(නිමල කොඩිතුවක්කු)
බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර නොගැනීම සහ 2015 බලයට පැමිණිමට උපකාර කළ සංවිධානවල ක්‍රියාකාරිත්වය අඩුවීම මෙවර ජනාධිපතිවරණයේ පරාජයට හේතු වූ බව ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා කොළඹදී අද (03) පැවැසීය.
යහපාලන රජයෙන් සිදුවූ වැරදි සහ අඩුපාඩු හදාගනිමින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවෙන සියලූම බලවේග ඒකරාශි කරගනිමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.
කොළඹ මහජන පුස්තකාලයේදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජිත් අක්කරවත්ත මහතා මෙසේද කීය.
‘‘මෙවර ජනාධිපතිවරණ පරාජයට බලපෑ කරුණු බොහෝමයක් තිබෙනවා. මේක එක පුද්ගලයෙක් හෝ පුද්ගල පසුබෑමක් නිසා සිදුවූ දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට සිදුවු අතපසුවීම්, අඩුපාඩු හදාගනිමින් ඉදිරි මැතිවරණ ජයග්රහන වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.
2015 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අපිත් ඇතුලූව සංවිධාන හා විවිධ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එකතුවුනා. ඔවුන් ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එක අරමුනක් ඇතිව කැපවී ක්‍රියා කළා. නමුත් අපි මෙවර එවැනි තත්වයක් දැක්කේ නැහැ.
පැවති රජයේ මැති ඇමතිවරුන් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඉලක්ක කරමින් විවිධ ප්‍රකාශ කළා. ඒවා නිවැරදි කිරීමට කිසිවකුත් කටයුතු කළේ නැහැ. මේ නිසා බෞද්ධ ඡන්ද පදනම අපෙන් ඈත් වුණා. ඒ වගේම දැන උගත් ජනතාව, නාගරික ජනතාව ඇතුළු බොහෝ පිරිසක් අපෙන් ඇත් වුනා. මේ සියලූ කාරණා අපේ පසුබෑමට හේතු වුණා.
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරිම වෙනුවෙන් අපි යළිත් සිංහළ, බෞද්ධ ජනතාවගේ ආදරය විශ්වාසය දිනාගත් පුද්ගලයන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කල යුතුයි. ඒ වගේම ඒ ඡන්ද දිනාගැනිම වෙනුවෙන් වැඩපිළිවලක් සකස් කළ යුතුයි. මේ ගමන සදහා 2015 දි රජය බලයට පත් කිරීම සදහා කැපවුණු සියලූ පාර්ශව වලට යළිත් ආරාධනා කළ යුතුයි’’ යැයිද ඔහු එහිදි පැවැසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුජිත් අක්කරවත්ත එජාපය පරාජවීමට හේතු කියයි