(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය තුනෙන් දෙක මහජනතාවගේ ඡන්දයෙන් හෝ පාර්ලිමේන්තු ඔලුගෙඩි වලින් ලැබී නොමැති බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.
ජනතා බලයක් නොලැබෙන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අල්ලස් ලබා දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලබා ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙසේද කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී 52% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. සරල බහුතරයකින් තමයි එතුමා ජයග්‍රහණය කළේ. පාවිච්චි නොකරපු ඡන්දත් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් එයලට හම්බවෙලා තියෙන්නේ 58% පමණයි. ජනතාවගේ බලයෙන් එයලට තුනෙන් දෙකක් ලැබිලා නැහැ.
ආණ්ඩුවට ජැක් ගහන පක්ෂ තුනත් එක්කම ආණ්ඩුවට තියෙන්නේ ආසන 149ක් පමණයි. කතානායකවරයාට ඡන්දය පාවිච්චි කරන්න බැහැ.ඒ නිසා එරට තියෙන්නෙ ආසන 148ක් පමණයි. පාර්ලිමේන්තුව තුළත් තුනෙන් දෙකක් නැහැ.
පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක් ගන්න නම් අනිවාර්යෙන්ම ඇමැති කටු සූප්පු කරන්න කැමති දෙන්නෙක් අල්ලස් දීලා විපක්ෂයෙන් උත්සන්න වෙනවා.
මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් හම්බුනා කියන එක පට්ටපල් බොරුවක්. තුනෙන් දෙකක් ජනාධිපතිවරණයේදී ලැබුනෙත් නැහැ. මහ මැතිවරණය්දී ලැබුනෙත් නැහැ.
ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක මහජනතාවගෙ ඡන්දයෙන් ලැබිලත් නැහැ, පාර්ලිමේන්තු ඔළු ගෙඩි වලින් ලැබිලත් නැහැ. 2010 කරා වගේ අල්ලසට පගාවට දෙතුන් දෙනෙක් උත්සන්න දැන් ආණ්ඩුව කටයුතු කරගෙන යනවා.
ජනාධිපති කියන්නේ තනි පුද්ගලයෙක්. පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ සියලු දෙනා නියෝජනය කරනවා. පාර්ලිමේන්තුව පැත්තකට දාලා විස්සෙන් ජනාධිපතිවරයාට බලය පවරන එක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් විදියට අපි දකිනවා.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක ලැබී නැහැ‘