මේ පොතේ නම පිළිබඳ ව මෙය සිංහලට පරිවර්තනය කළ ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මිය පොත අග ඇති සංස්කාරක සටහනේ මෙලෙස පැහැදිලි කරයි.
'මුලින් ම මේ කෘතියට තබා ඇති නම - සංස්කාර - පිළිබඳ හැඳින්වීමක් කළහොත් මැනවයි සිතේ.
"සංස්කාර" ආර්ථ රාශියක් ඇති වචනයකි. මේ කෘතියේ ලා සමහරවිට වඩා වැදගත් වනු ඇත්තේ හින්දු ධර්මය හා සම්ප්‍රදාය හා සම්බන්ධ අර්ථයි. ප්‍රථම කොට එය "ආත්මයක් නැවත නැවත සකස් වීම හරහා විකාශය වන්නා වූ පරමාත්මය කරා දිවෙන්නා වූ ක්‍රියාවලිය " ගම්‍ය කරයි. ඒ වනාහි "සත්ත්වයාගේ භව චක්‍රයට" ආසන්න සංකල්පයකි. මේ භව චක්‍රය තුළ කෙනෙකුගේ උපත හා මරණය මෙන් ම මරණය හා උපත අතර මංකඩ හෙවත් සංක්‍රාන්තිය මෙන් ම ඊට අදාළ ව කෙරෙන වතාවත් ද "සංස්කාර" නම දරති. මෙහි "සංස්කාර" යන නමට ආසන්නතම අරුත වනුයේ "මරණය හා උපත අතර සංක්‍රාන්තියේ වතාවත නොහොත් අවමංගල්‍ය වතාවත" යන්නයි.'
සංස්කාර යනු යූ.ආර්.අනන්ත මූර්ති නම් ඉන්දියානු ලේඛකයා විසින් කර්ණාටක ප‍්‍රාන්තයේ භාවිත කණ්නඩ බසින් ලියන ලද නවකතාවකි. එය 1965 වසරේ නිකුත් වූ මෙය ඒ. කේ. රාමනුජන් නම් ඉන්දියානු ලේඛකයා විසින් 1976 වසරේ ඉංගිරිසියට පරිවර්තනය කොට තිබේ.
ආචාර්ය යූ.ආර්.අනන්ත මූර්ති ඉන්දීය විශ්වවිද්‍යාල කිහිපයක ම ඉංගිරිසි භාෂා ආචාර්යවරයකු ව සිටි අතර මහාචාර්යවරයකු ලෙස ද දිගු කලක් සේවය කළේ ය. මහාත්මා ගාන්ධි අනුස්මරණ රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ උප කුලපති ධුරය කලක් හෙබැවූ ඔහු පසුව ඉන්දීය සාහිත්‍ය ඇකඩමියේ ද ඉන්දීය චිත‍්‍රපට සහ රූපවාහිනී ආයතනයේ ද සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇත. කණ්නඩ බසින් නිර්මාණකරණයේ යෙදුණු ආචාර්ය අනන්ත මූර්ති කෙටිකතා සංග‍්‍රහ අටක්, නවකතා පහක්, කාව්‍ය සංග‍්‍රහ තුනක්, එක් නාට්‍යයක් සහ විචාර ග‍්‍රන්ථ අටක් එළි දැක්වී ය. සංස්කාර ද ඇතුළු ඔහුගේ කෘති පහක් චිත‍්‍රපටවලට නගනු ලැබ තිබේ. 1994 දී ටයිම්ස් ඔෆ් ඉන්දියා පිරිනමන ‘ජනපිත්’ සම්මානය ද 1998 වසරේ ඉන්දීය රජය පිරිනමන ‘පද්ම භූෂණ’ සම්මානය ද ඇතුළු සම්මාන කිහිපයක් ම දිනාගත් ඔහු ශ‍්‍රව්‍ය හා මුද්‍රිත මාධ්‍ය දෙකේ ම ප‍්‍රකට මාධ්‍යවේදියෙක් ද වෙයි.
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ දුර්වාස පුර නම් කල්පිත බමුණු ගමක් පසුබිම් කැර ගනිමින් නිර්මිත කෙටි නවකතාවක් වන ‘සංස්කාර’ හි මුඛ්‍ය තේමාව වනුයේ සම්භාව්‍ය බමුණු දහම සහ සංස්කරණය කරන ලද සංකල්ප අතර අතිවන ගැටුම හා ඒ අනුව ඇතිවන අවුලයි. අවසානයේ දී සම්භාව්‍ය දෘෂ්ටිය සංස්කරණය වු මත වාදවලට යට වෙයි. අනතුරුව නූතනත්වය බිහිවෙයි. බමුණන්ගේ දැඩි වෘත ගැනීමට ගැළපෙන්නේ බමුණන් පමණක් වෙසෙන සමාජයකට ය. අතීතයේ පටන් ම බමුණෝ තමන් විශ්වය මැවූ බ‍්‍රහ්මන්ගේ මුවින් උපන්හ’යි දෙසමින් ඒ අනුව රාජ්‍යයට උපදෙස් දෙමින් වෛශ්‍යයන් සහ ශුද්‍රයින් පෙළමින් ශූර ලෙස අන්‍යයන් මත යැපෙමින් සිය ජීවිකාව ගෙන ගියහ. මෙහි දෝෂය මුලින්ම හඳුන්වා දුන් පුද්ගලයා වූයේ හයවන සියවසේ විසූ ශංකරාචාර්ය නමැති බ‍්‍රාහ්මණ පඬිවරයා ය. මොහුගේ ඉගැන්විම්වලින් සමාජයේ ඇති වු වෙනස්වීම් ශංකරකරණය නොහොත් සංකර වීම යනුවෙන් දක්නා ලැබේ. මේ අනුව කටයුතු කරමින් පමණ ඉක්මවා ගිය ඇතැම් බමුණෝ කෙස්ස කොටට කැපීම, ගවමස් අනුභවය, ශුද්ධ වු දැයට අවමන් කිරීම, පරදාර සේවනය, ශුද්‍රයින් සහ වෛශ්‍යයින් සමග හාදකම් පවත්වාගෙන යාම වැනි අවකල්ක්‍රියාවල යෙදුණෝ ය.
සංස්කාර නවකතාවේ එන නාරනප්පා නම් බමුණා එවැන්නෙකි. ඔහු සියලු බමුණු දම් අභියෝගයට ලක් කරයි. එමතු නොව සියලු බමුණන්ට අභියෝග කරයි.
එහෙත් ඔහු නරක මිනිසෙක් නොවීය'යි ඔහුගේ සහකාරිය වූ චන්ද්‍රි සිතයි. ඔහු බමුණන් ගර්හාවට ලක් කළේ ය. අසැබි වදනින් බැණ වැදුණේ ය. එහෙත් දෙවිවරුන්ට එරෙහිව කිසිවක් නොකී ය. ගම් දෙටුවා වන ප‍්‍රාණේශාචර්යට ද ඔහු කිසිදා අවමන් කළේ නැත. ඇත්තට ම නාරනප්පා ඔහුට ගෞරව කළේ ය. එළිපිට සැහැසි ලෙස හැසිරුණත්, රළු බස් දෙඩුවත් පිටස්තර පුද්ගලයන්ට හා තරුණයන්ට ඔහු මොළොක් හා කාරුණික විය. අවසන් මොහොතේ මරණ මංචකයේ ඔහු දෙවියන් යැද්දේ ය. ශුද්ධ නාම පමණක් කොඳුළේ ය. චන්ද්‍රිට මෙවා ගෑන ඒතරම් දැනුමක් නැතත් ඇය සිතන්නේ සාම්ප‍්‍රදායානුකූල ව ඔහුගේ අවමංගල්‍යය සිදු නොකළහොත් ඔහු ප්‍රේතාත්මයක් ලබනු ඇති බවයි.
ඊට ප‍්‍රතිවිරුද්ධ සාම්ප‍්‍රදායික බ‍්‍රාහ්මණයා ශාස්ත‍්‍රයේ කෙළ පැමිණි ප‍්‍රාණේශ් නොහොත් ප‍්‍රාණේශාචර්ය නම් වෙයි. ගමේ වසන අනෙක් බමුණෝ කිසිවෙක් ප‍්‍රාණේශාචාර්ය තරම් අවංක හා ප‍්‍රතිපත්ති ගරුක නොවෙති. ඔවුහු සියල්ලෝ ම රහසේ බමුණු දම් කෙලෙසති. වෙනස නම් නාරනප්පා මෙන් ප‍්‍රසිද්ධියේ ඔවුන් ඒවායේ නොයෙදීමයි.
ප‍්‍රාණේශ්ට පැටි වියේ ම සරණ පාවා ගන්නා ලද භාගීරථී නම් බිරියක් සිටින නමුත් සහජ රෝගිනියක වන ඇය හා ඔහු කිසි දා සම්භෝග සුවය අත් විඳ නැත. ධර්මයටම ඇලී ගැලි සිටින පණ්ඩිතයකු වන ඔහු ඒ ගැන සිතන්නේ ද නැත. අඩු තරමින් ඔහු කිසිදා කාන්තා සිරුරක් නිරුවත් ව දැක ඇති ද යන්න පවා සැක සහිත ය. උදෑසන අවදිවන ඔහු සිය බිරියට උවටැන් කරයි. අහර පිළියෙල කරයි. ඉන්පසු පාතරාසය ගෙන ස්තෝත්‍ර සජ්ඣායනයේ යෙදෙයි. ගමේ සියල්ලෝ ඒවාට සවන් දෙනු පිණිස ඒ වෙලාවට ඔහුගේ මිදුලේ රැස්වෙති.
පොත ඇරඹෙන්නේ නාරනප්පාගේ මරණයෙනි.
නාරනප්පා මිය යන්නේ උණක් වැළැඳී අසාධ්‍ය වීමෙනි. ඔහුගේ කකුලේ කුද්දෙටි ද තිබු බව මරණය ප‍්‍රාණේශාචාර්ය වෙත දැනුම් දෙන අවස්ථාවේ නරනප්පාගේ බිරිය වන චන්ද්‍රි පවසන්නීය.
චන්ද්‍රි යනු හීන ජන්මීය කාන්තාවක් බව ද සිහියේ තබා ගනු වටී. මන්ද මේ සම්පූර්ණ ගැටලුවට මුල ඇය බැවිනි. නාරනප්පා ඇය සහේට ගන්නේ නිරතුරු ව රෝගී වූ සිය බිරිය අතැර දමමිනි. මෙය දැඩි ලෙස බමුණු දහම් උල්ලංඝනය කිරීමකි. අනෙක් කවර බමුණු දහමක් උල්ලංඝනය කළ ද බමුණන් සමාව නොදෙන්නේ ඒයට ය. ධර්මය බිඳ දමන්නේ එපමණකින් නොවේ. ඔහු මත්පැන් බොයි, ගවමස් බුදියි, කෝවිලේ පොකුණේ මසුන් අල්ලා අනුභවයට ගනියි. බමුණු වෘත බිඳින්නට තරුණ පෙළ යොමු කරයි.
එහෙත් ඔහු බ්‍රාහ්මණ්‍යයෙන් හෙවත් බමුණු බවින් නෙරපන්නට ප‍්‍රාණේශාචාර්ය පියවර නොගන්නේ ඇයි? එසේ කළේ නම් ඔහු ඉස්ලාමය වැළඳ ගන්නට ඉඩ තිබිණි. එසේ වූවා නම් සියල්ලන්ට ගම් පියස හැරදා යන්නට සිදුවේ.
චන්ද්‍රි අවුත් නාරනප්පාගේ මරණය සැල කරන අවස්ථාව වන විට ප‍්‍රාණේශාචාර්ය පාතරාසය වළඳන්නට සූදානම් වූවා පමණි. දැන් ඉතින් අහර ගැනීමක් නැත. බමුණකු මළ විට අන් බමුණන් මිනිය තිබෙන තාක් උපවාස කළ යුතු ය’යි වේද ග‍්‍රන්ථවල සඳහන් වන බැවිනි. නාරනප්පා බමුණු දම් උල්ලංඝනය කළ බැව් සැබැවි. ඔහු බමුණකු නොවේ ය’යි ඇතැමුන් තර්ක කරන බව ද සැබැවි. එහෙත් බොහෝ දෙනාගේ මතය වනුයේ ඔහු බ‍්‍රාහ්මණත්වයෙන් නෙරපා නොහළ නිසා තවදුරටත් බමුණකු ම වන බවයි.
ප‍්‍රාණේශාචාර්ය මෙසේ කියයි:
'ඔහු මළේ කුලහීනයකු ලෙස නොව බ්‍රාහ්මණයකු ලෙසයි. එසේ හෙයින් ඔහුගේ මළ සිරුරට අත ගැසිය හැක්කේ වෙනත් බ්‍රාහ්මණයකුට ම පමණයි. බ්‍රාහ්මණ කුලයට පිටස්තර කෙනෙකු ලවා එය කරවා ගත්තා නම් අප, අපේ බ්‍රාහ්මණ්‍යය කෙලෙසා ගන්නවා විය හැකියි. එහෙත් මේ මොහොතේ ම නොපමාව නාරනප්පාගේ අවසන් කටයුතු සිදු කරන්නයි මට කිව නොහැකියි. එසේ අණ කරන්නට මා පැකිළෙන්නේ ඔහු ජීවත් වු සැටි ඔබ සැම දන්න නිසා. අපි කුමක් කරමුද? ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථවල මේ පිළිබඳ ව නියත වශයෙන් ම සඳහන් ව ඇත්තේ මොනවා ද? ධර්මයට පිටුපාන නොපනත්කම්වලට සමාවක් ඇත්ද?'
මෙතැන දැන් ඇත්තේ උභතෝකෝටිකයකි. සියලු බමුණු දහමේ කෙළ පැමිණියත් ප‍්‍රාණේශාචාර්යට මෙයට විසඳුම් නොමැත. ගමේ වෙසෙන අනෙත් බමුණෝ ප‍්‍රාණේශාචාර්යගේ ද අනුමැතිය ඇතිව වෙනත් උපාය මාර්ගයක් යොදති. බ්‍රාහ්මණ කුලයක ම වන නමුත් අදහන් දෙවියන් නිසා 'අඩු උසස් බවකින් යුතු' කණ්ඩායමකට අවමංගල වතාවත් පැවරීමයි ඒ. එහෙත් එගම නායකයා තත්ත්වය නියමාකාරයෙන් වටහා ගෙන උපක්‍රමශීලීව කාරණය මගහරියි. ඔහු කියන්නේ ප‍්‍රාණේශාචාර්යට බැරිවුණා නම් තමන් පිළිතුරක් දෙන්නේ කෙසේ ද යනුයි.
මේ අතර ප‍්‍රාණේශාචාර්ය ගැටලූවට විසඳුමක් සොයා යන්නේ ගමේ සිට කිලෝ මිටර් කිහිපයක් ඔබ පිහිටි මරුටි (හනුමාන්) දෙවොල වෙත යි. චන්ද්‍රි ද රහසින් ඔහු පසුපස වැටෙන්නේ අඩු කුල අනියම් බිරිඳක වන තමාට අනෙක් බමුණු බිරියන්ගෙන් වන හිංසා ඉවසා ගත නොහෙන හෙයිනි. ඒ දෙවියන්ගෙන් ද පිිළිසරණක් නොලැබ බොහෝ රෑ වී ආපසු එන ගමනේ දී ප‍්‍රාණේශාචාර්ය චන්ද්‍රි හා පාශයේ බැඳේ. මරුටි දෙවියන් ඔහුට ලබා දෙන විසඳුම එබඳු ය.
ඔහු ඒ සුවය ජීවිතයේ ප‍්‍රථම වරට ලබා ගන්නේ කුලහීන කාන්තාවක් වන චන්ද්‍රි වෙතිනි. ඉතින් කෝ බමුණ දම්? මේ කාරණය අවංක ධාර්මිකයකු වන ප‍්‍රාණේශාචාර්යගේ අභ්‍යන්තරයේ තමා කෙරෙහි ම පිළිකුලක් ඇතිි කරවන්නට හේතු වෙයි.
සිය නිවෙස වෙත ආපසු ආ ප‍්‍රාණේශ් දකින්නේ සිය බිරිඳ මිය ගොස් සිටින බවය. ඔහු නොමැති අතරවාරයේ ගමේ නිවෙස්වල මීයන් මැරි වැටෙන බවත් උන් ගොදුරු කැර ගැනීම සඳහා ගිජු ළිහිණින් පියැසි මත වසා සිටින බවත් ඔහුට දැන ගන්නට ලැබේ. මෙය මහා ව්‍යසනයක පෙර නිමිත්තක් බව සියල්ලෝ කියති. ගමේ තවත් බමුණන් කිහිප දෙනෙක් ම අද්භූත උණක් වැළැඳී මියෙති. නාරනප්පාටත්, මීයන්ටත් මිය ගිය සිය බිරිය ඇතුළු සැමටත් වැළඳුණේ එකම උණක් බව කෙතරම් ශාස්ත‍්‍රයේ කෙළ පැමිණියකු වුවත් ප‍්‍රාණේශාචාර්යට අවබෝධ නොවේ. මේ උණට හේතුව නාරනප්පාගේ අවකල් ක්‍රියා බව අනෙක් බමුණෝ කියති. මේ උණ ගමට ගෙන ආයේ නාරනප්පා බවට සැකයක් නොමැති බව ද ඔවුහු අදහති. මේ වනාහි දේව සාපයකි.
බිරිඳ ආදාහනය කරන ප‍්‍රාණේශාචාර්ය ගමෙන් පලා යයි. ආපසු ගොස් නාරනප්පාගේ මිනියේ වතාවත් ඉටු කොට චන්ද්‍රි සහේට ගැනීම මැනව'යි කියා ද ඒ අතර ඔහු සිතයි.
චන්ද්‍රි නාරනප්පාගේ කුණු වු මිනිය දැක කම්පා වෙයි. දැන් කුමන හෝ ආකාරයකින් මෙය දැවිය යුතු ය. ඇය මුදල් ගෙවා මුස්ලිම් කෙනෙකුට වැඩේ පවරයි. ඔහු කරත්තයත් සමගම නාරනප්පාගේ මිනිය දවයි.
වියවුල් සිතින් නගරයට පිවිසෙන ආචාර්යට පුත්ත නමැති තරුණයකු මුණ ගැසේ. හීන ජන්මී ඔහු සිය බ‍්‍රාහ්මණත්වය නිසා මුල දී පිළිකුල් කළත් පසුව ප‍්‍රාණේශාචාර්ය සිය පුතකු මෙන් ඔහු ගැන සිතයි. එහෙත් නාගරික තරුණයකු වන පුත්ත එසේ නොසිතයි. ඔහු මේ වැඩිමහල් මිනිසා ගණිකාවක් වෙත පවා ගෙන යයි. එහෙත් ප‍්‍රාණේශ් එය මගහරියි.
අවසනැ ප‍්‍රාණේශාචාර්ය පුත්තගෙන් වෙන් ව සිය ගම් පියසට ආපසු යා හැකි ගැල් සාත්තුවකට නැග ගනියි. එහි සිටින්නෝ ද අඩු කුලයක මිනිස්සු ය. ප‍්‍රාණේශාචාර්ය අපේක්‍ෂා පූර්වකව ශංකා පරවශව බලා සිටී.
සංස්කාර නවකතාව ඇසුරින් පට්ටාභි රාම් රෙඞ්ඩි නිර්මාණය කළ ‘සංස්කාර’ චිත‍්‍රපටය 1971 වසරේ හොඳම ඉන්දියානු චිත‍්‍රපටයට හිමි සම්මානය දිනා ගත් අතර ලොකාර්නෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ දි තුන්වන ස්ථානයට තෝරා ගැනිණි.
ඒ.කේ.රාමනුජන්ගේ සංස්කාර ඉංගීරිසි පරිවර්තනය ඇසුරින් කළ සිංහල පරිවර්තන දෙකක් වෙයි. ට්‍රිලීෂියා ගුණවර්ධන විභවි ආයතනය වෙනුවෙන් කළ ‘සංස්කාර’ නමින් යුත් පරිවර්තනය 1998 වසරේ දී පළවූ අතර පියදාස රණසිංහ විසින් ‘සංස්කාර හෙවත් නරනප්පාගේ අවමංගල්‍යය’ නමින් කළ පරිවර්තනය 1999 වසරේ නිකුත් විය.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංස්කාර - යූ. ආර්. අනන්ත මූර්ති