(නිමල කොඩිතුවක්කු)
මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති සිහිනය බොද වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය.
ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් මෛත‍්‍රීපාල සහ මහින්ද පිල එකිනෙකාට චෝදනා කරමින් වේදනාවෙන් කෑ මොර දෙමින් අදෝනා නගමින් සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා මෙසේද කීය.
"ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ කථිකාවට පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ කණ්ඩායම අතරත් ගැටුම් ඇතිවෙමින් තිබෙනවා.
අපිත් එක්ක හිටපු මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පූජාවක් කළා. සාමාන්‍යයෙන් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. එතුමාගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ කණ්ඩායම සමඟ සන්ධාන ගත වීමෙන් 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සිරිසේන මහතාට ඉදිරිපත් වෙන්න හැකියාව ලැබෙයි කියලා.
මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇහෙන වෙඩිමුර සද්ද ඒතරම් ගුණ නැහැ. දයාසිරි ජයසේකර මහතා ප‍්‍රමුඛ කණ්ඩායම බොහොම තදට පොහොට්ටු කණ්ඩායමට ප‍්‍රහාර එල්ල කරමින් තිබෙනවා.
පොහොට්ටු පක්ෂයෙනුත් දැන් එයට ප‍්‍රතිචාර එල්ල වෙමින් තිබෙනවා. පොලොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පහුගියා කිවුවා මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගෙදර ඉන්න බල්ලා තරම්වත් විශ්වාස නැහැලූ. එහෙම විශ්වාස නැත්නම් කොහොමද ඔක්තෝම්බර් 26 ආණ්්ඩුවක් පිහිටෙවුවේ කියලා අපි අහනවා.
දෙපාර්ශවයෙන්ම මේ මතු වෙමින් ඉන්නේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කිරිම සම්බන්ධ අදෝනාවයි. අපිට මේ ගැන කිසිම ප‍්‍රශ්ණයක් නැහැ. අපිට ජනාධිපතිවරණය සදහා තරඟ කරන්න ඕන තරම් කන්ඩායම් ඉන්නවා."
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මෛත්‍රීගේ ජනපති සිහිනය බොඳවෙමින් පවතින බව කියයි