IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘

(නිමල කොඩිතුවක්කු)

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

සිස්ටම් වෙනසක් වුණේ රටේ නොවේ ජනතා විමුක්ති පෙරමුණේ පමණක් යැයිද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දි අපේක්ෂකයකු ලෙස වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාවට විශාල බලාපොරොත්තු දුන් බවත් ක්‍රමයේ වෙනසක් කරන බව පැවසුවත් අද වන විට ක්‍රමයේ වෙනසක් සිදුව නොමැති බවත් මට්ටක්කුලියේදී පැවති ජනහමුවකදී ඔහු සඳහන් කළේය.

රටේ ක්‍රමවේදයේ වෙනසක් වෙනුවට සිදුව ඇත්තේ ඔහුගේ පක්ෂය, ලාංඡනය, කණ්ඩායම සහ සමාජ මාධ්‍ය කණ්ඩායමේ වෙනසක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලයට පැමිණි පසු විදුලි බිල , තෙල් මිල, අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කිරීම, පාස්පෝට් පෝලිම් නැති කිරීම හා බදු අඩු කරනවා යැයි කිව්වත් මේ කිසිවක් සිදු නොවු බවත් ඔහු කීවේය. බඩු මිලවත් හාල් මිලවත් පොල් මිලවත් අඩු කරන්න ඔහුට නොහැකි වූ බවත් මේ වන විට පොල් පෝලිම් නිර්මාණය වී ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂයේ සිටියදී ඉන්ධන මිල සූත්‍රයට බැන බැන සිට අද එම මිල සූත්‍රයම උපයෝගී කර ගෙන ධනපතියන් භාවිත කරන සුපිරි තෙල්වල මිල පමණක් අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාව භාවිත කරන තෙල්වල මිල අඩු නොකර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සියල්ල ජනතාව රවටන කතා බවත් බලයට පැමිණි පසු බදු අඩු කරනවා කිව්වත් අඩු කළ බද්ධක් නොමැති බවත් ඔහු කීවේය.

අයි එම් එෆ් සමග සාකච්ඡා වට දෙකක් තිබුණත් එම සාකච්ඡාවලින් පසුව නිර්දන පන්තිය නියෝජනය කරනවා යැයි කියන ජනාධිපතිවරයා අයි එම් එෆ් එක ඉදිරියේ දණ නමා ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මාධ්‍යයටත් බලපෑම් කරන ජනාධිපතිවරයා ඒකාධිපති රංගනයක නිරත වන බවත් ඒකාධිපති නොවී ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය. වත්මන් ජනාධිපතිවරයාට රට කරන්න නොහැකි නිසා සැබෑ ක්‍රමයේ වෙනසක් සිදු කළ හැකි සමගි ජන බලවේගයට මනාපය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.



අදහස් (19)

‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘

ගමේ එකාලා Sunday, 03 November 2024 04:41 PM

තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්න බැරුව පැනපු අය කියන දේවල් ඇහැව්වාම අපිටම ලැජ්ජයි. ජනතාව බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක පටන් ගත්තේ අනුර කුමාර මහතා රටේ ජනාධිපති වෙචිචි දවසේ ඉඳලා?

:       142       125

වික්‍රම විදුර Sunday, 03 November 2024 05:00 PM

මෙන්න උස නම් සිකුරිටි මිටි නම් කම්කරු... ඡන්ද අල්ලස් දුන්නු හොරෙක් රටට බණ කියනවා.. පුන්නක්කු කන පිරිසක් ශ්‍රද්ධාවෙන් අහන් ඉන්නවා. කාට කියන්නද..? කවුද මේ වහල්ලුන්ව හදන්නද?

:       117       112

සෙනෙවිරත්න Sunday, 03 November 2024 05:02 PM

ඇයි තමුන්ගේ තමයි හොඳටම වෙනස් වෙන්නේ, ලබන පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකකම නැති වුණාම වෙනස හොඳටම පෙනෙයි. පත්වෙලා මාසයක් වුණු ආණ්ඩුව, තවම දුවන්නේ තුන් දෙනාගෙන් මෙයා ඉර හඳ ඉල්ලනවා... තමන්ගේ පක්ෂය ඇතුලේ ඕජස් දුවන තුවාල, අනුන්ගේ වෙනස හොයනවා. පුළුවන් නම් එක දාහක් රැස් කරලා පෙන්වන්නකෝ...!

:       106       82

Jagath Sunday, 03 November 2024 05:18 PM

අපට බුද්ධිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. හැබැයි මේ වගේ පුද්ගලයෙක් නම් විපක්ෂ නායකකමට කෙසේවත් සුදුසු නැත.

:       25       125

රම්බොඩ Sunday, 03 November 2024 05:28 PM

බලය නැති වෙලාවේ කියන දේවල් කරන්න බෑ බලේට ආවාම. ඒ නිසා කවුරුත් දැනගන්න ඕනෑ කියන දේවල් ඔහේ නොකියා වගකීමක් ඇතිව කියන්න. අහන අපිත් දැනගන්න ඕනෑ ඒවට අහු නොවී ඉන්න.

:       12       92

Tiron Harischandra Sunday, 03 November 2024 06:36 PM

ධනපති පන්තිය සහ නිර්දන පන්තිය සුපිරි ඉන්ධන වලින් ද මනින්නේ සජිත් ?

:       0       4

ජයනාත් Sunday, 03 November 2024 06:59 PM

විකාර, කෝ ප්‍රසිද්ධ රැස්වීම් ... කෝ චණ්ඩි පාට් දාපු පළපුරුදු සෙට් එක. ඒ වෙනසම මදිද.. ඉතිරි සෙට් එකත් මේ ඡනදෙන් ඉවරයි...

:       0       4

don Sunday, 03 November 2024 07:12 PM

කතාවේ අවංක අත්තක් තියනවා . මේ වෙනකම් වෙලා තියන දේවල් වල හැටියට මේ කතාව හරි . මාධ්‍යත් ස්ටේජ් වල නැගලා තර්ජනය කළා තමයි කීප වතාවක් .පාස්පෝට් ප්‍රශ්නේ නම් අනාගෙන ඉවරයි

:       1       0

පොඩිඑකා Sunday, 03 November 2024 11:09 PM

අඩේ…., මගේ වීල්එකට ගහන්නෙත් 95, එතකොට මමත් ධනපතියෙක්…..! ටැංකූ…. පුතානෝ…..!

:       0       1

ධනපතියා Sunday, 03 November 2024 11:18 PM

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු, 95 ගහනවා නම් ධනපති, 92 ගහනවා නම් නිර්ධන.!

:       0       2

බමුණු Monday, 04 November 2024 01:22 AM

සජි පිස්සු කියනවා... ගණන් ගන්න එපා

:       0       2

Perera Monday, 04 November 2024 06:39 AM

වෙනස කොයි තරම්ද කියනවානම් මෙදා පාර හරිහමන් විපක්ෂයක්වත් නැතිවෙන ගානට ගිහින් මෙහෙම ගොන් කතා කිය කියා යන නිසා

:       55       33

Aravinda Monarawila Monday, 04 November 2024 08:32 AM

ඔයාට මේවා තේරෙන්නේ නෑ සජිත් ඔයා ඉස්කෝල වලට ස්මාට් බෝඩ් බෙදාගෙන ඉන්න

:       19       24

ddd Monday, 04 November 2024 11:25 AM

මෙයා ග්‍රාමසේවක කමටවත් සුදුසු නැහැ. මෙයාව විපක්ෂ නායක කමටවත් පත් කරන්න එපා. මෙයා විපක්ෂ නායකකමේ අවුරුදු කීයක් හිටියද? මොනවද කළේ. අපේ සාමූහික වගකීම සුදුසු නායකයෙක් පත් කිරීම.

:       20       24

චින්තක 57න් එකෙක් Monday, 04 November 2024 01:42 PM

නොවැම්බර් 14න් පස්සෙ කට්ටිය සෙට් වෙනකං ආතල් දෙන්න , මාලිවාවට ලොකු මුදලාලිලා ට ගෙවන්න නෑ චන්ද වලට වියදම් , බස් දන්සැල් වියදම් , රජයේ අනවශ්‍ය වියදම් , ආර්‍යාවන් නඩත්තු වියදම් ,, ට්‍ර යි එකක් දුන්නොත් විපක්ෂය වෙනුවෙන් නායකත්වය දෙන්න පුළුවන් වෙයි මාසෙන් විසදීමට නොහැකිය 76 වසරක ශාපයක් , මමත් 35වසරක් අලියා වෙනුවෙන් චන්දෙ දුන්න , අපි හම්බ් කරල ජීවත් වෙන්න බැරි කලා , දෙපැත්ත හොරු රැක්කා

:       23       28

Jayamanna Monday, 04 November 2024 07:33 PM

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලු දෙනා එකට එකතු වූවාට වඩා විශාල සමාජ සේවයක් සජිත් කර ඇත. AKD හෝ ඔහුගේ නීච කල්ලිය ජාතිය වෙනුවෙන් කිසියම් සේවයක් කළ ඕනෑම දෙයක් නම් කරන්න. කිසිම දෙයක් නැති තරම්. රැලියේ මඩ ගහලා මිනිස්සුන්ට මඩ ගහලා තමයි ඡන්ද ගත්තේ. ජ.වි.පෙ කළේ බොහෝ තක්කඩි සිංහලයින් මුදල් හා සමාජ තත්ත්වය ඇති අයට ඊර්ෂ්‍යා කරන බව කවුරුත් දන්නා කරුණකි. ජනතා විමුක්ති පෙරමුණ සජිත් ප්‍රේමදාස කෙරෙහි ඔවුන්ගේ ඊර්ෂ්‍යාව උපක්‍රමශීලීව අවුස්සයි. සජිත් තක්කඩියෙක් නොව AKD වෛරයෙන් ජනතාව රවටයි...

:       2       0

Nishan Tuesday, 05 November 2024 10:16 AM

චින්තක නොදන්නවාට පහුගිය චන්දේ වැඩියෙන්ම ප්‍රචාරණයට වියදම් කරලා තියෙන්නේ මාලිමාව.

:       12       10

AsiriTuesday, 05 November 2024 02:50 PM

මම නම් දන්නෙ සජිත් ප්‍රේමදාස කියලා

:       0       2

දිමුත් Tuesday, 05 November 2024 11:16 AM

හපොයි මෙයා වැටිච්ච තැනක්!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 851 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1084 22

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7052 4

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 842 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2049 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3755 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 978 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 425 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 574 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site