(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ වත්මන් තත්වය පිළිබද අසත්‍ය ප‍්‍රකාශ සිදුකරන බවත් පිටරටින් ලංකාවට තේ ගෙන එන බවට සිදුකළ ප‍්‍රකාශයත් එවැනිම අසත්‍ය එකක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය.
තේ, පොල්, රබර් ඇතුලූ වැවිලි කර්මාණ්ත නගා සිටුවීමට වත්මන් රජය විශාල පියවරක් ගෙන තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව නොමග යවමින් අසතය ප‍්‍රචාර සිදුකිරිම ගැන කණගාටු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ කඩා වැටීම පිළිබඳ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කොළඹදී අද(29) ප‍්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවින් දිසානායක මහතා මෙසේද කිය.
‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟදී තේ කර්මාන්තය ගැන කතා කරමින් පිටරටින් ලංකාවට තේ ගේනවා කියලා ප‍්‍රකාශ කළා. යම් කිසි විශේෂ අවස්ථා වල පමනක් පිටරටින් තේ ගේන්න අපනයනකරුවන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ හැරෙන්නට තේ මණ්ඩලයේ පනත අනූව කිසිසේත්ම පිටරටින් තේ ගේන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒක වැවිලි කර්මාන්ත ඇමති හැටියට මම වගකීමෙන් කියනවා.
තේ මණ්ඩලය ඉතාමත් දැඩි ලෙස ඒ රෙගුලාසි ක‍්‍රියාත්මක කරනවා. එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව නොමග යවමින් අසත්‍ය ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා.
අපි තේ මණ්ඩලය හරහා සමහර අවස්ථා වල අපේ රටේ නිෂ්පාදනය නොකරන තේ වර්ග ලංකාවට ගේන්න ඉඩ දෙනවා. එය සිදුකරන්නේ විධිමත්ව රෙගුලාසි අනුවයි. එහෙම ඉඩ දෙන්නෙත් විශේෂිත වූ වෙළඳපළවල් වලට තේ මිශ‍්‍ර කිරීමට අවශ්‍ය නිසයි.
මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේක 1980 ගණන් වල ඉඳලා දිගටම සිද්ධ කරලා තියෙනවා. 2015 සංඛ්‍යා ලේඛන අනුව අපගේ සම්පූර්ණ තේ නිෂ්පාදනය තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 328යි. එම 328 න් මිලියන 4.9 ක් ඒ කියන්නේ 14%ක් අපි පිටරටින් ගෙනත් තියෙනවා.
ශ්‍රී ලංකාවට ගේන මේ හැම තේ වර්ගයක්ම නැවතත් මිශ‍්‍රකරණය කර ප‍්‍රතිඅපනයනය කරන්න අවශ්‍යයි. එම තේ ලංකාවේ වෙළඳපළට කිසිසේත්ම දාන්න බෑ. එම නිසා ඒ නීතිය අපි දැඩි ලෙස ක‍්‍රියාත්මක කරනවා.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘රටේ වර්තමාන තත්ත්වය ගැන ගෝඨාභය බොරු කියනවා‘