“ශ්රී ලංකාව ඉන්දියන් සාගරය මැද මූල්‍ය කර්මාන්ත සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් පමණක් නොව අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට ද පත් කිරීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කර ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේදී පැවැසීය.
“වත්මන් රජය තැබූ සංවර්ධනයේ වාර්තාව කිසිවකුටවත් බිඳ දමන්න නොහැකි බව කී අග්‍රාමාත්‍යවරයා ඒ වාර්තාව බිඳ දමන්න නම් කළ යුත්තේ වත්මන් සංවර්ධනය ඉක්මවා යන තරමේ සංවර්ධන වැඩ කිරීම යැයි” ද ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය ලබුයාය වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. ශ්‍රී ලංකාවේ නව වැනි වෛද්‍ය පීඨය ලෙස ඉදි කෙරුණු මේ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 3200 කි.
ඉතා අලංකාරවත් අයුරින් සහ අංගෝපාංග සහිතව නව වෛද්‍ය පීඨය ඉදි කර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් විශේෂ බස් රථයක නැගී නව වෛද්‍ය පීඨ පරිශ්‍රය නිරීක්ෂණය කළහ.
වාර්ෂිකව වෛද්‍ය සිසුන් සිය දෙනෙකුට වෛද්‍ය අධ්‍යාපනය දීමට හැකි අයුරින් වෛද්‍ය පීඨය ඉදි කර පවතී. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
මා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූ පුද්ගලයකු බව සඳහන් කෙරුණා. මා අධ්‍යාපනය ආරම්භ කළේ ලංකාවේ පැරණිම රජයේ විද්‍යාලයෙනුයි. මට එංගලන්තයේ විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව තිබුණා. එහෙත් මා කොළඹ විශ්වවිද්‍යාලයට ගොස් එහි අධ්‍යාපනය ලැබුවා. මෙතෙක් දුර එන්න එක් හේතුවක් වූයේ මගේ මෙරට සරසවි අත්දැකීම් බව සඳහන් කළ යුතුයි. එතැන් සිට ව්‍යාපාර මෙන්ම දේශපාලනයට පිවිස සෑම අංශයකින්ම ජය ගන්නට අවස්ථාව මට ලැබුණා.
නිදහස් අධ්‍යාපනය නිසා නොයෙක් ප්‍රදේශවලින් පැමිණි සිසු-සිසුවියන්ට සමාජයේ ඉදිරියට යන්න අවස්ථාව ලැබුණා. නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මටත් අධ්‍යාපනය දියුණු කරන්න අවස්ථාව ලැබුණා සේම අනාගත පරපුරටත් ඒ අවස්ථාව උදා කරන්න මා තීරණය කළා.
පළමුවෙන්ම මට ජේ.ආර්. ජයවර්ධන ජනපති අධ්‍යාපන අමාත්‍යාංශය බාර දුන්නා. මට අවශ්‍ය වුණේ හොඳ අධ්‍යාපන ක්‍රමය ගෙන එන්නයි. ගුරුවරුන් විභාගවලින් බඳවා ගන්නත්, ගුරුවරුන් පුහුණු කරන්නත් මා කටයුතු කළා. අධ්‍යාපන විද්‍යාපීඨ ස්ථාපිත කිරීමට, පිරිවෙන් සඳහා මුදල් දීමට ක්‍රීඩා - කලා අංශ දියුණු කිරීමට මා කටයුතු කළා.
පසුව මට අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට අවස්ථාව ලැබුණා. 2015 වසරේදී අගමැති වූ විට උසස් අධ්‍යාපනය වෙනුවෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සිටියා. ඔවුන් සමග අධ්‍යාපනය දියුණු කිරීම සඳහා වැඩ කිරීමට මටත් අවස්ථාව ලැබුණා.
ලංකා ඉතිහාසයේ වැඩිපුරම අධ්‍යාපනයට මුදල් වියදම් කළේ මා අග්‍රාමාත්‍ය ලෙස සිටි ආණ්ඩුවයි. ඒ පිළිබඳව අපට මහත් ආඩම්බරයක් තිබෙනවා.
මේ කාලයේදී විශ්වවිද්‍යාලවල නව පීඨ 11 ක් විවෘත කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාපතිතුමන් සඳහන් කළා. කාටවත් ඒ වාර්තාව නැහැ. වෛද්‍ය පීඨ දෙකක් මේ වන විට විවෘත කරලා ඒ දෙකම 2015 වසරේ මැතිවරණ පොරොන්දු ලෙස හැඳින්විය හැකියි. රත්නපුරයේ සහ කුලියාපිටියේ ඒ වෛද්‍ය පීඨ දෙක විවෘත කෙරුණා. කළුතර තුන් වැනි වෛද්‍ය පීඨය විවෘත කරන්න රාජිත ඇමැතිතුමා සූදානමින් ඉන්නවා. නේවාසිකාගාර සියයක් අලුතින් ඉදි කළා. ඒවායේ සිසුන් 36,000 ක් සිටිනවා. ඒ අයුරින් විශාල දියුණුව ඇති කරලා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක් නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා එකල මගේ සීයා මුදල් දුන්නා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ දරුවන් වෙනුවෙන් විශ්වවිද්‍යාලය ඇතුළේම වෙනම පාසලක් ආරම්භ කිරීමට අධ්‍යාපන ඇමැතිතුමා කටයුතු කරනවා.
තව නොබෝ කලකින් වවුනියා විශ්වවිද්‍යාලය විවෘත කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ අයුරින් අප විශාල දියුණුවක් ඇති කරනවා. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත ලෙස මුදල් වියදම් කළා.
රටේ අනාගතය තීරණය වන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට කරන ආයෝජනවලින් බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපගේ අදහස වන්නේ ශ්‍රී ලංකාව නවීකරණය කිරීමයි. ආර්ථිකය නවීකරණය කිරීමයි.
සියල්ල කරන්න පෙර අධ්‍යාපනය හා සෞඛ්‍ය දියුණු කිරීම අපේ කාර්ය භාරය වුණා. මෙරට විශාලතම ණය ප්‍රශ්නයට මුහුණ දෙන අතර මේ කටයුත්ත සඳහාත් මා කෙසේ හෝ මුදල් සොයා දුන්නා.
දැන් විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරගෙන යනවා. ඒ ඒ විශ්වවිද්‍යාල සඳහා තමන්ගේම පනත් ගෙන එන ලෙස මා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දැන්වුවා. අලුතින් සිතා වැඩ කටයුතු ඉටු කර දෙන්නම්.
මුදල් කර්මාන්ත, නෞකා කර්මාන්ත, ගුවන් කර්මාන්තය සංචාරකයින්ට පමණක් කේන්ද්‍රස්ථානය නොව ඉන්දියන් සාගරය මැද අධ්‍යාපනයේත් කේන්ද්‍රස්ථානය බවට පත්විය යුතුයි.
රටට එතැනට පැමිණිය හැකියි. සමහරක් ඒ පිළිබඳව සිතාවත් නැහැ. මාලදිවයින සමග එක්ව අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීම ගැන මා රවුෆ් හකීම් ඇමැතිතුමන්ට ස්තූතිය පළ කළ යුතුයි. අපේ විශ්වවිද්‍යාල සියල්ල එකතු කර පියවරෙන් පියවර ඉදිරියට ගොස් විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කරමු.
අලුතින් සිතා ඉදිරියට යමු. අධ්‍යාපනයේ විශාල වැඩ කොටස අප ඉටු කර තිබෙනවා. අප තැබූ සංවර්ධනයේ වාර්තාව කාටවත් කඩන්න බැහැ. එය කඩන්න අවශ්‍ය නම් සංවර්ධනය සඳහා මීටත් වඩා වියදම් කරන්න වෙනවා.
රට-ජාතිය බේරා ගත යුතු යැයි අද දේශපාලනයේදී කියනවා. රට-ජාතිය බේරාගන්න නම් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා නව වියදම් කළ යුතුයි. අපේ සටන් පාඨය එයයි. නිකරුණේ රට-ජාතිය කියා කෑ ගැසුවාට පළක් නැහැ. රට-ජාතිය බේරාගන්න නම් පළමුවෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන අංශ දෙකට වැඩිපුර වියදම් කළ යුතුයි.
කුලියාපිටිය දියුණු කරන්න අකිල කාරියවසම් ඇමැතිතුමා විශේෂ උන්නදුවක් ගන්නවා. අප කුඩා කාලයේ කුලියාපිටිය නගරය තිබූ ආකාරය අපට මතකයි. එදාට වඩා අද විශාල දියුණුව ලබා තිබෙනවා. යැයි ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
නගර සැලසුම් උසස් අධ්‍යාපන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා:
“අප කළ පරිවර්තනීය වෙනස්කම් සමග උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් බොහෝ දියුණු වීම් කළා. පසුගිය රජයට වඩා දෙගුණයක සංවර්ධනයක් අප කර තිබෙන බව කිව යුතුයි.
වෛද්‍ය අධ්‍යාපනයේ තත්ත්වය උසස් කළ යුතුව තිබෙනවා. ප්‍රමිතිය තත්ත්ව පාලනය පිළිබඳව ස්ථාපිත කරන කොමිසම ගැන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා”.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:
“වයඹ විශ්වවිද්‍යාලයේ අද සිසුන් 4200ක් අධ්‍යාපනය ලබනවා. මේ වෛද්‍ය පීඨය කුලියාපිටිය ප්‍රදේශයට ගෙන ඒමට හැකි වීම මෙහි ජනතාවගේ ජයයි.
වෛද්‍ය පීඨය ගොඩනැගීමේදී අපට ශික්ෂණ රෝහලක් අවශ්‍ය වුණා. අද කුලියාපිටිය රෝහල සඳහා නව ගොඩනැගිලි රාශියක් ඉදි කෙරෙනවා. ඒ ගොඩනැගිලි මාස කීපයක් ඇතුළත ඉදි කර අවසන් කිරීමට නියමිතයි.
සෞඛ්‍ය - පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා:
“අප රජය පළමු වෛද්‍ය පීඨය සබරගමුවේ ඉදි කළා. කුලියාපිටියේ ඉදි කළේ දෙවැනි වෛද්‍ය පීඨයයි. මේ සමගම මිලියන දාහත් දහසක වියදමින් කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කරනවා.
තුන් වැනි වෛද්‍ය පීඨය කළුතර දොඩංගොඩ ඉදි කරනවා. ඒ සඳහා කළුතර රෝහල හා පානදුර රෝහල ශික්ෂණ රෝහල් බවට පත් කරනවා. කරාපිටිය වෛද්‍ය පීඨය සිසුන් 300 ක් දක්වා වර්ධනය කරනවා.
අප මහපොළ ශිෂ්‍යාධාර දෙගුණයක් බවට පත් කළා. අනෙක් පීඨ මෙන් හිතුමතේට වෛද්‍ය පීඨ හදන්න බැහැ.
තවමත් වෛද්‍යවරුන් 2000ක හිඟයක් තිබෙනවා. වෛද්‍ය පීඨ හදන්නේ ඒ සඳහායි. එමෙන්ම කොළඹ තට්ටු 19 ක හෙද පීඨයක් අප ඉදි කරනවා.
නිදහසින් පසු ඉපදී අගමැති කෙනෙකු වූ ලංකාවේ පළමු සරසවි සිසුවා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. එවැනි කෙනෙකු අගමැති පුටුවේ ඉන්න විට සරසවි අධ්‍යාපනය දියුණු කිරීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය කුලියාපිටියට ගෙන ඒම සඳහා මූලික වූයේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතායි.
අපේ ආණ්ඩුව “පසේබුදු” ආණ්ඩුවයි. ධර්මය හොඳට දන්නවා. නමුත් කියාගන්න බැහැ. පසුගිය රජයේ කක්කුස්සි කටක් හැදුවත් මහින්ද චින්තනයේ ජයග්‍රහණය කියා රට වටේ කටවුට් ගැහුවා. අප ප්‍රමිතිය සඳහා වැය කරන මුදලක් සංවර්ධනය සඳහා යෙදවුවා.
ලංකාවේ හොඳම වෛද්‍යවරුන් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් පමණයි. අප පහසුකම් සියල්ල දුන්නා”.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා,වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඊ.එම්.පී. ඒකනායක යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
මේ අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පළාත් සභා පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරු ද සහභාගී වූහ.
(අංජුල මහික වීරරත්න, කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර සහ චාමර විමලරත්න)
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්රී ලංකාව ඉන්දියන් සාගරය මැද ඇති අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා
wimal Tuesday, 03 September 2019 06:32 AM
කරනවා කියපු දේවල් නම් ගොඩයි. අපි මේ වෙනකොට කේන්ද්‍රයක් නැති ජාතියක් වී හමාරයි කියලයි මට හිතෙන්නේ.
ajith Tuesday, 03 September 2019 08:22 AM
ඔච්චර වැඩ කළා නම් කරනවා නම් ඇයි තමන්ගේ පක්ෂෙන් වෙන කෙනෙකුට අපේක්ෂකකම ඉල්ලන්නේ . එයින් ආණ්ඩුව ගැන තේරුම් ගන්න පුළුවන් .
kamal Tuesday, 03 September 2019 08:41 AM
හොඳ වෙලාවට ශ්‍රී ලංකාව වෙන සාගරයක් නැතුව ඉන්දියන් සාගරයේ තිබ්බේ. නැතිනම් පළමුවැනි අදියරේදී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැදට ගෙනල්ලා ඊට පස්සේ ඉන්දියන් සාගරය මැද ඇති අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කරනන තරම් ජවයක් ඇති කෙනෙක්නේ .
nimal Tuesday, 03 September 2019 09:13 AM
කේන්ද්‍රස්ථානය කෙසේ වෙතත් රටේ කේන්දරේ නම් බලලවත් වැඩක් නැහැ.
Senarath Tuesday, 03 September 2019 11:11 AM
රටේ සංවර්දන වැඩ ගොඩක් කලාලු , රටේ ආර්ථිකය හැදුවලු. ඒ උනාට රටේ නය කන්ද 2015 දී තිබුනටත් වැඩිය වැඩි වෙලා, පොඩි ලමින් බඩගින්නේ මැරෙනවා. රටේ ත්‍රස්තවාදය වැඩි කළා කිඋවනම් හරියටම හරි.
Chathuri Wednesday, 04 September 2019 01:17 AM
ඉන්දියන් සාගරයේ අයිනෙන් නේද . චීන පෝට් සිටි එක ගහන්නේ , ආණ්ඩුව වෙනස් වෙනකොට ,එන හැම නායකයාම රටින් කොටසක් උගසට තියල හොර රහසේ පැරදිලා යනවා දැන් උගතුන් බිහි කරන්න නම් පළමුව නඩේ ඉන්නවා නේද. . 8 වෙනි පන්තියටවත් නොගියපු කට්ටිය , ඕන වෙලාවක කිට ගහල ඉන්නේ ඒ කට්ටිය එලවන්න , නුගතුන් සමග රටක් ඉදිරියට ගෙනියන්න අමාරුයි , හැමදේටම විරුද්දව හු කියන්න ගන්නවා , දරුවෝ හරිමගට ගන්න නම් , තවත් හිනස් සන්නේ නැතිව , නුගතුන් එලියට දමල. උගතුන්ට තැන දෙන්න ,
vidya Wednesday, 04 September 2019 07:38 PM
ගම්බද හරියට වැසිකිලියක් නැති ඉස්කෝල තියනකොට, පාර්ලිමේන්තුවේ 8 පාස්වත් නැති පිරිසක් ඉන්නකොට මුතු ඇටේ ගැන මොනවද කියන්න තියෙන්නේ?
Ravi Monday, 16 September 2019 09:22 AM
ඔබ අවුරුදු හතරක් මොනවද කලේ?