‘ “ඔබ ලෝකේ දිහා බලන්නේ හරිම අසුබවාදී විදියට, පිලිප් පිලිපොවිච්,” තරුණයා කීය. “ඒ ගොල්ලෝ මෑතක දී හුඟක් දේවල් වෙනස් කරලා තියෙනවා.”
“යාළුවා තමුසේ මාව හොඳට අඳුනනවා. එහෙම නෙවෙයිද? මං විද්‍යාත්මකව දේවල් දිහා බලන මිනිහෙක්. පදනමක් නැතුව ඇති කර ගන්න උපකල්පන මට වහ කදුරු වගේ. ඒක රුසියාවෙ මිනිස්සු නෙවෙයි යුරෝපෙ මිනිස්සුත් මං ගැන දන්න දෙයක්. මං මොනව හරි කියනව නම් ඒ කියන්නෙ විද්‍යාත්මක දත්ත මත පදනම් වෙච්චි නිගමන උඩ ඉඳලයි. මෙන්න මං සොයා ගත්තු අලුත්ම දත්ත. කබා එල්ලන රාක්කෙ සහ හිම සපත්තු තියෙන රාක්කෙ”
“ඒක නං හිත් කාවදින නිරීක්‍ෂණයක්”
“අර බලන්න හිම සපත්තු තියන රාක්කේ. 1903 ඉඳලා මං මේ ගෙදරයි හිටියේ. එදා ඉඳන් 1917 මාර්තු වෙනකල් අපේ ඉස්සරහ ශාලාවෙන් එක හිම සපත්තු කුට්ටමක්වත් කිසිම දවසක - මේ වචන දෙක මං අවධාරණය කරන්න ඕන - කිසිම දවසක නැතිවෙලා නෑ. ගෙවල් දොරවල් ඇරලා තිබිලත්. මේ ගොඩනැගිල්ලේ තියෙන්නේ අපේ ගේ විතරක් නෙවෙයි. තව ගෙවල් දොළහක් ම තියෙනවා. එතකොට මගෙන් බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු. ඒත් කිසි හොරකමක් කවදාවත් වෙලා නෑ. මෙහෙම තියෙද්දි 1917 මාර්තු මාසේ එක දවසක ඔක්කොම හිම සපත්තු කුට්ටම් අන්තර්ධාන වුණා. මගේ දෙකකුත් එක්ක. ඊට පස්සේ සැරයටි තුනත්, උඩ කබායක් සහ තේ පෝච්චියකුත්. එදා ඉඳලා සෙරෙප්පු තියන රාක්කෙන් වැඩක් නැතිව ගියා. මං අහන්නේ මේකයි. මේ නස්පැත්තිය ඇති වෙච්චි දා ඉඳල කිරිගරුඬ තරප්පිය දිගේ මඩ සෙරෙප්පු පිටින්ම මිනිසුන් ඇවිදින්නේ ඇයි කියන එකයි මං අහන්නේ. හිම සපත්තු කුට්ටම් අගුල් දාලා වහන්න වෙලා තියෙන්නේ ඇයි? ඒවා හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්න මුරකාරයෙක් දාලා තියන්න වෙලා තියෙන්නේ ඇයි? තරප්පු පඩි පේලියේ පාපිසි අයින් කරලා දාලා තියෙන්නේ ඇයි? තරප්පු පේලිවල පාපිසි තියන්න එපා කියලා කාල් මාක්ස් කොහේවත් කියලා තියෙනවද? කුලුබුකෝව් නිවසේ දෙවැනි දොරටුව වහලා දාලා මිනිස්සු ගේ වටේ ගිහින් පිටිපස්සෙන් ගෙට ඇතුළු වන්න ඕනැයි කියලා කොහේවත් ලියලා තියෙනවද? මේවා කාගේ වුවමනාවල් ද? කිරිගරුඬ පොළොව ජරා කරන්නෙ නැතිව ඇයි නිර්ධන පාන්තිකයාට බැරි තමන්ගේ හිම සපත්තු පහළ තට්ටුවේ ගලවලා දාලා එන්න?”
මේ සපත්තුවලට ගැට ගැසුණු තවත් යමක් පොතේ වෙනත් තැනක එයි.
‘හරි එහෙනම් අපි බලා ගමු. ජගත් කීර්තිධර පිලිප් පිලිපොවිච් මහත්මයා! හෙට ඔහේගෙ හිම සපත්තුවලට මොකක්ද වෙන්නෙ කියලා’ බල්ලා සිතුවේ ය. ‘ඔහේට අලුත් කුට්ටම් දෙකක්ම ගන්න වුණානේ. දැන් ඉතින් තුන්වෙනි එකත් ගන්න වේවි. බල්ලන්ව හිර කරන එකේ විපාකේ එතකොට ඔහේට තේරේවි’
මිඛායෙල් බුල්ගකොව් (1841 - 1940) රුසියානු - සෝවියට් ලේඛකයා විසින් රුසියානු බසින් ලියන ලද ‘සොබාචෙ සෙරද්ස්තෙ’ නම් කෙටි නවකතාව 1925 වසරේ මුද්‍රණයෙන් නිකුත් වු අතර එම වසරේ ම තහනමට ලක්විය. 1968 වසරේ එය ඉංග්‍රීසියට පරිවර්තනය විය.
වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයකු වූ බුල්ගාකෝව් සාහිත්‍ය නිර්මාණය පිළබඳව ද උපාධියක් ලද්දෙකි. පළමුවන ලෝක මහා යුද්ධයේ දී පෙරමුණේ සේවයේ යෙදුණු ඔහු එහි දී තුවාල ලැබීමෙන් පසුව පූර්ණකාලීිනව ලේඛනකරණයට යොමු විය. ඔහු නවකතා සහ නාට්‍ය කිහිපයක් ම රචනා කළේ ය. ඒවා බොහොමයක් සෝවියට් පාලන සමය තුළ ප්‍රකාශයට පත් කැර ගත නොහැකිව අත්පිටපත් ලෙසින්ම පැවැති බව පැවසේ. ඒවා අතින් ලියා පිටපත් කොට පාඨකයන් අතර හුවමාරු වූ Samizdat නම් ක්‍රමයක් එකල තිබී ඇත. ඔහුගේ කෘතිවලට තහංචි පැනවු නමුත් සෝවියට් පාලනය කුමක් හෝ හේතුවක් නිසා ඔහුට ද්වේශයෙන් සලකන්නට යොමු වූයේ නැත. ඔහුගේ ඇතැම් නාට්‍යයක් සෝවියට් පාලනය විසින් තහනම් කරන ලද නමුත් ඇතැම් නාට්‍යයක් සෝවියට් පාලකයන් විසින් මහත් අභිරුචියෙන් නරඹා ඇති බවද සඳහන් වෙයි.
එකල සෝවියට් දේශයේ පළ වු බොහොමයක් සාහිත්‍ය කෘති මුද්‍රණය වුයේ සෝවියට් පාලනය බිඳ වැටීමෙන් පසුව ය. කෙසේවෙතත් මෙය පළ කරන්නට 1987 වසරේ අනුමැතිය ලැබිණි. වහාම වාගේ එය චිත්‍රපටයකට අනුවර්තනය කරන ලද අතර එම චිත්‍රපටය 1988 අගභාගයේදී සෝවියට් රූපවාහිනියේ පළමු නාලිකාවේ විකාශනය විය. එයින් මුල් බුල්ගකොව් නිර්මාණය බොහෝ පාඨකයින් අතට ගිය අතර පුළුල් ලෙස පැසසුමට ලක් විය. මේ කෙටි නවකතාව සෝවියට් දේශයේ සහ පසුව රුසියාවේ සංස්කෘතික ප්‍රපංචයක් බවට පත්ව ඇති අතර එය "පාසල් දරුවන්ගේ සිට දේශපාලනඥයන් දක්වා" ජනතාව මැනැවින් දන්නා, නිරන්තර සාකච්ඡාවට බඳුන් කරනු ලැබූ කෘතියක් බව පැවසේ. ඒ ඇසුරින් රුසියානු මෙන් ම ඉතාලි බසින් ද තිර පිටපත් ලියනු ලැබ රූගත කොට ඇත. එහි ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් නාට්‍යයක් මෙන් ම ඔපෙරාවක් ද නිපදවනු ලැබූ බව සඳහන් ය.
බොල්ෂෙවික් වාදය ගැන තියුණු උපහාසයක් වන මෙය ලියන 1925 වසර නව ආර්ථික ප්‍රතිපත්තියේ උච්චතම අවස්ථාව ලෙස සැලකේ. බෝල්ෂෙවික් විප්ලවය සිදු වී ඒ වනවිට වසර අටක් පමණි.
මේ කෘතිය සාමාන්‍යයෙන් විග්‍රහ කරනු ලබන්නේ කොමියුනිස්ට් විප්ලවයේ දෘෂ්ටාන්තයක් (allegory) ලෙසිනි. "මිනිස් වර්ගයා උග්‍ර ප්‍රතිසංස්කරණවාදී විපර්යාසයකට බඳුන් කිරීමේ මං මුළාවූ වෑයම".
බුල්ගාකෝව් ‘මාස්ටර් සහ මාර්ගරීටා’ නමින් සිංහලට පරිවර්තිත නවකතාවේ ද නිර්මාපකයා ය.
Heart of a Dog ප්‍රධාන චරිතය වන්නේ පසුව ෂාරිකෝව් යන රුසියානු පෙළපත් නාමයක් දෙනු ලබන ෂාරික් නමැති බල්ලෙකි. මේ බල්ලා සැත්කමකින් අර්ධ මිනිසකු බවට පරිවර්තනය වේ. සැත්කම කරන්නේ ලොව සුප්‍රකට වෛද්‍ය විද්‍යාඥයකු වන පිලිප් පිලිපොවිච් ප්‍රියෝබ්‍රවෙන්ස්කි නමැති මිනිස් සිරුර පිළිබඳ විවිධ අත්හදා බැලීම් කරන වෛද්‍ය විද්‍යාඥයකු විසිනි. ඔහුගේ පර්යේෂණ සහායකයා වන්නේ බෙර්මෙන්තාල් නමැති තරුණ වෛද්‍යවරයෙකි.
පිලිප් පිලිපොවිච් මේ බල්ලා රැගෙන එන්නේ ඌ නටන උණු දිය ප්‍රහාරයකින් පීඩාවට පත්ව මහමග වැතිර සිටිය දී ය. ඔහු බෙර්මෙන්තාල්ගේ ද සහායෙන් ඌට මියගිය තරුණයකුගේ පිටියුටරි ග්‍රන්ථියක් සහ වෘෂණ ග්‍රන්ථි බද්ධ කරයි. මෙයින් පසු බල්ලා අඩක් මිනිස් ද අඩක් බලු ද ගතිගුණ පෙන්වන්නට පටන් ගනී. මිනිස් වෙස් ගන්නා බල්ලාගේ ඇතැම් තිරිසන් වැඩ නිසා එතෙක් සාමකාමීම පැවැති පිලිප් පිලිපොවිච්ගේ ගෘහස්තයේ සාමය බිඳී යයි.
මෙසමයේ සෝවියට් විද්‍යාඥයන් මිනිස් අවයව සතුන්ට බද්ධ කිරීමේ උත්සාහයක යෙදී සිටි බවත් සඳහන් ය. ශල්‍ය වෛද්‍යවරයකු වැ සිටි බුල්ගාකොව් ඒ සම්බන්ධයෙන් සිය දැනුම ද මේ කෘතිය නිර්මාණයේ දී යොදා ගෙන ඇති බව මෙහි ප්‍රකට ය.
මෙහි යටිපෙළ කියවන්නකුට අවබෝධ විය යුතු වන්නේ බුල්ගකොව් මේ කියන්නේ රුසියානු විප්ලවය ගැන බවයි. ඕනැම විප්ලවයක දී සිදු වන්නේ එතෙක් පරණ ක්‍රමයට හැඩ ගැසී සිටි අයට එය උහුලා ගත නොහැකි වීමය. මෙහි දී පිලිප් පිලිපොවිච් මුහුණ දෙන්නෙත් ඒ අත් දැකීමට ම ය. මේ ඔහු හා සහාය වෛද්‍ය බර්මෙන්තාල් අතර වරෙක ඇති වූ දෙබසකි.
සෝවියට් දේශය බිහිවීමට පාදක වූ සමාජවාදී විප්ලවයේ මුල් කොටස 1917 පෙබරවාරි මාසයේ සිදු වු බව සඳහන් ය. (එම ඔක්තෝබරයේ සිදු වූයේ එහි දෙවැනි සහ අවසාන කොටසයි) පිලිප් පිලිපොවිච් මේ කියන්නේ විප්ලවයෙන් පසු රුසියානු මිනිසුන් හොඳටම ‘නරක් වූ’ බවයි. ‘නස්පැත්තිය ඇති වෙච්චි දා’ යනු විප්ලවය ඇරඹි වකවානුවයි.
විප්ලවයෙන් පසු රුසියානු සමාජය මිනිස් අවයව බද්ධ කරනු ලැබූ බල්ලකුගේ තත්වයට පත්වේ. ‘ඔහු’ කරන්නේ බලුවැඩ ය. එහෙත් 'ඔහු' ෂාරිකෝව් නමින් මිනිස් සමාජයේ පෙනී සිටින අතර ඒවා සාධාරණීකරණය කරන්නට වාද කරයි. අවසානයේ දී ෂාරිකොව් නිසා පාලිපොවිච්ට පොලීසියේ පරීක්ෂා කිරීම්වලට පවා මුහුණ දෙන්නට සිදුවේ. ඒ වනවිට ෂාරිකොව්ගේ මිනිස් හැසිරීම් නිමා වෙමින් පවතින අතර ඔහුට වචන හැසිරවීම පවා කර ගන්නට බැරි බව පැවසේ. නොබෝ දිනකින් ඌ නැවත බල්ලකු බවට ම පත්වෙයි. දැන් ඌට සතුටු ය. මන්ද බල්ලකු ලෙස සැමදාම තමාට මේ නිවසේ රිසිසේ ඉන්නට ඉඩ ලැබෙන බැවිනි.
ඒ කියන්නේ සෝවියට් පාලනට අවසන් ය. මිනිස්සු එවිට සතුටින් සාමයෙන් ජීවත් වෙති.
වරක් පිලිප් පිලිපොවිච් ෂාරිකොව්ට මෙසේ කියයි.: “උඹ ඉන්නේ වැඩෙන අවදියේ පහළම මට්ටමේ. එතකොට උඹට තියෙන්නේ දුර්වල බුද්ධි මට්ටමක්. කොටින්ම කියනවා නම් උඹ ඇවිල්ලා වැඩෙමින් ඉන්න සතෙක්. උඹ කරන්නේ සතෙක් කරන වැඩ. එහෙමත් තියෙද්දි තමයි විශ්ව විද්‍යාල අධ්‍යපනයක් ලබපු මිනිස්සු දෙන්නෙක් ඉදිරිපිට විලිලජ්ජා නැතිව උඹ මේ විදියට කතා කරන්නේ. උඹ හදන්නේ ඒ මිනිස්සුන්ට ලෝකේ ගැන ලොකු උපදෙස් දෙන්න. රටේ සම්පත් බෙදන්න ඕන විදිහ මෝඩයෙක් වගේ කියලා දෙන්න....
........බලා ගනින් මෙතන තියෙන හැම දේටම හොම්බ දාන්න යන්න එපා පරෙස්සම් වෙලා හිටපං. කියන දේට ඇහුම්කන් දීලා. තේරුණාද? තමන් අවට තියෙන දේවල් ඉගෙන ගන්න බලාපං ඒ විදියටයි සමාජවාදී සමාජෙට තරමක් හරි ගැලපෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් වෙන්නේ....”
මේ නවකතාව පදනම් කැර ගනිමින් රුසියානු සහ ඉතාලි භාෂාවලින් චිත්‍රපට දෙකක් නිර්මාණය වී ඇති අතර ඉංග්‍රීසි බසින් නාට්‍ය කිහිපයක් හා ඔපෙරාවක් ද නිර්මාණය කරනු ලැබ තිබේ.
Heart of a Dog ගාමිණී වියන්ගොඩ විසින් බල්ලකුගේ හදවත නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබ 1996, දී නිකකුත් වූ අතර 2000 සහ 2012 දී පුනර්මුද්‍රණ නිකුත් විය.
‘පිත්තල ගිනි උදුන මත වූ යකඩ කේතලය ගෙන ඇය තේ හැදුවා ය. තේකොළ මෙන් ම ඉස්තරම් ලෙස එය පැසෙන ආකාරය තැනට සහ අවස්ථාවට විස්මය ජනක ලෙස ඉස්තරම් විය.
“කිසිම සමාවක් නෑ මට සිතුණා. සීමාවක් නැති යුද්ධයක්. සීිමා පවුරු නැති මග අරින්න බැරි තරමේ හොඳ යුද්ධයක්.
අසාර්ථක ගැටවර ප්‍රේමයක සහ මෙන් ම අසාර්ථක පොලිස් විමර්ශනයක කතාවකි මේ.
මේ පොත මට විශේෂයෙන් මතක හිටින්නේ මෙහි පර්වර්තක යොදන පැරණි ගත් වහරට හුරු බස නිසා ය.
‘ “ඔබ ලෝකේ දිහා බලන්නේ හරිම අසුබවාදී විදියට, පිලිප් පිලිපොවිච්,” තරුණයා කීය. “ඒ ගොල්ලෝ මෑතක දී හුඟක් දේවල් වෙනස් කරලා තියෙනවා.”
‘දිවි හානි කර ගැනීමට මා තීරණය කර දැන් දින දහයකටත් වැඩියි. එයින් වැඩි කාලය මා ගත කළේ ඔබට මේ දීර්ඝ ආත්ම කථනය ලිවීම සඳහායි. දැන් එය ලියා අවසන්.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බල්ලකුගේ හදවත - මිඛායෙල් බුල්ගකොව්