(විනීතා එම්. ගමගේ)
අපොස උසස් පෙළ නව නිර්දේශයේ ජීව විද්‍යා විෂයයෙහි ගුරුවරුන් සඳහා වන පරිශීලන ග‍්‍රන්ථය මේ වනතුරුත් මුද්‍රණය කර නැතැයි ගුරු සංගම් චෝදනා කරති.
ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට තවත් මාස තුනක් පමණක් ඉතිරිව තිබියදීත් එම පරිශීලන ග‍්‍රන්ථ තමවත් මුද්‍රණය කර නැති බවත් එය අන්තර්ජාලයේ පමණක් පළ කර ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
එය ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පළ කිරීම නිසා සිංහල හා දෙමළ භාෂාවෙන් විෂය හදාරන සිසුන්ට බලවත් අසාධාරණයක් වන බවත් හෙතෙම සඳහන් කළේය.
ජීව විද්‍යා විෂයයට අදාළ ඒකක 10ක් පරිශීලන ග‍්‍රන්ථයේ අඩංගු විය යුතු නමුත් අන්තර්ජාලයේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවී ඇති ග‍්‍රන්ථයේ ඇත්තේ ඒකක 8 ක් පමණක් බව කී ස්ටාලින් මහතා ලබන අගෝස්තු මාසයේ විභාගයට පෙනී සිටින උසස් පෙළ ජීව විද්‍යා හදාරන දරුවන්ට සිදුවන අසාධාරණයට වගකියන්නේ කවුදැයි විමසා සිටියේය.
පරිශීලන ග‍්‍රන්ථය යනු විෂය අන්තර්ගතය කෙතරම්දුරට ඇත්දැයි පැහැදිලි කරමින් ගුරුවරුන් සඳහා නිකුත් කෙරෙන ග‍්‍රන්ථයක් බවත් නව නිර්දේශයට අදාලව ගුරු අත්පොත් නිසිවේලාවට ගුරුවරුන් වෙත නොලැබුණු බවත් හෙතෙම සඳහන් කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘උසස්පෙළ ජීව විද්‍යා ගුරු පරිශීලන ග්‍රන්ථ තවමත් නිකුත් කර නැහැ’