(නිමල කොඩිතුවක්කු)
රටේ ආර්ථික, සංවර්ධන දියුණුව වෙනුවෙන් යහපාලන රජය දැමූ අත්තිවාරමේ ප්‍රතිඵල මේ වනවිට රටට ලැබෙමින් පවතින බව විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොළඹදී අද (18) පැවැසීය.
රුපියලේ අගය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි වසර කිහිපය තුළ රටේ ආරථිකයේ සීඝ‍්‍ර දියුණුවක් පෙන්නුම් කරනු ඇති බවද සඳහන් කළේය.
බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ‍්‍රයේ පිහිටි විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ,
‘‘ආසියාවේ සෙසු රටවල් හා සැසදීමේදී සංවර්ධනය අතින් අපි අද හොඳ ස්ථානයක පසුවෙනවා. යහපාලන රජය තුළින් අපි දැම්ම අත්තිවාරම උඩ මේ වනවිට යහපත් ප‍්‍රතිඵල ලැබෙමින් තියෙනවා.
මේ වනවිට රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් තුනකින් හා සියයට හයකින් ශක්තිමත් වෙලා තියෙනවා. රටේ නිෂ්පාදන වැඩිවීම සහ ආනයන වැඩිවීම මෙයට බලපා තියෙනවා.
ජාතික අපනයන ප‍්‍රතිපත්තිය අපි එළි දැක්වූවා. ඒ තුළින් විශාල වැඩකොටසක් රටතුළ ක‍්‍රියාත්මක වෙමින් තියෙනවා. රජයේ ආයතන වලින් සියයට 80ක් පමණ ප‍්‍රමාණයක් මේ අවුරුද්ද අවසන් වනවිට පරිඝනක ගත කිරීමට නියමිතයි.
යහපාලන අත්තිවාරම උඩ ඇහැට නොපෙනෙන විශාල වැඩකොටසක් අපේ රජය තුලින් සිදු කරලා තියෙනවා. අපේ වැඩකෙටස අපි හරියට කරලා තියෙනවා කියන එකේ යමිකිසි සංඥාවක් අපිට මේ මගින් ලැබෙනවා.
ජී.එස්.පි පලස් සහනය, මත්ස්‍ය තහනම ඉවත් කිරීම යන කරුණු මේ තත්වයට හේතුවී තිබෙනවා. දැන් රට සීඝ‍්‍ර දියුණුවක් කරා ගමන් කරමින් තිබෙනවා.
සංචාරක ව්‍යාපාරය ඉතාම දියුණු තත්වයකට ගේන්න අපිට හැකි වෙලා තියෙනවා. මිලියන 04ක පමණ සංචාරක පිරිසක් අපි මේ වසර වනවිට බලාපොරොත්තු වෙනවා. යටිතල පහසුකම් දියුණුවත් එක්කම 2023 වසර වනවිට අපිට එය මිලියන 10ක පමණ මට්ටමකට ගේන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය හෝටල් කාමර සංඛ්‍යාවත් ඉදිකිරීමට තියෙනවා.
ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ප‍්‍රශංසාවත් මේ ආණ්ඩුවට හිමිවෙන්න ඕන. අපි මේ රටේ ඇතිකරපු සාමය, නීති පද්ධතිය, යහපාලනය, අනිකුත් දියුණුව කියන මේ කරුණු සියල්ලම එයට බලපානවා.
විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය විදියට ශිල්ප සේනා වැඩසටහන ක‍්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා පෞද්ගලික අංශයත් අපි සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම විදේශ රටවලින් ආධාර සහ උපකරණ ලබා ගැනීමත් අපි කරගෙන යනවා.
විද්‍යාව හා තාක්ෂණය සඳහා පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන වාණිජකරණය කරන්න අපි බලාපොරොත්තුවෙනවා. බොහෝ පරීක්ෂණ සිදුවුණේ ආර්ථිකය ඉලක්ක කරගෙන නෙමෙයි ආර්ථිකය ඉලක්ක කරගෙන පරීක්ෂණ සිදුකරන්නත් මේ වනවිට අපි කටයුතු කරමින් යනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ආර්ථිකයේ දියුණුවට යහපාලන රජය දැමූ අත්තිවාරමේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා