(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් අවශ්‍ය බව පසුගියදා ඇතිවූ සිද්ධීන්ගෙන් පසු යළිත් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිධූරය බාල්දුවීමේ ප‍්‍රතිළුලය ලෙස වරදක් කරන නිලධාරියකු හෝ ධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිගින් දිගටම විධායක ජනාධිපතිධූරය වෙනස් නොකළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටියේ ඒ නිසා බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශක්තිමත් ජනාධිපතිවරයෙක් සිටියේ නම් හමුදාපතිවරයෙක් හෝ පොලිස්පතිවරයා නොසැළකිලිමත්ව කටයුතු කරන අවස්ථාවක ඉවත් කරදැමීමේ හැකියාව තිබෙන බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
වර්තමානයේ පවතින තත්ත්වය අනුව එවැනි අය ධූරයෙන් ඉවත් කිරීම සඳහා කොමිෂන් සභා හා පාර්ලිමේන්තුව හරහා ගොස් වන්දනා කර එනවිට නඬේ ගිහින් අවසන් වන බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.
දැන් එවැනි තනතුරු දරණ අය කුමන ආකාරයක වරදක් කළත් මේ ධූරවලට පත්වන අය ඉවත් කිරීමේ ඉක්මන් ක‍්‍රමයක් නැතැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.
අවශ්‍ය අවස්ථාවලදී හෝ පියවර ගතහැකි පසුබිමක් ඇතිකිරීමකින් තොරව රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය පරිදි 19 වැනි සංශෝධනය ගෙනඒම නිසා මෙවන් තත්ත්වයක් ඇති වූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘විධායකය දුර්වල කිරීමේ ප්‍රතිඵල පේන්නේ දැනුයි’
thilakasiri Thursday, 30 May 2019 05:05 AM
රටේ නීති හදන්නේ පාර්ලිමෙන්තුවෙනුයි. පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ රටේ හැමතැනම ඉන්න ජනතාවගේ කැමැත්තට අනුව පත්වූ විවිධ දේශපාලන විඥාන ඇති පක්ෂ වලින් බිහිවූන නියෝජිතයින්. රටේ යම් නීතියක් හදන විට ඒ දේශපාලන විඥාන අතර මත්ගටුමකින් ඇතිවන සම්ප්‍රුක්තය වීම තමයි වියයුත්තේ හදිසි අවස්ථාවකදී හා යුධමය අවස්ථාවකදී පමණයි විධායක ජනපති කෙනෙකු අවශ්‍ය වෙන්නේ. එ සඳහාද ජනපතිව පාලනය වන බුද්ධි මණ්ඩලයක් පාර්ලිමෙංතුවේ අනුමැතිය ඇතුව තිබිය යුතුයි. නැත්නම් ජනාධිපති කෙනෙකුට තනි තීරණ ගන්න දුන්නම සිදුවන දේ විධායක බලය දුර්වල කර තිබියදීත් වත්මන් ජනපති විසින් හිටි විධායක බලය තිබු ජනපතිවරු කල ආකාරයට කරන්න යාම නිසා සිදුවූ තත්වයට, ජනපති තනතුරට පත්වන පුද්ගලයා පත්වෙන බව පැහැදිලියි. විධායක ජනාදිපති කමට පත්වන්න තරම් සුදුසු පුද්ගලයෝ මිනිසුන් අතර බිහිවෙන්න නම් ආත්මාර්ථ කාමයෙන් තොර විය යුතුය. එවැන්නෙකු මනුෂත්වය ඉක්මවූ රහතන් වහන්සේ කෙනෙකුම විය යුතුමය.