IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සහනාධාර දෙන්නේ ආදායම වැඩි කරන සැලසුම් සමඟයි

(අංජුල මහික වීරරත්න)

තමා ජනතාවට සහනාධාර ලබාදෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීමේ සැලසුම් සහිතව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට සහ මොනරාගල ජන රැලි අමතමින්  පැවසීය.

උදාහරණයක් ලෙස තමා දෙන සහනාධාරයෙන් නවීන  කෘෂිකර්මාන්තයට අනුගත වීමෙන්  නිෂ්පාදනය වැඩිකර ජනතාවගේ ආදායම වැඩිවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අනෙක් අය කිසිම සැලසුමක් නැතිව කරන්නේ මොනවාදැයි කියාවත් නොදැන සහනාධාර පොරොන්දු ලබා දෙන බව කී ජනාධිපතිවරයා රටට මුදල් නැතිනම් සහනාධාර දෙන්නේ කෙලෙසදැයි ප්‍රශ්න කළේය.

අංක ගණිතයවත් නොදන්නා මිනිසුන් ජනාධිපති ධුරයට පත්වන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

ආර්ථිකය ස්ථාවර කිරීමේ දී මේ රටේ ගොවි ජනතාව තමාට  විශාල සහයක් ලබා දුන් බව කී ජනාධිපතිවරයා  2023 මහ කන්නය සහ යල කන්නය සාර්ථක වී යැයිද සියලු ගොවි ජනතාවට ස්තූතිවන්ත වන බවද පැවසීය.

 හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී සහ මොනරාගල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජනරැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

2022 වසරේ මා බාරගත්තේ කඩා වැටුණු රටක්. මම රට හදන්න සියලුදෙනාට ආරාධනා කළා. රට බේරගන්න බැහැ, රනිල් වික්‍රමසිංහ ඉවරයි අපි එන්නේ නැහැ කියලා ඇතැම් අය කිව්වා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවේ බහුතරයක් මට සහාය ලබා දුන්නා. එදා සිට ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් මට එම සහාය ලැබුණා. මම ඒ පිළිබඳ  ස්තූවන්ත වෙනවා. 

මෙම මැතිවරණය සඳහා මම ඔවුන්ගේ සහාය ඉල්ලුවේ නැහැ. මැතිවරණයකදී ඕනැම පක්ෂයකට ඕනෑම තීරණයක් ගැනීමේ හැකියාව තිබෙනවා. එතුමන්ලා වෙනම තරග කරනවා. අපි වෙනම තරග කරනවා. මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රටේ අප ඇති කර තිබෙන ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර දීම සඳහායි.

ආර්ථිකය ස්ථාවර කිරීමේ දී මේ රටේ ගොවි ජනතාව මට විශාල සහයක් ලබා දුන්නා. 2023 මහ කන්නය සහ යල කන්නය සාර්ථක වුණා. ගොවින් අපට ඉහළ අස්වැන්නක් ලබා දුන්නා. 

ඒ නිසා මේ ප්‍රදේශවල ගොවි ජනතාවට මම ස්තූතිවන්ත විය යුතුයි. 2023 වසරේදී  මෙරට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් බවට පත් කර ගැනීමට අපට හැකි වුණා. අපට මුදල් ලැබීමත් සමඟ අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා

අද අපි සෑම ක්ෂේත්‍රයකටම සහන ලබා දී තිබෙනවා. උක් වගාවටත් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරනවා. මේ සහනාධාර ලබා දුන් විට ජනතාවගේ ආදායම් වැඩි වෙනවා. අප සහ අනිත් පාර්ශ්වයන් අතර තිබෙන වෙනස එයයි. 

මුදල් නැතිව සහනාධාර ලබා  දෙන්නේ කොහොමද ? ඒ නිසා ජනතාවට සහන දිය යුත්තේ ආදායම් වැඩිකරගෙනයි. මෙම අංක ගණිතය නොදත් අය රටේ ජනාධිපති වන්නේ කොහොමද කියා මම අහන්න කැමතියි. 

මේ රටේ නිෂ්පාදන වැඩි වීමත්, රුපියල ශක්තිමත් වීමත් සමග අපට ජනතාවගේ ජීවන බර අඩු කළ හැකියි. අප පසුගිය කාලයේ ආරම්භ කළේ එම වැඩපිළිවෙළයි. 

අපි තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට සැලසුම් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒ පිළිබඳ කිසිවක් ඇතුළත්ව නැහැ. 

හම්බන්තොට වරාය දියුණු කිරීමේ වගකීම මා එදා භාරගත්තා. චයිනා මර්චන්ට් සමාගම මෙන්ම සුබානා ජුරොං සමාගමද ඒ සඳහා සැලැස්මක් සකස් කර තිබෙනවා. හම්බන්තොට මහා පරිමාණ අයෝජන කලාපයක් ඇති කිරීමට අක්කර හාරදහසක් ලබාදීමට අප එකඟ වී තිබෙනවා. ඒ වගේම සයිනොපෙක් පිරිපහදුව මෙම ප්‍රදේශයට ගෙනවිත් තිබෙනවා. සයිනොපෙක් පිරිපහදුව ලංකාවේ දෙවන පිරිපහදුවයි. මෙම ව්‍යාපෘති සමඟ අප ඉදිරි වසර පහේදී හම්බන්තොටට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ගෙන දෙනවා. මෙම දියුණුව ඇති කිරීම වෙනුවෙන් අපි එක් වෙමු. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා:-

අර්බුදය අවස්ථාවේ  රනිල් වික්‍රමසිංහ මහතා  මේ රට භාරගත් නිසා අප අද එතුමාට සහාය ලබා දෙනවා. එදා ජනතාව පෝලිම්වල මැරී වැටුණා. ඒ අවස්ථාවේ එතුමා වීරයෙක් වගේ රට ගොඩනැඟීමේ වගකීම බාරගත්තා.

එසේම ජනාධිපති ධුරය භාරගැනීමෙන් පසුව අපේ සහාය එතුමා ඉල්ලා සිටියා. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මා ගොවින්ට පෙහොර ලබාදීමට මැදිහත් වුණා. ගොවිජනතාව නැවත වරක් ගොවි බිමට යැවීමට කටයුතු කළා.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද එදා අප පොහොර ආනයනය කර ගොවිජනතාවට ලබාදුන්නා. එය නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ  මොන බාධක ඇති කළත්  ජනතාවට පොහොර සහනාධාර ලබාදීම අප නතර කළේ නැහැ.

රජයේ කෘෂි නවීකරණ වැඩසටහන හේතුවෙන් අද වන විට සහල් අතිරික්තයක් පවා රට තුළ ඇති වී තිබෙනවා. අපේ ඉදිරි රජයක් යටතේ අතිරික්ත සහල් අපනයනය කිරීම තුළින් ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කරනවා. කෘෂි නවීකරණ වැඩසටහන තුළින්  ඉදිරියේදී තරුණයන්ට ලක්ෂ තුන හතරක් ලැබෙන පරිදි වැඩසටහන් නිර්මාණය කරනවා. ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන සහල් නිෂ්පාදනය වැඩි කිරීමට ලබන කන්නයේ සිට පොහොර මිටියක් රුපියල් හාරදහසකට ලබාදීමට දැනටම මුදල් වෙන් කර තිබෙනවා.

ඒ වගේම සියලු ගොවින්ට බන්ඩි පොහොර නොමිලේ ලබාදීමට දැනටමත් ගිවිසුම් අත්සන් කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමේ පින්කමට දායක වුණා. යළිත් අපට අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ. මේ රට දියුණු කරන වැඩපිළිවෙළ ජයග්‍රහණය කිරීමේ වගකීම ඉදිරියේ අපට තිබෙනවා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්   පතිරණ ,නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ,හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර,  හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහත්වරු ද අදහස් දැක්වූහ.

 

 



අදහස් (4)

සහනාධාර දෙන්නේ ආදායම වැඩි කරන සැලසුම් සමඟයි

Sara Friday, 30 August 2024 09:43 AM

මේ අවස්ථාවේ රටේ ජනාධිපති විය යුත්තේ රනිල් මහතායි...!

:       12       19

සෙනෙවිරත්න Friday, 30 August 2024 10:22 AM

මං විතරයි ඕවා දන්නේ, ඉංග්‍රීසි දන්නේ, රට රටවල රාජ්‍ය නායකයෝ දන්නේ මම විතරයි.. මම මැරුණු දාක සේරටම වෙන්නේ මුහුදට පනින්න. මේ වසර හතලිහක් නිකන් ඉඳලා නහර පණ නැති කාලේ වැඩ කාරයා වගේ පෙන්නලා... මෙයා හිතාගෙන ඉන්නේ එහෙමයි...

:       15       18

Priyantha Dissanayake Friday, 30 August 2024 11:15 AM

දෙවියන්ගේ නාමෙට මේ වෙලාවේ යුතුකමක් තිබෙනවා ඔබතුමාට සැනසිල්ලේ මැරෙන්න පුලුවන් වේවි. එසේ කළොත් කරුණාකර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වන්න. එවිට සිදුවිය යුත්ත සුවසේ සිදුවේවි. UNP එකේ ඉතිරිව සිටින දක්ෂ කිහිප දෙනා හා සමගි ජන බලවේගය එකතු වී රට ගොඩදාවි. 77 වගේ ලොකු පිබිදීමක් ඇතිවේ. ආයේමත් UNP එක රටේ දැවැන්තම කෘතහස්ථ දේශපාලන පක්ෂය වේවි. ඒ කොහොම වුණත් සජිත් මහත්තයා තියන්න ඕනෑ තැන කෘතගුණ දත් මිනිසුන් ඔසවා තබනවා...!

:       25       6

ගමේ එකාලා Friday, 30 August 2024 01:14 PM

අවුරුදු 47 ක් දේශපාලනේ කරලා විවිධ තනතුරු දැරුවා. දේශපාලුවන්ට බලයේ ඉන්න එක තරම් වෙන සැපක් නැහැ. දැන්වත් කටින් බතල හිටුවන එක නවත්වලා, නහින දෙහින කාලේ පිනක්, දහමක් කරගෙන ඉන්ඩ බැරියෑ?

:       15       14

ඔබේ අදහස් එවන්න

දේශපාලන

මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 6158 35

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 4804 23

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 10241 24

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 884 6

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 514 9

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 1109 12

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17754 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site