‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන් හමු වන්නට පිළිවනි. මිනිසාට වඩා උසස් ඒ සත්ත්වයන්ගෙන් මිනිසාට ගරු සැලකිලි ලැබෙන්නේ මිනිසා මේ ලෝකයේ වසන තිරිසන් සතුන්ට දක්වන කරුණාව හා ගෞරවය අනුවයි.’
ඒ උධෘතය ගත්තේ ‘ගැඹුරු මුහුද’ නම් කෘතියෙනි. ඒ වනාහි බ්‍රිතාන්‍ය ජාතික පසුව ශ්‍රී ලාංකික ආචාර්ය ආර්තර් සී. ක්ලාර්ක් (1917 - 2008) නම් විශිෂ්ට විද්‍යා ප‍්‍රබන්ධකරුවාගේ 6 වැනි නවකතාව වන The Deep Range නම් 1956 දී ප‍්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් වූ කෘතියේ සිංහල පරිවර්තනය යි.
බුදු සමය ගැන මේ කෘතියේ මෙවැනි සඳහනක් වෙයි:
‘දැන් පැන නැගී ඇති තත්වය මීට වසර සියයකට පෙර තිබූ තත්වය නොවේ. පසු ගිය සියවස තුළ ඇති වූ විපත්තිදායක දේශපාලන හා සමාජ විපර්යාස විසින් බුදුසමයට නොවැළැක්විය හැකි උසස් තැනක් ලබා දෙන ලදී. එහෙයින් එතෙක් ලොව පැවැති අනෙක් තරගකාරී ආගම් තුන අසාථක වී දුබල විය. එනයින් මනුෂ්‍යයන්ගේ සිතසතන් පුබුදු කළ හැකි නියම සහිත එකම දහම බුදු සමය පමණි.
ඩාවින්ගෙන් හා ෆ්‍රොයිඩ්න් වැදුණ මරු පහරින් කිසිදා නැගී සිටින්නට නොහැකි ලෙස බිඳ වැටුණු කිතු සමය, විසිවැනි සියවසේ අග භාගයේ පුරා විද්‍යා සොයා ගැනීම් නිසා බලාපොරොත්තු රහිතව අවසානයේ බිඳ වැටිණි. අරුම පුදුම දෙවිදේවතාවුන්ගෙන් සැදුණු හින්දු ආගම විද්‍යාත්මක බුද්ධිවාදය පිළිගත් යුගයක දී නොමැරී සිටින්නට අපොහොසත් විය. ඉස්ලාම් ආගම ද එම බලවේගයෙන් ම දුබල විය. දාවිත්ගේ උදාවන තරුව මහමුද්ගේ දුබල අඩ සඳ අභිබවා බැබළෙන්නට වූ හෙයින් ඉස්ලාමයට පෙර තිබූ ගරුත්වය තව දුරටත් පිරිහුණේ ය.’
සිය ජීවිතයෙන් අඩකටක් වැඩි කලක් අප රටේ දිවි ගෙවූ ශ්‍රී ලංකාභිමානී ආචාර්ය ආර්තර් සී ක්ලාර්ක් නම් විද්‍යඥයා හා කීර්තිමත් ලේඛකයා ගැන අමුතු හඳුන්වා දීමක් අවශ්‍ය නොවේ. විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ප‍්‍රමුඛයකු ලෙස නමක් දිනා ගෙන සිටි ඔහු විසින් ලියා පළ කරන කෘති ගණන විශාල ය. ඒ අතුරින් අභ්‍යාවකාශය හා වෙනත් ග‍්‍රහලෝක තරණය පදනම් කැර ගත් ප‍්‍රබන්ධවලට ඇත්තේ වැඩි ඉල්මලුක් සහ පිළිගැනිමකි. මෙම කෘති කිහිපයක් ම ප‍්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් අතරින් සිනමාවට නැගී තිබේ. එතෙකුදු වුව විශ්වය පදනම් කැර නොගත් ඔහුගේ අනෙක් නිර්මාණ මෙන් ම නිර්මානාත්මක නොවන රචනා වුව ද සාහිත්‍යමය භාවයෙන් හා විද්‍යාත්මක ඥානය අතින් එකසේ පොහොසත් ය.
ප‍්‍රබන්ධ කතා රචකයන් මුල දී මනුෂ්‍ය වාසස්ථාන ද ඉන්පසු අප්‍රිකාව ද පසුබිම් කැර ගනිමින් නිර්මාණ ඉදිරිපත් කරමින් සිට පසුව පොළෝ කුහරය තුළටත්, ග‍්‍රහ තාරකා ඇතුළු විශ්වය දෙසටත් යොමු වීම විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ආරම්භය ලෙස සැලකේ. යූල්ස් වර්න්, එච්.ජී.වේලස් සහ එච්.පී ලොවර්ක‍්‍රාෆ්ට් වැනි අය විසින් පුරෝගාමීත්වය ගන්නා ලදැයි සැලකෙන මෙම ශානරය විසි වැනි සියවසේ දී වෙනස් මගකට යොමු කළ ලේඛකයන් ලෙස සැලකෙන්නේ අයිසැක් ඇසිමොව් (1920 - 1992) රේ බ‍්‍රැඩ්බරි ( 1920 - 2012) සහ ආතර් සී. ක්ලාර්ක් (1917 - නම් සමකාලීනයන් තිදෙනා ය.
ආචාර්ය ක්ලාර්ක්ගේ නවකතා සියල්ලම පාහේ මිනිසා විසින් අස්පර්ෂිත බාහිර විශ්වයීය පරිසරයක් පසුබිම් කැර ගත් ඒවා විම විශේෂයකි. මේ නවකතාවේ එයිනුත් ඔබ්බට පවතින විශේෂත්වය නම් මිනිසා විසින් එබඳුවම අස්පර්ෂිත ගැඹුරු සාගර පත්ළ මෙහි පරිසරය විමයි. ප‍්‍රවීණ කිමිදුම්කරුවකු වන කතුවරයා කිමිදීමේ කාර්යයේ දී සිය අත්දැකීම් ප‍්‍රතිනිර්මාණය කරමින් මේ විස්මිත කෘතිය නිමවයි. මෙය ජුල්ස් වර්න්ගේ ‘මුහුදු පත්ලේ ලීග 2000ක් යට’ සහ හර්මන් මෙල්විල්ගේ ‘මෝබි ඩික්’ යන කෘතිවලින් අනුප‍්‍රාණය ලබන්නට ඇත’යි විචාරකයෝ පවසති. එහෙත් සාගර පත්ලේ මෙතරම් ගැඹුරක වායුගෝල පීඩන දහස් ගණනකට යටත් ව මිනිසකුට සිටින්නට සමත් සමුද්‍ර යානා නිපද වෙනු ඇත’යි යන ක්ලාර්ක් ගේ උපකල්පනය සැබැවින් ම විස්මිත ය.
The Deep Range මුලින් පළ වී ඇත්තේ එනමින් ම යුත් කෙටිකතාවක් ලෙස නිර්මාණ සඳහාම වෙන් වු ‘අර්ගෝසි’ නම් සඟරාවේ 1954 වසරේ ය. පසුව කර්තෘ විසින් එය ප‍්‍රසාරණය කොට නවකතාවක් බවට පත් කරනු ලැබ ඇත.
වසර දෙසියයක පමණ ඉදිරියේ කිසියම් කලෙක මේ පෘථිවියේ පැවතිය හැකි සමාජය පසුබිම් කැර ගනිමින් මේ කෘතිය නිර්මිත ය. එසමයේ ලොව විද්‍යාත්මක හා තාක්‍ෂණික සිද්ධාන්ත උපයෝගි කැර ගනිමින් විශ්වයීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් විසින් පාලනය කරනු ලබනවා ඇත. ඒ වන විට මිනිසා අඟහරු ග‍්‍රහයා මත ජනාවාස පිහිටුවා අවසන් ය. සිකුරු ග‍්‍රහයා මත ජනාවාස පිහිටු විම ඔහුගේ ඊළඟ අපේක්‍ෂාව වෙයි. පෘථිවි වාසීන් ඒ වන විට සාගරයේ ද ගොවිතැන් කරනු ඇත. මිනිස්සු සිය ආහාර අවශ්‍යතා සඳහා තල්මසුන් ඇති කරති. උන්ගෙන් කිරි දොවනු ලබන අතර උන්ගේ මස් ආහාරයට ගනු ලැබේ.
මෙහි එන ප‍්‍රධාන චරිතය වනුයේ වෝල්ටර් ෆ්රැන්ක්ලීන් ය. ප‍්‍රවීණ අජටාවකාශ ඉංජිනේරුවකු වන ඔහුගේ බිරිඳ හා දරුවා සිටින්නේ අඟහරු ලොවේ ය. අභ්‍යාවකාශයේ දී සිදුවන අනතුරක් නිසා ස්නායු ආබාධයකට ලක්වන ඔහුට නැවත සිය බිරිඳ හා දරුවා හමුතවන්නට අඟහරු ලොව වෙත යා නොහැකි ය. පෘථිවියේ දී දුස්සාධ්‍ය ලෙස රෝගාතුර වන හේ පසුව සුවය ලබා මුහුදු ආරක්‍ෂකයකු සේ සේවයට බැඳෙයි. තරමක කාලයකින් පසුව ඔහු තල්මසුන් ගොවිපොළ පාලනය පිළිබඳ අංශයේ ප‍්‍රධානියා බවට පත්වෙයි. මේ කාලයේ ඔහු තම කාර්යාලයයේ එක්ව රාජකාරි කරන ඉන්ද්‍රා නම් ජීව විද්‍යඥවරිය හා විවාහ වෙයි.
ලොව පුරා තල්මස් ගොවිපොළ පිහිටුවීම, උන් නඩත්තු කිරීම, උන්ගෙන් කිරි දෙවීම සහ අවසානයේ ආහාර පිණිස උන් මස් කිරීම යනා දී සත්ත්ව පාලන කටයුතු ඔහුගේ ආයතනයෙන් සිදුවෙයි.
මේ වනවිට ලෝකයේ ආගම් අතරින් ඉතිරිව පවත්න්නේ බුද්ධාගම පමණි. ආගමක් නොව දර්ශනයක් වන බුදු දහම අහිංසාව ගුරු කොට ගත්තකි. ඒවන විට එහි ප‍්‍රධානියා එනම් මහානායක ඇලෙක්සැන්ඩර් බොයිස් නමැති ස්කොට් ජාතිකයෙකි. එතුමාගේ මූලස්ථානය ලංකාවේ අනුරාධපුරයේ පිහිටා තිබේ. ෆ්රැන්ක්ලින් විසින් මිහිකත නම් පාරිසරික සඟරාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින් පසුව මහ නා හිමියන්ට තල්මස් ගොවිපොළක් නැරඹීමට අවශ්‍ය වෙයි.
සිය දෙපාර්තමේන්තුවේ නියෝගය පරිදි ෆ්රැන්ක්ලින් අනුරාධපුරයට පැමිණ මහා නායක හිමි හමුවෙයි. තල්මසුන් ඝාතනය කොට ආහාරය පිණිස සකස් කරන කම්හලක් නරඹන්නට යන උන් වහන්සේ සිය ගෝලයන් ලවා සියල්ල රූ ගත කරවති. ඉඳහිට හෝ ආහාරය සඳහා මස් නොලැබෙන්නේ නම් සිය දිවි හානි කැර ගැනිම යෙහෙකි'යි ෆ්රැන්ක්ලින් මහ නා හිමියන් හමුවේ පවසයි. ඊට එකඟ නොවන උන් වහන්සේ පවසන්නේ සියලුම මිනිසුන් මුළුමණින්ම මස් අනුභවයෙන් තොරවිය යුතු ය’යි කියන්නට තරම් තමා අප‍්‍රායෝගික නොවන බවයි. එහෙත් සතුන්ට හිංසා කිරීමෙන් වැළැකී කරුණාව දැක්විය යුතු ය.
මහානායක හිමියන් තත්කාලීන ලෝකයේ බල සම්පන්න පුද්ගලයන් අතළොස්ස අතරින් එක් අයකු වන බැවින් උන් වහන්සේගේ මත ඉවත දමන්නට ලෝක ආහාර සංවිධානයට නොහැකි වනු ඇත.
ආහාර පිණිස සතුන් ඇති කිරීමට එරෙහිව මහානායක හිමියන්ගේ අදහස්වලට උන් වහන්සේ ඉදිරියේ එකඟ වුව ද ප‍්‍රායෝගික මිනිසකු ලෙස ඒ මතය තමා සේවය කරන ලෝක ආහාර සංවිධානයට ගෙනයාම අපහසු කරුණකි. මන්දයත් එම ලෝකයේ ආහාර අවශ්‍යතාවෙන් 8% මේ වන විට සැපිරෙන්නේ තල්මස් ගොවිපොළවලින් වන නිසා ය. මෙ අදහසට පක්‍ෂව කරුණු දක්වන එම අංශයේ සේවය කරන ඔහුගේ බිරිඳ ඉන්ද්‍රා කියන්නේ ජල ප්ලවාංගවලින් නියම මස් රසයම දෙන කෘත්‍රිම මස් නිපදවිය හැකි බවයි. එහෙත් ප්ලවාංගවල කූනිස්සෝ විශාල වශයෙන් සිටිති.
මේ වනවිට තල්මස් ගොවිපොළට එරෙහිව බලවත් ප‍්‍රචාරක වැඩ සටහන් විසිරුවා හරිනු ලැබෙන අතර මුද්‍රිත මාධ්‍යයේ ද ඒ ගැන නොයෙකුත් දෑ පළවනු දැකිය හැකිවෙයි. වලංගුව පවතින ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ලෝක ජනගහනයෙන් දහයෙන් එකක් දෙනාගේ ඡන්දයෙන් මෙවැනි කාරණයක් සඳහා පරීක්‍ෂණ කොමිෂන් සභාවක් පත් කරවා ගත හැකි ය. විවිධ වැඩසටහන් මගින් ඊට එරෙහි ප‍්‍රචාර පවතින බැවින් මිනිස්සු මහා නායක හිමියන්ගේ ඉල්ලීමට පක්‍ෂව ඡන්දය දෙති.
පාලකයන් සිතන්නේ මහානායක හාමුදුරුවන්ගේ මතය ජයග‍්‍රහණය කළහොත් එය තමන් දේශපාලනික වශයෙන් ලබනු ඇති පරාජයක් බවය. ඒ නිසා එය පරාජය කරවන්නට කටයුතු කළ යුතු ය. 'ඒක තමයි බරෝස් මහත්මයා මගෙන් ඇහුවේ. මේ වැඩේට දේශපාලනයත් පැටලිලා.මේ අහිංසා සටනින් මහානායක හාමුදුරුවෝ දිනුවොත් උන් වහන්සේ බොහෝම බල සම්පන්න තැනැත්තෙක් වේය කියා මහ ලේකම් කාර්යාලයේ ලොකු බයක් තිබෙනවා. ඉතින් හොඳින් හෝ නරකින් උන් වහන්සේ පරාජය කිරීමයි අදහස' ෆ්රැන්ක්ලින් ඉන්ද්‍රාට කියයි.
කාරණය පිළිබඳව තුලනාත්මක විග‍්‍රහයක යෙදෙමින් සිත සමග සටන් කරමින් සිටි ෆ්රැන්ක්ලින් අවසානයේ මහා නායක හිමියන්ගේ පැත්ත ගන්නට සිතයි. මහනායක හිමියන්ගේ අහිංසාව ජය ගනියි.
'ඉතිහාසය පටන් ගත් දා සිට මිනිහා පිළිගෙන සිටියේ අනෙක් සියලුම සතුන් තමාගේ ප්‍රයෝජනයට පමණක් සිටින බවයි බවයි' මහා නා හිමියෝ කීහ. 'සමහරවිට තණ්හාව නිසාත් අනික් අවස්ථාවලදී ගොවිතැන් විනාශ කිරීම නැතිනම් වෙනත් කටයුතුවලට බාධා කිරීම නිසාත් මිනිහා නොයෙක් වර්ගවලට අයත් සතුන් සහමුලින්ම විනාශ කර තිබෙනවා. සතුන් විනාශ කිරීමට මිනිහාට හැම අයිතියක් තිබුණේ නැතැයි මා කියන්නේ නෑ. බොහෝ අවස්ථාවලදී එසේ විනාශ කිරීම මිස වෙන කළ හැකි දෙයක් නොතිබෙන්නට ඇති. නමුත් ශතවර්ෂ ගණනාවක් සිට තිරිසනුන්ට කරන ලද දරුණු අපරාධවලින් මිනිහා ඔහුගේ සිත සහමුලින්ම අඳුරු කර ගත්තා. අහම්බෙන් වගේ ඒ අපරාධ අතරින් පසුගිය අවුරුදු හැට හැත්තෑව තුළදී සමහරක් දරුණු අපරාධ සිදුවී තිබෙන්නේ මහත්මයා කරන මේ විශේෂ රක්ෂාවෙනුයි. මණ්ඩාවෙන් පහර දෙන ලද තල්මසුන් පැය ගණන් දුක් දරුණු දුක් විඳ මැරෙන නිසා ඔවුන්ගේ මස් කෑල්ලක්වත් ප්‍රයෝජනයට ගන්න බැරි වූ හැටි දක්වන අවස්ථා ගැන මා කියවා තිබෙනවා. මරණ වේදනාවේ ශරීරය තුළ හටගන්නා විෂ වර්ගයකින් තල්මසුන්ගේ මස් විෂ වෙනවා."
"ඒක බොහොම කලාතුරකින් සිදුවන දෙයක්. කොහොම වුණත් අපි ඒ ක්‍රමයට තල්මසුන් මැරීම නතර කළා"යි ෆ්රැන්ක්ලින් මහ නාහිමියන්ගේ කතාවට හරස් වෙමින් කීය.
"ඇත්ත. ඒත් මේ කරුණු අප විසින් සත්වයන් වෙනුවෙන් කළ යුතු යුතුකමක් හැටියට ඉදිරිපත් කළ යුතුයි"
"හුවෙන් ෆායින් කවදාවත් තමුන්නාන්සේගේ අදහසට එකඟ වෙන්නේ නැහැ. 1870 දී පළමුවන වරට වෙඩි බැඳ තල්මසුන් මරණ මණ්ඩාව නිපද වූ වෙලාවේ ඔහු එම කටයුත්ත කිරීම ගැන දෙවියන් වහන්සේට ස්තූති කරමින් ඒ බව දින පොතේ ලියා තැබුවා"
"ඒක බොහොම වැදගත් කරුණක් යයි මහා නා හිමියෝ කිසි උනන්දුවක් නොදක්වා කීහ. ඒ මහත්මයා සමඟ මේ ගැන වාද කිරීමට අවස්ථාවක් ලැබුණා නම් මම බොහොම කැමතියි. මහත්මයා දන්නවද මනුෂ්‍ය වර්ගයා කොටස් දෙකකට බෙදෙන ඉතා සුළු පරීක්ෂණයක් තියෙනවා. මිනිහෙක් පාර දිගේ ගමන් කරන අතර පය තබන තැන කුරුමිණියෙක් සිටින බව දකිනවා. ඒ මිනිහට ටිකක් නතර වෙලා කුරුමිණියාව බේරෙන්නත් පුළුවන්. නැත්නම් පයින් පාගා මරා දමන්නත් පුළුවන්. එවැනි අවස්ථාවකදී මහත්මයා කරන්නේ කුමක්ද?"
"ඒක කුරුමිණියාගේ හැටියටයි කුරුමිණියා විසකුරු විනාශකාරී සතෙක් නම් මම ඌ මරනවා. නැතිනම් යන්න හරිනවා. සිහි බුද්ධිය ඇති කවුරුත් කරන්නෙ එයයි"
" අපි සිහි බුද්ධිය ඇති අය නොවෙයි. උසස් ගණයට අයත් සතකුගේ ජීවිතයේ ආරක්ෂා කිරීම සඳහා අනෙක් සියලුම සතුන් මැරීම යුක්ති සහගතය කියා අපි විශ්වාස කරනවා. නමුත් පුදුමයට වාගේ එවැනි අවස්ථා පැමිණෙන්නේ බොහොම කලාතුරකින්.
අපට පාර වැරදුණා වගෙයි"
මේ කෘතිය ආචාර්ය ක්ලාර්ක් විසින් ලියන ලද අනෙක් ජනප්‍රිය අභ්‍යාවකාශය සම්බන්ධ කෘතිවලට වඩා හාත්පසින්ම වෙනස් වන අතර එය බෞද්ධ දර්ශනයේ මූලික හරය වන අහිංසාව ඉස්මතු කරමින් ලියුවක් බව විචාරක මතයයි.
The Deep Range කළුබෝවිල සිරිල් සී. පෙරේරා මහතා විසින් "ගැඹුරු මුහුද" නමින් සිංහලට පරිවර්තනය කරන ලදුව ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස 1994 වසරේ ප‍්‍රථමවරට මුද්‍රණයෙන් නිකුත් විය. ඉහත උධෘත ගන්නා ලද්දේ 2015 වසරේ නිකුත් වූ එහි පස් වැනි මුද්‍රණයෙනි.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගැඹුරු මුහුද The Deep Range ආතර් සී. ක්ලාර්ක්