(ඩයනා උදයංගනී)
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාව නිසැක වශයෙන්ම පරාජය කරවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
වත්මන් රජය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරන්නේ රට සංවර්ධනය කිරීමට, ජාතික අවශ්‍යතාවයක් ඉටුකිරීමට හෝ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් නොවන බව කී ශාන්ත බණ්ඩාර මහතා ඔවුන්ගේ එකම අරමුණ අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර ප‍්‍රමාණය වැඩිකරගැනීම බව ද සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්‍ෂයක් වන මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරයෙක් පෙන්වා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නීත්‍යානුකූල නොවන මෙන්ම සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (6 ) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලීසිය තමන් යටතට පවරා ගන්නා අවස්ථාවේ දී එතුමාට විවිධ චෝදනා එල්ල වුවද ජනාධිපතිවරයා කළ කටයුත්තේ අගය මේ වන විට සියලූ දෙනාට වැටහෙමින් තිබෙන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා පොලීසිය තමන් යටතට පවරා ගනිමිනි බලාපොරොත්තු වූ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම හා පාතාලය මැඩලීම යන කටයුතු මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බව ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපතිවරයා සියලූ තීරණ ගනු ලබන්නේ රට වෙනුවෙන් බව කී ශාන්ත බණ්ඩාර මහතා එතුමා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් ගෙනයනු ලබන වැඩපිළිවෙල පිළිබඳව සතුටු වන බව ද ප‍්‍රකාශ කළේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ජාතික ආණ්ඩු යෝජනාව නිසැකවම පරදවනවා