( තිළිණි ද සිල්වා )
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු රුපියල් එක් කෝටි හය ලක්ෂ හැත්තෑ දෙදහසක (ඇමෙරිකා ඩොලර් 58,000) වියදමක් දරමින් මෙරටට එවීමට ඔහු සේවය කළ සෞදියේ ගල්ෆ් වෙස්ට් පෞද්ගලික සමාගම කටයුතු කළ බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙලෙස දිවයින රැගෙන විත් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි ආන්ඩෲ රොහාන් නැමැති අයෙකි.
ඔහු ජෙඩා නුවර පිහිටි ගල්ෆ් වෙස්ට් සමාගමේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ අයෙක් වන අතරම වසර 30කට ආසන්න කාලයක් එම සමාගමේ සේවය කළ අයෙකු වේ.
එලෙස අදාළ සමාගමේ රාජකාරී කටයුතු වල නිරතව සිටින අතරවාරයේදී මීට මාස දෙකකට පෙර ඔහුගේ මොළයේ සිදුවූ අභ්‍යන්තර ලේ වහනයකින් පසුව සිහිසුන් තත්ත්වයට පත්ව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඒ අතරවාරයේදී ඔහුව යළි දිවයිනට ගෙන්වා දෙන ලෙසට ඇන්ඩෲ රොහන් මහතාගේ පවුලේ ඥාතීන් අදාළ සමාගමේ පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමට අනුව ගල්ෆ් වෙස්ට් සමාගමේ අයිතිකරු වන ඉදිරිස් මුස්තාපා මහතා ඇතුළු එම සමාගමේ කළමනාකාරීත්වය ඇන්ඩෲ රොහාන් මහතා සමඟ සේවය කරන තවත් ලාංකිකයෙකු වන ෆසීයාහ් මරික්කාර් මහතා සහ සෞදි වෛද්‍ය කණ්ඩායමක් සමඟින් සමාගම සතු ජෙට් යානයෙන් ඔහුව මෙරටට එවීමට පියවර ගනු ලැබීය.
අදාළ ලාංකිකයා සේවය කළ සෞදියේ ගල්ෆ් වෙස්ට් පෞද්ගලික සමාගම මෙම සියලුම් වියදම් දැරූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙම ලාංකිකයා දිවයිනට යැවීමට පෙර අදාළ සමාගම මෙම පියවර ගන්නා බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇති අතර ඒ අනුව එම ලාංකික ශ්‍රමිකයා සමඟ සෞදි වෛද්‍යවරුන් සහ හෙදියන් යුතු වෛද්‍ය කණ්ඩායමක්ද එම ජෙට් යානයෙන් ඉකුත් සිකුරාදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතට පැමිණියේ යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
රෝගාතුරව සිටින ලාංකිකයා නිරෝධායනයට ලක් කරමින් අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ඔහුව සිකුරාදා දිනයේදීම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇත.
ඇන්ඩෲ රොහාන් මහතා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් ඒ මහතා ගේ පවුලේ ඥාතීන් ගල්ත් වෙස්ට් සමාගම් අයිතිකරුට හා පාලනාධිකාරියට සිය කෘතඥතාවයට පළකර ඇති අතර සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයද එම පියවර අගයමින් අදාළ සමාගමට ස්තූතිය පළ කර ඇත.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි