(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයෙන් සැලකිය යුතු කාලයකට පසු රට තුළ ජාතිවාදී කැළඹීමක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත්, ඒ පසුපස කිසියම් දේශපාලන න්‍යාය පත්රයක් තිබිය යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
එබැවින් මෙම සිද්ධීන් සම්බන්ධව දැනට අත්අඩංගුවට ගෙන සිටින්නන්ගේ දේශපාලන පසුබිම කුමක්ද යන්න සොයාබැලිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මේ බව පැවසුවේ ‘ජාතික මග’ මහජන ව්‍යාපාරය මගින් කොළඹ, පදනම් ආයතනයේදී අද (15) පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
කුලියාපිටිය, කුරුණෑගල, මිනුවන්ගොඩ ආදී ප‍්‍රදේශවල ඇතිවූ ගැටුම් පිටුපස සිටි පිරිස් මීට කලකට පෙර දිගනදී ඇතිවූ සිද්ධීන් පසුපස සිටි පිරිසම බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන් ඉටුකරන්නේ අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම්වල අරමුණු බව ද කියා සිටියේය.
ගැටුම් අවුස්සා තම පිරිස් බලය වර්ධනය කරගැනීම අන්තවාදී පිරිස්වල අරමුණ වී ඇති බැවින් එම අරමුණු වෙනුවෙන් සහය දෙමින් රට යථා තත්ත්වයට පත්වීම වළක්වන්නේ කවුරුන්ද යන්න කඩිනමින් සොයාගත යුතු යැයි ද පැවසීය.
මද්‍රසා පාසල් ආදිය නිසි ලෙස කළමනාකරණය කළහොත් මෙතෙක් තුලනාත්මක අයුරින් සිදුවූ දහම් අධ්‍යාපනය වෙනුවට අන්තවාදී දහම් අධ්‍යාපන ක‍්‍රමයක් රට තුළ ස්ථාපිත වනු ඇතැයි ද පරණවිතාන මහතා කීවේය.
‘ජාතික මග’ මහජන ව්‍යාපාරය වෙනුවෙන් නීතිඥ රවි ජයවර්ධන, මාධ්‍යවේදී සමන් වගාරච්චි, කථිකාචාර්ය චින්තක කරුණාරත්න, සිවිල් සමාජ ක‍්‍රියාකාරී බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘ජාතිවාදී කැළඹීම් පිටුපස දේශපාලන න්‍යාය පත්රයක් තිබිය යුතුයි’