IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘

(කේ බුද්ධික කුමාරසිරි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි.

අදාල ඉඩම අක්කර එකයි පර්චස් 13.7 ක විශාලත්වයකින් යුත් බවත් එම ඉඩමෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3128 ක් වන බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද ඒ මහතා පවසයි.

එසේම අදාල ඉඩම තුල ඉදිකර ඇති මන්දිරය වර්ග අඩි 30354 ක විශාලත්වයෙන් යුතු බවත් එම මන්දිරයෙහි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229 ක් වී ඇතැයි ද ඒ මහතා අනාවරණය කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ පදිංචිව සිටින එම නිවස පාපන්දු පිටියක් තරම් විශාල නිවසක් බවත් නිවාස අධිකාරිය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවසක විශාලත්වය වර්ග අඩි 450ක් පමණ වන බවත් මෙහිදී කරුණු දක්වමින් අසිත නිරෝෂණ මහතා අනාවරණය කරන ලදී.

 



අදහස් (26)

‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘

pj Saturday, 25 January 2025 10:08 AM

කොන්දක් නැති ඉරිසියාකාරයො.. වෙෙරය වපුරන්නෝ... බලය ගත්තේ දූෂණය කරපු ධනය නැවත රටට ලබා දෙන්න. මොනවද මේ කරන හිකනල් වැඩ?

:       80       153

nimalSaturday, 25 January 2025 07:55 PM

මහින්ද රාජපක්ෂ යනවු දේශපාලකයා නොව ජනාධිපතිවරයකු වසයෙන් සහ යුද්ධය අවසන්කිරීමට නායකත්වය ලබාදුන් පුද්ගලයා වසයෙන් ඔහු ජිවතුන් අතර සිටිනා කාලය තුල එම නිවසේ සිටීමට අවස්ථව ලබාදිය යුතුවේ.

:       44       42

beauSaturday, 25 January 2025 08:42 PM

ඊර්ෂියාවක් නොවේ.. මහජනයා ඡන්දේ දුන්නේ මහ ඒවුන්ගේ අසීමිත සුඛ විහරණය අඩු කරන්න තමයි. නාමල් සති ගානක් පාර්ලිමේන්තුවේ දී බෙරිහන් දුන්නා. කෝ හොරු ඇල්ලුවාද කියලා ආණ්ඩුව සමච්චලයට ලක් කරමින් ඔන්න දැන් හොරු අල්ලගෙන යනවා

:       104       73

ජගත් ලියනගේ Saturday, 25 January 2025 10:16 AM

එච්චර ලොකු එකක් ඕනෑනේ මයින්ද මහත්තයාට. මොකද මයින්ද මාතියා හැන්දෑවට හැන්දෑවට, වත්තේ පිනුම් ගහනවා. සමහර දවස් වල ඔට්ටුත් දුවනවා.

:       93       54

මැක්ස් Saturday, 25 January 2025 10:49 AM

අනේ ඉතින් නායකයෝ කියන ඒවා ඒ විදියටම පුනරුච්චාරණය කරන මෙවැනි ගිරවුන්ට අපි අනුකම්පා කරමු.

:       35       84

Pradeep Kumara Saturday, 25 January 2025 10:56 AM

දෙන්නත් එක්ක පාපන්දුත් ගහනවා ඇති...

:       54       35

රම්බොඩ Saturday, 25 January 2025 11:28 AM

දැන් මොවුනට තියෙන්නේ එකම එක රාජකාරියක් වග ඉතා පැහැදිලි ය. ඒ රාජපක්ෂ මහතාගෙන් සහ එම දරු දෙනොගෙන් පළි ගැනීමය. මෙම නිවස රට සතු දෙයකි. මහින්ද මහතා එහි වර්ථමාන පදිංචි කරු පමණි. ඔහු එහි සිටීම හෝ යෑම මහජනයා ගේ ප්‍රශ්නයක් නොව..ඔහු එයින් ගියා කියා රටට වන යහපත කුමක්ද ?

:       83       149

B AmarasingheSaturday, 25 January 2025 04:48 PM

ඕක කුලියට දීලා ආදායමක් ගන්න පුලුවන්නේ...?

:       27       37

සමන් ගමගේ Saturday, 25 January 2025 11:58 AM

දැන් ඔය විදිහටම කොළඹ රාජකීය චිදුහලේ විදුහල්පතිගෙ නිල නිවසෙ වටිනාකම කීයද?

:       24       102

B AmarasingheSaturday, 25 January 2025 04:46 PM

රාජකීය විදුහල්පති තනතුරෙන් ඉවත් වුණාම අළුත් කෙනාට දීලා යන්න ඕනේ. මේ හිටපු එවුන් මොකටද නඩත්තු කරන්න ඕනේ...?

:       49       46

යෝගා Saturday, 25 January 2025 12:05 PM

ඉතින් ව්‍යවස්ථාවේ හැටියට ඒ මනුස්සයට වෙන සුදුසු ආරක්ෂා සහිත ගෙයක් දීලා ඔික විකුණගනිල්ලා එතකොට ඉවරයි නේ

:       23       89

Chathura Saturday, 25 January 2025 12:11 PM

මේ ගෙය මහින්ද රාජපක්ෂගේ පවුලට අයිති ගෙයක් ද? ආණ්ඩුවට අයිති ගෙයක් ද? ඔක්කොට කලින් මේක පැහැදිලිව කිවොත් වටිනවා

:       10       70

පොඩිඑකා Saturday, 25 January 2025 01:43 PM

ඉතිං මොකෑ…, එයා ඒකෙ හොඳට ෆුට්බෝල් ගැහුවා…!

:       11       30

ANURA ROME Saturday, 25 January 2025 01:46 PM

මොවුන් මේ ඉටු කරන්නේ කොටි ඩයස්‌පෝරාවේ වුවමනාව බව නොතේරෙන ගොබ්බයින් පිරිසක් ලංකාවේ සිටීම ගැන හරිම කණගාටුදායකයි. කොටි ඩයස්‌පෝරාව මාලිමාවට ඩොලර් පොම්ප කළා.. යුද්ධය අවසාන කළ එකේ ප්‍රතිඵලය තමයි මේ. සමස්ථයක් සිංහලයින් මහා කුහකයින්. තමන්ගේම ජාතිය මුදලට තානාන්තරවලට පාවාදෙන අමනුෂ්‍යයින්..

:       54       100

TharangaSaturday, 25 January 2025 02:32 PM

ඔබලා ඉතින් 2015 රනිල්‍ටත් කිව්වේ කොටි ඩයස්පෝරාව බැංකු හොරා කියලා. පස්සේ එයාව පොහොට්ටුව ජනාධිපති කළේ දැන් ඔය වචන තවත් වලංගු නෑ. රාජපක්ෂලා හොරු නිසා තමයි ජනතාවට එපා වුනේ. කොටි එක්ක ඉන්නේ මහින්ද, කරුණා, පිල්ලයාන්, කේපී ඔබලාට තවත් මිනිස්සු අන්දන්න බැහැ.. මිනිස්සු අරගලයක් කරලාම එලෙව්වේ මේ රාජපක්ෂ ජුන්ටාව...

:       73       36

Roni Saturday, 25 January 2025 04:02 PM

සහෝදරවරු හානවා මිත්‍රවරුනි...

:       22       73

Toni Saturday, 25 January 2025 04:04 PM

ජෙප්පන්ගේ දැවෙන ප්‍රශ්න තමයි මේවා... අරකේ ලොකු බල බල ඉන්න.

:       22       75

Nandalal DE SILVA - France Saturday, 25 January 2025 04:37 PM

වර්ග අඩි 30354ක දැවැන්ත මන්දිරයක.., මයිනයි, සිරිලියයි නොදැකපු ස්තානයි... කාමරයි කොතරම් තිබේද කියා ඔවුන්වත් නොදන්නවා ඇති. ඕකෙ තිබෙන පුරාවස්තු ටිකත් මැදමූලන ඉලව්වට ලොරි මගින් පටවාගෙන යනවාද කියා අප බලා ඉන්නවා...

:       67       32

Lionel Saturday, 25 January 2025 05:20 PM

ඉදිරියට එන ජනාධිපතිලත් නඩත්තු කරන්න ජනතාවට සිදුවෙයි. මෙය නවත්වන්න ඕනෑමයි...

:       43       32

Deepal Nirosh Saturday, 25 January 2025 05:44 PM

ජනාධිපතිතුමා බලයට ආවානේ, දැන් ඉතින් කියපුවා කරලා පෙන්නන්න එපායෑ? තාම උගන්ඩාවෙන් රුපියලක්වත් හොයා ගන්න බැරිවුණා. ඉදිරියටවත් හොයා ගන්න පුළුවන් වුණොත් හරි. එතකන් ඉතින් මෙහෙම හරි ප්‍රශ්නයක් ඇදගෙන යන්න එපායැ. නැත්නම් හාල් පොල් මදිවට තෙල් ගෑස් පෝලිම් යුගයක් ආවොත් දුක් විඳින්න වෙන්නෙ අපිටම මිසක් අනුරටවත් මහින්දටවත් නෙවෙයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉමු.

:       12       62

මිලානෝ වැසියා Saturday, 25 January 2025 08:29 PM

මට තියෙන ප්‍රශ්නේ කෝටි 22 යි වටින්නේ කියලා මෙයාම කියන ගෙයකට මාසික කුලිය ලක්ෂ 46 ක් කියලා තක්සේරු කරපු තක්සේරු කරුවා කව්ද කියන එක.

:       7       65

Perera Saturday, 25 January 2025 10:15 PM

මුන් රට අරන් තිබුණේ ෆුට් බෝලෙට හිතේ හැටියට පයින් ගගහා ඉන්න.

:       7       14

anura nanayakkara Tuesday, 28 January 2025 01:53 PM

මහින්ද රාජපක්ෂ මහතා කොටි ත්‍රස්ත භිෂණයට අවසන් කොට රට එක්සේසත් කළ නායකයා බැවින් එතුමාට ජිවතුන් අතර සිටින තුරු ඔය නිවසේ සිටිමට ඉඩ දෙන්න.

:       5       16

Nandalal DE SILVA - France Wednesday, 29 January 2025 01:20 AM

ඔය මැදමුලන මයිනා ජෝඩුවට දැන් පන්දුව ගහන්න තරම් ශක්තියක් හෝ හැකියාවක්, විජේරාම මාවතේ ඔය මහ මන්දිරයේ ඉඳන් කරන්න බැරි නිසා, එහි ඉඳගෙන පව් ගෙවන්න ඕනේ නැහැ. දෙන්නම පටවලා යවන්න, කාල්ටන් හරි නැත්නම් වෙන ඉලව්වකට...

:       6       9

ශිරන්ති Wednesday, 29 January 2025 09:39 AM

රාජපක්ස සිත් තුල මෙත් මල් පිබිදෙවා ... සිත් තුල මෙත් මල් පිබිදෙවා ... අහා හා හා

:       4       7

Hussain Sunday, 02 February 2025 02:16 PM

බොරුවට කියවන්නේ නැතිව..., මහින්දට වෙන සුදුසු තැනක් දීලා මේක ගන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 92 0

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2002 9

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1556 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6458 26

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3886 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3085 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site