(නිමල කොඩිතුවක්කු)
හතරවන කාර්මික විප්ලවයෙන් ලෝකයේ සෞඛ්‍ය පහසුකම් දියුණුවට පත් වන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර රටේ ආර්ථික , සමාජීය සැලසුම් සකස් කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (24) පැවැසීය.
තාක්ෂණයත් සමඟ දියුණුවන ලෝකය ජය ගැනීම සඳහා සෑම ක්ෂේත්රයක්ම එකසේ ඉදිරියට යා යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ කිංස්බෙරි හෝටලයේ පැවැති හතරවන කාර්මික විප්ලවය සහ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
‘‘හතරවන කාර්මික විප්ලවය පිලිබඳ සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් කතා කිරීම ඉතා විරල තත්ත්වයක් වනවා. එහෙම තිබියදී මෙවැනි මාතෘකාවක් තෝරාගැනීම කාලෝචිතයි.
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ කතා කිරීමේදී අපේ සෞඛ්‍ය ක්ෂේත්රය ඉතා සීඝ්රයෙන් දියුණු වෙමින් පවතිනවා. ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර කාටවත් සම කරන්න බැහැ.
සෞඛ්‍ය ක්ෂේත්රය තව දියුණු කිරීම සඳහා නවීන තාක්ෂණික උපක්‍රම යොදාගත යුතුයි. ඒ සඳහා යන වියදම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. මුලින් එම වියදම අධිකව පැවතුනත් පසුව එම මිල අඩුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
හතරවන කාර්මික විප්ලවයත් සමඟ පවතින තත්ත්වයන් වෙනස් විය හැකියි. තුන්වන කාර්මික විප්ලවයේදී එය සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන අන්දම සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන් වුණා.
ආසියානු කලාපයේ රටවල් හතරවන කාර්මික විප්ලවයට මුහුණ දෙන්න සූදානමින් සිටිනවා. එහි සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගැනීමට එම රටවල් අපේක්ෂාවෙන් පසුවනවා.
අද රෝහලකට ගිහින් නේවාසික ප්‍රතිකාර ගන්න අවශ්‍ය නැති තත්ත්වයක් උද්ගත වෙමින් පවතිනවා. වෛද්‍යවරයා මුණ ගැහෙන්න පවා අවශ්‍ය නොවන තත්ත්වයක් මේ නවීන තාක්ෂණයත් එක්ක ඇතිවෙමින් තිබෙනවා. වෛද්‍යවරයා මුණ නොගැසි තාක්ෂණය උපකාරි කරගනිමින් අවශ්‍ය උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව අද තියෙනවා.
පළවෙනි ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ උණ රෝගයක් හේතුවෙන් මිලියනයක් පමණ මියගියා. ලංකාව ගත්තම අපි සෞඛ්‍ය අංශය දියුණු කරගෙන තියෙනවා. ඒක අපි තවදුරටත් රඳාපවත්වා ගත යුතුයි. නවීන තාක්ෂණය යොදා ගනිමින් එය තවත් දියුණු කළ යුතුයි.
ළමයින්ට පාසල් අධ්‍යාපනයත් සමඟ නවීන තාක්ෂණය කෙරෙහි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඔවුන් නව තාක්ෂණය කෙරෙහි නැඹුරු කළ යුතුයි.
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් දැන් සකස් කරමින් යනවා. එය පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා.
දැන් සමාජය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඉස්සර 55න් 60න් සමහරු විශ්‍රාම යනවා. දැන් සමහරු කැමතියි 70 ව 80 ව වෙනකම් වුනත් වැඩ කරන්න. සමහරු අසූව අනුව වෙනකම් ජීවත් වෙන්න උත්සාහ කරනවා. සෞඛ්‍ය දියුණුවත් එක්ක ඒ සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා.
සෞඛ්‍ය දියුණුවත් එක්ක ආයු කාලය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අය බලාගන්නේ කොහොමද ඒ සඳහා වැඩපිළිවළක් සකස් කරන්නේ කොහොමද ඒ සඳහා අවශ්‍ය මුදල් සපය ගන්නේ කොහොමද කියලා රටකට බලන්න සිද්ධ වෙනවා.
ඒ අනුව ආයුකාලය වැඩිවීමට සරිලන ලෙස විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනා පිලිබඳවත් අවධානය යොමුකළ යතුයි’’ යනුවෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘තාක්ෂණයත් සමඟ දියුණුවන ලෝකය ජය ගන්න සෑම ක්ෂේත්රයක්ම එකට ඉදිරියට යා යුතුයි‘‘
bandara Wednesday, 24 October 2018 08:19 PM
"හොරකම ඒ අතරින් මූලික විය යුතුයි."
hasantha Thursday, 25 October 2018 12:59 AM
"අසාර්ථක නායකයන් හදුනාගත හැක්කේ ඔවුන්ට බලය දීමෙන් පමණකි"
කර්තිනි Thursday, 25 October 2018 01:25 AM
රට වැසියන්ට වයස 80 වෙනකම් වැඩ කරන්න පුලුවන්නම් අපේ මහා රජාට බැරි මොකද ?
කල්ප Thursday, 25 October 2018 01:57 AM
මැති තුමණි ඔබතුමාගේ අදහස් ඉතාම නිවැරදියි. නමුත් මේ රටේ ඉන්නේ රටට වඩා පක්ෂයත් පවුලත් ගැන පමණක් සිතන සෑම දෙයක්ම රජයෙන් ලබාගෙන අතපය නොවෙහෙසවා වැඩක්පලක් නොකර කකා බිබී සිටීමට කැමති ජනතාවක්.දේශපාලකයන් ගත්තත් පැයකට දෙකකට වාඩිවෙන්න ලක්ෂ ගණන් පුටු අවශ්‍ය පිරිසක්. මේ කාටවත් තාක්ෂණයත් සමඟ ඉදිරියට යන්නවත් ලොව ජය ගන්නවත් අවශ්‍ය නැහැ.
Bamunuarachchi Thursday, 25 October 2018 01:59 AM
ෂාහ් අපි ඕක දන්නේ අදනේ. මම පස්දුන් කෝරලේ කෙනෙක්. අපිට මල් පාත්තියකට දා ගන්න පස් ටිකක් හොයන්න අමාරුයි................
UNP 10% Thursday, 25 October 2018 05:56 AM
එක ඩීල් එකකින් ඩොලර් මිලියන 30ක් විතර කොමිසන් එකක් එක්ක !