කල්ලන් කෙදිනක හෝ තමන් පාගා ගෙන සිටින සුද්දන් මර්දනය සඳහා මාරාන්තික කැරැල්ලක් ගසනු ඇත’යි යන උපකල්පනයෙන් යුතු ව ලියැවී ඇති Juliy's Story' නවකතාව කේන්ද්‍ර ගත වන්නේ ලිබරල් සිතුම් පැතුම් ඇති දකුණු අප්‍රිකානු සුද්දකු වන බෑම් ස්මේල්ස් සහ ඔහුගේ කුටුම්භය ද ඔවුන්ගේ ‘බෝයි’ වන ජූලි නම් දකුණු අප්‍රිකානුවා ද ඇතුළත් කවයක ය. ඔවුන් වෙසෙන ජොහැන්නස්බර්ග් නගරාශ්‍රිත ප‍්‍රදේශවල සිවිල් අරගල උත්සන්න වෙලා ය. සුද්දෝ ද කල්ලෝ ද යන දෙවර්ගයේ ම ඇත්තෝ වර්ණභෙදී හැඟීම්වලින් උමතුව සිටිති. සියලු සුද්දන් දකුණු අප්‍රිකාවෙන් පලවා හැරීම කල්ලන්ගේ අභිප‍්‍රාය වේ.
ජොහැන්නස්බර්ග් නුවර සුද්දන්ගේ නිවාස සහ දේපළවලට කල්ලන් පහර දෙන එක්තරා දවසෙක දිවි ගලවා ගැනීම පිණිස ස්මේල්ස් පවුල ජූලිගේ යෝජනාවක් පරිදි එතැන් සිට කි:මී හය සියයක් දුරින් පිහිටි ඔහුගේ ගම්පියසට පලා යති. ජූලිගේ පවුලේ අය සිටිනා නිවෙසට යාබද පිහිටි ජූලිගේ මවට අයත් කටු මැටියෙන් නිමැ වූ නිවෙස ස්මේල්ස්ලාට ලැබේ. ඔවුහු එතැන් පටන් එහි වාසය අරඹති. මේ නිවෙස රවුම් හැඩයක් ගනී. විචාරකයකුට අනුව එයින් ස්මේල්ස් පවුල සිර වී සිටින ආකාරය සංකේතවත් කෙරේ. කෙසේවෙතත් ජූලිගේ මවගේ සිතේ මේ හේතුව නිසා ඔවුන් ගැන නොමනාපයක් වෙයි. එහෙත් ඇය ඔවුන් කෙරේ ගෞරවපූර්වක ද වන්නීය.
ජූලිගේ සත්කාර විඳමින්ම මොරීන් ස්මේල්ස් දවසෙක සිය තුවක්කුව නැතිවීම ගැන ඔහුට මෙසේ තරවටු කරයි.
‘-ඩැනියෙල් කෝ?-
-ඩැනියෙල් ආපහු එන්නේ නෑ. දවසකට දෙකකට එයා ගිහින් -
-ජූලි දන්නවා එයා කොහේද කියලා. එයා යන දිහා ජූලිට කිව්වානේ?-
- ඒගොල්ල කාගෙන්වත් අහන්නේ නෑ. කාගෙන්වත් නෑ. තාත්තටවත් කියන්නේ නෑ.-
ඩැනියෙල් මට අරක කිව්වා, මේක කිව්වා, කියල කියන්න එන්න එපා. එයා කිව්වේ මොකක්ද, කිව්වේ නැත්තේ මොකක්ද කියලා මං දන්නවා.ඒක මගේ වැඩක් නෙවෙයි. එහෙමයිනේ?-
දවස පුරාම, දිනයේ උණුසුමෙන් ජීව උණුසුමට රත්ව ඇති මඩ බිත්තිය මත ඇය ඉඳ ගත්තා ය. පොළොව හරහා මිනිසෙකුගේ උසින් ඝනකම් ව වැටුණු අවසන් හිරු රැස් තට්ටුව නිසා එහි පැහැය පොළොවේ මඩ පැහයෙන් තද දම් පැහැයටත් කුණුලේ පාටටත් හැරී තිබිණි.
-ජූලි ඒක ආපහු ගේන්ඩ ඕනා- ’
නෝබල් ත්‍යාගලාභී දකුණු අෆ්රිකානු ලේඛිකා නදින් ගෝදිමර් (1923 - 2014) විසින් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව පසුබිම් කොට රචිත නවකතා අතුරින් ප‍්‍රමුඛ එකකි Juliy's Story.
නදින් ගෝදිමර්, අපට හමුවන වෙනත් අප්‍රිකානු සම්භාව්‍ය ලේඛකයන් මෙන් විධිමත් ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයක් ලබා උපාධි දිනා ගත් අයකු නොවේ. කතෝලික කන්‍යාරාමයක පහළ පන්තිවල උගත් බවක් මිස ඇය ලැබූ අධ්‍යාපනය ගැන වැඩි තොරතුරක් සඳහන් නොවේ. ඇගේ මවගේ ආකල්ප එයට බල පාන්නට ඇත’යි පැවසේ. කෙසේවෙතත් ඇය ලොව ප‍්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සහ එවැනි ආයතනවලින් ලැබූ සම්මාන ආචාර්ය උපාධි සංඛ්‍යාව 15කි. එසේම නෝබල් තෑග්ග සහ බුකර් ත්‍යාගය ද ඇතුළත්ව ඇය දිනා ඇති විවිධ ජාත්‍යන්තර සම්මාන සහ ත්‍යාග සංඛ්‍යාව පනහ ඉක්මවයි.
ඕ තොමෝ සුද්දියක් වූවා ය. එහෙත් ඇය කල්ලන් යටපත් කරන සුදු පාලනය නොඉවසුවා ය. 1959 දී ඇය ලියූ Where do Whites Fit In නම් ලිපියේ මෙසේ සඳහන් ය: ‘මෙහි නවතින අපට ඇත්තෙන් ම එය එතරම් පහසු දෙයක් නොවනු ඇත. සමේ පැහැය නිසා කල්ලන් පෙළා දමන්නන් ලෙස හංවඩු ගැසුණු, අදහස් නිසා සුද්දන්ගේ ද්‍රෝහීන් ලෙස සැලැකුණු, අපට එක් වන්නට කිසි ලෙසකින් නොහැකි වූ ඒ අතීතය මෙන් නොව, මේ නව අප්‍රිකාවට වන්නට ඇත්තටම වුවමනාවක් දක්වන අප සියලූ දෙනාට මෙය වඩා දුෂ්කර වනු ඇත.’ (උපුටා ගත්තේ මේ පොතේ පෙරවදනෙනි.)
නිවසේ හුදෙකලාව සිටි නදීන්, ලන්ඩනයේ උපත ලබා දකුණු අප්‍රිකාවට සංක‍්‍රමණය වන්නට පෙර එහි දිවි ගෙවා ඇති සිය මවගෙන් ලද ආභාසයෙන් සම්භාව්‍ය ඉංගිරීසි සාහිත්‍යය කියවන්නට පෙළැඹී ඇති අතර ඉන් ලද පන්නරයෙන් නිර්මාණකරණයට පිවිසි ඇත. වයස 15 ඉක්මෙන්නට පෙර සිය ප‍්‍රථම කෙටිකතාව පුවත්පතක පළ කරවා ගත් ඇය විද්වත් අවධානය මුලින් දිනා ගෙන ඇත්තේ ශූර කෙටිකතාකාරියක් ලෙස ය. මේ වන විට ඇය එළි දක්වා ඇති කෙටිකතා එකතු සංඛ්‍යාව 20 ක් වන අතර ලියා ඇති නවකතා ගණන 14කි. මිට අමතරව ඇය එක් නාට්‍ය පිටපතක් ද රචනා කොට තිබේ.
ජූලිගේ ගමේ දී ස්මේල්ස් යුවළට සහ ඔවුන්ගේ දරු තිදෙනාට හුරුපුරුදු ජීවන රටාවෙන් බැහැර වන්නට සිදු වීම නිසා නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවෙයි. ජලය සහ ආහාර හිඟය මෙන්ම සනීපාරක්‍ෂාව මතු නොව නිදා ගැනීම පවා ප‍්‍රශ්නයක් වෙයි. කෙටියෙන් කියන්නේ නම් සුදු පාලක පැලැන්තිය කිසිසේත් ම නොදන්නා කල්ලන්ගේ ජීවිතය ප‍්‍රායෝගිකව ම විඳ ගන්නට ඔවුන්ට සිදුවෙයි.
මෙහිි දි ස්මේල්ස් තමා දන්නා සියලු තාක්ෂණය භාවිතයෙන් ගැමියන්ගේ උපකරණ ආම්පන්න යනාදිය පිළිසකර කැර දෙයි. ඔහු ටැංකියකට ජලය එක් රැස් කරන්නට පවා පියවර ගනියි. වෙනකක් තබා දැන් ඔවුන්ගේ වාහනය පරිහරණය කරන්නේ ගමේ මිනිසුන්ය.
ජූලි, ස්මේල්ස්ලාට නොදන්වා ඔවුන්ගේ වාහනය ඉවතට ගෙන ඩැනියෙල් නමැති සගයකු ලවා ධාවනය කරවා තමන් ද රිය පදවන්නට උගනියි.
මේ අතර ගම් ප‍්‍රධානියාගෙන් ස්මේල්ස්ට කැඳවීමක් ලැබේ. ඒ් අනුව ස්මේල්ස් ඔහු හමු වන්නට යයි. ගම් ප‍්‍රධානියා තමා කැඳවන්නේ ගමෙන් යන්නටය කියන්නට ය’යි ස්මේල්ස් සිතයි. එහෙත් ගම් ප‍්‍රධානියා මේ කැරැල්ලට පක්‍ෂපාත අයෙක් නොවේ. කැරලිකරුවන් නිසා ගමේ තමාට ඇති බලය පිරිහෙමින් පවතින බව ඔහුගේ අදහසයි. ස්මේල්ස් සතු තුවක්කුවෙන් තමාගේ මිනිසුන්ට වෙඩි තියන්නට පුහුණුව ලබා දෙන ලෙස ඔහු ඉල්ලයි. එහෙත් තුවක්කුව නැති වෙලා ය. ස්මේල්ස් සිතන්නේ තමාගේ ජීවිතය අවසන් බවයි. තුවක්කුව සහ පතුරම් සොරා ගෙන ඇත්තේ ඩැනියෙල් බව මොරීන් ස්මේල්ස් අනාවරණය කැර ගනියිි.
සිය සේවකයා ව සිටි ජූලි දැන් තම ස්වාමියා ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇත’යි මොරීන් සිතයි. එහෙත් ජූලිගේ බිරිඳ වන මාර්තා සිතන්නේ ස්මේල්ස්ලා තමන්ගේ රැකවරණය යටතේ සිටියත් සිය සැමියා තවදුරටත් ස්මේල්ස් මහත්මියගේ ‘බෝයි’ ලෙස ම කටයුතු කරන බවයි.
කෙසේවෙතත් ජුලි ස්මේල්ස් පවුලට අනදර නොකරයි. ජූලිගේ මව ඔවුන්ට නොකැමැති ය. ඔවුන් නිසා තමන්ට කරදරවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත’යි ඇය ජුලිට අනතුරු හඟවන්නී ය.
‘ඒ ඇත්තන්ගෙන් හුඟාක් කරදර වෙන්ඩ පුළුවන්. මං නං ඒ ගොල්ල ගනං ගන්නෑ. මට මොකටද ඒ ඇත්තො? ඒත් සුුදු මිනිස්සු කියන්නෙ කරදර ම තමයි’
ස්මේල්ස්ලා ද අනතුර දනිති. මොරීන් සිය සැමියා සමග මෙසේ කියන්නී ය:
‘දෙයියනේ! එයාවත් මරල දාන්න පුළුවන් අප මෙහේ තියා ගන්න එකට. අපේ වාසනාවට එයාට ඒක තේරුම් ගියේ නැතිවට’
‘එහෙනං අපි යන්ඩ යං’
ජූලි පුරුදු පරිදි ඔවුන්ගේ රෙදි සෝදා දෙන්නට පවා ඉදිරිපත් වේ. කවුද රෙදි සෝදන්නේ’යි විමසූ විට ඒවා ගමේ ගැහැනුන් ලවා සෝදවා දෙන්නට තමාට හැකි බව ඔහු කියයි.
ස්මේල්ස් පවුල ගම්වැසියන් සමග සීහෙන්නට ඉටා ගනිති. දරු තිදෙනා මුල දී මැසිවිලි නැගුවත් කල්යත් ම මේ ජිවිතයට හුරුවෙති. ගම් දරුවන් හා පෑහෙති. දැන් ඔවුන් පාවහන් අඳින්නේ නැත. ඇඳුම් ඇත්තේ ද ටිකකි.
මේ අතර ජූලි සිය ජෙහැන්නස්බර්ග් නිවස වෙත ගොස් දොරගුළු හැර එහි ඇති භාණ්ඩ සොරා ගන්නා බව මොරීන් අනාාවරණය කැර ගන්නී ය.
පෙර ගත කළ සැප සම්පත් බහුල දිවි පෙවෙත දැන් ඔවුන්ට අමතක වෙලා ය. මෙලෙස කාලය ගෙවී යයි.
කෙසේවෙතත් මේ ජිවිතය ඉක්මණින් නිම වී තම හුරු පුරුදු ජීවන රටාවට නැවත යොමු වන්නට ඔවුන්ගේ ආශාව ඉමහත් ය.
දිනෙක හෙලිකොප්ටරයක් ගඟ අසල නවත්වන හඬක් ඇසේ. තමන් මුදා ගන්නට කවුරුන් හෝ පැමිණ ඇත යන සිතිවිල්ලෙන් මොරීන් ස්මේල්ස් එය නැවත්වූහ’යි අනුමාන කරන තැන වෙත දිව යයි. තැන නිශ්චිතව ම නොදන්නා නමුත් ඇය එදෙසටම දිව යයි. එතෙකින් කතාව නිම වෙයි.
මේ කතාව තනිකරම හිතළුවකි. එහෙත් කතුවරිය එය මනාසේ ගොනු කරන්නී ය. වර්ණභේදය, තමන්ගේ නිවසේ අතවැසියා වන කල්ලාගේ පිළිසරණ ලැබීම, ඔහුගේ ගමේ අඩු පහසුකම් ඇතිව වසන්නට සිදු වීම, භාෂාව නොදන්නාකම නිසා ඇතිවන සන්නිවේදන ගැටලූ, නාගරික සුඛෝපභෝගී දිවියක් ගත කළ පවුුලක අයට මූලික අවශ්‍යතා පවා නැති ගමක දිවි ගෙවන්නට සිදුවීම, දෙපාර්ශ්වය අතර අවිශ්වාසය සහ ඒ අතරම අන්‍යොන්‍ය විශ්වාසය, සුද්දන් කෙරේ විරුද්ධත්වයක් ඇතත් ඒ සමගම ඇති පක්‍ෂපාතීත්වය - මේ සියලු සංකීර්ණතා මේ නවකතාව කියවන්නකුගේ අත්දැකීම් අතරට එක්වනවා ඇත.
වරෙක ස්මේල්ස් යුවළ අතර සංවාදයකින් කොටසකි මේ.
‘මේ දවස්වල ජූලි එයා ගැන හොඳටෝම ආත්ම විශ්වාසයෙන් ඉන්නේ. එයා කොහොමටවත් එයාගේ නායකයා ගැන ගරු නම්බු ඇතිව හිතන්නේ නෑ. එයා කතා කළ හැටි ඔයාට ඇහුණානෙ.-
ඇය වරක් දෙවරක් ඇසිපිය සැලූවාය.
- මම හිතන්නේ ජූලි කතා කළේ තමන් ගැන ම’යි කියලා.-
-එයා ගැනම? කොහොම ද?-
-එයා හැමදාම කළේ සුද්ද්දන් එයාට අණ කළ දේයි. පාස් නිකුත් කරන කන්තෝරුව, පොලීසිය, අපි. එයා කොහොමද කල්ලන් අණ කරන දේ නොකර ඉන්නේ? මේ නිදහස් සටන්කාමීන්ට කන්ඩ දෙන්ඩ හරක් ටික මරන්ඩ සිදුවුණත් -
-ඒ වුණත් ඒ අණ කිරීම් කල්ලන්ගෙන එන කොට වඩා හොඳ වේවි. සමහර පරණ කියමන් සත්‍ය වේවි. එයාගෙම මිනිස්සුන්ගෙන්නෙ. ඒ නිදහස ලබා ගන්ඩ කියුබානු ජාතිකයන්ගෙනුයි රුසියානු ජාතිකයන්ගෙනුයි උදව් ලබා ගන්නට සිදු වුණත් -
- එතකොට ජූලි අර නාකි මිනිහ වෙනුවෙන් ශුද්ධ වූ යුද්ධවල යෙදෙන්නෙත් නෑ. එයා අපි අපේ නින්දේ දී ම මරලා දාන්නෙත් නෑ. එයාගෙම ගෝත්‍රිකයන් වෙනුවෙන් සටන් කරන්නෙත් නෑ-
- අපිව නින්දේ දිම මරලා දාන්ඩ! අපෝ!. -
Juliy's Story කුසුම් දිසානායක විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබ "අඩමාන අඩවිය! නමින් ගොඩගේ ප‍්‍රකාශයක් ලෙස 1997 වසරේ දී මුද්‍රණයෙන් නිකුත් වී ය. ඉහත උධෘත ගන්නා ලද්දේ එයිනි.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අඩමාන අඩවිය - නදින් ගෝදිමර් - Juliy’s Story’