- ජැක් ෂේෆ -
‘‘අපේ රටේ බටහිර පෙදෙසේ සිට අපේ කුඩා මිටියාවතට මිනිහෙක් පැමිණියේ ය. සිය යුතුකම් ඉටු කළ හෙතෙම තමා පැමිණි දිසාවට ම ආපසු ගියේ ය. ඒ මිනිහා ෂේන් ය.’’
මෙසේ කියන්නේ බොබ් ස්ටාලට් ය. ඒ කියන්නේ farmer කෙනෙකු වන ජෝ ස්ටාලට්ගේ දස හැවිරිදි පුතා ය. ඔහු ඒ කියන ෂේන් ඔවුන්ගේ පවුලේ හිතවතකු ව සිටියේ ය. තම ගොවිපොළ ඉඩම සහ ඒ ගමේ වෙසෙන අනෙක් අය සතු ඉඩම් අල්ලා ගන්නට මාන බලා සිටින ෆ්ලේචර් නමැති පුද්ගලයා අභිභවනය කොට ඒවා බේරා දෙන්නේ ෂේන් ය.
* * * *
‘පුතා’
‘ඔව් තාත්තා’
‘පුතා මං කියන දේ හොඳට අහගන්න. ඕනවට වඩා ශේන්ට ලැදි වෙන්න එපා.’
‘ඇයි තාත්තා. ශේන් නරක මිනිහෙක් ද?’
‘නැහැ ශේන්ගේ කිසිම වරදක් නිසා නෙවෙයි. ශේන් වගේ හොඳ මනුස්සයෙක් පුතාට කිසිම දාක හමු නොවෙන්නත් පුළුවන්. ’ මෙසේ කී තාත්තා ඊළඟට කිව යුත්තේ කුමක්දයි සිතමින් මඳක් එකල මෙකල විය.
‘මේකයි. ශේන් කියන්නේ එක තැනක වැඩි දවසක් ඉන්න ඇහැක් කෙනෙක් නෙවෙයි. ඒ බව එයාම කිව්වා මතකයි නේ? කවදහරි දවසක ශේන් අපව දාල යන්න යාවි. ඉතිං පුතා එයාට ඕනවට වඩා ලැදි වුණොත් එයා ගියාට පස්සෙ ලොකු දුකක් ඇති වේවි’
තාත්තා අදහස් කළේ මොකක් වුණත්, තාත්තාට මා ලවා කල්පනා කරවන්නට අවශ්‍ය වූයේ එයයි. ඒ නිසා මම තාත්තාගෙන් ඒ ගැන හාරා අවුස්සන්නට ගියේ නැත.
* * * *
ෂේන්, හරියට එව්ජිනී ෂ්වාට්ස්ගේ මකරා (1944) නාට්‍යයේ ලාන්ස්ලොට් වැනි කෙනෙකි. මේ කතාවට සමහරවිට ‘මකරා’ බල පැවා ද විය හැකි ය. මන්ද මෙය ලියැවි ඇත්තේ ඊට වසර පහකට පමණ පසුව හෙයිනි.
Shane යනු ජැක් ෂේෆ (1907 - 1991) නම් අමෙරිකානු ලේඛකයා විසින් ලියන ලදුව 1949 වසරේ දී පළ වූ ඔහුට ඉමහත් කීර්තියක් අත්කර දුන් ඔහුගේ ප‍්‍රථම නවකතාවයි.
ජැක් ෂේෆ වනාහි නවකතා 12ක්, කෙටිකතා සංග‍්‍රහ දහයක් සහ ළමා කතන්දර පොත් පහක් රචනා කළ ප‍්‍රවීණයෙකි. ඔහුගේ නවකතා ඇසුරින් නිර්මාණය වූ ප‍්‍රකට චිත‍්‍රපට නම්: Shane(1953), Advance to the Rear(1964), Monte Walsh (1970), First Blood (1982) යනාදියයි. ඔහු ගැන කතා කරන විට සඳහන් නොකර සිටිය නොහැකි කාරණයක් වනුයේ ඔහු විසින් පෘථුල ලෙස භාවිත කරන ලද්දේ විසිවන සිය වසේ මුල් භාගයේ අමෙරිකාවේ ප‍්‍රචලිත වු අමෙරිකානු ‘වෙස්ටර්න්’ නමැති ශානරය බවයි. 1975 දී ෂේෆ, වෙස්ටර්න් ශානරයේ නිර්මාණකරුවන්ගේ - මූලිකවශයෙන්ම කව්බෝයි පන්නයේ කතා ලියූ අයගේ - Western Literature Association නමැති සංවිධානය විසින් එහි විශිෂ්ටතමයාට පිරිනැමෙන ත්‍යාගය ද දිනා ගෙන ඇත.
වෙස්ටර්න් ශානරය යනු, විශේෂයෙන් ම 1850 සිට 1900 අතර කාලය තුළ අමෙරිකා එක්සත් ජනපදයේ බටහිර පෙදෙස්වල දේශ සීමා අසල දිවි ගෙවු ජනයාගේ කඨෝර දිවි පෙවෙත ගැන විස්තර කෙරෙන්නකි. පසුව එය ‘කව්බෝයි‘ මාදිලියේ චිත‍්‍රපට සඳහා භාවිත හැඳින්වීමක් බවට පත්විය. එහෙත් ‘වෙස්ටර්න්’ යනු අමෙරිකාවේ අතීත බටහිර පෙදෙසේ නොඑසේ නම් උසකා ප‍්‍රත්‍යන්ත දේශවල ස්ථාපනය වූ ධී ගුණය, අරගලය සහ මරණය තේමා කොට ගත් සරල කතන්දරයි. විශාල භූමි ප‍්‍රදේශවල අසුපිටින් යන ගොපල්ලන් අතර ගැටුම් මේවායේ එයි. පසුව උැිඑැරබ යන්නේ මේ අර්ථ නීර්ණය වඩා පු`ඵල් පරාසයක් ගත්තේ ය. එහි මූලික හරය නොනසන වෙනස් පසුබිම්වල ද ඒවා නිර්මාණය වන්නට වූ හෙයිනි. ඒ අනුව ජපානයේ අකිර කුරසෝවාගේ සෙවන් සමුරායි, ඕස්ටේරලියාවේ ජොර්ජ් මිලර්ගේ මෑඩ් මැක්ස් යන චිත‍්‍රපට පවා ගැනෙන්නේ වෙස්ටර්න් ගණයට ය.
වෙස්ටර්න් ශානරයේ කෘති බොහොමයක පාහේ මූලික වන්නේ ඒ බටහිරකමයි. ඒ වනාහි පෘථිවියේ බටහිර නොව අමෙරිකා එක්සත් ජනපදයේ බටහිරයි.
එහෙත් මෙහි සඳහන් කළ යුතු අනෙක් වැදගත් කරුණ නම් ෂේන් ලියන තෙක් ෂේෆ කිසිදා ඒ බටහිර පෙදෙසේ පා තබා නොතිබුණු බවයි.
දවසක් සවස සිය ගොවිපොළේ කඩුල්ල අසල සිට දුර බලා සිටින බොබ් තමන් වෙත එන අශ්වාරෝහකයකු දකියි. ඒ වෙත කෙලින් ම එන ඔහු අශ්වයාට හා තමාට දිය ඉල්ලා සිටියි. දිය බී පිටත්ව යාමට සැරසෙන මේ අසරුවා ජෝ ස්ටාරට් විසින් නවත්වා ගනු ලැබෙයි.
ජෝ ස්ටාරට් තමා සහ සිය පුතා අසරුවාට හඳුන්වා දෙයි. තමා හඳුන්වා දෙමින් අසරුවා කියන්නේ සිය නම ෂේන් බව පමණි. ආවේ කොහෙන් ද යන්නේ කොහාට ද යන කිසිවක් ඔහු හෙළිදරව් නොකරයි. බොබ් ගේ මව වන මාරියන් ෂේන්ටත් සමග ම රාත්‍රී ආහාරය පිළියෙළ කරයි. ආහර කිස බුදින අතර ඔවුහු ඒ පෙදෙසේ තත්වය ගැන සාකච්ඡා කරති.
ජෝ ස්ටාරට් විස්තර කරන පරිදි ඒ ප‍්‍රදේශයේ ගඟෙන් එගොඩ ෆ්ලේචර් නම් ඉඩම් හිමියෙක් වෙසෙයි. මෙගොඩ වසන්නෝ පවුල් කිහිපයකි. ෆ්ලේචර්ට නගරයෙන් මස් සැපයීමේ ඇණවුමක් ලැබි ඇති හෙයින් තමාගේ ගව පට්ටිය පුළුල් කැර ගන්නට අවශ්‍ය ය. මේ නිසා ඔහු සහ අනෙක් අය අතර නොනවතින අරගලයක් තිබේ. තාත්තා මේ සියල්ල එදා රෑ ෂේන් සමග පවසයි.
පසුවදා වැස්ස නිසා ෂේන්ට එහි නවතින්නට සිදුවෙයි. ෂේන්ට දිගට ම නවතින ලෙස තාත්තා යෝජනා කරයි. මුල දී ඊට අනුකූලතාවක් නොදැක්වුව ද ඔහු පසුව ඊට එකඟ වෙයි. පසුව ඔහු ස්ටාරට්ගේ සහකරු ලෙස ගොවිපොළේ වැඩ අරඹයි.
ස්ටාරට්ලාගේ ගෙදර මිදුලේ මහා විශාල ගසක මුලක් තිබේ. එය කපා ඉවත් කරන්නට බොහෝ වෙහෙස ගත්ත ද තාත්තාට එය කළ නොහැකි වෙයි. ෂේන් ස්වේච්ඡාවෙන්ම ඒ මුල ඉවත් කිරීම සඳහා වෙහෙසෙයි. අන්තිමේ දී තාත්තා ද ෂේන් සමග හරි හරියට වැඩ කොට මුල උදුරා දමයි.
ෂේන්ගේ පෞරුෂය බොබ්ගේ සිතේ ඔහු කෙරේ ගෞරවය මුසු ආදරයක් ඇති කරවයි. ෂේන් ගැන එසේ ආදරයක් ඇති වන්නේ බොබ්ගේ සිතේ පමණක් නොවේ. ඔහුගේ පියා මෙන් ම මව වන මාරියන් ද බොබ්ට ලැදියාවක් ඇති බව අපට වැටහෙයි. ඇතැම්විට මාරියන් හා ශේන් අතර ඊට එහාට ගිය සමීප සබඳ කමක් ඇත්ද’යි අපට සිතෙයි. එහෙත් කතාව කියන බොබ් ඒ ගැන අපට කිසිත් නොකියයි. ඔහු අපට කියන, ඔහුට ඇසු ඇතැම් දෙබස්වලින් නම් අපට ඒ ගැන ඉඟි සැපයේ.
ෆ්ලේචර්, විල්සන් නමැති පිටස්තර වෙඩික්කාරයකු කැඳවා තිබේ. ඒ ගම්මුන්ට අභියෝග කරන්නට ය. ස්ටාරට්ට ඩොලර් එක්දාස් දෙසීයක් ගෙවන්නට හැකි බවත්, ඒ මුදලට ඉඩම තමාට ලබා දිය යුතු බවත් කියමින් තර්ජනය කරන ෆ්ලේචර් සවස නගරයේ දී ඒ ගැන නිශ්චිත පිළිතුර තමාට ලබා දිය යුතු බව කියයි. ඉඩම නොවිකුණන බව කියන්නට සවස නගරයට යන්නට ස්ටාරට් තීරණය කරයි. එහෙත් ශේන් එසේ නොයන ලෙස ස්ටාරට්ට දැඩිව කියයි. ස්ටාරට් එය පිළි නොගනී.
ඔහු මෙසේ කියයි:
' "මේක කොතැනින් ඉවරවෙයි ද කියා කියන්න මම දන්නේ නෑ. ඒත් මට මේ ටික නම් තේරෙනවා. විල්සන් මරා දැම්මොත් මේ සේරම කරදර ඉවර වෙනවා. ඊට පස්සෙ ටවුමෙ ඉන්න අය ෆ්ලේචර් ඉවර කරල දාවි. මට විල්සන් තරම් ඉක්මනට වෙඩි තියන්න බෑ. ඒත් විල්සන්ට වැදෙන්න වෙඩිපාරක් තියා ගන්නකම් දෙපයින් ඉන්න තරම් ශක්තියක් මගේ ඇඟේ තියෙනවා." නොසන්සුන් වූ අම්මා නැවත සන්සුන් වූවා ය. තාත්තා නොනවත්වා කතා කළේ ය. "අනෙක් අතින් තත්වය තව නරක අතට හැරෙන්න පුළුවන්. තමන්ට මොකක් හරි විපත්තියක් වුණොත් තමන්ගෙ දරු පවුල තමන්ට වඩා හොඳට බලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්න බව දැන ගන්නට ලැබීම මිනිහෙකුට ලොකු දහිරියක්"
අප පසුපසින් ආලින්දයේ සිට තියුණු ශබ්දයක් ඇසිණි.
ශේන් කෙතරම් වේගයෙන් නැගිට්ටේ ද කිවහොත් ඔහු හිඳ සිටි පුටුව බිත්තියේ හැපිණ. ඔහු අත මිට මොළවා ගත් අතර ඔහුගේ දෑත වෙව්ලන්නට විය. ඒ වෙව්ලීම නිසා ඔහුගේ මුහුණ සුදුමැලි විය. අභ්‍යන්තරයේ සිට පිට වූ කිසියම් දරුණු වේදනාවක් නිසා ඔහු බලාපොරොත්තු සුන් වූවකු මෙන් ක්‍රියා කළේ ය. තමාට නිදහස් විය නොහැකි, තමා බැඳ තබන සිතුවිලිවලින් නැගුණු වේදනාවෙන් ඔහුගේ නෙත් දැවෙමින් පැවැති බව පැහැදිලිව ම පෙනෙන්නට තිබුණේ ය. ආලින්දයේ සිට මිදුලට බට ඔහු අප සිටි තැන පසු කොට ගෙයි මුල්ලෙන් හැරී නොපෙනී ගියේ ය.
වහා නැගී සිටි අම්මා ශේන් පසුපසින් දිව්වා ය. හිටිහැටියේ ම බිතක්කනේ නතරවූ ඇය හති දමමින් දෙගිඩියාවෙන් බලා සිටියා ය. ඈ හිමීට ආපසු ආයේ බිම නොවැටී සිටින්නට මෙන් දෑත දික් කර ගෙන ය. තාත්තා ඇය තුරුල් කර ගත්තේ ය.'
ෂේන් කිසිදා පිස්තෝලයක් පරිහරණය කරන බවක් නොපෙනෙයි. එහෙත් ඔහුගේ ඇඳුම් බැගයේ ඇති බ්ලැන්කට්ටුවක ඔතා පිස්තෝලයක් ඇති බව බොබ් සොයා ගනියි. එය තාත්තා සමග කී විට තාත්තා කියන්නේ ෂේන් තරම් දක්ෂ වෙඩික්කාරයකු පළාතේ ම සිටිය නොහැකි බවයි.
ෆ්ලේචර්ගේ මිනිස්සු ෂේන්ට පහර දෙන්නට එති. එහෙත් ෂේන් ඕනැම හැඩි දැඩි එකකු මෙල්ල කරන්නට සමත් ය. ෂේන් ගොවිපොළෙන් ඉවත් කරන මෙන් ඔවුහු ස්ටාරට්ට බල කරති. එහෙත් ෂේන් නොයයි. ෆ්ලේචර් සහ විල්සන් පැමිණ සියලූ ගොවින්ට දෙණියෙන් ඉවත්ව යන ලෙස කියති. ඉඩම්වලට ඔහු තීරණය කරන වටිනා කමක් ගෙවනු ලැබේ. එකඟත්වය එදිනම සවසට දැනුම් දිය යුතුය.
ස්ටාරට් නොමැතිව ෂේන් පළමුවරට සිය පිස්තෝලය ද පැලඳ තනිවම ඔවුන් හමු වන්නට යයි. මුලින් වචන හුවමාරුවක් ඇතිවේ. ෂේන්ට එරෙහිව විල්සන් පිස්තෝලය ඇද ගනී. ෂේන් වඩා වේගවත් වෙයි. ඔහු වෙඩි තබා විල්සන් සහ ප්ලේචර් යන දෙදෙනාම ඝාතනය කරයි. එහෙත් ඔහුට ද වෙඩි වදියි. මේ සියල්ල බොබ් සැඟව බලා සිටියි.
දැන් ෂේන් ද මිනිමරුවෙකි. ඔහු සිය අසු පිට නැගී මිටියාවතෙන් නික්ම යයි. බොබ් ගෙදර පැමිණ මවුපියන්ට සියල්ල වාර්තා කරයි. මෙතැන හැර යන්නට තාත්තා යෝජනා කරයි. එහෙත් අම්මා කියන්නී ෂේන් තමන් අතරින් වෙන්ව නොගිය බවත් සදාකාලයටම තමන් අතර සිටිනා බවත් ය. ඒ සමගම තමන් ද මේ මිටියාවතට ම මුල් ඇද සිටින බව ඕ පෙන්වා දෙන්නීය.
අවසානයේ බොබ් ෂේන් ගැන දිගටම සිතයි. තාත්තාට ගරු කරන නමුත් ඔහුගේ පරමාදර්ශී චරිතය බවට පත් වන්නේ ෂේන් ය. ‘අම්මාගේ කතාව ඇත්තයි. ෂේන් අපේ ගෙදර අපේ සිත් තුළ වාසය කළේ ය.මට අවශ්‍ය වූ සැම විට ම ෂේන් පෙනි සිටියේ ය. ඇස් වසාගත් විට ෂේන් මා ළ`ග මා සමග සිටියි. හොඳට පෙනෙයි. ඔහුගේ කාරුණික කටහඬ ඇසෙයි.’
ෂේෆ ගේ ප‍්‍රථම නිර්මාණය වූ ෂේන් කීර්තිය ගෙන අයේ ෂේෆට පමණක් නොවේ. ඒ ඇසුරින් චිත‍්‍රපටයක් නිර්මාණය කළ ජෝර්ජ් සටීවන්ස් 1953 වසරේ ඇකඩමි උළෙලේ දී හොඳම අධ්‍යක්‍ෂවරයාට යෝජනා විය. ඒ ඇසුරින් අමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය රූපවාහිනි මාලා නාටක දෙකක් නිර්මාණය කළ අතර අමෙරිකානු නිර්මාණයේ ෂේන්ගේ චරිතය නිර්මාණය කළ ඩේවිඩ් කැරඩින් ඉන් ඉමහත් ප‍්‍රසාදයට ලක්විය. ඩේවිඩ් කැරඩින් යනු කලකට ඉහත ජාතික රූපවාහිනිය සිංහල උප සිරැසි සහිතව පෙන්වූ 'කුං ෆූ' මාලා නාටකයේ කේන් ගේ භූමිකාව නිරූපණය කළ නළුවා ය.
මෙම කෙටි නවකතාව සිරිල් සී. පෙරේරා මහතා එනමින් ම සිංහලට පරිවර්තනය කරන ලදුව 1973 වසරේ ප‍්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් විය. එහි පස්වන මුද්‍රණය ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස 2009 වසරේ නිකුත් වී තිබේ. ඉහත උධෘත ගන්නා ලද්දේ එයිනි.
‘‘අපේ රටේ බටහිර පෙදෙසේ සිට අපේ කුඩා මිටියාවතට මිනිහෙක් පැමිණියේ ය. සිය යුතුකම් ඉටු කළ හෙතෙම තමා පැමිණි දිසාවට ම ආපසු ගියේ ය. ඒ මිනිහා ෂේන් ය.’’
’ගමේ කෙල්ලක නොවූ ෂෙෆ්ටෙල් යම් ප්‍රදේශයකින් පැමිණි තැනැත්තියක වන්නීය. සාමාන්‍යයෙන් සොරුන් සිරගත වූවන්ගේ බිරියන්ට ගරුත්වයෙන් සැලකූ නමුත් ෂෙෆ්ටෙල් සැ
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ෂේන්