(විනීතා එම් ගමගේ)
සියලුම වෘත්තියවේදීන් එකට එක්ව දේශපාලනයෙන් තොරව රටේ හෙට දවස වෙනුවෙන් නැගී සිටියයුතු යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ආචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කීවාය.
රට වෙනුවෙන් වැඩ කරන්නට නම් දේශපාලන භේද අමතක කළයුතු බවත් අරමුණ ලෙස තබාගත යුත්තේ රටේ හෙට දවස පමණක් බවත් ඇය කීවාය.
අද පවතින තත්ත්වය වලකා රට රැක ගන්නට ගන්නා කි‍්‍රයාමර්ග මොනවාදැයි පෙන්වා දෙන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව කී හිරිඹුරේගම මහත්මිය බුද්ධි අංශවලට මුස්ලිම් ජනතාවත් බොහෝ උපකාර කරන බැවින් සාමාන්‍ය ජනතාව එකට එකමුතුව සිටින්නට පරිසරය හදා දිය යුතු යැයි ද කියා සිටියාය.
මේ ගැටුම් ඇති කරන්නට සමහර පිරිස්වලට අවශ්‍ය වී ඇති සැටියක් පෙනී යන්නේ යැයි ද එම තතත්වයන් වළකා සියලූ දෙනාට සාමකාමීව සිටිය හැකි රටක්නිර්මාණය කිරීමට රජයට ඇත් වැඩ පිළිවෙල කුමක්දැයි පෙන්වා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද ඇය තවදුරටත් කීවාය.
හිරිඹුරේගම මහත්මිය මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද (30) පැවති මවුබිම සුරැකීමේ ජාතික බලවේගය සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
මාධ්‍ය හමුව ඇමතූ පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටියේ රටේ ආරක්ෂාව තිස් අවුරුදු යුද්ධයක් අවසන් වී දස වසරක් ගතවු තැන ආපස්සට ගිය බවය.
රටට අභිමානයක් ඇති වන්නට නම් ආරක්ෂාවක් තිබිය යුතුම යැයි ද ඒ සදහා ඉතා සුදුසු වැඩ පිලිවෙලක් ආරම්භ කිරීම ආණ්ඩුවේ වගකීම යැයි ද උන්වහන්සේ පැවැසූහ. ෙ
රටට තිබු ආරක්ෂාව නැති කර දමා වත්මන් පාලකයන් ට අවශ්‍ය වූයේ විදෙස් හමුදාවලින් සහය ලබා ගැනීමට යැයි ද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
ජනතාව දැන් පවසන්නේ ආණ්ඩුව වහා ගෙදර යායුතු බවත් නොයන්නේ නම් වහා ඉවත්් කර ගෙදර යැවිය යුතු බවත් යැයි ද මුරුත්තෙට්ටුවේ හිමියෝ කීහ.
රටට නීතියක් තිබිය යුතු යැයි කී උන්වහන්සේ රටේ නීතිය බල්ලාට ගිය යුගයක් යැයි ද පවසා සිටියහ.
රටේ ආරක්ෂාවට තර්ජනයක් ව ඇති පාර්ලිමේන්තුවේ නියෝජිතයින් වහා අත් අඩංගුවට ගන්නැයි රජයට බල කරන බව ද ආනන්ද හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකා වෛද්‍ය එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ බොරැල්ල ළමා රෝහලේ වෛද්‍ය මහින්ද වික‍්‍රමාරච්චි මහතා පාස්කු ඉරිදා ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලාංකික කිතුණුවන් පිරිස රට ජාතිය ත‍්‍රස්තවාදයෙන් මුදවා ගන්නැයි බීරි අලින් වූ පාලකයන්ට කණ් ලබා දුන් බවත් අද අලින්ට ඇස් ලබා දුන් බවත් කීය.
මේ විනාශය දැක දැක හොර නින්දේ පසුවන කැබිනට්ටුවට අවදිවෙයල්ලා කියමින් කස පහර දුන් බව ද හෙතෙම කියා සිටියේය.
ත‍්‍රස්තවාදියාට ආගමක් හෝ ජාතියක් නොමැති බවත් ලේ දකින්නට පමණක් කැමති ඔවුන් ට එරෙහිව අත්වැල් බැද ගැනීමට කටයුතු කළ යුතු බවත් වික‍්‍රමාරච්චි මහතා පැවසීය.
අද කතෝලික පල්ලියට පහර දෙන පිරිස් හෙට තවත් ආමකි ස්ථානයකට පහර දෙනු ඇති බවද එතෙක් බලා නොසිට අමන ත‍්‍රෂ්තවාදය තුරන් කරන්නට සියලූ දෙනා අත්වැල් බැද ගත යුතු බවත් පැවසූ වික‍්‍රමාරච්චි මහතා මිශ‍්‍ර පාසල් සදහා යොමු වීම ඊට හොද පිළිතුරක් වනු ඇතැයි ද සදහන් කළේය.
ආරක්ෂඛ අංශ සැක කටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පැවසුවත් මැති ඇමතිවරුන්ගේ හිතවත් කම් මත කී දෙනෙක් එළියට ගියා දැයි ජනතාව නොදන්නා බව ද හෙතෙම සදහන් කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
‘රටේ හෙට දවස වෙනුවෙන් වෘත්තියවේදීන් නැගී සිටිය යුතුයි’