(මුදිතා දයානන්ද )
කොරෝනා පිළිබඳ වෛද්‍ය පරික්ෂණ සිදුකිරිමට පෞද්ගලික රෝහල් දෙකකට අවස්ථාව දී තිබෙනවා. රජයේ රසායනාගාර පරීක්ෂණ ආයතන අවශ්‍ය පරිදි සුදානම් නොකළ හොත් පුද්ගලික අංශය මෙය ලාභ උපයන ඉල්ලමක් බවට පත් කරගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා අද (15) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පුංචි බොරැල්ලේ පිහිටි හෙද සංගම් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.
එහිදි ඔහු මෙසේද පැවසීය.
කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරිම ආරම්භ වුණ මුල් කාලයේදීම තමයි විදේශවලින් ලංකාවට සංචාරකයින් පැමිණිම වළක්වන්න තිබුණේ. විදේශ සංචාරවලට ගොස් ආපසු එන ලාංකිකයන් නිරෝධායනය කළ යුතුව තිබුණේ. එහෙත් ඒක කළේ නැහැ. අදටත් සංචාරක තහනම නවත්වා තිබෙන්නේ යුරෝපා රටවලට පමණයි. චීනයෙන් තමයි රෝගය පැතිරුණේ. ඒත් චීනයට ඒ තහනම නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කියනවා චීනය දැන් රෝගය පාලනය කරගෙන තිබෙන නිසා නිරෝධායනය කිරිමේ අවශ්‍යතාවයක් නැහැ කියලා.
ආණ්ඩුවේ නිසි සැලැස්මක් නැතිකම නිසා දින කීපයක් ඇතුලත් අපේ රටේ වේගයෙන් රෝගය පැතිරෙමින් යනවා. සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම්ට මේ සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැහැ. අවම වශයෙන් ඇමති කියන දේ කරන්නවත් ලේකම්ට උනන්දුවක් නැහැ. මෙහිදි ජීවිත අවදානම නොතකා නිරෝධායන කටයුතුවල යෙදෙන යුද හමුදාවේ සේවය අපි අගය කළ යුතුයි.
දැන් බෝවන රෝග පිළිබඳ රෝහල් හා ඒ සඳහා වෙන්කරන ලද ආයතන හැර තවත් රෝහල් රැසක කොරෝනා රෝගීන් ඇතුළත් කරගැනීමට කටයුතු කර තිබෙනවා. එහෙත් තවමත් ඇතැම් රෝහල්වල ඒ සඳහා වෙනම වාට්ටුවක් සකස් කර නැහැ. ඇතැම් රෝහලක වෙන්කරන ලද වාට්ටු පවතින්නේ වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුපෙරණ ඒකක පවතින ස්ථානය ආසන්නයේ. එය දැඩි අවදානම් සහිතයි.
ඒ වගේම මේ රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ඇඳුම්, ඇස් ආවරණ, මුඛ ආවරණ, හා වෙනත් වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් ලෙස නැහැ. වහාම මේ අඩුපාඩු සකස් කිරිම සඳහා මැදිහත් වන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
අපේ වෛද්‍ය පර්යේෂන ආයතනය පැය විසිහතරම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා රාත්‍රි කාලයේදී අවශ්‍ය පරික්ෂණ වාර්තා ලබාගන්න බැහැ. මේ රෝගයේ ස්වභාවය අනුව වෛද්‍ය පර්යේෂන ආයතනය පැය විසිහතරම වැඩ කළ යුතුයි. ඒ වගේම අපේ රටේ මෙවැනි පරීක්ෂන සඳහා අවශ්‍ය තෙවන මට්ටමේ රසායනාගාර පරික්ෂණ ආයතනයක් නැහැ. හදපු පරීක්ෂනාගාරයක් ගෙනත් ස්ථපිත කරන්න යන්නේ සතියක් වැනි කාලයක්.
අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන සමහර කොරෝනා රෝගීන්ගේ වෛද්‍ය වාර්තා ලබාගෙන තිබෙන්නේ ජයවර්ධනපුර රෝහලෙන්. ඒක වැරදි ක්‍රියාවක්. ඒ වගේම මේ වෙනකොට කොරෝනා වෛද්‍ය පරීක්ෂණ පෞද්ගලික රෝහල් දෙකක සිදුකිරිමට අවසර දී තිබෙනවා. ඒ සඳහා රුපියල් 17,000ක් වැය වන බවත් දැන ගන්න ලැබුණා.
මෙය දුප්පත් අසරණ මිනිසුන්ට දරාගත නොහැකි මිලක්. ඒ නිසා වහාම රජයේ පරීක්ෂනාගාර අඩුපාඩු සකස් කර අවශ්‍ය පරිදි සූදානම් කිරිම රජයේ වගකීමයි. එසේ නොවුණහොත් මේක ලාභ උපයන ඉල්ලමක් කරගන්න පුද්ගලික වෛද්‍ය ආයතන පෙළඹිය හැකියි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කොරෝනා පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට දුන්නොත් ලාභ උපයන ඉල්ලමක් වේවි‘