(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග බස්නාහිර පළාතට පනවා තිබු ඇදිරි නිතිය (09) දින සිට ඉවත් කිරිමෙන් පසු (ඒ 7) හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයෙන් වතුකරයට පැමිණෙන අත්‍යවශය නොවන සියළුම සහ එම වාහනවල ගමන් ගන්නා පිරිස් ආපසු හරවා යැවිමට පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව (09) දින මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
හැටන් පොලිස් කොට්ඨාශ ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් පරිදි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල ප්‍රදේශයෙන් සහ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි මාර්ග බාධක යොදා එම මාර්ගයේ ඇතුල්වන සියළුම වාහන සහ මගින් පරික්ෂා කිරිම සිදු කරනු ලබයි.
එම මාර්ගය ඔස්සේ මේ මස (14) දිනට යෙදෙන දිපාවලි උත්සවයට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිතරව සිටින වතුකරයේ පිරිස් පැමිණෙන බවත් , එම පිරිසගේ විස්තර වාර්තාවක් එම මාර්ග බාධක වලින් ලබාගෙන එසේ පැමිණෙන පිරිස් ඔහුන්ගේ නිවාස වලම දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා කියා සිටියේය.
මෙම මාර්ග බාධකයට අමතරව බලංගොඩ බගවන්තලාව මාර්ගයේ බගවන්තලාව පෙට්රොසො වත්ත ප්‍රදේශයෙන් පොලිස් මාර්ග බාධයක් යොදා ඇති බව ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසිය.
එලඹෙන දිපාවලි උත්සව සමයේ වතුකරයේ ජනතාව ප්‍රධාන නගර වලට පිවිසම සහ සංචරණය නතර කිරිම සදහා වතුකරයේ සියලු නගර මේ මස (11) දින සිට (16) දින දක්වා වසා දැමිමට දැනට තිරණයක් ගෙන ඇති බවත්, එම කාලය තුළ අත්‍යවශ්‍යය වාහන හැර අනෙකුත් සියළුම රථ වාහන ගමනා ගමනයද නතර කිරිමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අත්‍යවශ්‍ය වාහන හැර වතුකරයට පැමිණෙන වාහන ආපසු හරවා යවයි