(චමිල් රූපසිංහ)
ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත් අවශ්‍ය වේලාවට එය ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අද (17) කොටලිගොඩ තිස්මඩ හරහා මැණික්දිවෙල මාර්ගය හා රත්තේපිටිය දෙල්දෙණිය හරහා උඩ රත්මිවල යන මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරිම සදහා කැටපිටිය පුරාණ විහාරයේ පැවැති උත්සවයේදි සභාව අමතමිනි.
එහිදි අමාත්‍යවරයා මෙසේද පැවැසිය.
ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්දව අද දිනද අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් ඒ සම්බන්ධව උපදෙස් ඉදිරි දින 2 ක තුළ තමාට ලබා දෙන බවද අමාත්‍යවරයා කි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයාට අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්විම සදහා පනත සම්මත කර ගන්න බැරි වු බවත් එතුමා ගෙනා පනතට විරුද්දව එතුමාම ඡන්දය දුන් බවද අමාත්‍යවරයා කිය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.
දැන් සමහරුන් කියනව පළාත් සභා ඡන්දය කල් දාන්නෙ අපි කියල ඒක වැරදියි අපි නෙමේ පළාත් සභා ඡන්දය කල් දාන්නෙ මම මේ කතාව සති දෙකකට කලින් ප්‍රකාස කලද මාධ්‍යවලින් මේ සම්බන්දව පල කරන්නෙ නැ.කරුණාකරල මේ කතාව දාන්න.මාධ්‍යවල අපේ උත්තරේ දාන්නෙ නැ නමුත් විපක්ෂන් පළාත් සභා ඡන්දය පවත්වන්නෙ නැ කියන එක පමනක් මාධ්‍ය වල ලොකුවට පළ කරනවා.
අපි හැමදාම කිව්ව අනුපාත ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සංධානය කිවුවෙ අලුත් ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියල,පළාත් සභාව සම්බන්දව ඇමැති කම දුන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයට එතුමාට අලුත් ක්‍රමයට මැතිවරණය තියන පනත සම්මත කර ගන්න බැරි වුණා. එතුමා එය අනා ගත්ත. එයා ගෙනාපු පනතට විරුද්දව එතුමාම ඡන්දය දුන්න අලුත් ක්‍රමයට ජන්දය තියෙන පළාත් සභා පනත සම්මත වෙලා තියෙන්නෙ බාගයයි සීමා නිර්නය තවම සම්මත වෙලා නැ ඒකයි පළාත් සභා ඡන්දය ප්‍රමාද , සීමා නර්ණය සම්මත කරන්න 3/2 ඡන්දයක් අවශ්‍ය බව කි අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය හැමවෙලාවෙම කිවුවෙ අපි කිවුව විදිහට අනුපාත ක්‍රමයට මැතිවරණය පැවැතිවිය යුතු බව කිවුවත් ඒ විදිහට කලානම් මේ වන විට පළාත් සභා ඡන්දය පවත්වා අවසන් බවත් කෙසේ වෙතත් ඉතා ඉක්මනට පළාත් සභා මැතිවරණය පවත්වන බවද ලක්ස්මන් කිරිඇල්ල මහතා එහිදි සදහන් කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ජාතික ආණ්ඩු යෝජනාව අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරනවා