(නිමල කොඩිතුවක්කු)
පක්ෂ භේදයකින් තොරව රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා බවට නව ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවැසීය.
තරුණයන්සමඟ උරෙනුර ගැටෙමින්, සංවාද කරමින් තරුණයන්ට අවස්ථා ලබා දිය හැකි තරුණ ජනාධිපති අපේක්ෂකයා ජයග‍්‍රහණය කිරීමට එක්වන්නැයි මේ රටේ සමස්ථ තරුණ ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට අද (08) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා
‘‘සජිත් පේ‍්‍රමදාස මහතා තරුණ තරුණියන් සමඟ සංවාද පැවැත්විය හැකි, අදහස් හුවමාරු කරගත හැකි තරුණයන්ට අවශ්‍ය නායකයෙක්. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉතිහාසයේ පළමු වතාවට තරුණ අවශ්‍යතා හඳුනාගෙන ඒ වෙනුවෙන් තරුණ ප‍්‍රඥප්තියක් අත්සන් කරමින් පළමු වතාවට තරුණ සමාජය සමඟ ගිවිසුම් ගත වුණා. ඒවගේම ජයග‍්‍රහණය කර මාස තුනක් ඇතුළත එම තරුණ ප‍්‍රඥප්තිය නීතියක් බවට පත් කරන බවත් එතුමා ප‍්‍රකාශ කළා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී තරුණයින්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතන වලට විවිධ බලපෑම් එල්ල කළා.
තරුණ පිරිස් විදිහට ජාතිවාදය, ආගම්වාදය අපට අවශ්‍ය නැහැ. අපි හැමෝටම එක හා සමානව අවස්ථාව හිමි කරදෙන නිදහසේ ජීවත් විය හැකි සමාජයක් අපට අවශ්‍යයි.
තරුණ ප‍්‍රජාව සමඟ අදහස් හුවමාරු කරගන්න පුළුවන්, රටේ තීන්දු තීරණ ගනිද්දී තරුණ අයට අවස්ථාව ලබාදෙන්න පුලුවන් නායකයෙක් අපිට අවශ්‍යයි. මේ ජනාධිපති අපේක්ෂක ලයිස්තුවේ තරුණයින් සමඟ කටයුතු කරන්න පුලුවන් හොඳම අපේකෂකයා සජිත් පේ‍්‍රමදාස මහතායි.
අපිට හිට්ලර් වගේ පාලකයෝ එපා. අපිට අවශ්‍ය කරන්නේ හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙක්. ඒ නිසා පක්ෂ පාට භේදයකින් තොරව මේ රට වෙනුවෙන් තීරණයක් ගන්න කියා අපි තරුණ ප‍්‍රජාවට කියනවා‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.
තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.
ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘‘රටේ තරුණ ප‍්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා සජිත්‘‘