් කෑලි කපා එල්ලා අප රටේ එල්ලා තිබෙන බව නිසයි. මෙම බදු පනත සකස් කිරීමට පෙර අප රටේ බදු ඉතිහාසය පිළිබඳව යම් අධ්‍යයනයක් කළ යුතුව තිබුණා. නව දේශීය ආදායම් බදු පනත ඉදිරිපත් කිරීමේදී එවැනි අධ්‍යයනයක් කර නැහැ. ඒ නිසා මෙවැනි අර්බුද ඇතිව තිබෙන බව ද පැවැසීය.
හිටපු දේශීය ආදායම් කොමසාරිස් ආර්.පී.එල්. වීරසිංහ මහතා මෙසේ පැවැසීය.
බදු පනතක් තිබියදී රටට තවත් බදු පනතක් අවශ්‍ය ඇයි? මේ වෙලාවේ රටට තවත් බදු පනතක් ගෙනාවට කමක් නැහැ. සියලූම ක්‍ෂේත‍්‍ර සමඟ සාකච්ඡා කර බදු පනතක් සකස් කළ යුතුයි. නමුත් මෙවර එවැනි සාකච්ඡාවක් හෝ සංවාදයක් ඇති වුණේ නැහැ. මම විශ්වාස කරන ආකාරයට මෙය විදේශිකයන් විසින් සකස් කළ පනතක්.
2006 සිට 2015 දක්වා ඉදිරිපත් වූ බදු සංශෝධන පනත් කිසිවක් අධිකරණයේ අභියෝගයට ලක්වුණේ නැහැ. නමුත් මෙම පනතට එරෙහිව නඩු 6ක් ඉදිරිපත් වුණා. මෙම පනත ක‍්‍රියාත්මක කිරීමේදී රජයට විශාල අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවේවි. බදු පැනවීමෙන් අපේක්‍ෂා කරන්නේ රාජ්‍ය ආදායමයි. නමුත් අර්ථිකය හසුරවන සුක්කානම බදුයි. නොදියුණු ක්‍ෂේත‍්‍ර සඳහා බදු සහන දිය යුතුයි.
යම් රටකින් වෙනත් රටක් ණය ගත්විට ඒ ණය පාවිච්චි කරන රටට බදු මුදලක් ගෙවිය යුතුයි. 2011 අයවැය ලේඛනයෙන් මෙම සහනය ලබාදුන්නා. නමුත් මේ පනතින් ඒ සහාය අහෝසි කර තිබෙනවා. මෙය අනාගත ආයෝජන සඳහා කෙසේ බලපාවිදැයි සිතා ගන්න බැහැ.
රටක ආර්ථික සංවර්ධනය කරනවිට යම් යම් ක්‍ෂේත‍්‍ර සඳහා සහනාධාර ලබාදෙනවා. මේ පනතින් එයත් බදුවලට යටත් කරලා. එමෙන්ම විදේශ විනිමය ලබාගැනීම සඳහාත් බදු සහන ලබා දී තිබෙනවා. මේ පනතින් එම සහනයත් අහෝසි කර තිබෙනවා.
එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහාත් බදු සහන දී තිබුණා. එමෙන්ම වෘත්තිකයන්ටත් පසුගිය රජය විශාල වශයෙන් සහන ලබා දුන්නා. මේ පනතින් ඒ සහනත් අහෝසි කර තිබෙනවා. විදෙස් ටෙලිනාට්‍ය සඳහා පැනවූ බදුවලින් පසුගිය රජය රන්මිණිතැන්න හැදුවා. රුපියල් මිලියන පහකට වැඩි මුදලක් යොදා චිත‍්‍රපටියක් නිෂ්පාදනය කළොත් වෙනත් ආදායම් මාර්ගයකින් අරමුදල පියවා ගැනීමට බදු සහන ලබාදුන්නා. මේ පනතින් සියලූම බදු සහන ඉවත් කර තිබෙනවා” යැයි පැවැසීය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය
නව දේශීය ආදායම් බදු පනත සම්බන්ධයෙන් සමාජයෙන් විරෝධතාවන් එල්ල වනවිට රජය මේ පනත ගැන විවිධ දාර්ශනික කතා කියනවා. රට මෙන්ම රටේ ආර්ථිකය රැුක ගැනීමටත් පුරවැසියන්ට අයිතියක් තිබෙනවා. මේ බදු පනත සාමාන්‍ය බදු පනතක් නෙමෙයි. මෙය තනිකරම කොළේ වහල ගැහිල්ලක්.
තම ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහ දරන සුළු ව්‍යාපාරිකයන් පිරිසක් ඕනෑම රටක ඉන්නවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වඩා එම පිරිස ඕනෑම රටක වැඩියි. නමුත් මෙම නව බදු පනතින් රටේ සිටින සුළු ව්‍යාපාරිකයන් පිරිස පිළිබඳව කිසිම සාකච්ඡාවක් කෙරෙන්නේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය කෙසේ හෝ සල්ලි හම්බ කිරීමටයි. එයට බලපෑ හේතු කිහිපයක්ම තිබෙනවා.
2015 ජනවාරි 8 වැනිදායින් පසුව මේ රටට ගැලපෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. අද ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්දැයි කියන්න කවුරුවත් දන්නේ නැහැ. මේ ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා අද වනවිට ආණ්ඩුවේ අභ්‍යන්තරයේ ගැටුම් පවා නිර්මාණය වී තිබෙනවා.
මේ ආණ්ඩුව තෝරාගත් ප‍්‍රතිපත්ති කිසිවක් ප‍්‍රායෝගික නැහැ. ඒ නිසා මේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව හත්පොළේ ගා ගන්නවා. ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති පැටළුණු නූල් බෝලයක් වගෙයි. කොතනින් කෙළවර වේදැයි කියන්න බැහැ.
මේ යන ගමන සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ නිසා ආණ්ඩුව නිවැරදි මගට ගැනීමට ආණ්ඩුවට බලපෑම් කිරීමට පුරවැසියන් ලෙස අපට යුතුකමක් හා වගකීමක් තිබෙනවා” යැයි පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.
පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත්තා. එතුමා එම පනත සකස් කළේ සමාජයේ විවිධ ක්‍ෂේත‍්‍රයෙන් හා විවිධ පුද්ගලයන් සමඟ පුළුල්ව සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.
එම පනතින් ගොවි සේවා කම්කරුවන්ට, අපනයන ව්‍යාපාරිකයන්ට, කලාකරුවන්ට හා විවිධ ක්‍ෂේත‍්‍ර සඳහා බදු සහන ලබාදුන්නා. දිරිගැන්වීම් ලබාදුන්නා. ඒ පනතේ පිටු 44ක් පුරාවටම මේ ගැන සඳහන් වෙනවා. ඒවා විටින් විට අවශ්‍යතාවන් අනුව සංශෝධනය වුණා. ඒ සංශෝධනය වුණේ රටේ සමස්ත පොදු ජනයාට වාසිසහගත අයුරිනුයි. ඒ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේදී රජයේ සමස්ත බදු ආදායම අඩු වූ බව වර්තමාන රජය සඳහන් කරනවා.
රජයේ ආදායම අඩුවීමට බලපෑ හේතු දෙකක් තිබෙනවා. අප රටේ වසර 30ක යුද්ධයක් පැවතුණා. ඒ නිසා ජනතාව අසීමිතව පීඩාවට පත් වුණා. අඩු ආදායම් ලබමින් තිබූ රට පහළ හා මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමට නම් ගොවීන්, කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සියලූම දෙනාට අලූත් උත්තේජනයක් ලබා දිය යුතුයි. ඒ අරමුණින් තමයි හිටපු ජනාධිපතිවරයා බදු සහන ලබාදුන්නේ.
ඒ නිසා ආදායම් බද්ද ප‍්‍රතිශතය අඩුවෙන්න පුළුවන්. නමුත් පසුගිය රජය සමයේදී දළ දේශීය ආදායම විශාල වශයෙන් ඉහළ ගියා. ඉතිහාසයේ සෑම ආණ්ඩුවකම ජාතික ආර්ථිකයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක් හෝ ඊට වඩා අඩු අගයක් ගත්තා. නමුත් 2015 දී අපි රට බාර දෙන විට මේ රටේ ජාතික ආර්ථිකයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 80 දක්වා වැඩිවුණා. රට සංවර්ධන මාවතේ ඉහළටම ගමන්කර තිබුණා.
ඇතැම්විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේදී අප රටේ අයවැය පරතරය සියයට 19ක් වුණා. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේදී අප රටේ අයවැය පරතරය සියයට 5ක් දක්වා අඩුවුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට ලබා දුන් බදු සහනය රවී කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා විසින් බදු සහන සියල්ලම කපා දමා තිබෙනවා.
රජය විසින් ඉදිරිපත් කර තිබෙන නව දේශීය ආදායම් පනතේ විවිධ ක්‍ෂේත‍්‍රයන් සඳහා ලබාදුන් බදු සහන පිළිබඳව කිසිම සඳහනක් කර නැහැ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් මේ රටේ විවිධ ක්‍ෂේත‍්‍ර සඳහා දුන් බදු සහන අනාගත පරපුරට බලා ගැනීමට මම ඒවා ඇතුළත් කර පොතක් රචනා කළා.
නිදහසින් පසු රජයකට ලැබුණ වැඩිම වාසිය ලැබුණේ මෙම රජයටයි. පසුගිය රජයට ඛනිජ තෙල් ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 497ක මුදලක් වියදම් කළා.
නමුත් මෙම රජය බලයට පත්වීමත් සමඟම ලෝක වෙළෙඳපොළෙ ඛනිජ තෙල් මිල විශාල වශයෙන් වැටුණා. ඒ නිසා 2015 දී මෙම රජයට ඛනිජ තෙල් ආනයනය කිරීමට වියදම් වුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699යි. ඒ නිසා එම වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1889ක විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට ඉතුරු වුණා. පසුගිය වසරේදී ඛනිජ තෙල් ආනයනය කිරීමට වියදම් වුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2881යි. මේ නිසා පසුගිය වසර දෙක තුළදී පමණක් රට තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක මුදලක් ඉතුරු වී තිබෙනවා.
මේ බිලියන 4ම රජය විසින් වාෂ්ප කර තිබෙනවා. මේ මුදල රට තුළ ඉතුරු වුණා නම් හම්බන්තොට වරාය වගේ තවත් වරායන් තුනක් අපේ රටේ හදන්න තිබුණා. එමෙන්ම බැඳුම්කර මංකොල්ලය නිසාවෙන් විදේශිකයන් විසින් රජයේ සුරැකුම්පත්වල හා මහාභාණ්ඩාගාරයේ තැන්පත් ආයෝජනය කර තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකට වැඩි මුදලක් නැවත රැගෙන ගොස් තිබෙනවා. මේ නිසා ගෙවුම් ශේෂ පීඩනයක් තිබෙනවා. එම පීඩනයෙන් මිදෙන්න මෙවැනි බදු පනත්වලින් බැහැ.
නැවත මහින්ද රාජපක්ෂ මේ රට භාර ගෙන අලූත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. මේ ආණ්ඩුව ඉක්මනටම පෙරළා දමා අපි හදන අලූත් ආණ්ඩුවේ පළවෙනි කර්තව්‍ය මෙම පනත ඉවත් කරලා තවත් බදු සහන දීමේ වගකීම යැයි” පැවැසීය.
මෙම අවස්ථාවට නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය තිස්ස විතාරණ, රංජිත් සොයිසා, වාසුදේව නානායක්කාර, සිසිර ජයකොඩි, ප‍්‍රසන්න රණවීර ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද ප‍්‍රවීණ කලාකරු සිරිල් වික‍්‍රමගේ, ප‍්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
වෙනත් රටක හැදු බදු පනත් කෑලි කපා අපේ රටට එල්ලලා
Lanka Thursday, 24 August 2017 05:13 AM
රුපියල් 2500 කින් මුළු පවුලටම මාසයක් කන්න අඳින්න පුළුවන් කිව්වා නම් බදු පනත හරියි කියලා මෙයා කියන්න තිබුණා.
shan saudi Thursday, 24 August 2017 01:54 PM
ඉතින් ඔච්චර උගත් අය වසර කීයක් උන්නද ගිය ආණ්ඩුවේ? හරියට රටට ගැලපෙන බදු පනතක් හදන්න එපායෑ... 2500 කන්න පුළුවන් කීවේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නට වෙන්න ඇති.. උන්න කාලේ රට කාලා විනාශ කරලා දැන් එනවා බණ කියන්න....
vidya Thursday, 24 August 2017 02:28 PM
මෙයාගෙන් ටියුෂන් ගත්ත ගෝලයෝ තමයි රට වැනසුවේ ...
kumar (galf) Thursday, 24 August 2017 06:44 PM
මේ පිස්සු 2,500 පොර තාමත් බය්ලා ගහනවා.
sam Friday, 25 August 2017 09:02 AM
"රුපියල් මිලියන පහකට වැඩි මුදලක් වියදම් කර චිත්‍රපටයක් නිෂ්පාදනය කළොත් වෙනත් ආදායම් මාර්ගයකින් අරමුදල් පියවා ගැනීමට බදු සහන ලබා දුන්නා. මේ පනතින් සියලුම බදු සහන ඉවත්කර තිබෙනවා." මේ කියන්නේ මොකක්ද? කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් "බොරුවට පාඩු ලබන චිත්‍රපටයක් නිෂ්පාදනය කර කළු සල්ලි සුදු කිරීමට තියන අවස්ථාව වලක්වා ඇත." කියලයි.
ලුම්බිණි Monday, 28 August 2017 02:34 AM
2006 සිට 2015 දක්වා ඉදිරිපත් වූ බදු සංශෝධන රටේ මහජනතාව සමග සාකච්චා කරලා අනුමත කල බවක් මට නම් මතක නැහැ. විදේශිකයන් විසින් වෙනත් රටක් සඳහා සකස් කරන ලද බදු උනත් ඒවා හොඳ නම් මොකද්ද තිබෙන ප්‍රශ්නය? මට නම් පෙනෙන්නේ මේක දේශපාලන රැස්වීමක් බවයි.