ඉස්සෙල්ල මිනිහ පටන් ගත්තා. ඊළඟට බිරිඳ.- ඊට පස්සෙ මිනිහා.- ඊළඟට නැවතත් ගෑනි - මිනිහ-ගෑනි-ඊට පස්සේ පුතා. අන්තිමේ දි නැවතත් මිනිහා. කතාව කියන්න පටන් ගත්තා.
ඔහු කතාව ඉවර කරද්දි එළිවෙලා.
ඒ අය කිව්ව ඒ කතාව මේ පොතේ තියෙනවා.
ඒත් පළමුවෙන් ම කාරණා දෙකක් පැහැදිලි කරන්න ඕනෑ. මේ කතන්දරය දකුණු ඉතාලියේ සම්ප‍්‍රදායානුගත සාහිත්‍යය පිළිබඳ මනසේ තියෙන පින්තූරයට වඩා මුළුමනින් ම වෙනස් වෙන්න පුළුවන්. පොත්වල සඳහන් වන දකුණු ඉතාලිය ආශීර්වාද ලත් සුන්දර රටක් බව කවුරුත් දන්නවා. ලස්සන දේශීය සම්ප‍්‍රදායානුකූල ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු පිටිසර ගැහැනු ළමයින් කියන ගීත අනුකරණය කරමින් ගොවියෝ සතුටින් සින්දු කියමින් වැඩට යනවා. ඒ අතර අහල පහල බැදිවල කෝකිලයෝ ගීත ගායනා කරනවා.
ඒත් ෆොන්ටමාරාවේ මේව කිසිදාක සිදු වුණේ නෑ.
මේ කතාන්තරයේ තියෙන දේශීය පැහැය සොයන කවුරු වුණත් කලකිරෙන්න පුළුවන්. දේශීය භාෂාව ගැනවත් දේශීය ඇඳුම් පැළඳුම් ගැනවත් එකම වචනයක්වත් මෙහි හමුවන එකක් නෑ. ෆොන්ටමාරාවේ වනාන්තරයක් නෑ. එහි කඳුකරය පවා වියළියි. නිසරුයි. කුරුල්ලෝ කිප දෙනෙක් හිටියත් අත්තට ම කෝකිලයෝ නෑ. එහි භාෂාවේ කෝකිලයා හඳුන්වන්න වචනයක්වත් නෑ. ගොවියෝ එක්කාසු වෙලා තියා තනියමවත් නිකමටවත් සින්දුවක් කියන්නෙ නෑ. බීමත් වුණාමවත්, වැඩ කරන වෙලාවටවත්. ඔවුන් කරන්නෙ සාප කරන එකයි. ඕනැම බලවත් හැඟීමක් ඔවුන් ප‍්‍රකාශ කරන්නෙ සාප කරලයි.
Fontamara යනු ඉග්නාෂියෝ සිලෝනෙ (1900 - 1978) නම් ඉතාලි ලේඛකයා විසින් සිය මවු බසින් ලියන ලද 1930 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ එනමින් යුත් කෘතියේ, එරික් මොස්බැචර් නම් ලේඛකයා විසින් කරන ලද ඉංගී‍්‍රී‍්‍රසි පරිවර්තනයයි. ඔහුගේ මුල් ම නවකතාව වන සහ පසුව ලියන ලද Bread and wine සහ The Seed Beneath the Snow යන නවකතා තුනAbrusso ත්‍රිත්වය ලෙස ගැනේ. ඇබ‍්‍රෑසෝ යනු ඔහු උපන් ගම් පියසයි. එහි වුසූ ගොවීන්, අඳ ගොවින් යනා දී නුගත් රළු මිනිසුන් මුහුණ දෙන ගැටලූ සහ ඔවුන්ගේ අරගල මේ කාතිවල තේමාවයි. ෆොන්ටමාරා යනු ඒ පෙදෙසේ පිහිටි කල්පිත ගමකි. (හරියට මල්ගුඩිය වැනි ය.)
සිලෝනෙගේ පෙරවදනේ සඳහන් වන පරිදි ඔහුට මෙහි එන කතාව කියන්නේ පවුලක සාමාජිකයන් තිදෙනෙකි. ෆොන්ටමාරා නමැති කල්පිත ගම ගැන විස්තරයක් එහි අඩංගු ය. මේ කල්පිතය උපයෝගී කැර ගනිමින් සිලොනේ කියන්නේ මුසොලිනිගේ පාලන සමයේ ඉතාලියේ ඈත පිටිසර ගමක නූගත් අහිංසක ගම්මුන්ගේ කටුක අත්දැකීම් ය. ගම හරහා ගලා යන ජල මාර්ගය සිය ඉඩමට හරවා ගන්නට ව්‍යාපාරිකයෙක් පිඹුරුපත් සකසයි. ගම්මුන්ගේ පොදු නියෝජිතයා ලෙස පෙනී සිටින දොන් සර්කොන්ස්ටන්සා කියන්ගේ ජලය ගම්මුන්ට හතරෙන් තුනක් සහ ඉඩම් හිමියාට හතරෙන් තුනක් ලැබෙන බවයි. මේ අපභ‍්‍රංසය ගැන ප‍්‍රශ්න කරන අය එතැනින් ඉවත් කෙරෙති. එලෙස ජලය ඉඩම්හිමියාට ලබා දෙන්නේ කොපමණ කාලයකට දැයි මිනිස්සු අසති. අවුරුදු පනහකට ය‘යි ඉඩම් හිමියාගේ නියෝජිතයා කියයි. එයට විරෝධය පාන ඔවුහු අවසානයේ දී පස් අවුරුද්දකට කැමති වෙති. මෙහි දී නැවත දොන් සර්කොන්ස්ටන්සා මැදිහත් වී පස් අවුරුදු දහයකට ය’යි කියයි. පස් අවුරුදු දහය යනු අවුරුදු කීයක් ද’යි මිනිසුන්ට වැටහෙන්නේ ගිවිසුම අත්සන් කළාට පසුව ය.
නගරය සැමදා ගම්මුන්ගෙන් බදු අය කරයි. ඒ වෙනුවට ඔවුන්ට ලැබෙන දෙයක් නැත. ඉතාලියේ 40 වැනි අගමැතිවරයා වූ 1923 සිට 1945 දක්වා එරට පාලනය කළ ෆැසිස්ට් ආඥාදායක මුසොලීනි බලයට පත් කරවන්නට ඉතාලියේ දිළිඳු මිනිස්සු සෑහෙන මෙහෙයක් ඉටු කළෝ ය. එහෙත් මුසොලිනිගේ පාලනය ඔවුන් අගාධයේ හෙළී ය. ගම්මුන් එය දකින්නේ මෙපරිද්දෙනි.
‘ගොවියන් හාමතට හෙළුව මේ ආණ්ඩුව ඒක කරල තිබුණේ ගොවියන්ගෙ නමින් බව අපට ඒත්තු ගියා.
‘‘ආණ්ඩුව හැම තිස්සෙම ඉන්නෙ දුප්පතුන්ට විරුද්ධව’’ පෝර්ටාපියාවල වීරයා පැහැදිලි කරල දෙන්න හැදුවා.‘‘ඒත් මේක විශේෂ ජාතියේ ආණ්ඩුවක්. ඒක දුප්පතුන්ට විරුද්ධයි. ඒත් ඒ විශේෂ විදියකින්. දැන් තියෙන ආණ්ඩුවට ලේ හලපු අය අතර හුඟක් දුප්පත් මිනිස්සු හිටියා. පළමුවැනි ෆැසිස්ට්කාරයෝ අතරේ උන්නේ ලියන්නොයි, ට‍්‍රැම්පාරෙ දුම්රිය පාරෙ කම්කරුවොයි, මේසන්ලයි, දැන් ෆැසිස්ට් හමුදාවෙ ඉන්න එවුනුයි. උන් ලක්‍ෂපතියෝ නෙවෙයි. දුප්පත් ගොවියෝ. උන් නැතිව දැන් තියෙන ආණ්ඩුවට වැඩිකල් බලේ ඉන්න බෑ. ටොලෝනියා කුමාරයගෙයි, බැංකුවෙයි ආණ්ඩුවට උන් ඕන. ආණ්ඩුව ටොලෝනියා කුමාරයයි, බැංකුවයි වෙනුවෙන් වැඩි වැඩියෙන් කරන තරමට අනිත් පැත්තෙන් ආණ්ඩුවට දුප්පත් මිනිස්සු ඕනෑ. ඒක ගොවියන්ගෙයි කම්කරුවන්ගෙයි ආණ්ඩුව කියල වැඩි වැඩියෙන් ඒත්තු ගන්නන්න ඕනෑ’’
ටෙලෝනියා කුමාරයා යනු රාජකීය පෙලපතකින් පැවත එන්නකු නොව තමන්ගේ ධන බලය නිසා එය ආරූඪ කැර ගත්තෙකි.
දෙවියන් වහන්සේ පවා කටයුතු කරන්නේ තමන්ට එරෙහිවය යි මිනිස්සුු සිතති. ඒ නිසා යාඥා කිරීමෙන් පලක් නැත.
‘එකම ලස්සන දේ අල්තාරේ උඩ තිබුණු ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනය පින්තූරේ විතරයි. ජේසුස් වහන්සේ සුදු පාන් කෑල්ලක් අතින් අරන් හිටිය. උන් වහන්සේ කියමින් හිටියේ ”මේ මාගේ ශරීරයයි” කියල.
වෙනින් වචනවලින් නම් ”සුදු පාන් මාගේ ශරීරයයි” කියල. සුදු පාන් තමයි දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා. සුදු පාන් තමයි සත්‍යය. ජීවිතය. ජේසුස් වහන්සේ සඳහන් කළේ ගොවියෝ කන ඉරිඟු පාන් නොවෙයි. රසක් නැති නිසරු පාන් වෙනුවට ගත්ත පාදිලිවරුන්ගේ පූප පෙතිත් නෙවෙයි. ජේසුස් වහන්සේගේ අතේ තිබුණෙ නියම සුදු පාන් කෑල්ලක්. උන් වහන්සේ කියමින් සිටියේ ”මෙය (සුදුපාන්) මාගේ ශරීරයයි” කියල.
උන් වහන්සේ ඉන් අදහස් කරන්නේ සත්‍යයත්, ජීවිතයත් වන දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා . ”සුදු පාන් ඇති තැනැත්තාට මා (දෙවියන් වහන්සේ) ඇත. සුදු පාන් නොවන ඉරිඟු පිටිවලින් සාදන පාන් ඇති තැනැත්තා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පිට ය. ඔහු දෙවියන් වහන්සේ නොදනී. සත්‍යය නොදනී. ඔහුට ජීවිතයක් නොමැත. සුදු පාන් නොමැත්තාට, ඉරිඟු පාන් පමණක් ඇත්තාට ක්‍රිස්තුස් වහන්සේ කෙදිනකවත් නොසිටියාක් බඳු ය. ගැලවීම තවමත් පෙනෙන තෙක් මානයක නැත්තාක් බඳු ය.”’
ෆොන්ටමාරාහි වැසියන් කැරලිකරුවන් ලෙස සැමවිට ම සැක කෙරේ. ෆොන්ටමාරා වැසියකු වන බොරාඩා නගරයේ දී විප්ලවවාදියකු වෙනුවෙන් දිවි පුදන්නට එකඟ වෙයි. මෙයින් ගම්මුන්ගේ ඇස් ඇරේ. ගැලවෙන්නට විප්ලවය හැර අන් මගක් නොමැති බව ඔවුහු වටහා ගනිති.
ෆොන්ටමාරා කෘතියේ ආ මුඛ්‍ය සටහනයි මේ:
‘”ඒ වන්දනා ගමනක්, වන්දනා ගමනක්” සොකනිරා කෑ ගැහුව. ”දැන් කාලේ වන්දනාකාරයෝ පයින් යන්නේ නෑ. ඒ අය යන්නෙ කාර්වලින්.! ඒ අපේ සැන්රොකාවලට වන්දනා ගමනක්”
”නෑ. ඒක කාර් රෝස් එකක්.” ටවුමක හමුදාවක ඉඳල තිවුණ පැස්කෙලා සිපෝලා කීවා. ”කාර් එළවන අය හුඟක් එකේකාට අභියෝග කරල වේගෙන් යන්න පුළුවන් කාටද කියල හොයන්ඩ ටවුමෙ හැමදාම කාර් රේස් දකින්න පුළුවන්.”
හැම මිනිත්තුවක ම ලොරිවල සද්දෙ එන්න එන්න ම වැඩි වුණා. පස්සෙ අපට ඇහුණ ලොරිවල හිටපු මිනිස්සුන්ගේ දරුණු කෑකෝ ගැසීම්. පල්ලියේ ජනේලෙන් වැටුණු වීදුරු එක්ක ආපු දරුණු පිපිරීම අපේ කුතුහලේ බයකට හැරෙව්වා.
”උන් වෙඩි තියනවා ! වෙඩි තියනවා ! උන් පල්ලියට වෙඩි තියනවා. අන් අපට වෙඩි තියනවා ! ”
1974 වසරේ නිකුත් වූ මේ සිංහල පරිවර්තනය හඳුන්වා දෙමින් ප‍්‍රකට සාහිත්‍ය හා සිනමා විචාරකයකු මෙන් ම සාහිත්‍යධරයකු ද වූ රෙජී සිරිවර්ධන මහතා තබන සටහනෙන් ගත් උධෘතයකි මේ:
‘මේ සියවසේ (20 සියවසේ) දේශපාලන ජිවිතය හා චින්තනය කෙරේ මාක්ස්වාදී ව්‍යාපාරය දැඩි බලපෑමක් ඇති කැර තිබුණ ද, ඒ මගින් ප‍්‍රමුදිත කරවන ශ්‍රේෂ්ඨ කලාකෘති ඉබේ ජනිත වන්නේ නැත. ශ්‍රේෂ්ඨ කලාකෘති ජනිත වනුයේ තියුණු වින්දනය හා සැබෑ අත්දැකීම් තුළිනි. මාක්ස්වාදයේ බලපෑමට යටත් වූ බොහෝ සාහිත්‍යධර බුද්ධිමතුන් වෙත නොතිබුණේ ද මේ වින්දනයත් අත්දැකීමත් ය.
ෆොන්ටමාරා ප‍්‍රථමයෙන් පළ වූ විට, එය, විප්ලවීය ආවේග කලා කෘතියක් බවට නගාලීමකි යි ට්‍රොට්ස්කි ප‍්‍රකාශ කළේ ය. මේ නවකතාවට මෙසේ පිරිනමනු ලැබූ ප‍්‍රශංසාව විමර්ශනය කිරීම වැදගත් වෙයි. දේශපාලනමය අත්දැකීමක් තුළින් පැන නැගෙන නවකතාවක් ශ්‍රේෂ්ඨ කලා කෘතියක් වන්නට දේශපාලන අපක්ෂපාත භාවයක් ඒ කෘතියට රචකයා විසින් ඇතුළත් කළ යුතු ය යි මෙයින් අදහස් නොකෙරේ. ෆොන්ටමාරා අපක්‍ෂපාත කෘතියක් ද නොවන්නේ ය. එහි සැම පිටුවක ම තාඩන පීඩනවලට ලක් වූ ජනතාව කෙරේ අනුකම්පාවක් පැතිර ඇත. කෝපය මුසු අනුකම්පාවක්.
එහෙත් ප‍්‍රචාරක කෘතියකත් ශ්‍රේෂ්ඨ දේශපාලන නවකතාවකත් අතර මහත් වූ හිදැසක්, පරතරයක් පවතියි. ප‍්‍රචාරක කෘති නිපදවන්නා කලින් සකසා ගත් සරල දේශපාලන සූත‍්‍රයක්, න්‍යායයක් ජීවිතයට කවා තම කෘතිය එදිනෙදා තියුණු අත්දැකීමෙන් තොර න්‍යායික ප‍්‍රබන්ධයක් බවට පත් කරයි.
ෆොන්ටමාරා එවැනි කෘතියක් නොවන්නේ ය. එය දේශපාලන නවකතාවක් වුුව ද එහි එන චරිත වර්ගයා දේශපාලන බලක්‍ෂෙත‍්‍රයන්ගෙන් සාමාන්‍යයෙන් ඈත් ව ජීවත්වන්නෝ වෙතිි. ඔවුන්ට දේශපාලනය යන වදන පවා තේරුමක් ගෙන නොදේ. ෆොන්ටමාරා යනු ඉතාලියේ ඈත එපිට ගමකි. විවිධ සටහන් චිත‍්‍රාකාර ව නොවෙනස් ව ඇති වී නැති වී යළි ඇති වී යළි නැති වී යන්නා සේ ම එහි වැසියෝ ඒකාකාර හුදෙකලා ජීවිත ගත කරති. එහෙත් ඉතිහාසයේ විපර්යාස ඇති කරන බලවේගවලින් දුරස් ව පිහිටි ෆොන්ටමාරා ගමට ද අයින් ව බැහැර ව සිටිය නොහැකි ය. සදාකාලික දුප්පත්කමේ ගැලී ජීවත් වන්නට ෆොන්ටමාරා වැසියන් පුරුදු පුහුණු වී සිටිය ද ඔවුන්ට එසේ හුදෙකලාව ජීවත් වන්නට ඉඩක් නොලැබෙයි. බිහිසුණු ෆැසිස්ට් සන්ත‍්‍රාසය ඒ ගම්වැසියන්ගේ ජීවිත කෙරේ බලපාන අයුරු මේ නවකතාවේ විදාරණය කෙරේ. එය ඒ ගම්වැසියන්ගේ ගැමි බසින් ප‍්‍රකාශයට පමුණුවා ඇත. එහි එන බස සාමාන්‍ය ගැමි වහර වෙයි. එය ස්වාභාවික මිනිස් ජිිවිතය විදහා පායි. එහෙයිනි ෆොන්ටමාරා සත්‍යවාදී අතින් අගතැන්පත් නවකතාවක් වනුයේ.’
පිටු 180ක පමණ කුඩා පොතක් වන මෙය ලොව විවිධ භාෂා 30ට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති අතර ප‍්‍රකට ඉතාලි ජාතික සිනමාවේදියකු වන කාර්ලෝ ලිසනි විසින් 1977 වසරේ දී සිනමාවට නගනු ලැබී ය.
මෙම කෘතිය මාලනී ගෝවින්න විසින් ෆොන්ටමාරා නමින් සිංහලට පරිවර්තනය කරන ලදුව මාර්ග ප‍්‍රකාශනයක් ලෙස 1974 දී ප‍්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් විය. මේ 2014 වසරේ නිකුත් වූ එහි සිවුවැනි මුද්‍රණයේ කංචුකයයි.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෆොන්ටමාරා