(නාලක සංජීව දහනායක)
තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය පම්පෝරි ගැසුවද අතුරු සම්මත ගිණුම සම්මත කිරීමේදී ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව තහවුරු වූ බව කලූතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24) පැවැසීය.
බහුතර බලයක් නැති මේ ආණ්ඩුව වැඩිකල් නොපවතින බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
"ගතවූ අවුරුදු තුනහමාරක කාලය තුළදී එක්සත් ජාතික පක්‍ෂ රජය වැරදිකළ බව කියන්නේ අපි නෙවෙයි ඒ රජයේම ඇමතිවරුන්මයි. ඒ නිසා දැන්වත් තමන්ගේ අතින් සිදුවූ වැරදි නිවරදි කරගන්න ඕන බව ඔවුන් කියනවා. සමහරු හිතන් ඉන්නවා දැන්වත් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය වෙනස්වෙයි කියලා.
බෝතලේ මාරුවුණාට වයින් මාරු වෙන්නේ නැහැ වගේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කවදාවත් වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. විසිනම වතාවක් පැරුලා අවුරුදු 25ක් තිස්සේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ එල්ලිලා ඉදගෙන පක්‍ෂයටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොදෙන මනුස්සයා රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්නේ කොහොමද?. ඒ නිසා ලබන වසර තුළ එක්සත් ජාතික පක්‍ෂ රජය නිවැරදි මාවතට එන්නේ කොහොමද කියල අපිත් බලාගෙන ඉන්නවා.
මහින්ද රාජපක්‍ෂ අගමැතිධූරය දැරූ කෙටිකාලය තුළදී මේ රටේ ජනතාවට සහන රාශියක් ලැබුණා. විශේෂයෙන්ම මංගල සමරවීර ඇමතිතුමාගේ මිළ සූත‍්‍රයට අනුව කවදාවත් අඩුකරන්න බැරිවුණ ඉන්ධන මහින්ද රාජපක්‍ෂ මහත්තය තුන්වරක් අඩුකළා.
ඒ අනුව මංගලගේ මිළ සූත‍්‍රයට වඩා මහින්ද රාජපක්‍ෂගේ මිළ සූත‍්‍රය ජනතාවට ලෙංගතු වුණා.
කැබිනට් මණ්ඩලය ඇතුළත දැනටමත් ගැටලූ ඇති වෙලා. මුදල් ඇමතිකම නොලැබීම නිසා රවී කරුණානායක මහත්තය අමනාපවෙලා. තමන්ට නොදුන් මුදල් ඇමතිකමේ අනිත් අය වැඩකරගෙන යන හැටි බලමු කියල ඔහු කියනවා. ඒ වගේම කැබිනට් ඇමතිකම් බළාපොරොත්තුවුණ අයට ඇමතිකම් ලැබිලා නැහැ.
ජාතික ආණ්ඩුවක් නොමැති වෙලාවක ඇමති මණඩලය 30 ඉක්මවා යන්න හැකියාවක් නැහැ. ඒ නිසා ජාතික ආණ්ඩුවට පිටින් ගොස් ඇමති මණ්ඩලය වැඩිකරන්න උත්සාහ ගත්තොත් අපි එයට විරුද්ධව උසාවි යනවා."
බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අතුරු සම්මත ගිණුම සම්මත කිරීමේදී ආණ්ඩුවට බහුතර බලයක් නැති බව තහවුරු වුණා‘