‘මා හොඳින් දන්නා හඳුනන සදාචාරයක් ගැන කියැවෙන මගේ එකම කතාන්තරය මෙයයි. එය ආශ්චර්යවත් සදාචාරයකියි මම නොසිතමි. එසේ ම එය කුමක් දැයි දැන ගැනීමේ අවස්ථාව ද ඉබේ උදා වුණු තත්වයකි. අපි වනාහි අප විසින් ම පෙන්වන්නට උත්සාහ දරන ව්‍යාජය ම ය. ඒ නිසා එසේ මවා පාන්නේ කුමක් ද යන්න ගැන පරෙස්සම් විය යුතු වන්නෙමු.’
‘ජර්මනියේ උපන්නෙම් නම් මා ද නට්සිවාදියකු වනු ඇත. එසේ වී නම් මා ද යුදෙව්වන්ට, අහිගුණ්ඨිකයන්ට, පෝලන්තයින්ට අණවින කරමින් මා තුළ ඇතැයි මා සිතන ඒ රහස් සුචරිතයෙන් සප්පායම් වී ඉන්නට ඉඩ තිබිණි. සාමාන්‍යයෙන් සිදුවන්නේ එසේ ය.
දැන් ආපසු මේ කතාව ගැන සිතන විට එහි තවත් පැහැදිලි එක් සදාචාරාත්මක පාඩමක් ඇතැයි මට සිතේ. එනම්, ඔබ මළ විට ඔබ මළේ ය.ඊටත් අමතර තවත් පාඩමක් දැන් මගේ සිතට ඒ.කළ හැකි වේලාවට ආදරය කරන්න. එය ඔබට හොඳ ය.’
ඒ, කර්ට් වොනෙගට් (1922 - 2007) නමැති අමෙරිකානු ලේඛකයා විසින් දෙවැනි ලෝක මහා යුද්ධය පදනම් කැර ගනිමින් ඉංග්‍රීසි බසින් ලියන ලද Mother Night නම් නවකතාව අරඹන අයුරු ය.
ජර්මානු සම්භවයක් සහිත කර්ට් වොනෙගට් අමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා ප‍්‍රාන්තයේ ඉන්දියානා පොලිස් අගනුවර උපත ලැබී ය. කෝර්නෙල් සරසවියේ ජීව රසායන විද්‍යාව හැදෑරූ හේ පසුව ඉංජිනේරු විද්‍යාව හදාරා ඉංජිනේරුවකු බවට පත්විය. දෙවැනි ලෝක යුද පෙරමුණේ ක්‍රියාන්විතවලට සහභාගි වෙමින් සිටිය දී නාසින්ගේ යුද සිරකරුවකු වූ ඔහු පසුව නිදහස් විය. ඉන්පසු පෙරළා සියරට පැමිණ චිකාගෝ සරසවියේ මානව විද්‍යා පීඨයෙන් සිය ශාස්ත‍්‍රපති උපාධිය ලැබී ය. ඒ අතරතුර ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ සේවයට බැඳුණු වොනෙගට් 1952 වසරේ සිය ප‍්‍රථම නවකතාව වූ Player Piano එළි දැක්වී ය. එතැන් සිට දිගට ම නිර්මාණකරණයේ යෙදුණු ඔහු විසින් රචිත නවකතා ගණන 15කි. ‘මදර් නයිට්’ ඔහුගේ තුන්වැනි නවකතාවයි. ඔහු විසින් Slaugher House No.5 ‘මස් මඩුව අංක 5’ ලෙස සිංහලට පරිවර්තනය වී තිබේ.පසු කලෙක වොනෙගට් හාවඩ් සරසවියේ සහ නිව්යෝර්ක් සිටි කොලිජියේ ඉංගිරිසි භාෂාව පිළිබඳ මහාචාර්ය වරයකු ලෙස ද සේවය කළේ ය.
කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතාවේ අමෙරිකානු පුරෝගාමියා ලෙස සැලකේ. ලේඛක ග‍්‍රැහැම් ග්‍රීන් පැවසුවේ ඔහු එවක සිට හොඳම අමෙරිකානු ලේඛකයා බවයි.
Mother Night කෘතියේ එන්නේ දෙවැනි ලෝක මහා යුද සමයේ නාසි ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදකවරයකුව සිටි කනිෂ්ඨ හොවාර්ඩ් ඩබ්ල්‍යු. කැම්බල්ගේ කතන්දරයයි. මෙම කෘතිය වොනෙගට් ඉදිරිපත් කරන්නේ කැම්බල් විසින් ලියන ලද ඔහුගේ කතාව තමා සංස්කරණය කොට ඉදිරිපත් කරන අයුරිනි.
කනිෂ්ඨ හොවාර්ඩ් ඩබ්ල්‍යු. කැම්බල් යනු 1912 වසරේ බැල්ටිමෝරයේ උපත ලබා එහි හැදී වැඩුණු අමෙරිකානුවෙකි.
1933 බලයට පත් ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මානු ශ‍්‍රමිකයන්ගේ පක්‍ෂයේ ආණ්ඩුවේ ප‍්‍රචාරක අමාත්‍ය ජෝෂෆ් ගොබෙල්ස් විසින් කැම්බල් බර්ලින් රේඩියෝවේ ඉංග්‍රීසි අංශයට අනුයුක්ත කරන ලද අතර අමෙරිකානුවන් කිහිප දෙනෙකු සමග එක්ව නාසි යුද ප‍්‍රචාරණය සඳහා ඉංගිරිසි බසින් කතා පිටපත් ලියා ඒවා ප‍්‍රචාරය කිරීම ඔහුට පැවරිණි. නාසින්ගේ දේශ වාත්සල්‍යය පිළිබඳ නොයෙකුත් නිර්මාණ මේ කතාවලට ඇතුළත් විණි. ඒ සඳහා ඔහු සෑම දිනම විවිධාකාර වැඩ සටහන් නිපදවා ඒවා ප‍්‍රචාරය කළේ ය. එහි දී නාසින් වෙනුවෙන් ඔහු විසින් ඉටු කරන ලද්දේ අමිල මෙහෙවරකි.
නාසින්ගේ යුදෙව් සමූලඝාතන ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ලොව පුරා සිටින යුදෙව්වන් ඝාතනය කළ යුතු ය යන හිට්ලර්ගේ උමතු සංකල්පය ඊට පදනම විය. මුළු ලොවම ඊට එරෙහිව නැගී සිටියේය. අමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය පෙරමුණ ගත් මිත‍්‍ර පාර්ශ්වය සිය සම්පූර්ණ බලය ම යොදා ජපානයේ සහාය ඇතිව යුද වැදුණු නාසින්ට ප‍්‍රහාර එල්ල කළේ ය.
කෙසේවෙතත් මේ විනාශකාරී වැඩ පිළිවෙලට හෘද සාක්ෂියක් ඇති ජර්මානුවන්ගේ ද හෙළි නොකළ අරුචියක්, නොකැමැත්තක් විරෝධයක් තිබිය හැකි බව නාසි ප‍්‍රධානීහු දැන සිටියෝ ය. දක්ෂ රචකයකු වූ කැම්බල් ඔවුන් විසින් යොදවා ගන්නා ලද්දේ ඒ හැඟීම් යටපත් කොට තමන්ගේ වැඩ පිළිවෙල සාධාරණීකරණය කිරීම සඳහා ය. කැම්බල් එය නාසින් සිතුවාටත් වඩා සාර්ථක ලෙස ඉටු කළේ ය. නාසි නිලධාරියකු වූ ටර්නර් නෝත් නම් ඔහුගේ මාමණ්ඩිය ඔහුට අතට අත දෙන්නේ ඒ ගැන කියමිනි.
යුද්ධයේ උග‍්‍ර අවස්ථාවේ අමෙරිකානු පෙරමුණ විසින් සිය යුද්ධයේ ප‍්‍රචාරක කටයුතු සඳහා ද කනිෂ්ඨ හොවාර්ඩ් ඩබ්ල්‍යු. කැම්බල් යොදවා ගන්නා ලදී. එය කරන ලද්දේ ඔහු විසින් බර්ලින් ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කරන ලද වැඩ සටහන් මගින් ම ය. කතා අතරතුර විවිධාකාර විරාම ලක්‍ෂණ, මෙන්ම කැස්ස, උගුර පෑදීම වැනි සංඥා ‘පිටපතට ඇතුළත් කරන’ ලදී. මෙම සංඥා ඔහුට ලබා දුන්නේ අදෘශ්‍යමාන කෙනෙකු විසිනි. නාසින්ට එරෙහිව නිකුත් වූු ඒ සංඥා මොනවාද’යි ඔහු කිසිදා දැන සිටියේ නැත.
හෙල්ගා නම් ඔහුගේ බිරිඳගේ පියා වූ ටර්නර් නෝත් නාසි හමුදාවේ නිලධාරියෙකි. 1945 පෙබරවාරි වනවිට යුද්ධය අවසන් වෙමින් පැවැතිණි. රුසියානු හමුදා ජර්මනිය ආක‍්‍රමණය කරමින් සිටියේ ය. ඒ වනවිට හෙල්ගා අතුරුදන් වෙලා ය. කැම්බල් සොරාගත් මෝටර් සයිකලයකින් නෝත් නිවස බලා ගියේ ඔවුන්ගෙන් සමු ගන්නටයි. ඔහු යනවිට ටර්නර් නෝත් සිය නිවස හැර යන්නට සූදානම් වෙමින් සිටියේ ය. හෙල්ගාගේ මව ඒ වනවිට මියගොස් සිටි අතර නිවසේ සිටියේ පියා සහ නැගණිය රෙසී පමණි.
මේ නාසි නිලධාරියා තමාගේ බෑනා වූ කැම්බල් නම් ඔත්තුකාරයාට තදින් වෛර කළේ ය. මන්ද ඔහු මිත‍්‍ර හමුදාවටත් සේවය සැපයූ බව දැන සිටි නිසා ය. ඒ හමුවේ දී නෝර්ත් සහ කැම්බල් අතර සංවාදය මෙසේ ය:
‘මං තමුසෙට වෛර කරන්න කරන්න තව තව තමුසෙ ගැන කල්පනා කළා. තමුසෙ කියාපු හැම දෙයක් ම ඇහුවා. එක රේඩියෝ කතාවක්වත් මං මගෑරියේ නෑ’
‘මං ඒක දැනං හිටියෙ නෑ.’
‘කවුරුවත් හැම දේම දන්නෑ’ එවිට ඔහු කී ය. ‘තමුසෙ ඔත්තුකාරයෙක් කියල එළිදරව් වෙලා, වෙඩි තියල මරල දැම්මනං ඒ තරම් සතුටක් තවත් මට නෑ කියල මේ මොහොත වෙනකම්ම මං හිතපු බව තමුසෙ දන්නවද?’
‘ නෑ’ මම කීමි.
‘දැන් නම් තමුසෙ මට ඔත්තුකාරයෙක් වුණත් එකයි, නූනත් එකයි කියල හිතෙන්නෙ ඇයි කියල දන්නවද?’ ඔහු ඇසී ය. ‘තමුසෙට දැන් ඕන්නං පුළුවන් කියන්න මෙච්චර කල් තමුසෙ ඔත්තුකාරයෙක් වෙලා හිටිය කියලා. එහෙම කිව්වත් අපි මේ විධයට සාන්ත දාන්තව කතා කර කර ඉඳීවි. ඒ වගේම ඕනෙම ඔත්තුකාරයෙක් යුද්ධයක් අහවර වුණාට පස්සෙ යන ඕනෑ ම තැනකට යන්නත් මං ඉඩ දේවි. ඒ ඇයි දන්නවද?’
‘නැහැ’
‘මොකද අපට කරපු තරම් නම් සේවයක් අපේ හතුරො වෙනුවෙන් කරන්න තමුසෙට පුළුවන් වෙලා නැති නිසා.’ ඔහු කී ය. ‘නට්සිවාදියෙක් විදියට මට හැඟුණු මං කරපු කිසි දෙයක් ගැන අද මට ලැජ්ජාවක් ඇති නොවෙන්න තරං මං අද දරන හැම මතයක් ම, හැම විශ්වාසයක් ම මට ලැබුණේ තමුසෙගෙන් මිසක් හිට්ලර්ගෙන්වත්, ගොබෙල්ස්ගෙන්වත්, හිම්ලර්ගෙන්වත් නෙවෙයි කියලා මට දැන් හිතෙනවා’ යි කී ඔහු මගේ අත ගත්තේ ය. ‘මුළු ජර්මනිය ම පිස්සු වැටිලා කියන නිගමනේට නෑවිත් ඉන්න මට උදව් කරපු එකම පුද්ගලයා තමයි තමුසේ’
අවසානයේ නාසිහු යුද්ධය පරාජය වූහ. මිත‍්‍ර පෙරමුණ සටන දිනී ය. ඒ ජයග‍්‍රහණය සඳහා කනිෂ්ඨ හොවාර්ඩ් ඩබ්ල්‍යු. කැම්බල් විසින් කරන ලද සේවය දැන සිටියේ ඔහුට ඒවා පැවරූ අදෘශ්‍ය හමුදා නිලධරියා පමණි.
යුද්ධය අවසන් වීමෙන් පසු කැම්බල් බැල්ටිමෝරයේ සාමාන්‍ය අයුරින් සිය ජීවිතය පවත්වාගෙන ගියේ ය. මේ වනවිට ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ අවුලක් තිබිණ. අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසි භාවය ඔහුට නොතිබිණ. මන්ද ඔහු ඒ දක්වා ජීවත් වූයේ ජර්මනියේ බැවිනි.
කැම්බල්ගේ සටහනේ මෙසේ සඳහන් ය:
‘මම ඇත්තට ම සියල්ලන් ව ම රැවැට්ටුවෙමි. හිට්ලර්ගේ දකුණත සේ මහත් උජාරුවෙන් හැසිරෙන්නට පටන් ගතිමි. මා ඇතුළේ ගැඹුරු තැනක මා විසින් ම සඟවන ලද අවංක මා එහි දී කිසිවෙක් නොදිටී ය.
මා අමෙරිකානු ඔත්තුකරුවකු ව සිටි බව මට ඔප්පු කළ හැකි ද? එසේ කරන්නට උසාවියේ ඇති ප‍්‍රදර්ශන භාණ්ඩ අංක එක වනුයේ ඕලූ සුදට ඇති මගේ නොකැඩුණු බෙල්ලයි. මා සතුව ඇති එකම ප‍්‍රදර්ශන භාණ්ඩය එයයි. මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී ක්‍රියා පිළිබඳ මා වරදකරුවකු ද නිවැරදිකරුවකු ද යන්න සොයා බැලීම සිය රාජකාරිය කරගත් ඕනෑම කෙනෙකුට එය පුළුල් පරීක්‍ෂාවකට ලක්කළ හැකි ය.
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය මා ඔවුන්ගේ ඒජන්තයකු බව පිළි ගැනීමවත් ප‍්‍රතික්‍ෂෙප කිරීමක්වත් නොකරයි. ප‍්‍රතික්‍ෂෙප නොකිරීම ගැන මා සතුටුයි. එනම්, එවැනි සම්භාවිතාවක් විණැයි ප‍්‍රතික්‍ෂෙප නොකිරීම යන කාරණය ම වුවත් අඩු ලංසුවේ සැනසීමකි.’
ඔහුට එම කාර්යය පැවරූ නිලධාරියා අතුරුදන් ය. කැම්බල් වඩාත්ම අමාරුවේ වැටී සිටින්නේ ඒ නිසා ය.
‘කෙසේවෙතත් ෆ‍්‍රෑන්ක් විටර්නන් නම් අයෙක් කිසිදා අමෙරිකානු රජයේ මොනම අංශයකවත් සේවකයකු වශයෙන් සිටි බව ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් ඔවුුහු ප‍්‍රශ්නය මග හරිති. එවැන්නකු සිටි බව විශ්වාස කරන්නේ මා පමණි.’
1948 දී ඊශ්‍රායලය පිහිටුවන ලදී. ඉන් වසර කිහිපයකට පසුව එනම් 1955 දී ඊශ්‍රායෙල් මොසාඩ් ඔත්තුකරුවකු වන ඊටන් ලෙවියාස් විසින් කැම්බල් ගලග‍්‍රහණයෙන් ගන්නා ලදුව ඊශ්‍රායලයට රැගෙන යන ලද බවත් ඉන් දින කිහිපයක් ඇවෑමෙන් ඔහු ඝාතනය කරන ලද බවත් පැවසේ.
දැන් ප‍්‍රශ්නය නම් කනිෂ්ඨ හොවාර්ඩ් ඩබ්ල්‍යු. කැම්බල් නාසිවාදී ද්‍රෝහියෙක් ද, නොඑසේ නම් මිත‍්‍ර පාක්‍ෂික වීරයෙක් ද යන්නයි. සත්‍යය නම් ඔහු මිය ගියේ ද්‍රෝහියකු ලෙස බව ය.
මේ කෘතියේ එන්නේ මේ සත්‍ය සිද්ධිය ඇසුරින් කර්ට් වොනෙගට් විසින් ශූර ලෙස ගොතන ලද ප‍්‍රබන්ධයයි. වෙනසකට ඇත්තේ නවකතාවේ දී කැම්බල් ඝාතනය නොවීමයි. ඒ වෙනුවට ඔහු, තමා ඔත්තු සේවාවට ඇතුළත් කැර ගත් එතෙක් ෆ‍්‍රෑන්ක් විටර්නන් වශයෙන් පෙනී සිටි අමෙරිකානු හමුදාවේ කර්නල් හැරල්ඞ් ජේ. ස්පැරෝගේ කාරුණික අනුග‍්‍රහයෙන් නිදහස ලබයි. එහෙත් කැම්බල්ට ඒ නිදහස පිළිකුල් ය. ඒ ගැන ඔහු සිය පාපෝච්චාරණයේ අවසානයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.
‘ඉතින් නැවත වතාවක් මා නිදහස් පුද්ගලයකු වීමට යන්නේ ය. මා කැමැති තැනක සැරිසැරිය හැකි නිදහස් පුද්ගලයකු වීමට යන්නේ ය.ඒ අනාගත දර්ශනය මා තුළ ඔක්කාරය දනවයි.
මා සිතන ආකාරයට කනිෂ්ඨ හොවාර්ඩ් ඩබ්ල්‍යු. කැම්බල් නමැත්තා ඔහුට ම එරෙහි ව ඔහු කළ අපරාධවලට මා විසින් එල්ලා මරනු ලබන රාත්‍රිය අද ය.
ඒ අද රෑ බව මම දනිමි.
එල්ලූම් ගසට යන මිනිසෙකුට මනහර සංගීතයක් ඇසෙතැයි කියැවේ. මා, මගේ සංගීතවත් අම්මා සේ නොවී තාන-බිහිරි තාත්තා සේ වීම මගේ කරුමයකි. එසේ වුව ද මට ඇසෙන්නට නියමිත ඒ තාලය, බිං ක්‍රොස්බි ගයන සුදු නත්තල ගීතයේ තනුව නොවේවා ය යන්න මගේ පැතුමයි.
ආයුබෝවන් කුරිරු ලෝකය!
ඕෆ් වීඩර්සේන්?’
මේ පොතෙන් වියුක්තව ගෙන වෙනම කියැවිමකට බඳුන් කළ හැකි අපූරු කවියක් මෙහි එයි. ඒ මේ ය:
මාතෘකාව: ‘වර්තමාන සිදුවීම්වලට සහභාගි නොවී සිටීම පිළිබඳ සංකල්පනා’
යෝධ ගල්රෝලක් දිටිමි මම
ඉර ඉන් මැකී ගියා
මිනිසුන් බිම වැතිර ගත්තා
කිසිවකු නෑ තැත් කළේ දුවන්නට
මාත් මගේ පෙම්බරියත්
විස්මයෙන් බැලුවා සැමත
ලේ වැකි අබිරහස දෙස
"දිගා වෙයල්ලා, දිගා වෙයල්ලා!"
ඉතිහාසයේ මහා යන්ත‍්‍රයයි ඒ.
අපි දෙන්නා දිව්වා හති නොබලා
යන්ත‍්‍රයට හසු නොවන්නට
අප දිව්වේ කඳු මුුදුනකට
ඉතිහාසය මග තියා
ඉතිහාසයට යට වී
මියෙන්නට තිබිණි ද
නොසිතමු අපි එසේ
ඉතිහාසය මග දමා ආ තැනට
ගියෙමු ආපසු අපි
අම්මෝ මිනී කුණු ගඳ!’
Mother Night ගාමිණී වියන්ගොඩ විසින් රෑ මාතා නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබී ය. මුල්වරට විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රයේ ප‍්‍රකාශනයක් ලෙස 1999 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ එය පසුව සරසවි ප‍්‍රකාශනයක් ලෙස එළි දක්වනු ලැබ තිබේ.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෑ මාතා Mother Night