(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් දමා ඇති බවට ඡන්ද පදනමක් නැති ඇතැම් දේශපාලඥයන් චෝදනා කලත් බංකොලොත් ආණ්ඩුව එක්ක ඩීල් දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පක්ෂයේ සියලුම වරදාන, වරප්‍රසාද සහ තනතුරු ලබාදී තිබියදීත් පක්ෂය දෙකඩ කර රාජපක්ෂලාට වාසි ලබාදුන් එම කණ්ඩායම ආණ්ඩුව එක්ක ඩීල් දමා ඇති බවද මහලේකම්වරයා සඳහන් කළේය.පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට අද(31) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීවේය.
“මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කළා. දැන් ඒ කමිටු වාර්තාව එළි දක්වලා සමාජයේ ඒ පිළිබඳ විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා.මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරව හිටපු අමාත්‍යවරයා විදිහට ඒවායේ තිබූ බොහෝ දූෂණ අක්‍රමිකතා වලක්වන්න මම පියවර ගත්තා. මධ්‍යම සංස්කෘතික අරමුදල මම බාර ගන්න විට එහි තිබුණේ රුපියල් කෝටි තිහක වත්කමක්. මම බාර දීලා යනකොට මේ අරමුදලේ රුපියල් කෝටි 450ක් ඉතුරු කරල ගියේ.
මේ අරමුදලේ මුදල්වලින් අපි දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය දිනාගන්න බොහෝ ස්ථාන සංරක්ෂණය කරලා සංවර්ධනය කළා. සීගිරියෙන් පමණක් අපි දවසකට රුපියල් කෝටියක් ඉක්මවපු ආදායමක් ලැබුවා. මේ මුදල් වලින් ඩොලර් ගිණුමක් විවෘත කරලා කරලා ඩොලර් 1, 50000 ඉතුරු කරන්නත් මට පුළුවන් වුණා.මධ්‍යම සංස්කෘතික අරමුදල ශක්තිමත් යන්නම් එම මුදල් යොදා ගනිමින් වෙහෙර විහාර දියුණු කරන්න අපි කටයුතු කළා. මම ආරම්භ කරපු සසුනෝදය අරමුදලින් එක දවසට පන්සල් 1500කට ලක්ෂ පහ බැගින් පිරිනැමුණා. අටමස්ථාන ඇතුළු මහා මහා විහාර සංවර්ධනය කරලා සංරක්ෂණය කලා. අපි මේ සියල්ලක් ම සිදු කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ අනුමැතිය සහිතවයි.
දැන් මේ අගමැතිවරයා පත් කරපු කමිටු වාර්තාවෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. ඒ එකකටවත් මට වගකියන්න බැහැ. මගේ කාලයේදී දූෂණ අක්‍රමිකතා වලක්වමින් විශාල වැඩ කොටසක් කිරීමට මට හැකි වුණා.මධ්‍යම සංස්කෘතික අරමුදලේ මේ වියදම් සම්බන්ධයෙන් දැන් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ අමාත්‍යංශ ලේකම්වරයෙක් මට කතා කරලා ලිපි ලේඛන වගේකට අත්සන් කරන්න කිව්වා. එම වගකීම් මට බාර ගන්න බැරි නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා.
දැන් ජනාධිපතිවරණයට දින කිහිපයක් තියෙන මේ මුදල් අනුමත කරගෙන තියෙනවා කියලත් ප්‍රකාශ වෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් කිසිදු මුදලක් සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් වියදම් සිදු වුණේ නැහැ. ඒ සියල්ල සිදුවුණේ වොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ කාර්යාලයෙන්. අවිධිමත් කිසිම දෙයක් අපේ කාලයේ කරලා නැහැ. මගේ කාර්යභාරයෙන් තොරව සිදු වෙලා තියෙන්නේ කිසිදු දෙයකට මට වගකියන්න බැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ අනුමැතියකින් තොරව යම් ගණුදෙනුවක් සිදුවෙලා තිබෙනවනම් ඒ පිලිබඳ මේ විෂය බාරව කටයුතු කරපු සජිත් ප්‍රේමදාස මහතාගෙන් සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් විමසිය යුතුයි.
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය අපි හිතුවටත් වැඩිය හොදට ඉදිරියට ඇවිත් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන අපේ පක්ෂයෙන් මේ රටට ලබාදුන් බොහෝ දේවල් අගය කරන බොහෝ පිරිසක් අපේ පක්ෂයට ඡන්දය ලබාදේවී කියා අපි විශ්වාස කරනවා. අපි දැන් මේ වනවිට පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඉදිරි කටයුතුත් ක්‍රියාත්මක වෙනවා. දැන් ඒක අධිකරණයත් අනුමත කරලා තියෙනවා.
දැන් මේ බංකොලොත් දේශපාලඥයො කියාගෙන යනවා අපි ආණ්ඩුව එක්ක ඩීල් කිය කිය. මේ බංකොලොත් ආණ්ඩුව එක්ක ඩීල් දාන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා මහලේකම්වරයා විදියට මම වගකීමෙන් කියනවා. තිරණය වන්නේ අපි සියලුම දේවල් දීලා විශාල කැපකිරීම් කරලා මේ පක්ෂය එකට එකතුවෙලා යමු කියලා කිව්වහමත් පක්ෂය කඩලා රාජපක්ෂලාට වාසි අරන් දීපු අය තමයි රාජපක්ෂලත් එක්ක ඩීල් එක දාලා තියෙන්නේ කියලා ජනතාවට අද පැහැදිලි වෙලා තියෙනවා” යැයිද ඔහු එහිදී පැවසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බංකොලොත් ආණ්ඩුවක් සමඟ ඩීල් දැමීමට එජාපයට කිසිදු අවශ්‍යතාවක් නැහැ