(විනීතා එම් ගමගේ)
යහපත් තීරණ අනුව රට මෙහෙයවීමේ ප්‍රධාන භූමිකාවක් හොබවන අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ දී දූෂණ චෝදනා එල්ල වූ හෝ ජනාධිපතිවරණ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ හෝ රාජ්‍ය නිලධාරින් පත් නොකිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.
මේ වනවිට පසුගිය මැතිවරණයේ යම් යම් අක්රමිකතාවයන් සම්බන්ධයෙන් චෝදනා ලැබු සහ විනය පරික්ෂණවලට ලක්වූ රාජ්‍ය නිලධාරින් සමහරු මෙන්ම පසුගිය කාලසීමාව තුළ මහත් ආන්දෝලනයට ලක්වූ නිලධෘරින් ද අමාත්‍යංශ ලේකම් තනතුරු වැනි උසස් නිලයන් සඳහා යෝජනා වී ඇතැයි වාර්තා වී ඇති බව ද එහි සඳහන්ව ඇත.
සම්ප්‍රදායික පක්ෂ දේශපාලන යාන්ත්‍රණයෙන් බැහැර පුද්ගලයකු ලෙස ජනාධිපතිවරයා මෙතෙක් ගත් යහපත් තීරණවල දී මෙවැනි පුද්ගලයින් ගෙන් හානි විය හැකි යැයි එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මේ දක්වා ගනු ලැබූ බොහොමයක් තීරණ පැසසිය යුතු ඒවා බවත් ඒ අතර ඇති කැබිනට් මණ්ඩලය අවම කිරීම අමාත්‍යංශවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය පමණක් ප්‍රදර්ශනය නොකිරීම පරිවාර රථ අඩුකිරීම, කාර්ය මණ්ඩලය සීමා කිරීම, රාජ්‍ය නිලධාරින්ගේ විදේශ ගමන් අවම කිරීම වැනි තීරණ මහජන ප්රසාදයටත් ගෞරවයටත් හේතු වන බව ද එහි සඳහන් වේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘දුෂණ චෝදනා ඇති අයට අමාත්‍යංශ ලේකම් තනතුරු එපා’