(විනීතා එම් ගමගේ)
පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සම්පූර්ණයෙන්ම නිවැරදි තොරතුරු වසන් කළ හා පළිගැනීමේ චේතනාවෙන් ඉදිරිපත් කළ වාර්තාවකැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
එය දේශපාන වශයෙන් ඒකපාර්ශවීය වාර්තාවක් බවත් රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී හා තොරතුරු නිලධාරින් හිතා මතා සිරකිරීමේ වෑයමක් එහි අන්තර්ගතව ඇති බවත් උන් වහන්සේ කීහ.
රතන හිමියන් මේ අදහස් පළ කළේ රාජගිරිය සදහම් සෙවන පැවැති විජය ධරණී ජාතික සභාවේ මාධ්‍ය හමුව අමතමිනි.
විෂය භාර අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට වාර්තා 25ක් ද, ආරක්ෂක ලේකම් වෙත වාර්තා 96 ක්ද, පොලිස්පති වෙත වාර්තා 131 ක්ද, ජාතික බුද්ධි ප‍්‍රධානීට වාර්තා 45 ක් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිට වාර්තා 30 ක් ද ලෙස රාජ්‍ය බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබුණද රජයේ වගකීම් විරහිත ක‍්‍රියාකලාපය නිසා සහරාන් ඇතුළු නඩයේ ක‍්‍රියාකාරම් වළක්වාගන්නට බැරි වී ඇතැයි ද උන්වහන්සේ පැවැසූහ.
දිගුකාලීන ඉලක්කයක් වන සහරාන්ගේ ප‍්‍රහාරය පිළිබඳ අවශ්‍ය තොරතුරු දී තිබු බැවින් දේශපාලන තීන්දු ගැනීම දේශපාලඥයන්ගේ වගකීම යැයි කී උන්වහන්සේ මෙම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පිළිබඳ සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදුකරන ලෙස නොවැම්බර් 16 දා ජයගන්නා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමට බලාපොරොත්තු වන බව ද කියා සිටියහ.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි පසු පාස්කු ඉරිදා ප්රහාරය ගැන පරීක්ෂණයක් පවත්වන බව මේ වනවිටත් පවසා ඇතැයි ද රතන හිමියෝ පැවැසූහ.
පාස්කු ඉරිදා (21) ප‍්‍රහාරයක් එල්ල වන බව 20 වැනිදා හවස ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇති අතර එම බෝම්බ ප‍්‍රහාරයට පැය කිහිපයකට පෙර ද මේ ගැන දැනුම් දී ඇතැයි ද කී රතන හිමියෝ මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයකැයි ද පැවසූහ.
පාර්ලිමේන්තු කාරක සභාවේ වාඩිවූ අය අතර එස්. සුමන්තිරන්, රවුෆ් හකීම්, රවී කරුණානායක වැනි බුද්ධි අංශ සමග වෛරයෙන් පසුවන අය සිටින්නේ යැයි ද රාජ්‍ය බුද්ධි අංශ එකම වගඋත්තරකරු යැයි කියන්නේ මේ පිරිස යැයි ද කී රතන හිමියෝ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී පාර්ලිමේන්තුවට කැඳවන්නැයි ද සියලූ මාධ්‍ය කැඳවා සිටිය දී සත්‍යය කුමක්දැයි ඔහුගෙන් විමසන්නැයි ද රජයට යෝජනා කළහ.
සමස්ත ආණ්ඩුවම සහරාන්ගේ බෝම්බ සිද්ධියකට වගකිව යුතු යැයි තමන් වෙත දැනට ලැබී ඇති තොරතුරු අනුව පැවසීය හැකි බව ද උන්වහන්සේ කීහ.
සහරාන්ගේ බෝම්බය පිපිරී සතියක් යන්නට මත්තෙන් මේ ආණ්ඩුව ගෙදර යන්නට අවශ්‍ය වන බවත් භාරකාර ආණ්ඩුවක් රට පාලනය කළ යුතුව තිබූ නමුත් ආණ්ඩුව කළේ පැමිණිලිකරුවන් විත්තිකරුවන් කරමින් කටයුතු කිරීමකැයි ද උන්වහන්සේ පැවැසූහ.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙම විශේෂ කාරක සභාවේ සභාපති ධුරය හෙබ වූ අතර අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රවී කරුණානායක, වෛද්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, නලින්ද ජයතිස්ස, මහාචාර්ය ආශු මාරසිංහ සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු කාරක සභාවේ සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘පාස්කු ඉරිදා ප්රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාව නිවැරදි තොරතුරු වසන් කරලා’