' "ශ්‍රද්ධාව නරකයි කියලද ඔබ හිතන්නේ සුමෙර් ජී?"
"මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්ම ඒක එයාගේ ගෙවත්ත බවට පත් කරගත්තා. අපේ අම්මා අදටත් බැල මෙහෙවරකම් කරලා බොහොම අමාරුවෙන් තමයි අපේ බඩ කටවල් පුරවන්නේ. මට මුලදී ගුණවතෙකුගෙන් ලැබුණු කරුණාවයි ඊට පස්සේ ලැබුණ ශිෂ්‍යත්වයයි තමයි මාව මෙච්චර දුරක් ගෙනාවේ. මේ විදියට ඔයාට තේරුම් ගන්න පුළුවන්නේ මට බාබු නැත්නම් ජී කියන වචනය සුදුසු නැති විත්තිය"
"පුරුද්දට කිව්වා කියලා හිතාගන්නකෝ සුමර් ජී. ඒත් අද ඔබ හඳුනාගන්නට ලැබුණු එකට මම ගොඩාක් සතුටුයි. ගාන්ධිතුමාගේ අනුගාමිකයෙක් හරිජන් තරුණයෙක් මේ විදියට අරගල කරනවා දැකලා කොයිතරම් නම් සතුටු වෙනවද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි"
"ඕජා ජී! මට ඔබතුමා එක්ක තවදුරටත් කුලුපගව කතා කරන්න ඕනෑ. ඒ හන්දා මම මුලින්ම මං මගේ මතය පැහැදිලි කරලා ඉන්නම්. ඔබ ඒක දැනගන්න එක වඩා හොඳ වේවි. මම ඔය හරිජන් කියන නමට තදින් වෛර කරනවා කියලයි ගාන්ධිතුමා තමා අපේ ජාතියේ, පහත් කුලයේ, නරකම සතුරා"
"ගාන්ධිතුමා ඔබේ ප්‍රජාව වෙනුවෙන් අනුග්‍රහ දක්වනවා කියලා ඔබට තේරුම් යන්නේ නැද්ද?"
" අනුග්‍රහය ඉල්ලන තරමටම කම්කරුවන්ට සිද්ධ වෙනවා හාම්පුතාලාට වැඳගෙන ඉන්න"
"ගාන්ධිතුමා හම්පුතාලා වෙනුවෙන් නෙවෙයි අනුග්‍රහ දක්වන්නේ"
"එතකොට එයා ඉඩම් හිමියන්ව, ධනපතියන්ව, රජවරුන්ව 'ශ්‍රේෂ්ඨ ආරක්ෂකයෝ' කියලා හඳුන්වා දෙන එකේ තේරුම මොකක්ද? ගාන්ධිතුමා අපට ආදරේ කරන්නේ අපි හින්දු අයගෙන් වෙන්වෙලා යයි කියන බයට. පූනාවල දී කරපු 'මාරාන්තික' උපවාසයෙ ඉලක්කය වුණෙත් ඒක. අපි හින්දු අයගෙන් වෙන්වෙලා අපේම කියලා වෙනම පැවැත්මක් ඇතිකර ගැනීම වළක්වන එක. හින්දුන්ට අවුරුදු දහස් ගණනක ඉඳලා ලාබෙට සේවකයන් අවශ්‍ය වෙලා තිබුණා. ඒ අඩුව අපේ මිනිස්සුන්ගෙන් ගත්තා. මුලින්ම අපට දාසයෝ කියලා කිව්වා. දැන් ගාන්ධිතුමා 'හරිජන්' කියලා අපි උසස් කරලා කතා කරනවා. සමහරවිට හින්දුන්ගෙන් පස්සේ අපේ ලොකුම හතුරා 'හරි' වෙන්න පුළුවන්. එහෙම දෙවියෙකුගේ දරුවෝ වෙන්න අපි කැමති නැති වෙන්නේ ඇයි කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන් නේද?"
(අපර සටහන: මෙතන 'හරි' යනු දෙවියන්ය. 'ජන්' යනු ජනයා. ඒ කියන්නේ හරිජන් යනු 'දෙවියන්ගේ දරුවන්' බවයි.)
"එහෙනම් ඔබ දෙවියන්ව පිළිගන්නෙත් නැද්ද?"
"ඒ මොනවටද? අවුරුදු දහස් ගාණක ඉඳලා අපේ ජාතිය සත්තුන්ටත් වඩා පහත් හැටියටයි, ගරුත්වයක් නැති කුල හීනයෝ හැටියටයි සලකන්නේ. එහෙම කරන්නේ ඔය හින්දුන්ගේ දෙවියන්ගේ නාමයෙන්ම තමා. දිගින් දිගට පුංචි පුංචි කාරණාවලත් මූර්තිමත් කෙරෙන,මිථ්‍යා රථවලින් ගමන් ගන්නා ඒ දෙවියන්ගේ නාමයෙන්ම තමා. ඒත් පරම්පරා සිය ගණනක් තිස්සේ අපේ කාන්තාවෝ අඩන්තේට්ටංවලට ලක් වෙනවා. සෝන්පුරයේ සැණකෙළියේ කඩවල සත්තු වගේ අපි දිගින් දිගටම විකිණෙනවා. අදටත් බැනුම් අහනවා. ගුටි කනවා. බඩගින්නේ මැරෙන අපි වෙනුවෙන් දෙවියන්ගේ කරුණාවක් තියෙනවද කියලයි අහන්නේ. මේ තරම් දේවල් සිද්ධ වෙද්දිත් පේන්නේ නැති දුක් වෙන්න ඕන කමක් නැති දෙයියන්ට හෙන ගහච්චාවේ."
ඉහත උධෘතය ගත්තේ වොල්ගා සේ ගංගා නම් කෘතියෙනි. (හින්දි: वोल्गा से गंगा, වොල්ගා සිට ගංගා දක්වා ගමනක්) ශාස්ත්‍රවන්තයකු මෙන් ම සංචාරක ලේඛකයකු ද වූ රාහුල් සංක්‍රිත්‍යායන් (1893 - 1963) විසින් 1943 දී රචිත ඓතිහාසික ප්‍රබන්ධ කෙටිකතා 20 ක එකතුවකි.
ඒ කෘතියේ 20 වැනි කතාංගය වන සුමේර්, ඉන්දියවේ වෙසෙන හින ජන්මී උගත් තරුණයෙකි. සමස්ත භාරත දේශය පුරා දේශ වාත්සල්‍යය පැතිර ගිය හතළිහේ දශකයේ මූලිකය මහාත්මා ගාන්ධි විය. හීන ජන්මින්ට සමතැන දිය යුතුය යනු ඔහුගේ යෝජනාව විය. සුමේර් ගේ හඬින් සංකෘත්‍යායන මේ විවේචනය කරන්නේ ගාන්ධිගේ ව්‍යාපාරයේ යටි අරමුණු ඇතැයි කියමිනි.
සැබෑ නන්නත්තාරයකු වූ සංක්‍රිත්‍යායන් රුසියාව, කොරියාව, ජපානය, චීනය සහ ශ්‍රී ලංකාව ද ඇතුළු බොහෝ රටවල සංචාරය කළ අයෙකි. එහිදී ඔහු එම රටවල භාෂා ප්‍රගුණ කළ අතර සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ විශාරදයෙක් විය.
රාහුල් සංක්‍රිත්‍යායන මෙරටට ආධුනිකයකු නම් නොවේ. අභාවයට පත් වන්නට පෙර ඔහු කැලණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරයකු ව සිටි බව සඳහන් ය. කලක් මෙරට ආශ්‍රමයක පැවිදි දිවියක් ගත කළ ඔහු පසු ව උපැවිදි වූ බව පැවසේ.
බෞද්ධයකු වූ ඔහු බෞද්ධ දර්ශනය පිළිබඳ හසලයකු වැ සිටියේ ය. ඔහු දෙවරක් පැවිදි ව දෙවරක් උපැවදි වූ අයෙකි. කලක් ඔහු සෝවියට් දේශයේ ලෙනින්ග්‍රාද් විශ්වවිද්‍යාලයයේ බෞද්ධ දර්ශනය ඉගැන්වී ය. පැවිද්ද හෙවත් ‘දීක්ෂාව’ ලබා ගැනීමේ දී ඔහු සිය මුල් නම වූ කෙදරනාත් පාණ්ඩේ යන්න හැරපියා බුදුන්ගේ පුත්‍රයා යන අරුතින් රාහුල් යන්න සිය ගෝත්‍රනාමය වන සංක්‍රිත්‍ය සමඟ එක් කොට රාහුල් සංක්‍රිත්‍යායන් ලෙස රූපාන්තරණය කැර ගත්තේ ය. ඔහු දිවමන් බුදුන් ලෙස පිළිගත් අය එසමයේ සිටි බව වාර්තා වෙයි.
එහෙත් පසුව මාක්ස්වාදියකු වූ හේ භෞතිකවාදයකු බවට පරිවර්තනය වූ බව ද සඳහන් ය.
ඔහු ගැන පළවී තිබෙන විස්තරවලට අනුව සංක්‍රිත්‍යාන් වසර හැත්තෑවක් වූ සිය ජීවිතකාලයෙන් වසර 45ක් ම සංචාර සඳහා යෙදැවූ බව අනාවරණය වෙයි.
ඔහු බහුල වශයෙන් සංචාරය කළේ ගොඩබිමෙනි.
පළමුව ඔහු ගියේ ලඩාක්, කින්නෝර් සහ කාශ්මීර ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට ය. ඉන්පසු ඔහු නේපාලය, ටිබෙටය, ශ්‍රී ලංකාව, ඉරානය, චීනය සහ සෝවියට් දේශය ආදී රටවල ද සංචාරය කළේ ය. ඔහු බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පර්සා ගාද් ගම්මානයේ වසර කිහිපයක් පදිංචි ව සිටි අතර එම ගම්මානයේ පිවිසුම් ද්වාරය ‘රාහුල් ගේට්’ ලෙස නම් කර ඇත්තේ ඔහුට ගෞරව දැක්විමක් ලෙස ය.
ඔහුට ටිබෙට් දේශයට පිවිසෙන්නට අවශ්‍යතාව තිබුණත් ඉන්දියානු බමුණු කුලයේ අයෙකුට ගිහියකු ලෙස ටිබෙටයට ඇතුළු වන්නට අවසර නොතිබිණි. ඔහු මුල්වරට පැවිදි වූයේ එනිසා ය. මෙලෙස කිහිප වතාවක් ම ටිබෙට් දේශයට ආ ගිය ඔහු ටිබෙට් ජාතිකයන් විසින් භාරතයෙන් පැහැර ගෙන යනු ලැබූ වටිනා සිතුවම් ද පාලි සහ සංස්කෘත අත්පිටපත් ද ආපසු ඉන්දියාවට ගෙන එන්නට සමත් විය.
ආක්‍රමණික මුස්ලිම් හමුදා ඉන්දියාවේ විශ්වවිද්‍යාල විනාශ කළ දොළොස්වන සහ ඊට පසු සියවස්වල දී බෞද්ධ භික්ෂූන් ආරාමවලින් පලවා හැර මේ දෑ ටිබෙටයට ගෙන ගොස් තිබිණි. වාර්තාවලට අනුව ටිබෙටයේ සිට මෙම ද්‍රව්‍ය ඉන්දියාවට ගෙන ඒම සඳහා රාහුල් සංක්‍රිත්‍යායන් කොටළුවන් විසි දෙදෙනෙකු යොදවාගෙන තිබිණි. පැට්නා කෞතුකාගාරයේ ඔහුට ගෞරවයක් වශයෙන් මෙම ද්‍රව්‍යවල විශේෂ කොටසක් ඇති අතර, ඒවා එහි ප්‍රදර්ශනය කෙරේ.
සංක්‍රිත්‍යායන්ගේ මවු බස සිය ගම් පෙදෙසේ භාවිත භෝජ්රි ය. පසු ව ඔහු ඉක්මනින් ම හින්දි උගත් අතර පසුව දෙමළ, කන්නඩ, උර්දු ද සංස්කෘත උගත්තේ ය. ඔහු මාගධී/පාලි ද , අරාබි, ටිබෙට්, චීන, සිංහල, සහ පර්සියානු (ඉරාන) භාෂා ද ප්‍රංශ සහ රුසියන් භාෂා ද මැනැවින් දැන සිටි අතර ඉන්දියානු බෞද්ධ දර්ශනය මෙන් ම දකුණ ආසියානු සංස්කෘතිය පිළිබඳ විශේෂඥයෙක් විය. මේ සියල්ලට ම අමතර ව ඔහු මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙක් ද විය.
නිර්මාණාත්මක ලේඛකයෙක් වූ ඔහුගේ කෘති සංඛ්‍යාව 100 ඉක්මැවූ බව සඳහන් ය. ඒවා සමාජ විද්‍යාව, ඉතිහාසය, දර්ශනය, බුදුදහම, ටිබෙට් අධ්‍යයනය, ශබ්දකෝෂ, වියරණ, සංස්කරණ, ජනප්‍රියවාද, විද්‍යාව, නාට්‍යය සහ දේශපාලනය ඇතුළු විවිධ විෂයයන් යටතේ රචිත ය. මේවායින් ඇතැමක් මුද්‍රණය වී පළ වී නැති බව ද පැවසේ. ඔහු විසින් මජ්ක්‍ධිම නිකාය ප්‍රාකෘත භාෂාවෙන් හින්දි බසට පරිවර්තනය කරන ලදුව පළ කැරිණි.
සංක්‍රිත්‍යන් හැඳින්වීමේ දී 'මහා පණ්ඩිත්' යන ගෞරව අභිධානය භාවිත කෙරේ. ඔහු භාෂා බොහෝ සංඛ්‍යාවත් දත් (polyglot), විෂ්‍ය බොහෝ සංඛ්‍යාවක් ප්‍රගුණ කළ (polymath) විද්වතකු නිසා ය ඒ.
සම්මානිත ලේඛක මහා පණ්ඩිත් සංක්‍රිත්‍යන් 1963 දී පද්මභූෂණ ජාතික සම්මානයෙන් පිදුම් ලැබී ය.
වොල්ගා සිට ගංගා දක්වා නම් ඔහුගේ මේ කෘතියේ අඩංගු කෙටිකතා විස්සේ ක්‍රිපූ 6000 සිට ක්‍රිව. 1942 දක්වා කාල පරාසය තුළ සිද්ධි දාමය විස්තෘත ය. 1942 යනු මහාත්මා ගාන්ධි බ්‍රිතානය්‍යන්ට ‘ඉන්දියාවෙන් ඉවත්වෙනු’යි නිවේදනය කළ වසර වේ.
මේ කෘතියේ ඇතුළත් වනුයේ පසුව ආර්යයන් ලෙස හැඳින්වූ ඉන්දු-යුරෝපීය ජනතාවගේ ඉතිහාසයයි. මෙහි එන කතන්දර 20 වසර 8000 ක කාලයක් පුරා සහ කිලෝමීටර් 10,000 ක පමණ දුරක වපසරියෙන් යුතුයි. කථා 20ම ස්වාධීන, එකිනෙකට අසම්බන්ධිත ඒවා ය.. එහෙත් ඒවා සකස් කර ඇති අනුපිළිවෙල ඉතා වැදගත් අරමුණක් ඉටු කරයි.
මුලින් ම එන්නේ ‘නිශා’ ය. ක්‍රිපූ 6000 තරම් ඈත, මිනිසුන් ගුහාවල ජීවත් වන සමයේ සමාජය මාතෘ මූලික වූ නිසා කතාව නම් කර ඇත්තේ නිශා, එනම්, පවුලේ නායකයා වූ ස්ත්‍රියගේ නමිනි. මෙහිදී කෙනෙකුට මාතෘ මූලික සමාජයක සිට (පළමු කතා දෙක) පීතෘමූලික සමාජයකට (ඉතුරු කතා) ක්‍රමානුකූලව පරිවර්තනයක්, නිදහසේ සිට වහල්භාවයට ක්‍රමානුකූලව වෙනස් වීමක්, වහල්භාවය පිළිගැනීමේ සිට පිළිකුල් කිරීම වැනි සංසිද්ධි හඳුනා ගත හැකිය. යමෙක් සංක්‍රිත්‍යායන් විශ්වාස කරන්නේ නම්, තාක්‍ෂණික දියුණුව පිළිබඳ බියක් සිතේ පහළවන එකක් නැත. පැරණි ගල් උපකරණ වේගයෙන් ප්‍රතිස්ථාපනය කරන ලද නව වඩා හොඳ ආයුධ ගැන මිනිසුන් කල්පනාකාරී වූ ආකාරය සිව්වන කතාව - ‘පුරුහුත්’ හි ඇතුළත් ය. (ටජිකිස්තානය ක්‍රිපූ 2500) ඒ යුගයේ අවි තරඟයක් ආරම්භ වූ ආකාරයත් උතුරේ වැසියන්ගේ වියදමින් දකුණේ අය විශාල ධනයක් රැස් කළ ආකාරයත් එම කතාව පවසයි.
හයවන කතාව වන ‘අංගිරා’ ක්‍රි.පූ. 1800 දී තක්ෂිලා නුවර පදනම් කැර ගත්තකි. අංගිරා යනු වෛදික ඍෂිවරුන්ගේ ආදිතමයාය. අනෙකුත් ජාතීන්ට සිය සැබෑ සංස්කෘතිය ගැන උගන්වමින් ආර්ය ජාතියේ අනන්‍යතාව අහිමි වීමෙන් බේරා ගැනීමට යොමුවන කෙනෙක් ය ඔහු.
මෙලෙස අනෙක් කතා ද ඉතිහාසයේ ඒ ඒ යුග නිරූපණය වන අයුරින් නිර්මාණය වී තිබේ.
එයාකාරයෙන් ක්‍රිව 1944 දක්වා ඉතිහාසය සැකෙවින් ගෙන හැර පෑමයි මේ. එසේම ඒවා, ඒවායේ කියැවෙන කරුණු ගැන පර්යෙෂණ කරන්නට පසු පරම්පරාවේ විද්‍යාර්ථින්ට සිතෙන ආකාරයේ කතා ද වේ.
මේ ඔහුගේ කෘතියක් සිංහලයට නැගෙන පළමු අවස්ථාව නොවේ.. කලකට ඉහත ඔහුගේ නවකතාවක් ඩි. බ. තෙවරප්පෙරුම නම් මහතකු විසින් ‘සිංහ සේනාධිපති’ නමින් සිංහලට පර්වර්තනය කරන ලද බව පැවසෙන නමුත් තොරතුරු සොයාගත නොහැකිය.
මේ කෘතියේ ඉංගිරිසි පරිවර්තන කිහිපයක් ම තිබේ. ඒ අතරින් කන්වාල් ධලිවාල් විසින් සංක්‍රිත්‍යන්ගේ උපදේශකත්වය යටතේ කළ අසංක්‍ෂිප්ත පර්වර්තනය මේ සිංහල පර්වර්තනයට උපයෝගී කැර ගත් බව පරිවර්තක පවසයි.
සිංහල පරිවර්තනය: මහින්ද සෙනරත් ගමගේ
ප්‍රකාශනය: සුභාවි
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
’කල්පයක් පමණ ගෙවී ගියා සේ දැනුණු පසුව දැරිය මතු වූවා, පුදුමයට පත් විලසින් බැලූවාය. මරතෝන්ඩි ආලේප කළ පුංචි ඇඟිලි පෙනෙන සේ විවෘත සුදු සෙරෙප්පු පැලඳ සිටි ඇ
ඔහු ඇය ගෙලවටා දෑත් යවා සිප ගත්තේ ය. ඔවුන් දෙනො සිපගත් පළමු අවස්ථාව එය විය. හබල නදී දියේ වැදෙන හඬ ඇසිණ. එගොඩ සිට එන මිනිසුන්ගෙන් ඔරුව පිරී තිබිණි. අලෙක්සි ස
එක්ව වසන්නට ගිවිසගෙන එක වහලක් යට එක්තැන් වන ගැහැනු සහ මිනිස්සු ලෝකාස්වාදරතියේ යෙදෙති. රතිය ද ආස්වාදය ද එකසේ ප්‍රමුඛ ය. එකක් අනෙකට දෙවැනි තැනෙක ලිය නොහැ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වොල්ගා සිට ගංගා තෙක් රාහුල් සාංකෘත්‍යායන