IMG-LOGO

2025 මාර්තු මස 03 වන සඳුදා


විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි

(නිමල කොඩිතුවක්කු)

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවියාට පොහොර සහනාධාරය හෝ වී සඳහා ප්‍රමාණවත් සහතික මිළක් හෝ නොලැබෙන බවත් රාජ්‍ය සේවකවයාට පොරොන්දු වූ වැටුප් වර්ධක හිමිව නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් ගොවියාට නොලැබෙන බවත් ලැබෙන තෙල් පොහොර පවා ප්‍රමිතියෙන් බාල බවත් හොරොව්පතානේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු කීවේය.

වගා හානී වන්දිි පවා නොලැබ ඇති බැවින් අභියෝග රැසකට ගොවියන් මුහුණ දී සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය.

ගොවියන්ට රාජ්‍ය සේවකයන්ට බොරු කියු වත්මන් රජයට පිළිතුරු දෙන්න කාලය පැමිණ ඇති බවත් ගොවියා අනාථ කල මේ රජයට ඉදිරි මැතිවරණයේදී පාඩමක් ඉගැන්විය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

 



අදහස් (12)

විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි

ravin Sunday, 02 March 2025 05:48 PM

නරිවාදන් ඔන්න අද සති අන්ත ඉංග්‍රීසි මුද්‍රිත මාධ්‍ය තුළින් දැක්කා. මෙයාගේ මූල්‍ය කෙරුවාවල්... 2016 සිට සමහර ආයතනවල මූල්‍ය ාර්තා පලකර නැහැලු..රට පාලනය කරන්න ඉස්සෙල්ලා ගෙදර කුස්සියේ පාලනය වත් ඉගෙන ගත්තොත් නරකද?

:       3       51

Mahajanathawa Sunday, 02 March 2025 05:55 PM

ඔබගේ කරුණාවට ස්තූතියි, නමුත් අතීතයට සාපේක්ෂව අපි වඩාත් සුවපහසු ස්ථානයක සිටින බව අපට හැඟේ...!

:       5       63

පිටරටවැසියා Sunday, 02 March 2025 06:03 PM

තාම පාඩමක් ඉගෙනගෙන නෑ වගේ? අර හාල් මුදලාලිගෙන් ගත්තු කෝටි 5000න් ගොවියාට සහනාධාරයක් දුන්නොත් හොඳ නැද්ද? හාල් මුදලාලිත් ගොවියාගෙනුයි, පාරිභෝගිකයාගෙනුයි කඩා-වඩා ගත්තු සල්ලිනේ. සල්ලි සල්ලී, හාල් මුදලාලිගේ මල්ලී...

:       5       46

අරවින්ද මොණරවිල Sunday, 02 March 2025 06:09 PM

තමන් කියන්නේ මොකක්ද? කිව යුත්තේ මොනවාද නොදන්න අවාසනාවන්ත විපක්ෂ නායක, තාත්තාගේ නම නැතිනම් ප්‍රාදේශීය සභාවටකටවත් මෙයා තේරෙන එකක් නැහැ...!

:       3       43

ගමේ එකාලා Sunday, 02 March 2025 06:16 PM

තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්න බැරුව ඉන්නේ, බලයේ හිටපු කාලේ මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් ගසා කෑවා. කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් ඡන්ද ව්‍යාපාරේ කෙරුවේ.. තමුන්ට බලයට එන්න බැරි වුනාට කියන කතා, හැමදාම විපක්ෂ නායකයා තමයි?

:       3       40

ලූට මූස් Sunday, 02 March 2025 08:39 PM

ඔහෙලාගේ කාලේ කොලැයි..?

:       2       41

පුරවැසියන් Sunday, 02 March 2025 08:50 PM

මෙයා නිදාගෙන ඉඳලා නැගිට්ටාම උතුර දකුණ මාරුවෙලා වගේ. ඉදිරි මැතිවරණයේ කාලය එනකොට ගොඩක් මෙයා අඳුරන අය ඇතුළේ. නංගිගේ හොර සල්ලි වැඩේ ඇද්දොත් හරි මෙයාගේ නිවාස අධිකාරියේ වංචා එක ඇද්දොත් හරි මෙයාත් ඉවරයි. බොරු කරේ කවුද කියලා මිනිසුන් දැන් දන්නවා.

:       3       47

C.K.Lankaputhra Monday, 03 March 2025 06:38 AM

ගොවි ජනතාවයි රාජ්‍ය සේවකයායි මෙතුමාගේ වැදි බණ වලට රැවටුනොත් පාලාත් පාලන ඡන්දෙන් මෙතුමාගේ පක්ෂය දිනන්න ඕන. බලමු එහෙම වෙයිද කියල.

:       0       3

රුවන් Monday, 03 March 2025 07:37 AM

නිකමට හිතමු සජිත් ජනපති නම් මේ මාස ගානට ලංකාව සෝමාලියාව වගේ දියුණු කරයි නේද. බොහෝ දුරට මම මැරිලා මන්දපෝෂණය හැදිලාම.

:       0       3

rs Monday, 03 March 2025 07:56 AM

ගොවියා රාජ්‍ය සේවකයා සතුටින් ඉන්නේ ඔය කියන දේවල් අහන්නේ නැ නිකන් ෆෝම් කරාට වැඩක් නෑ

:       0       2

saman Monday, 03 March 2025 08:17 AM

ඉතාම ලාභදායි දේශපාලන උපක්‍රම වෙත සජිත් මහතා යොමුවී ඇත. ඇත්ත යථාර්තය නිවැරදි ක්‍රියාමාර්ග අවබෝධ වුවද මිනිසුන් රවටන දේශපාලනයක හෙතෙම නිරත වේ.

:       0       4

රනේ Monday, 03 March 2025 08:58 AM

ඉල්ලන් කන්න වගේ යන්නේ..

:       0       4

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි
2025 මාර්තු මස 02 1272 12

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


‘තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටවන්න කැමති නැහැ‘
2025 මාර්තු මස 02 1487 11

තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.


‘‘දුප්පත් කම නැතිකරනවා වෙනුවට ම්ලේජ්ච දේශයක් ඇති කරලා‘‘
2025 පෙබරවාරි මස 24 1435 21

අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත


අය වැයෙන් රැකියා 30,000
2025 පෙබරවාරි මස 11 2410 6

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්


ආණ්ඩුව අලුත් වුණාට රජය පරණයි
2025 පෙබරවාරි මස 11 1088 2

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල


නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 404 2

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 19977 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 97 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 405 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 506 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site