(නිමල කොඩිතුවක්කු සහ ශාන්ත චන්ද්‍රසිරි)
ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමඟ තමා නුවරඑළියට එන්නේ ලැයිම් කාමරවලට සීමා වූ වතු කම්කරු ජනතාවට සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළියේදී පැවසීය.
වතු කම්කරු ජනතාවගේ වැටුප ලෙස රු.1000, 1500, 2000 ලෙස ඡන්ද කාලෙට විවිධ බොරු පොරොන්දු ලබා දෙන බවත් ලැයිම් කාමරවල ජිවත් වී කම්කරු ජීවිතය ගත කරන මේ ජනතාවට සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් වගා ඉඩමක අයිතිය ලබා දී ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගන්වන බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය.
මෙයට අමතරව ගොවියාට අවශ්‍ය පොහොර රු.5000ට ලබා දෙන බවත් එය යෝජනා කරන විට ආණ්ඩුව රු.4000ට දෙනවා යැයි බලයේ සිටින ජනාධිපතිවරයා තමා කියන කියන දේ කිය කිය යන බවත් ඔහු පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 39 වැනි විජයග්‍රාහී ජන රැළිය ළිය තලවකැලේ දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට බොහෝ සිහින ඇති බවත් අනුර කුමාරගේ පෞද්ගලික ලේකම්ව සිටීම” රටේ සම්පත් විකිණීම සහ තමන්ව පරාජය කිරීම ඒ අතර ප්‍රමුඛ බවත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රටේ පොදු සම්පත් විකිණීම විනෝදාංශය කරගත් වත්මන් ජනාධිපතිවරයා නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න උත්සාහ කරන බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බැවින් දැනටමත් ජනාධිපති සහ අනුර කුමාර එකට එකතු වී තමා පරාජය කරන්න මුදල් වියදම් කරන බවත් කවුරු මොන දේ කළත් ජනතාව තමාව ජයග්‍රහණය කරනවා කියා විශ්වාස බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති වතු ජනතාව දහඩිය කදුල වගුරා රටේ ආර්ථිකයට ලබා දුන් දායකත්වය සහයෝගය අමතක කළ නොහැකි බවත් ඒ ශක්තිය අගය කරන ස්තූති කරන හා ගෞරව කරනවා සේම රටේ පුරවැසියන් ලෙස සමාන අයුරින් පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය.
වතු ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සුදුසු නියෝජනත්වය ලබා දී ඉඩමක නිවසක අයිතිය ලබා දී තහවුරු කර ලැයින් කාමර වෙනුවට වෙනමම උදා ගම්මාන වැඩසටහනක් සඳහා මුල පුරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පෙරපාසල් ක්ෂේත්‍රයේ සිට අධ්‍යාපන පද්ධතිය දියුණු කර සුහුරු කරන බවත් නව ජාතික පාසල් කිහිපයක් ම ආරම්භ කර සිංහල දමිළ මුස්ලිම් බර්ගර් සැවොමගේම අධ්‍යාපනයත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් දියුණු කරන බවත් විපක්ෂ ප්‍රේමදාස මහතා කීවේය.
තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නිපුණතා අධ්‍යාපනය ක්‍රියාත්මක කර ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කර තරුණයන් දැනුමින් සන්නද්ධ කරන බවත්’ඔහු සඳහන් කළේය.
ඊට අමතරව නුවරඑළියේ තරුණයන් වෙනුවෙන් නව විශ්වවිද්‍යාලයක් ඇති කරන බවත් ඒ තුළින් ව්‍යවසායකත්වය ඉගැන්වීම සිදු කර නව ව්‍යාපාර දියත් කිරීමට ද කටයුතු කරන බවත් ඔහු පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සංවිධායක මාකදුරේ රතන හිමියන්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායක සහ හගුරන්කෙත සංවිධායක සුමිත් අත්තනායක, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වලපනේ සම සංවිධායක නිහාල් ලියනාරච්චි, ලලිත් වික්‍රමසිංහ, නුවරඑළිය සම සංවිධායක චම්පික ද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොත්මලේ සංවිධායක චමින්ද මහගෙද, මස්කෙලිය සංවිධායක එස් ප්‍රභාකරන්, එල් ආර් නිමල් මහත්වරු ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් එක්වූහ.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සජිත්ගේ බලාපොරොත්තුව කියයි
Rata Perata Monday, 09 September 2024 06:29 PM
ඔයාගේ සහෝදරයා හෙළිකොප්ටර්වලින් රවුම් ගහන්නේ කොහොමද කියලා කියන්න ඉස්සෙල්ලාම..!