(ඩයනා උදයංගනී)
තමන් ව්‍යාපාර ආරම්භ කළ ආකාරය ගැන අසත්‍ය ප‍්‍රකාශ කරමින් මඩ නොගසා ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට පැමිණෙන්නැයි තමන්ට චෝදනා කරන දේශපානඥයින්ට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පැවසීය.
රටේ තිබෙන වැදගත් මාතෘකා සහ ප‍්‍රශ්න යට ගැසීම සඳහා ඇතැමුන් නොවැදගත් මාතෘකාවක් උඩට අරගෙන මඩ ගසන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
නිරෝෂාන් ප්‍රේමරත්න මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.
‘‘මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය යොදා ගනිමින් දේශපාලන පක්‍ෂවලට අයත් පිරිස් මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි.
මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව මුලින්ම කියන්න ඕනෑ. මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාරයන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරන් නැහැ. මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට. එය ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් එකක්. 2017 සැප්තැම්බර් මාසයේ සිට එය කුලියට ගත්තත් මුදල් නොමැතිකම නිසා මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා. පසුව මම ලංකා බැංකුව සමඟ කතාකරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලූම් කළා. එතැනදීත් බොහෝ පිරිස් කීවේ මම කෝටි 08ක ණය මුදලක් අරගෙන තිබෙන බවයි. මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඇපයට තැබීම සඳහා ඔහුට අයත් ඉඩමක් මට ලබාදුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.
කෙසේ වෙතත් ව්‍යාපාරය 2018 මැයි මාසය වනවිට රටේ පවතින ආර්ථිකය කඩා වැටීමේ ප‍්‍රතිඵලයක් හැටියට පාඩු ලබන තත්වයට පත්වුණා. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවීමට නොහැකි වුණා. අද වනවිට මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට බැරි තත්වයක් තමයි තිබෙන්නේ. පෙබරවාරි 28 වැනිදා වනවිට ගොඩනැගිල්ලෙන් ඉවත්වෙන්න’ කියා ගොඩනැගිල්ල හිමි වෛද්‍යවරයාගේ නීතිඥ මහතා දැනටමත් දැනුම් දී තිබෙනවා.’’
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘‘මඩ නොගසා ප්‍රසිද්ධ විවාදයකට එන්න‘‘