(ඩබ්ලිව්. හියුබට් ප‍්‍රනාන්දු)
දුරකථන සංඥා අවහිර කිරීමේ උපකරණ ළඟ තබාගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් සිදුකිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමට නියම කළ මීගමුව මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය මේ සම්බන්ධයෙන් කරුණු දැනුම්දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි නිකුත් කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව කියමින් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ මහෙස්ත‍්‍රත්වරිය දුරකථන සංඥා අවහිර කිරීමේ උපකරණ ළඟ තබාගන්නා ලදැයි කියමින් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයා ලබන මස 4 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බාරයේ රඳවා තැබීමට නියම කළාය.
මෙලෙස රක්ෂිත බාරයට පත් කරන ලද්දේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු වන මීගමුව පෙරියමුල්ල රහුමාන් ඛාන් පටුමඟ, ලාසරස් පාරේ පදිංචි මොහොමඞ් ෂාෆි රහීම් (47) නමැත්තෙකි.සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බාරයට පත් කර සිටින මොහොමඩ් ෂාෆි රහීම් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විදුලි සංදේශ කොමිෂන් පනත උල්ලංඝණය කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයක් නොමැතිව දුරකථන සංඥා අවහිර කිරීමේ උපකරණ ළඟ තබාගන්නා ලදැයි කියමින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගෙන අදාළ නියෝග නිකුත් කළ අතර මෙම පැමිණිල්ල ලබන 04 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත‍්‍රාත්වරිය සැකකරු එතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළාය. පැමිණිල්ල වෙනුවෙන් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්
සැකකරු වෙනුවෙන් නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පෙනී සිටියේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විදුලි සංදේශ කොමිසමේ නිලධරයන්ට අධිකරණයට එන්නැයි නොතීසී