(ඩයනා උදයංගනී)
මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින් තම උපාධිය හැදෑරූ ඉන්දික බමුණුසිංහ නැමති රැඳවියා අද (11) සිය පශ්චාත් උපාධිය ලබාගත්තේය.
කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අද (11) පැවැත්වුණු කැලණි විශ්වවිද්‍යාලයීය උපාධි ප‍්‍රදානෝත්සවයේදී ඔහු මෙලෙස පශ්චාත් උපාධිය ලබාගත්තේය.
මෙලෙස බන්ධනාගාරගතව සිටිමින් පශ්චාත් උපාධියක් ලබාගත් මෙරට ප‍්‍රථම රැදවියා සහ ලොව 5 වන රැදවියා වන්නේද ඔහු බව වාර්තා වේ.
ප‍්‍රකට ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දණ්ඩනය හිමිවී සිටින ඉන්දික බමුණුසිංහ 2016 වසරේදී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව විෂයයන් හදාරා ශාස්ත‍්‍රවේදී උපාධිය ලබාගෙන ඇති අතර පශ්චාත් උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වී තිබේ.
ඔහු ඒ සඳහා හදාරා ඇත්තේ සමාජ විද්‍යාව, සංවර්ධන සමාජ විද්‍යාව, සංයුක්ත සමාජ විද්‍යාව හා සමකාලීන සමාජ විද්‍යාව යන විෂයන්ය. ඔහු සිය ශාස්ත‍්‍රපති උපාධියට සකසා ඇති නිබන්ධනයෙහි තේමාව වී ඇත්තේ ‘ලංකාවේ සංවිධානාත්මක අපරාධ‘ යන්නයි.
මෙම නිබන්ධනය සැකසීම සඳහා සහය ලබාදෙන ලෙස ඔහු ජනාධිපතිවරයා හමුවී මීට කලකට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති අරමුදලින් ඔහුට එම මුදල් ලබාදී තිබිණි.
මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ඔහුට ලැප්ටොප් පරිගණකයක්ද ලබා දී ඇත.
ඔහුට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසාදී ඇත්තේ බන්ධනාගාර පුනරුත්ථාපන අංශය මගිනි.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මරණ දඬුවම නියම වූ රැඳවියෙක් පශ්චාත් උපාධිය ලබාගනී