(නිමල කොඩිතුවක්කු)
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුළු පන්න ධීවර ජනතාවට සහන මල්ලක් සමඟ සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
ඉදිරි මාස හතර ඉලක්ක කර මෙම සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට දිලිප් වෙදආරච්චි මහතා ධීවර අමාත්‍යාංශයේ සමාජ සංවර්ධන අංශයේ ප්‍රධානීන්, ධීවර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානින් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයින් සමඟ අද (3) පැවැති සාකචඡාවකදී උපදෙස් ලබා දී ඇත.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ධිවර ජනතාව සඳහා කඩිනම් සහන සැලසීමට අදාළ යෝජනා 13 ක් ඇතුළත් යෝජනාවලියක් මෙහිදී ඉදිරිපත් කර ඇත.
ධීවර ජනතාවගේ නිවාස ඉදිකර ගැනීමට, ධීවර ආම්පන්න ලබා දීම, ධීවර කාන්තාව සවිබල ගැන්වීම සදහා ස්වයංරැකියා අත්වැලක් ලෙස ආධාර හා උපකරණ මෙන්ම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම එයට ඇතුළත් වේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලුත් අවුරුද්දට පෙර සුළු පන්න ධීවරයන්ට සහන මල්ලක්