(නිමල කොඩිතුවක්කු)
ජාතික විභාග වලට අමතරව විභාග දෙපාර්තමේන්තුව 2018 වසර සඳහා පැවැත්වූ සෙසු විභාගවල රාජකාරි කටයුතුවල නිරතවූ ගුරුවරුන්ගේ ගාස්තු මෙතෙක් ගෙවා නැතැයි ලංකා ගුරු සංගමය සදහන් කරයි.
ප‍්‍රයෝගික පරිකෂණ, ධර්මාචාර්ය විභාග, බැංකු- විභාග, විවිධ අමාත්‍යාංශවල විභාග ආදි විභාග රාජකාරි වල නිරත වූ ගුරුවරුන් සඳහා මෙලෙස ගාස්තු ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ සහ සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් විෂයන්ගේ උත්තර පත‍්‍ර ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්ගේ ගාස්තු පවා මෙතෙක් ගෙවා අවසන් කර නැතැයිද ඔහු සඳහන් කළේය.
එවැනි තත්වයක් තුළ විභාග රාජකාරී හා උත්තර පත‍්‍ර ඇගයීම් ගාස්තු ගෙවීම ප‍්‍රමාද කිරීමෙන් ඉදිරියේදි විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්නා ජාතික ඇගයීම් කි‍්‍රයාවලියට සැලකිය යුතු බලපෑම් ඇතිවිය හැකි බවද ස්ටාලින් මහතා පෙන්වා දෙයි.
ප‍්‍රමාද කර ඇති එම සියලූ දීමනා කඩිනමින් ගෙවන ලෙසත් එසේ නොකරන්නේ නම් අදාල ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජෝෂප් ස්ටාලින්මහතා සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා සහ විභාග කොමසාරිස්වරයා ඇතුලූ සියලූ බලධාරීන් දැනුවත් කර ඇතැයිද ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවැසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
විභාග රාජකාරී ගාස්තු නැතැයි ගුරු සංගමයෙන් චෝදනා