IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


පළාත් සභා ක්‍රමය ගෙනා එජාප රජයක් යටතේම එය අකර්මන්‍ය වෙලා

(දයාරත්න ඇඹෝගම)


ජිවිත රැසක් රටට අහිමි කරමින් රුපියල් බිලියන ගණනක රාජ්‍ය දේපල විනාශ කරමින් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් මේ රටට බලහත් කාරයෙන් ගෙන ආ පළාත් සභා ක්‍රමය එක්සත් ජතික පක්ෂ රජයක් යටතේම අකර්මන්‍ය කිරිම දෛවපෝගත සිදුවිමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රරසේන මහතා පැවසිය.
 
අනුරාධපුර මාතලේ හන්දිය,කුරැන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේදි අද (17)දින පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව පැවසිය.
 
මෙම මාධ්‍ය හමුවේදි එස්.එම්.චන්ද්‍රරසේන මහතා මෙසේද පැවසිය.
 
පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබෙනවා. සබරගමුව හිටපු මහ ඇමති මහිපාල හේරත් මහතා සහ උතුරැ මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති රංජිත් සමරකෝන් යන මහත්වරු දෙදෙනා විසින්.මේ සම්බන්ධයෙන් උපදේශකවරයා වශයෙන් කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා විසින්. ඒ වාගේම මාර්තු මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේත් මෙම නඩුව විභාගයට ගැනිමට දින නියම කොට තිබෙනවා.
 
අපි මේ අධිකරණ සියල්ලෙන්ම බලාපොරොත්තු වන්නේ සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා.මොකද මේවන විට පළාත් සභා හයක් විසුරැවලා තිබෙනවා.විශේෂත්වය වන්නේ  උතුරැ නැගෙනහිර පළාත් සභාත් විසුරැවලා තියෙන්නේ.
 
ඒදා රජිව් ගාන්ධි අගමැතිවරයාත්,ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන විට මේ රටේ ජනතාව කෝප වෙලා ලයිට් කණු කඩලා,බස්රථ ගිණිතියලා,රාජ්‍ය දේපල විනාශ කරලා, විශාල පිරිසක් ජිවිතක්ෂවයට පත් වුනේ මේ පළාත් සභා නිසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කරලා,රටේ විශාල පිරිසකගේ ජිවිත බිල්ලට දිලා පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත කරපු ජේ.ආර්.ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුව,ජේ.ආර් මහත්තයාගේ බැණා ඉන්න කාලේ පළාත් සභා අක්‍රමණ්‍ය කිරිම ගැන කණගාටු වෙනවා.මේක ඉතිහාසයේ දෛවපෝගත සිද්ධියක් ලෙස අපි දකිනවා.
මේ අප්‍රේල් මාසය වන විට තවත් පළාත් දෙකක් විසිරෙනවා.එතකොට පළාත් සභා අටක ආයු කාලය අවසන්ව තිබෙනවා.එවිට රටේ පළාත් සභා සියයට අනුවක් පමන අක්‍රමන්‍යය වෙනවා.මේකෙන් වෙන්නේ පළාත් සභාව තුල ඉන්න ජනතාව අසරණ වෙන එකයි.උතුරැ මැද පළාත තුල ජිවිත්වන මහජන නියෝජිතයෙක් විදියට අපි ලගට ජනතාව ඇවිල්ලා කියනවා විදුලේ තියෙන අඩුපාඩු ගැන කියන්න කෙනෙක් නැහැ.නිලධාරි ගනන් ගන්නේ නැහැ කියනවා.
 
වැව හදා ගන්න ගියාම ඒකට මුදල් නැහැ කියනවා.රෝහල් ප්‍රශ්න,පාසල් ප්‍රශ්න,ඒ වාගේ මහජන ප්‍රශ්න වලට,ගැටළු වලට විසදුම් දෙන්න ආයතනයක් නැහැ.පළාත් සභාවේ බලතල මධ්‍යම රජයේ නැහැ.ඒ බලතල තියෙන්නේ පළාත් සභාවේ.ඒකට මහ ආණ්ඩුවට කරන්න දෙයකුත් නැහැ.මේක බරපතල ප්‍රශ්නයක්.



අදහස් (0)

පළාත් සභා ක්‍රමය ගෙනා එජාප රජයක් යටතේම එය අකර්මන්‍ය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 462 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 491 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 335 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1471 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 360 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 271 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 631 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 548 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1012 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site