(නාලක සංජීව දහනායක)
අදක්‍ෂ ආර්ථික පරිපාලනය හේතුවෙන් හෝ වංචනික ලෙස පොළී අනුපාතය වැඩිකිරීම නිසා බැඳුම්කර සඳහා 2015 වසරේ සිට දැවැන්ත පොළියක් ගෙවීමට සිදුවී ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 834.6 (රුපියල් බිලියන 151) විදේශ විනිමය පාඩුවක් සිදුව ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (20) පැවැසීය.
එම මුදලින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සහ මෙගාවොට් 900ක නොරොච්චෝලේ තාප බලාගාරය වැනි තාප බලාගාරයක් ඉදිකිරීමට අවස්ථාව තිබූ බව ද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවැසීය.
ඉකුත් රජය 2007 වසරේ සිට 2014 දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 5,500ක බැඳුම්කර හතරක් නිකුත්කළ බව සඳහන් කළ හිටපු මහ බැංකු අධිපතිවරයා ඒ සඳහා ගෙවන පොළී අනුපාතය වසරක් පාසාම අඩුවූ බවද සඳහන් කළේය.
එහෙත් වත්මන් රජය 2015 සිට 2019 වසර දක්වා වූ අවුරුදු හතරේදී ඇමරිකානු ඩොලර් මිලියන 10,050 ක අගයකින් යුතු බැඳුම්කර නවයක් නිකුත් කර ඇතැයි කී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතා ඒ සඳහා ගෙවන පොළී අනුපාතය පසුගිය වසර දහයේම බැඳුම්කර සඳහා ගෙවු පොළී අනුපාතයට වඩා 71%න් වැඩිවී ඇතැයි ද සඳහන් කළේය.
තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, ග්‍රීසිය සහ බොට්ස්වානා වැනි රටවල බැඳුම්කර පොළී අනුපාතය අප රටට වඩා බෙහෙවින් අඩු යැයි සඳහන් කළ ඔහු මේ හේතුවෙන් අප රට පිළිබඳව ආයෝජකයන් දැඩි කනස්සල්ලකින් පසුවන බවද කීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘බැඳුම්කර පොලිය වැඩිකිරීමෙන් බිලියන 151 ක පාඩුවක් වුණා’