'වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා කැටුව ගිය ඒ දුරාතීතයේ සවස් වරුව සිහිපත් විය. ඒ කාලේ මැකොණ්ඩාව ප්‍රාග් ඓතිහාසික බිත්තර ගොඩක් වන් වූ සුදු මටසිළුටු යෝධ ගල්ගෙඩි පෙළක් මතින් ගලා ගිය පැහැදිලි ජලයෙන් යුත් ගංගාවක් අසබඩ ඉදිකළ මෝඩ ගඩොල්වලින් තැනූ ගෙවල් විස්සකට සීමා වූ ගම්මානයක් විය. එකල ලෝකය කෙතරම් අලුත් වී ද යත් බොහෝ දේවලට නම් නොතිබිණ. ඒ දේවල් හැඳින්වීමට ඇඟිල්ල දිගු කර පෙන්විය යුතුවිය. වසරක් පාසා මාර්තු මාසය අතරතුර ගමට ආ වැරහැලිකාර අහිගුණ්ඨික නඩයක් ගම්මානයට නුදුරින් ඔවුන්ගෙන් කූඩාරම් අටවාගෙන හොරණෑ සහ දවුල්වල විශාල ඝෝෂාවක් සමග අභිනව නිපැයුම ප්‍රදර්ශනය කිරීම කළේ ය. පළමුකොට ම ඔවුන් ගෙනාවේ අකීකරු රැවුලක් ද ගේ කුරුල්ලෙකුගේ වැනිි කෙසඟ අත් දෙකක් ද තිබූ මැල්කුවේඩේස් නමින් තමන් හඳුන්වා දුන් එක් උකටලී අහිගුණ්ඨිකයෙකි. ඔහු වානේ යෂ්ටි දෙකක් ඇදගෙන වසරක් පාසා මාර්තු මාසය අතරතුර ගමට ආ වැරහැලිකාර අහිකුණ්ඨික නඩයක් ගම්මානයට නුදුරින් ඔවුන්ගෙන් කූඩාරම් අටවාගෙන හොරණෑ සහ දවුල්වල විශාල ඝෝෂාවක් සමග අභ්‍යනාව නිපැයුම ප්‍රදර්ශනය කිරීම කළේය පළමුකොටම ඔවුන් ගෙනාවේ අකීකරු රැවුලක්ද ගේ කුරුල්ලෙකුගේ වැනි කෙසඟ අත් දෙකක්ද තිබූ මැල්කුවේඩේස් නමින් තමන් හඳුන්වා දුන් එක් උකටලී අහිගුණ්ටිකයෙක් මැසිඩෝනියාවේ අග්‍රගන්‍ය රස විද්‍යාඥයන්ගේ අටවෙනි පුදුමය ලෙස තමා ම හැඳින් වූ මහා සංදර්ශනයක් පැවැත්වීය. ඔහු වානේ යෂ්ටි දෙකක් ඇදගෙන ගෙයින් ගෙට ගිය අතර හට්ටි, මුට්ටි, තාච්චි, යකඩ අඬු හා අඟුරු කබල් ඒවා තිබූ තිබූ තැන්වලින් පෙරළී වැටෙන සැටිත්, ඇණ මුරිච්චි සහ ඉස්කුරුපුරු බුරුල් වී ගැලවී ඒමට දැගලීම නිසා බාල්ක වලින් භංගාපේක්ෂිත ක්‍රීක් නාදය නැගුණ සැටිත්, එසේම බොහෝ කාලයක් තිස්සේ නැතිවී සොයාගත නොහැකි වූ දේවල් පවා ඒවා බෙහෙවින්ම සෙවූ තැන්වලින් මතු වී මැල්කුවේඩේස්ගේ ඉන්ද්‍රජාලික වානේ යෂ්ටි පිටුපසින් කැලඹිලිකාරී අවුල තුළ ඇදී ගිය හැටිත් දුටු සියල්ලෝ වික්ෂිප්ත වූහ. "දේවල්වලට ඒවායිම පණක් තියෙනවා." අහිගුණ්ඨිකයා කොරොස් හඬින් පැවසුවේ ය. ඒවායේ ආත්මයන් කූද්දන එක විතරයි කරන්න තියෙන්නේ"
ඒ සියක්වසක හුදෙකලාව නම් පරිවර්තිත නවකතාව අැරැඹෙන සැටි ය.
‘සියක් වසක හුදකලාව’ යනු නොබල් ත්‍යාගලාභී කොලොම්බියානු ලේඛක ගබ්රියෙල් ගාර්සියා මාකේස් (1927 -2014) විසින් ස්පාඤ්ඤ බසින් රචනා කරන ලදුව 1967 වසරේ මුද්‍රණයෙන් නිකුත් Cien años de soledad නම් නවකතාවේ ග්‍රෙගරි රබාසා විසින් කරන ලද One Hundred Years of Solitude නම් ඉංගිරිසි පරිවර්තනයේ සිංහල පෙළයි.
ඉන්ද්‍රජාලා යථාර්ථය (magical realism) පිළිබඳ මත 1930 තරම් පැරණි වූව ද මේ කෘතිය එළි දැක ගත වූ දශක හයකට ආසන්න කාලය පුරා ම නිර්මාණ සාහිත්‍යයේ ඉන්ද්‍රජාලා යථාර්ථය ගැන සාකච්ඡා වන සැමවිට ම මේ කෘතිය උදාහරණයක් ලෙස ඉදිරිපත් කෙරේ.
මෙරට වුව ද නවකතා නිර්මාණය කරන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනිකයන්ට මේ කෘතිය අඩු තරමින් තුන් වතාවක්වත් පරිශීලනය කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.
ඉන්ද්‍රජාලා සාහිත්‍යය සහ ඉන්ද්‍රජාලික යථාර්ථය යන දෙකම එකක් ලෙස සැලකෙතත් එය එකක් නොව දෙකක් බව ඇතැම් තැනක සඳහන් ය. කෙසේවෙතත් එම කෙස් පැළන තර්ක විග්‍රහ කිරීම අපගේ විෂයයෙන් බැහැර වන හෙයින් ඒ ගැන ඊට වඩා යමක් පැවසීමට මෙහි අදහස් නොකෙරේ. සරලකරණය කරන ලද අර්ථ දැක්වීමකට අනුව ඉන්ද්‍රජාලා යථාර්ථයේ දී අධිතාත්ත්වික පරිමණ්ඩලය තාත්ත්වික ලෝකය සමග සම්මිශ්‍රනය වෙයි. පරපුරෙන් පරපුරට ගෙනයන සුරඟන අන්දර උපමා කතා ප්‍රවාද සහ පුරාණෝක්ති යන ඒවායේ එම ලක්‍ෂණය අඩුවැඩි වශයෙන් තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එවැනි දෑ බහුල වශයෙන් දැකිය හැකි ය. උදා විමාන වත්ථු ප්‍රකරණය, පේතවත්ථු ප්‍රකරණය.
ඉස්සර නුවරුන් විසින් ගම්මුන් හඳුන්වනු ලැබුවේ එක්කෝ බයියා කියා ය. නැත්නම් ගොඩයා කියා ය. පළමුවරට නගරයට යන ගොඩයෙක්, නගරයේ විභූතිය දැක විස්මයාවහ වෙයි. මේ විස්මපත් බව දකින නුවරුන් ඒ ගැන අවඥා සහගත ව කියන්නේ 'ගොඩයට මැජික්' කියා ය. මේ විදියටම නුනත් මේ වාගේ කතාවක් දවසක් රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයාද රූපවාහිනී වැඩසටහනක දී කීවා මතක ය.
එහෙත් නගරයට ආ පළමු දවසේ ම ගොඩයා දකින මේ මැජික් එකේ හෙවත් ඉන්ද්‍රජාලයේ අනුභාව සම්පන්න බව දෙවැනි දවසේ තරමක් අඩු ය. තුන්වැනි දවසේ නැත්තටම නැතිවේ. ඉන්පසු ගොඩයාට ඒවා තවදුරටත් ඉන්ද්‍රජාල නොවේ. සාමාන්‍ය දේ ය.
ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ද එසේ ය.
මේ කෘතියේ එන්නේ ජොසේ ආකේඩිඕ බුඑන්ඩියා නම් දිරිමත් මිනිසාගෙන් ඇරෑඹෙන පරම්පරා හතක කතාවයි.
ඔහු සහ ඔහුගේ බිරිඳ වන උර්සුලා ඉගුවාරෙන් සිය උපන්ගම හැර ගොස් අලුතෙන් ම ගමක් නිර්මාණය කරති.
ඔවුන් ගම හැර යාමට තුඩු දුන් හේතුව යථාව සේ පෙනෙන විස්මිත එකකි. විවාපත් ව කලක් ගත වී ඇතත් ජොසේ ආකේඩිඕ බුඑන්ඩියාට දරුවන් නැත. ඊට හේතුව ඔහුගේ අප්‍රාණක බව ය’යි කියමින් පෘඩෙන්ෂියෝ අගුඉලාර් නම් තරුණයෙක් ඔහුට සමච්චල් කරයි. බුඑන්ඩියා ඔහුගේ උගුර සිදුරු කර ඔහු මරා දමයි. ඔවුන්ට දරුවන් නැති හේතුව වන්නේ තමන් අතර සම්භෝගයකින් උපදින දරුවන්ට වලිගයක් තිබෙනු ඇත’යි සිතන උර්සුලා ඔහු ඉන් වළක්වාලීමයි. අගුඉලාර් මරා දැමූ රාත්‍රියේ බුඑන්ඩියා සිය බිරිඳ දූෂණය කරයි.
මේ අතර අගුඉලාර්ගේ අවතාරය සෑම රැයකම පැමිණ අනුකම්පා දනවන අයුරින් ඔවුන් ඉදිරියේ පෙනී සිටියි.
ඉතින් කොයිහැටි වෙතත්ඔවුන්ට පුත්තු දෙදෙනෙක් උපදිති. වැඩිමලා ජොසේ ආකේඩියෝ වන අතර දෙවැන්නා වනුයේ අව්රෙලියානෝ ය.
ඒ අවතාරය නිසා ඔවුන්ට තවදුරටත් එගම වසන්නට සිත් නොදේ. ඔවුහු ගම හැර යති. ජොසේ ආකේඩියෝ බුඑන්ඩියාගේ සිහිනයකට අනුව අලුත් ගම සොයා ඔවුන් යන්නේ දිගු ගමනකි. ඔවුහු සැම අතින් ම ජලයෙන් වට වූ දූපතක් වැනි ගමක් ගොඩ නගති. ඒ ගමට ඔවුන් දෙන නම මැකොන්ඩෝ ය. එහි දී ඔවුන්ට දියණියක උපදියි. අමරන්තා නම් ඇය ඉපදී දින දෙක තුනකින් මව වන උර්සුලා ඇයට ඔහේ ඉන්නට හැර අහිගුණ්ඨික කණ්ඩායමක් සමග වහංගු වි ගිය සිය වැඩිමල් පුත් ජෝසේ ආකේඩියෝ සොයනු පිණිස යයි. ඇය ආපසු එන්නේ මාස තුනකට ඉක්බිතිව ය. එතෙක් බිලිඳිය බලා කියා ගන්නේ පියා වන ජොසේ ආකේඩිඕ බුඑන්ඩියා ය.
මේ අතර ඔවුන්ගේ පවුලට පිටස්තර පවුලක දැරියක් එක් කැර ගන්නට සිදුවේ. උර්සුලාගේ දුර නෑ පවුලක සාමාජිකාවක වු ඇයට ඇත්තේ අමුතු ඇවතුම් පැවතුම් ය. ඇය සාමාන්‍ය ආහාර නොගන්නා අතර බුදින්නේ පස් සහ බිත්තියේ හුණු ය. ඇයට සාමාන්‍ය ආහාර පුරුදු කරන්නට උර්සුලාට මහත් ආයාසයක් දරන්නට සිදුවේ. මේ පවුලට ම තවත් පිරිමි දරුවෙක් ද එක් වේ. ඒ අහිගුණ්ඨික රැහැට එක් වන්නට පෙර පිලාස් ටර්නෙරා නම් වැඩිහිටි ස්ත්‍රියක් සමග එක්වීම නිසා උපදිින ආකේඩියෝ ලෙස නම් ලබන දරුවා ය.
ඒ ගැහැනිය අවුරෙලියානෝ බුඑන්ඩියා සමග යහන්ගත වීමෙන් ද පිරිමි දරුවෙක් ලබයි. ඔහු අවුරෙලියානෝ ජෝසේ ය. මේ කොල්ලා පුංචි සන්දියේ නැන්දා වන අමරන්තා විසින් ලිංගිකව අපයෝජනය කිරීමකට ලක් වන්නෙකි. ලොකුමහත් වු පසුව ඔහු අමරන්තාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන නමුත් ඇය එව ප්‍රතික්ෂෙප කරන්නීය. එහෙත් ඔවුන් දෙදෙනා අතර එක්වීමෙන් උපදින දරුවාට (උගේ මී අත්තම්මා වන උර්සුලා සැමදා බියෙන් සිිටි පරිදි) ඌරු වල්ගයක් තිබේ. දරු උපතින් පසු අමරන්තා මියයයි. දරුවා පියා විසින් රැක බලා ගනු නොලබන අතර කූඹින් විසින් දෂ්ට කරනු ලැබ මියයයි. මළ සිරුර කූඹින් කාදමා තිබී සොයාා ගැනේ.
ජොසේ ආකේඩියා හදිසියේ ම ආපසු එයි. ඔහු හඳුනා ගනු ලබන්නේ මව විසින් පමණි. ඔහුගේ අංගජාතය විස්මිත එකකි. ගමේ ගෑනු ඊට වහ වැටී සිටිති. දවසක් රෑ ඔහුගේ කාමරය වෙත යන රිබෙකා ඔහු හා සම්භෝග සුව විඳින්නට කැමැත්ත පළ කරන්නීය. එසේ එක්වන ඔවුහු පසුව විවාහ වෙති. උර්සුලා ඊට විරෝධය පළ කරතත් බුඑන්ඩියා කිසිවක් නොකියයි.
මේ ගම හුදෙකලා එකක් වන නමුත් පිටතින් මිනිස්සු එහි එති; යති. එහෙත් ගම්වැසියන් බැහැර යන්නේ ඉතා කලාතුරකිනි. ගමට එන අය අතරින් වැදගත් පුද්ගලයන් දෙදෙනකු වන්නේ මැල්කුවාඩේස් නමැති අහිගුණ්ඨික විජ්ජාකාරයා සහ පරිපාලනය පිණිස ආණ්ඩුවෙන් පත් කැර එවන දොන් අපොලිනාර් මොස්කොටේ ය. ගමට 'විද්‍යාවේ ආලෝකය' ගෙන එන්නේ මැල්කුවාඩේස් ය. ඒවා හුදෙක් විජ්ජා ම පමණක් නොවි ය. ජරපත් ව වියපත් ව ඔහු මියැදෙනේත් බුඑන්ඩියා නිවසේ දී මය. මරණයෙන් පසු ද ඔහු ඒ පවුලෙ අයට උපදෙස් දුන්නේ ය.
වෙනස්කම් සිදුවේ. ඒ හරහා දුම්රිය මගක් ඉදිවේ. අමෙරිකානු සමාගමක් පලතුරු ආශ්‍රිත නිෂ්පාදන කම්හලක් ඉදි කොට පවත්වාගෙන යයි.
සංක්‍රමණිකයෝ පැමිණෙති. ඒ අතර ම බුඑන්ඩියාගේ ප්‍රභූත්වය එලෙස ම පවතියි.
මෙය පරම්පරා හතක කතාවකි. මේ පරම්පරා හත දක්වා ම බුඑන්ඩියා සහ උර්සුලා සිටිති. අවසානයේ බුඑන්ඩියා උමතු වෙයි. ඔහුගේ ජව සම්පන්න සොබාව තවමත් එලෙසම පවතින හෙයින් එළිමහනේ ගසක බැඳ තබන්නට සිදුවේ.
සේවක වර්ජන සහ කැරලි ඇතිවෙයි. කම්කරු සංහාරයක් ක්‍රියාත්මක වෙයි. මෙය 1928 නොවැම්බර් අවසානයේ කොලොම්බියාවේ සැන්ටා මාර්ටා නම් නගරයට ආසන්න ගමක අමෙරිකානු යුනයිටඩ් ෆෘට් කම්පනි නම් සමාගමේ සේවකයන් විසින් දියත් කළ වර්ජනය හා සබැඳෙන බව පැවසේ. දෙසැම්බර් 5 සහ 6 දෙදින තුළ වර්ජනය කළ කම්කරුවන් 3,000 පමණ මරා දමන ලද බව සඳහන් ය.
ඉහත දක්වා ඇති පරිදි කතාව ඇරඹෙන්නේ කර්නල් අව්රෙලියානෝ බුඑන්ඩියාට මරණ දඬුවම නියම කෙරෙන අවස්ථාවෙනි. ඔහු ජොසේ ආකේඩිඕ බුඑන්ඩියාගේ වැඩිමහල් පුත්‍රයා ය. ඔහුගේ අතීතාවර්ජනයකින් ඇරඹෙන කතාව ඉන්පසු සිද්ධිදාමයක් සේ ගලා යයි.
අවසානයේ මැකොන්ඩාව හුදෙකලා වෙයි.
මේ කෘතිය තුළ සිද්ධි අවුරන හුයක්සේ යටින් දිව යන්නේ උර්සුලා ඉගුවාරෙන්ගේ ස්ත්‍රීමය සහ මාතෘමය පෞරුෂයයි. පතිනියක සේ ම මවක් සේ ද කුලදෙටු ප්‍රභූ කතක්සේ ද, සියල්ලටමත් වඩා දුෂ්ටකමින් තොර කාරුණික ගැහැනියක සේ ඇගේ චරිතය ගොඩ නගා ඇති අයුරු අපූරු ය.
ඉතින් මෙහි මැජික් තිබේ. බොහෝ සිද්ධි මැජික් ය. හිතා ගන්නවත් බැරි දේ ය. එහෙත් ඒවා සිදුවේ. එසේම සියලුම චරිත කරන්නේ ද ඉන්ද්‍රජාලිකයන් කරන ඒවා ය.
මේ පොතේ ඇති පුංචි පුංචි කතන්දර සංඛ්‍යාව සියයකකට වැඩි වුණොත් මිස අඩු නොවනු ඇත. ඉතින් ඒ කතන්දර සියල්ල එක්ව මේ දිගු කතාව අවුරුදු සියයකටත් වඩා කාල පරාසයක පැතිර පවතින පරම්පරා හතක සාමාජියන්ගේ මේ කතාව කියයි.
පසු පිට කවරයේ ඇති The NewYork Times වෙතින් ගත් මේ උධෘතය මාකේස්ගේ මේ නිර්මාණය ගැන කරන හොඳම විවරණය ය'යි මට සිතේ.
'මේ විස්මයජනක නවකතාවෙන් කෙනෙකුට හරියට සිහිනයකින් අනාවරණය වන්නාක් වැනි ව ගිනිගෙන දැවෙන මානුෂීය සිතිවිලි හෙළිදරව් වෙයි. ඔහුගේ අභිලාෂය, කල්පනා ශක්තිය තරමට ම පුළුල් ය. ඔහුගේ දෙවවාදය අති විශිෂ්ට ය. ඇසි නිලංකාර කරවන සුලු ය.'
මෙහි එන්නේ කොලොම්බියාවේ ඉතිහාසය බව ඇතැම් විචාරකයකුගේ මතයයි. තවත් කෙනෙකුට අනුව ඒ වනාහි මාකේස්ගේ පවුලේ අතීතයයි.
මේ කෘතියෙන් පාඨකයාට ලබා දෙන්නේ සදාකාලික නවමු අත්දැකීමකි. ඉන්ද්‍රජාලික යථාර්ථය නම් මේ ය’යි හුදු ජනප්‍රියත්වය සඳහා අභව්‍ය ලිංගික ජවනිකා ඇතුළත් කොට කතන්දර ලියන ඇතැම් නවකතාකරුවන්ට මේ කෘතියෙන් උගත හැකි පාඩම් බොහෝ ය. තමන් ආභාසය ලැබුයේ සහ තමන්ගේ ලේඛකත්වය ඔප් නැංවූයේ මාකේස්ගේ මේ කෘතිය විසිනි’යි පවසන ලේඛකයෝ විශාල සංඛ්‍යාවක් ලොව පුරා සිටින බව ද බැහැර කළ හැකි නොවේ.
Cien años de soledad ඉංගිරිසි ඇතුළු ලොව පුරා භාෂා හතළිහ ඉක්මවන සංඛ්‍යවකට පරිවර්තනය වී ඇති බව සඳහන් ය.
අබේ දිසානායක සමග පසන් කොඩිකාර එක්ව නිමැවූ කෘතියක් වන ‘සියක් වසක හුදෙකලාව’ විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් 2003 වසරේ පළමුවරට මුද්‍රණයෙන් නිකුත් විය. මෙහි ඇත්තේ 2024 වසරේ නිකුත් වූ එහි පුණර්මුද්‍රණයේ පිටකවරයයි.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා
’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා
’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සියක් වසක හුදෙකලාව